~දෙව්දූ~14 කොටස

~~~දෙව්දූ~~~
14 කොටස
‘දේව් …දේව් ……. අනේ එයාව පහළට වැටෙනවා ..කවුරු හරි එයාට උදව් කරන්න ’
ගස් ගල් වල වැදී වැදී පහලට ලිස්සාගෙන යද්දී මට ඇහුනේ හතර පැත්තෙන්ම කට්ටියගේ ඝෝෂාව විතරයි … තප්පරයකදී මට හිතුනේ මේ මම ජීවත්වෙන අන්තිම විනාඩි කීපය වෙන්න ඇති කියලා …..අඩි පහක් විතර පහලට ලිස්සලා යද්දී මගේ අතට යාන්තමට වගේ අහුවුනේ ලොකු ගලක් … ඇගේ තිබ්බ මුළු ශක්තියම දාලා මම අත් දෙකෙන්ම ගල අල්ලා ගත්තා … මට ඕන වුනේ ජීවත්වෙන්න …..
‘මොණරි ….හෙල්ලෙන්නේ නැතිව ඔතැනම ඉන්න ….’ මට ඇහුනා තේමිය අයියා උඩ ඉදලා මහා හයියෙන් කෑ ගහනවා …
තවත් ටික වෙලාවකට පස්සේ මම හිටපු තැනින් ලොකු කබයක් පහලට වැටෙනවා ඇස් කොනින් වගේ මට පෙනුනා …
‘මම ඔතෙන්ට එනවා …… මම කිවුවම ගල අත ඇරලා මාව හයියෙන් අල්ලා ගන්න …’ තේමිය අයියා උපදෙස් දුන්නා පහලට බහින්න කලින්ම …..
තේමිය අයියා පහලට බහින්න ගතවෙන හැම තප්පරෙකම මගේ හිත ගැහෙන වේගේ දෙගුණ තෙගුණ වෙනවා වගේ මට දැනුනේ …. මට හිතුනේ මේ ගල මගේ බරට ගැලවිලා පහලට පෙරලෙයි කියලා ….එහෙම උනොත් මට සිද්ද වෙන්නේ මගේ මේ ගලට යටවෙලාම මැරෙන්න තමා … මම නිකමට වගේ මම ඉන්න තැනින් පහල බැලුවා …. පහල නොපෙනන තරම් ගැබුරු ඒ හෙලට වැටුනොත් නම් සුනේ සුන් තමා ….. ඒ වෙලාවේ දැනුනු කලන්ත ගතියයි බයයි නිසාම මම ඇස් දෙක තද කරලා පියා ගත්තා ….
‘ කෝ එන්න … ගල් පිළිමයක් තිබ්බා වගේ ඔතන ඉන්නේ නැතිව …’
තේමිය අයියා ලගට ඇවිත් කතා කරනකන් මම හිටියේ හුස්ම ගන්න එකත් අමතක කරලා … මම හෙමිට ඇස් ඇරලා තේමිය අයියා දිහා බලද්දී එයා මගේ දිහා බලාගෙන ඉන්නවා …
‘කෝ ඉතින් හෙමිහිට ඔය ගල අත ඇරලා මාව අල්ල ගන්නවා .. ….’

මම බය නිසාම ටික වෙලාවක් හෙලවෙන්නේවත් නැතිව ඉද්දි තේමිය අයියා ටිකක් සැරෙන් වගේ එහෙම කිව්වේ …. මම තවත් කිසිම දෙයක් හිතන්න ගියේ නැහැ පරිස්සමට ගල අත ඇරලා තේමිය අයියාගේ බෙල්ල වටේ අත් දෙක දාලා එයාගේ බෙල්ලේ එල්ලුනා ….
‘හරි ….දැන් ඉක්මනින් …ඔය කබේ ඇදලා ගනිල්ලා …පරිස්සමට හොදද ..’
තේමිය අයියා කෑ ගහලා එහෙම කිව්වම හෙමි හෙමින් අපිව උඩට ඇදිලා යන්න පටන් ගත්තා … මගේ මුහුණ තේමිය අයියාගේ මුහුණට ගොඩක් ලංවෙලා තිබ්බේ ..එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලේ වැදුනා ………… අපි දෙන්නාගේ ඇස් සැරින් සැරේ එකට යාවුනා … ඒ ඇස් වල තිබ්බ කාන්තියට මාව නිකන් පිච්චිලා යනවා වගේ තමා මට දැනුනේ ….. එයාගේ බැල්ම දරාගන්න බැරිව මම ඇස් දෙක අහකට ගත්තා ….. කබේ පැද්දෙද්දී මගේ මුහුණ එයාගේ උරහිසේ වදිනවා … තාත්ති ඇරෙන්න කිසිම පිරිමියෙක් මට මේ තරම් ලංවෙලා ඉදලා නැහැ … එයාගේ පපුව ගැහෙන හඩ මගේ කණ ලගින්මයි ඇහුනේ … මට හිතුනේ එයාගේ පපුවට වඩා සද්දෙට මගේ පපුව ගැහෙනවා කියලා ..

‘ හරි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ …උබලා දෙන්නා තාම තුරුළු වෙලා ඉන්නේ මොකද යකෝ … ..’ චමත් අයියා අනිත් කට්ටිය එක්ක එකතුවෙලා කෑ ගහනවා
එතකොට තමා අපි දෙන්නාටම මතක් වුනේ උඩට ඇවිල්ලා ඉන්නේ කියලා … එයාගේ කර වටේ ඔතාගෙන හිටපු අත්දෙක අයින්කරගෙන මම පැත්තකට වෙද්දී කෙල්ලෝ ටික ඔක්කොම ඇවිත් මගේ වටේ එකතු උනා …
‘මොකද උනේ බන් පොඩ්ඩක් බලාගෙන යන්න එපාය …’
‘ කොහෙද තුවාල උනේ …’
කට්ටියම එක දිගට ප්‍රශ්න අහද්දී මම මොකුත්ම කියන්නේ නැතිව හිනාවුනා විතරයි … කකුල් අත් තැනින් තැන හිරිලා තිබුණාට දරුණු විදිහට මොකුත්මම හානියක් වෙලා තිබ්බේ නැහැ .. තවත් ටික වෙලාවක් මහන්සි ඇරලා අපි ආයෙම ගමන පටන් ගත්තාම තේමිය අයියා මගේ ලගින්ම යන්න අමතක කලේ නැහැ … එයා බයවෙන්න ඇති ආයෙම මම වැටිලා කරදරයක් කරගයි කියලා …මොකද උදේ ඉදලා දෙසැරයක්ම මම වැටෙන්න ගිහින් බේරිලා තිබ්බේ අනුනවයෙන් නේ .. ..
නම දන්නේ නැති මහත කදක් තිබ්බ ගස් ගොඩක් අස්සෙන් තමා අපි ඉස්සරහට ඇවිදගෙන ගියේ …. ඒ ගස් වල ලොකු කොළ තිබ්බේ ඒ වගේම දම්පාට ගෙඩි පිරිලා අතුවල …. ඒ වෙලාව වෙද්දී තිබ්බ බඩගින්න නිසා මම පල්ලෙහාට නැවිලා තිබ්බ අත්තක තිබ්බ ඒ ගෙඩි දෙක තුනක් කඩාගන්න ට්‍රයි කලේ කාගෙන් හරි මේ ගෙඩි මොනවාද කියලා අහලා කන්නම් කියලා හිතලා …
‘ඒයි මොනවාද ඔයා ඔය කරන්නේ …. කන්නද ඔය ගෙඩි කඩන්නේ ….’ ඉස්සරහින් හිටිය තේමිය අයියා එහෙම අහලා ආපස්සට මගේ ලගට ආවා …
‘නැහැ මේ ..මේ ..’ මට ගොත ගැහුනේ එයාගෙන් බැනුම් අහන්න වෙයි කියලා හිතුන නිසා
‘ නැහැ මේ මේ නෙවේ ..ඕවාගේ නමක් අපිවත් දන්නේ නැහැ …. මේ ගස් අදමයි දැක්කේ … පිස්සුද මේ ගෙඩි කඩන්නේ …. වස ගෙඩිද කියලා දන්නේ කව්ද ‘’
එයා එහෙම කරලා සැර කරද්දී අතේ ගුලි කරගෙන හිටිය ඒ කඩාගත්ත ගෙඩි ටික මම එයාට පේන්නේ නැති වෙන්න බිමට දාලා තවත් මොකුත් කියන්න කලින් ඉස්සරහට ඇවිදගෙන ගියා ඒ වෙද්දී බැච් එකේ කවුරුත් පේන්න හිටියේ නැහැ … අපි කතා කර කර ඉද්දි එයාල ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා පේන්නේ නැති මානෙක තමා හිටියේ …. මගේ හිතට බයක් දැනුනේ නැත්තේ මගේ ලගින් තේමිය අයියා හිටපු නිසයි …
‘ඔය කොහෙද යන්නේ ….. පණ්ඩිත කම නම තියෙනවා මොනවා නැති වුනත් ..’
එහෙම කියලා තේමිය අයියා මම හිතන්නත් කලින් මගේ දකුණු අතින් තද කරලා අල්ලාගත්තා … හරියට එයාට අයිති දෙයක් එයා ලගට ගන්න වගේ … කාගෙන් ලැබුණු අයිතිවාසිකමක් ද දන්නේ නැහැ … මම රවලා වගේ එයා දිහා බලද්දී එයා ඇස් දෙක පුංචි කරලා මගේ දිහා බලනවා දැක්කාම මගේ මුහුණට නිකන්ම හිනාවක් ආවා ….

මහත කදක් තිබ්බ ගස් තිබුණු තැන පහු කරලා ඉස්සරහට ඇවිදගෙන යද්දී අපිට හම්බ වුනේ මාන කැලයක් ….තේමිය අයියා මගේ අතකින් තද කරලා අල්ලාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා …අපේ සෙට් එක පේන්න හිටියෙත් නැහැ ..
‘ෂිට් මේ රෙද්දට සිග්නලුත් නැහැ නේ …..කවුරුවත් කන්ටැක් කරගන්න …’ මගේ අත අතෑරලා තේමිය අයියා සාක්කුවේ තිබ්බ ෆෝන් එක අතට ගත්තත් …. අපි හිටිය තැනට සිග්නල් තිබ්බේ නැති නිසා කාටවත් කතා කරගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ …
ඒ වෙලාවේ ඉර එලිය තිබ්බත් මුළු කන්ද පුරාම මිදුම පැතිරීලා ගිහින් තිබ්බ නිසා අපිට පාරක්වත් හරියටම පෙනුනේ නැහැ ….
‘මේ මිදුම නිසා පාරවල් හොයාගන්න හරිම අමාරුයි …. වල් සතෙක් හිටියත් පේන්නේ නැහැ නේ … ගිය සැරේ හයික් එක ආවාට පස්සේ අපේ සෙට් එකකට පාරවල් හොයාගන්න බැරිව දවස් ගානකට පස්සේ මේකෙන් එලියට ගිහින් තියන්නේ …’
තේමිය අයියා එහෙම කියද්දී හිතට ආව බය නිසා මම කරේ අනාරාධිතවම එයාගේ අතක එල්ලුන එක ..එයා සුපුරුදු විදිහට අර කට කොනින් දාන මෝඩ හිනාව දාද්දි මම ගණන් ගන්නේ නැතිව ඉස්සරහා බලා ගත්තා ..
‘ඒත් අපිට බය වෙන්න දෙයක් නැහැ …මේ තියෙන්නේ අර කන්දට යන පාර … ටික වෙලාවකට කලින් අපේ උන් මෙතනින් ගිහින් තියෙනවා … මේ බලන්න වතුර බෝතල් විසික් කරලා ගිහින් තියෙන හැටි …’
කට්ටිය එතනින් ගිහින් තියෙන්නේ ටික වෙලාවකට කලින් කියලා දැනගත්තාම තමා මගේ හිතේ බය අඩුවුණේ ….
‘තේමිය අයියා …ඔයා ඇයි උදේ ඉදලා අර තරම් නපුරු කම් කලේ මට …’ මම ඇහුවේ උදේ ඉදලා හිතට වද දුන්න ප්‍රශ්නයක් .. ටික වෙලාවක් යනකන් එයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ
‘කියන්න අයියා මම අහපු දේට උත්තරේ මොකක්ද …..’
‘මම කැමති නැහැ ඔයා ඔය විදිහේ ඇදුම් අදිනවාට ….බලන්න ඔයාගේ කලිසම දණහිසෙනුත් උඩ තියෙන්නේ …කෙල්ලොන්ට පැෂන් උනාට කොල්ලෝ ඕවාට කියන කතා දන්නවද ….. ලස්සන කෙල්ලෙක් දිහා බලලා කොල්ලෝ රස විදින එක සාමානය දෙයක් ….මාත් කෙල්ලොන්ට විහිළු කරලා තියෙනවා …..ඒත් මම කැමති නැහැ මම කැමති කෙල්ල දිහා කිසිම කෙනෙක් නරක විදිහට බලනවාට කැත කතා කියනවා ට ….’
ඒ කියන්නේ තේමිය අයියා කැමති කෙල්ල මමද …මගේ හිත වේගෙන් ගැහෙනවා …. ඔය වගේ දෙයකට මුහුණ එල්ලගෙන ඉන්න තරම් එයා මට කැමතිද ….. ඒත් නොකියා කියන්නේ මට ආදරේ කරනවා කියලාද ….
එතනින් එහාට අපි දෙන්නා කතා කරේ නැතිව ගියාට අපේ හිත් නම් කතා කරන්න ඇති මහා ගොඩක් දේවල් ….
අපි ගිය පාර ලේසි පාරක් කියලා හිතුවට ඊට පස්සේ හම්බ වුන පාරත් ගල් මුල් වලින් ගහන වෙලා තිබ්බ පාරක් කොහොම හරි අපි කන්ද උඩට යද්දී අපේ කට්ටිය තැනින් තැන වැටිලා මහන්සි අරිනවා .
‘කොහෙද බන් අතුරුදහන් උනේ ….. තව ටිකක් බලලා මායි තරිදුයි උබව බලන්න පහලට එන්න හිටියේ ’
‘උබ දන්නවා නේ මේ තේමිය ගැන …කොල්ලා කොහොම හරි පාරක් හදාගෙන යන්න ඕන තැනට කොහොම හරි යනවා ..
චමත් අයියා එහෙම කියද්දී තේමිය අයියා උත්තර දුන්නේ හරි උඩගු විදිහට …
‘ආ …දැන් මෙයත් උබගේ අතක එල්ලුන ගමන්මයි නේ …හරි හරි අපිට පේන්නේ දෙන්නා හිච් වෙන්න යනවා වගේ …අපි යනවා අර පැත්තටට ’
චමත් අයියා එහෙම කියලා එතනින් යන්න ගියාට පස්සේ තේමිය අයියයි මායි ආයෙම එක තැන නතර උනා ….
‘මට බඩගිනි …..’ තේමිය අයියා පොඩි එකෙක් වගේ මගේ දිහා බලාගෙන ඉද්දි මම බෑග් එක ඇදලා ඇන්ටි උදේ හදලා දුන්න බත් එක ලිහුවා …
‘නැන්දම්මා ලේලිට කෑම එකක් හදලා දීලා වගේ …’
‘ඔයා කොහොමද දන්නේ ….’
‘මට කියන්න පුළුවන් සුවදින්ම මේ අපේ අම්මා උයපු කෑම එකක් කියලා ….’
‘එහෙනම් කන්න …. ’
‘මට බෑ මේ අතේ මඩ ගෑවිලා ….’ එයා අත්දෙකම මගේ දිහාවට දික්කරලා පෙන්නද්දී මට හිනායන්න ආවා …එයා වෙලාවකට හැසිරෙන්නේ හය හතර දන්නේ නැති කිරි දරුවෙක් වගේ නේ ..
‘මේ වතුර තියෙනවා ….’
‘ඔය වතුර පරිස්සම් කරගන්න තව ගොඩක් දුර යන්න තියෙනවා බබෝ ….දැනට ඔයා මට කවන්න ’
එයාට ඕන කරලා තිබ්බේ කොහොම හරි මට කියලා කෑම කවාගන්නද කොහේදෝ … තවත් එයාට බලකරන්න ඉඩ දෙන්නේ නැතිව මම එයාට බත් කවන්න ගත්තා ….
‘රසම රසයි ….ම්ම්ම් …. අම්මා කවනවා වගේ දැනෙන්නේ මට …’
එයා හරි ආසාවෙන් තමා මම කැවුව බත් කටවල් ටික කෑවේ….
‘මට දැන් කෑවා ඇති ඔයා කන්න දැන් ….’ එයා මන් කනකන් එතැනින් හෙල්ලුනේවත් නැහැ ……
කාලා බිලා ඉවර වෙලා කට්ටියම තැන් තැන්වල වැටිලා රෙස්ට් කරනවා ….
‘කට්ටිය මේ ගමන ඉවරයි කියලාද මේ වැටිච්ච තැන්වල බහිරවයෝ වගේ ඉන්නේ …’
තරිදු සෙට් එක දිහා බලලා එහෙම කියද්දී කට්ටියම තරිදු ඉන්න පැත්ත බැලුවා …
‘ඉවරයි කියලා හිතුවාට ඉවරම නැහැ සහෝදර වරුනි … දැන් ආයෙම ගමන පටන් ගමු …’
චමත් අයියා එහෙම කියද්දී කට්ට්ය වැටිලා හිටිය තැන් වලින් නැගිටලා ආයෙම ගමන යන්න ලැහැස්ති වෙන්න පටන් ගත්තා …කොල්ලෝ ෆිට් එකේ හිටියාට කෙල්ලෝ නම් හිටියේ කෙදිරි ගාගත්ත ගමන්මයි .. ගෙදරින් එලියට බැහැලා බස් හෝල්ට් එකක් තරම් දුරක්වත් පයින් ගිහින් නැති කෙල්ලොන්ට නම් මේ ගමන දැනටම ඇති වෙලා තිබ්බේ …. මට කියලා ඉතින් ඒකෙ වෙසක් නොතිබුනාට තේමිය අයියා ලග හිටිය නිසා මගේ ඇගට දැනුන අමාරුව අමතක කරලා දාලා මම ආපහු ගමන යන්න ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *