…… කදුලත් සැනසුමක් …..38

38. වන කොටස…

ඕ ඉන්න පුතේ .. මං එනවෝ…
ටිකකින් ශානූ අයියනෙ අම්මා ඇවිත් දොරේ අගුල අරින සද්දය ඇහුනා. දොර පියන් දෙක දෙපසට කරමින් අම්මා ඉදිරියට ආවා. අම්මා මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

දුව…..

අම්මේ..
මං අම්මගෙ දෙපා වැදලා ආශිර්වාද ගත්තා.

මං හිතුවේ නෑ පුතා කිව්වට. ඇත්තටම එක්කගෙන ඒවී කියලා.

මං කිව්වොත් කිව්වනේ.
ශානූ අයියා එහෙම කියලා ගෙට ඇතුල් වුනා.

යමු දුවේ ගෙට.. චුටී මැනිකේ මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා.

අනේ. අම්මේ… මට බෑ… අනේ…. එන්නකෝ.. දොයි මතයී….
අම්මගේ කතාවට පිළිතුරු ලැබුනේ ඇතුල් කාමරය පැත්තෙන් . ශානූ අයියට ඉන්නවා නම් කිව්වෙ අවුරුදු පහළවක විතර ලොකු නංගියෙක්, ඒත් හුරතලයට කතා කලේ මොන්ටී සෝරී බබෙක් වගේ. හරිම හුරතලේට හැදුනු පාටයී. එදා අපේ ගෙදර කට්ටියම ආපු වෙලේ නංගිත් ඇවිත් හිටියා,මට රූපේ ටිකක් විතර මතකයී.

චූටී මැණික අක්කා ඇවිත්..

අක්කා… කෝ..
නංගි අවුල් වී ගිය කොන්ඩය සකසමින් කාමරයෙන් එළියට ආවා. නංගි දවාලේ හොදටන නිදාගෙන වගේ, මූනේ කොට්ට පාරත් හිටලා.

අක්කේ…. ඔයා එනකන් මයි මං බලන් හිටියේ..
නංගි දුවලා ඇවිත් මගෙ අතේ එල්ලිනා .

යමූ කාමරට එන්නකෝ.
නංගි මාව එයාලගෙ කාමරයට ඇදගෙන ගියා. ඒක තමා ඒ ගෙදර තිබුන ලොකුම කාමරය. ඒත් කිසිම පිලිවෙලක් තිබුනේ නෑ. ලොකු මේසයක්, පෙට්ටගමක්, ඒක උඩ ලට්ට ලොට්ට ගොඩක් පුරවලා තිබුනා. දිග හෝල් එකක් වගෙ කාමරය කොනක වැල් දෙකක් බැදලා ඒවයේ රෙදි පුරවලා. කාමරයේ ඇදක් වත් තිබුනේ නෑ. මෙට්ටයක් බිම අතුරලා තාමා නිදාගෙන තිබුනේ. ජනෙල් හතරක් තිබුනා ජනෙල් හතරම වහලා.

වාඩි වෙන්න අක්කි.
මම වටපිට විමසිල්ලෙන් බලමින් වාඩී වුනා . නංගි ඉක්මනට ගිහින් ජනෙල් ටික ඇරියා.

ටිකක් නින්ද ගියා අක්කි.

හ්ම්ම් කොහොමද නංගියෝ.

අපිනම් ඔහෙ ඉන්නවා අක්කි.
මං ආයෙත් වට පිටාව හෝදිසියෙන් බැලුවා. කාමරය පුරා මකුලු දැල් පිරිලා, දූවිලි පිරිලා.

අක්කි කාමරේ හැටිද බැලුවේ. අපෝ ඕවා අස් කරලා වැඩක් නෑ.

ඇයී. ඒ

අක්කිට තේරෙයි කල් යද්දී.

දුව තේ ටිකක් බොමු.. මේ පුතා කිව්වට දූ එයි කියලා මං හිතුවෙම නෑ. කන්න මොකුත් ගෙනාවෙත් නෑ. ගෙනාවට මේ චූටි මැනිකත් එක්ක ඕවා තියා ගන්න බෑ.
මම මොකුත් නොකියා හිනා වෙලා තේ එක අතට ගත්තා . මට තේරුම් ගන්න බැරී ඇයී මෙහෙම අපිළිවෙලට ඉන්නෙ කියලා. පැළක් වුනත් පිළිවෙල නම් ලස්සනයිනේ.
දැන් අපිට තේ නෑ නේද.

අයියට තේ දෙන්න අපා අම්මේ. හ්ම්ම්.

ආ දැන් අක්කට විතරද.

ඔව්. දෙන්නෑ
ශානූ අයියත් ඒ කාමරයට ඇවිදින් නංගි එක්ක පොඩි රංඩුවක් දා ගත්තා. අම්මා දවල්ට කන්න උයන්න කියලා කුස්සියට ගියා. නංගි මායී කාමරයට වෙලා කතා කර කර හිටියා. නංගිගෙ භාෂාව නම් පොඩි ළයෙක්ගෙ වගේ, හරිම හුරතල්.

අපි ටිකකින් කුස්සියට ගියා. දෙවියනේ දුම් ගෙයක් වගේ බිත්ති කලුම කලු පාටයී. ගේ මොන තරම් පරණද කියලා හිතා ගන්න පුලුවන්නෙ. මං කෙලින්ම කුස්සියෙ ජනේලය ළග තිබුන පුටුවේ ඉද ගත්තා. අම්මා ඉදගෙන පොල් ගානවා, නංගි එතන බිම ඉදගෙන් පොල් එකට අත දාලා පොල් කනවා. කැඩිලා බිදිලා ගිය ලිප් දෙකයී, පාවිච්චියට අරන් තිබුනේ කඩෙන් ගෙනත් තියා ගත්තු ලිප් දෙකේ මැටි ලිපක්. මේස වල ඉටිරෙදි දැලි වලින් වැහිලා. මිරිස් ගල උඩ පොල් කොළ මිටියක්,තවත් කොනක වුන මේසෙක පරන බෝත්ල්, පිගන් කෝප්ප පුරවලා. මගෙ ඔලුව රිදෙනවා වගේ මේවා දැකලා මං කුස්සිය පැත්තෙන් එළියට ගියා.
එළිය ඊටත් හපන් මුලු මිදුලම වල්පැලෑටි වලින් වැහිලා ගිහින් සෑහෙන කාලෙකින් මිදුල ඉදලක් දැකලා වත් නෑ. කොනක තිබුනා ලොකූ ලිදක් මං ඒකට එබිලා බැලුවා අඩිය නොපෙනෙන තරමට ගැබුරුයී. ලිදේ පඩිය උඩ හෝදන්න තියෙන වලං ගොඩක් ගොඩ ගහලා. අනිත් පැත්තේ රෙදි බේසමකින් එකක් පුරවලා. මං කල්පනා කරමින් ඇවිත් පුටුවේ ඉද ගත්තා.

කවුද යකෝ ගෙදර ඉන්නෙ .. ලතෝ පලයං එළි බැහැලා මෙහෙන්..
එහෙම කෑ ගහගෙන කවුද ඈතින් එනවා. නංගි ඇස් ලොකු කරගෙන මගෙ ළගට දුවගෙන ආවා.

අක්කි එන්න එන්න . අනේ.. හැංගෙමු එන්නකෝ.
හේතුව නොතේරුනත් මං නංගි එක්ක ගියා .

මගෙ කාමරයට යන්න. තාත්තා ඒකට එන්නේ නෑනේ.
ශානූ අයියා කලබලෙන් එහෙම කියනකොට තමා තේරුනේ මේ එන්නෙ ශානු අයියලගෙ තාත්තා බව. තාත්තා බොන බව අහලා තිබුනත් බීලා මෙහෙම කෑගහ බව, රංඩු කරන බව මං අහලා තිබුනේ නෑ. මගෙ පපුවත් දැන් ඩග් ඩග් ගා ගැහෙනවා. නංගී මායී කාමරයට ගිහින් දොර වහ ගත්තා.

අක්කි සද්ද කරන්න එපා. තාත්තා අයියගේ කාමරයට එන්නෙ නේ නෑ. බය වෙන්න එපා.
තාත්තා ගේ ඇතුලට ඇවිත්. කෑ ගනවා.

කෝ මේ ගෙදර උන් ලතෝ. පලයන් තොගෙ ළමයිනුත් අරන් එළි බැහලා මේකෙන්. මං මේක විකුනලා දානවා පලයව්.

මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ. මහ දවාලේ බීගෙන. අහල පහල මිනිස්සුත් බය වෙනවා.

අනේ තෝ කට වහපිය . පල මෙහෙන් තොරොංචි වෙලා.
අම්මට ගහන්න හදන්වද කොහෙද . අම්මා කැ ගැහුවා.

මොකද තාත්තේ මේ.

ආ ලොකු පුතේ උබත් අද ගෙදරද.
ශානූ අයියා දැක්කා විතරයී තාත්තා ටිකක් තැම්පත් වුනා .

තාත්තා ට නම් කවදාවත් සිංහල තේරෙන්නෙ නෑ නේද.

නෑ නෑ.. ලොකු පුතේ…
තාත්තා දැන් පූස් පැටියා වගේ. සාලෙට එන සද්දේ ඇහුනා.

තොපි හිටපියව්. මගෙ බඩුත් අරගෙන මං යනවා. තොපි එක්ක ඉන්න බෑ මට .
නොයෙක් දේවල් කියමින් මොනවදෝ බඩු වගයක් කවර වලට දානවා ඇහුනා.

නංගී තාත්තා හැමදාම ඔහොමද.
මම නංගිගෙන් රහසින් ඇහුවා .

සමහර දාට ඔහොම තමා අක්කි.

ඇයි අයියට තාත්තා බය.

ඉස්සර නිතර රංඩු වෙනවා. අපි හැමදාම අම්මා එක්ක කැලේ හිටියේ.
නංගි කතාට මුල පිරුවා . අයියගෙ කාමරේ බඩු මොකුත්ම තිබුනේ නෑ, බිම අතුරපු මෙට්ටය විතරයී තිබුනේ . තව සොල්දරයට යන්න තිබුන ඉනිමගෙ සොල්දරේ දොරට හේත්තු කරලා තිබුනා .නංගි මායී හිටියෙ මෙට්ටෙ උඩ ගුලි වෙලා. නංගි මට රහසින් කතාව කියන්න ගත්තා .

දවසක් තාත්තා අම්මට පිහියකිනුත් කෙටුවා නලලට . අපි හිතුවේ එදා අම්මා මැරෙයි කියලා අක්කි ලේ හුගක් ගියා .

ඊට පස්සෙ..

ඉස්පිරිතාලේ එක්ක ගියා . එදා ඉදන් තාත්තා කෑ ගහද්දී, අයියා ඉවසන් හිටියේ නෑ. දවසක් අම්මට ගහපු නිසා අයියා තාත්තට ගැහුවා. එදා ඉදන් තාත්තා අයියට බයයී. අයියා නැතුවම අපිට සද්ද දාන්නෙ
මට දැන් තේරෙනවා ශානූ අයියා ඇයි ඉගෙන ගන්න අකමැතී කියලා. තාත්තා හම්බ කරන හැම සත්තේම බොන්න් වියදම් කරනවලූ. කන්න බොන්නත් සල්ලි හොයා ගන්නේ. ළග තිබුන කිරි කට්‍ටීයක කිරි කපලලූ. තාත්තා හිටි ගමන් ගෙදරට සල්ලි දෙනවලු. වෙර හිදුන වෙලේ ඉදන් සල්ලි ආපහු ඉන්නනවලූ. මාමාත් ගෙදර වියදමට සල්ලි එවන නිසා අමාරුවෙන් වියදම් ටික දරා ගන්නවලූ. කලින් ලොකු ඉඩමත් එක්ක මේ ගේ තිබිලා තිබුනේ. තාත්තා ඉඩම ටිකෙන් ටික විකුනලා දාලා. දැන් ඉතුරු තිබුනේ ගේ තියෙන පොඩ්ඩ විතරයී.

නංගී. දොර අරිනවා
නංගි නැගිටලා ගිහින් දොර ඇරියා. මාත් ඒ එක්කම නැගිටලා ආවා. අයියා කාමරේ ඇතුලට එද්දි නංගී කුස්සිය පැත්තට ගියා.

ශානූ අයියේ..

සුදු මැනික බය වුනාද ඔයා. මට සමාවෙන්න රත්තරනේ මේවා කලින් නොකිව්වට.
ශානූ අයියා මාව තුරුලු කර ගනිමින් කිව්වා.

මං කවදාවත් මේ දේවල් ඔයාගෙන් අහලත් නෑනේ ශානූ අයියේ.

ඒත් මට කියන්න තිබුනා ඔයාට. පේනවා නේද මං හුගක් දුප්පත් තමා රත්තරං.
මම ශානු අයියගෙ පපුවට ඔලුව තියා ගත්තා. මට එයාගේ හදවත ගැහෙන සද්ද ඇහෙන්වා. මං තවත් ඒ පපුවට තුරුල් වුනා.

එහෙම කියන්න එපා අයියේ. අපිට ඔය හැම දෙයක්ම හදා ගන්න පුලුවන්. ඔයා ඒවා මොකුත් හිතන්න එපා. නංගි මට හුගක් විස්තර කිව්වා.

කමක් නෑ රත්තරං. දැන් ඔයා මගෙ තත්වය දන්නවනේ. මගෙ කිසිම තරහක් නෑ. මගෙ ඈත් වෙලා ඔයාගෙ අම්මලා හොයාලා දෙන කෙනෙක්….
මම ශානු අයියගෙ කට අත්ලෙන් වැහුවා. මගෙ හිතට ආවේ කේන්තියක්.

ඇති.. ඇති.. මොනවද කියවන්නෙ. ආයි ඔය ගැන කතා කරන්න වත් එපා.

ඒත් මං දුප්පත් නිසානේ ඔයාලගෙ ගෙදරි අකමැති වුනේ. මං නිසා ඔයාට දුක් විදින්න වෙයී.

ඔයා දුප්පත් කියන කට්ටිය හරි පොහොසත්ද්ද අයියේ. එයාලට වඩා දුප්පත් ඔයාව මට වටිනවා. දැං එයාලා ඔයාට කැමතීනේ. කිව්වම ඔය කතාව නවත්වන්නකෝ.
මං එහෙම කිව්වෙ ශානූ අයියගේ ඇස් දෙක දිහා බලාගෙන . මං හොදටම දැක්කා ශානූ අයියගෙ ඇස් කදුලින් බොද වෙලා. අද වුන දෙයින් එයාගෙ හිත හුගක් අසරන වෙලා. මම ශානූ අයියව ආදරෙන් වැලද ගත්තා.

අපි ගෙදර යමු සුදු මැනික…
ශානූ අයියා මගෙ කම්බුල ආදරෙන් සිපගෙන්, කාමරෙන් එළියට ආවේ ගෙදර යන්න
තාත්තට සාලේ මැද්දේ හොදටම නින්ද ගිහින් ගොරවනවා. අපි කෙලින්ම කුස්සියට ගියා. නංගි අම්මගෙ උකුලේ ඉදගෙන ඉන්නවා, අම්මත් ඈතක නෙත් යොමාගෙන කල්පනා කරමින් ඉන්නවා.

අම්මේ මං මෙයව ඇරලවල එන්නම්. මං එනකං තාත්තා ඇහැරෙන එකක් නෑ.

හා පුතේ පරිස්සමින් ගිහින් එන්න.
අම්මා ඊට වඩා දෙයක් කිව්වෙ නැ. අම්මට මට මූන දෙන්න බෑ වගේ. මම අම්මට වැදලා එන්න ලැහැත්ති වුනා. නංගි මට වැදලා.

අක්කි ඔයා ආයී එනවා නේද . තාත්තා නැති දාක ආයී එන්න.

හරි නංගියෝ මං එනවා. පරිස්සමින් ඉන්න.

අක්කත් පරිස්සමින් ඉන්න.

ශානූ අයියා මාව ගෙදරම ගෙනත් ඇරලා එහෙන්මම ආපහු ගියා.

අද පංති කලින් ඇරුනද.
මම ගෙට එද්දිම ආච්චි අම්මා ප්‍රශ්න කලා.

ඔව් සුදු අම්මෙ. ශානූ අයියා ගෙනත් අරලින්න ආව නිසා ඉක්මනටම ආවා.
මම ශානූ අයියලාගෙ ගෙදර ගිය බව කාටවත්ම කිව්වෙ නෑ. ශානූ අයියා මාව පොරොන්දු කර ගත්තා කාටවත්ම නොකියන බවට.
ශානූ අයිය්ලගේ තාත්තා නිතරම ගෙදර ඉන්න කෙනෙක් නෙමේ. ඈතල ගිහින් බෝඩ් වෙලා වැඩ කලේ. මම නිතරම වගේ ශානූ අයියලාගේ ගෙදර ගියා.
ශානු අයියගෙ කාමරෙන් පටන් අරන් දවසින් දවස මුලු ගේම පිලිවලට අස් කලා. ශානූ අයියා නම් කිව්වෙ” බොරුවට මහන්සි නොවී ඉන්න මේක අස්කරන්න පුලුවන් එකක් නෙමෙයි” කියලා. ප්‍රයෝජනයක් නැතී සේරම බඩු ශානූ අයියා ලවා උඩ සොල්දරයට දැම්මා. අම්මා මොකුත් කිව්වෙ නෑ මං කරන දේවල් වලට එයත් මට උදව් කලා. කුස්සියත් සේරම අස් කරලා අලුත් ඉටිරෙදි ගෙන්නලා මේස වලට දැම්මා. ඊට පස්සෙ මිදුලත් සුද්ද කරලා නංගිට හැමදාන අතුගාන්න කිව්වා. දැන් පරන වුනත් ගේ පිලිවෙලයී ශානූ අයියා මාව අගේ කලා. ඊට පස්සේ මං සතියකට සැරයක් වත් එහෙ යන නිසා. අම්මාත් ගේ පිලිවෙලට තියා ගන්න උත්සහ කලා.
මං ඒ ගෙදරට යන බව අපේ ගෙදර කවුරුත්ම දැනන් හිටියෙ නෑ මම යාලුවන්ගේ ගෙවල්වල යන නිසා මගෙ එයාලට ලොකු විශේෂයක් දැනුනේ නැහැ.

ඊ ළග කොටසින් හමු වෙමු — 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *