~~දෙව්දූ ~~~26 කොටස
උදේ පාන්දර ශීතල බලන්නේ නැතිවම බාත්රූම් එකට ගිහින් පැයක් විතර හොදට නාගත්ත මම එළියට ආවේ කොන්ඩේ තෙත මාත්තු කර කර .. …..මොකක්ද දැන් මම අද අදින්නේ …. හැමදාම අදින ඒවා අදින්නත් බැහැ … වෙනසකටත් එක්ක අලුත් එකක් අදින්න ඕන …
අතේ තිබ්බ තුවාය පැත්තකට දාපු මම ඇදුම් අල්මාරිය පීරලා අදින්න ගැලපෙන ඇදුමක් හෙව්වා ….. මගේ වෙලාව හොදයි … තේමි අයියා දැකලා නැති ගවුමක්ම අතට අහුවුනා …. මේ ගවුම අම්මි මට අරන් දුන්නේ ගිය සැරේ වැකේෂන් එකට ගෙදර ගියාම ….. ගවුම අතට අරන් ඇගට තියලා මන් හැඩ බැලුවා ….. ලා කොළ පාට පසුබිම පුරාම සුදු පාට පුංචි තිත් තිත් විසිරිලා තිබ්බ ගවුම දණහිස ගාවට දිගයි …. ෂොප් එකෙන් ගත්ත ගවුමක් උනත් ඒ ගවුම මටම කියලා මැහුවා වගේ ඇගට ෆිට් එකට තිබ්බා …. නොට් බෑඩ් දේව් මම මටම එහෙම කියාගත්තේ හිතට ආව සතුට නිසා … කොන්ඩේ බදින්නේ කොහොමද දැන් මම …. ම්ම්ම් …. එක්කෝ බදින්න ඕන නැහැ … අද කොන්ඩේ කඩලා දාලා යනවා අන්තිමට මම එහෙම තීරණය කළා … සයිට් පාට් තියලා ලූස් හෙයාර් දැම්මාම මගේ පෙනුම තවත් ලස්සනයි කියලා කන්නාඩියෙන් පේන මගේ රූපේ දිහා බැලුවාම මටම හිතුනා …..
‘ඇන්ටි මම යනවා …’ පොත් බෑග් එකත් කරේ දාගෙන මම එලියට බැස්සේ තේමිය අයියාගේ කාමරේ දිහාවට හොර බැල්මක් දාන ගමන්මයි …. කාමරේ දොර ඇරලා දාලා …. එයා පේන්න නැහැ ..මේ මෝඩයා කොහේ යනවාද මන්දා …
‘ආ …දේව් මේ කෑම එක අරන් යන්න …’ වසන්තා ඇන්ටි සාලෙසට දුවගෙන ආවේ වෙනදා බැදලා දෙන සයිස් එකටම පත සයිස් බත් එකක් බැදගෙන ..එයා දන්නවා යෑ අද මම එයාගේ ලොකු පුතා එක්ක රවුම් ගහන්න යනවා කියලා ….. එපා කියන්න බැරි නිසාම කෑම එක අතට අරන් බෑග් එක ඇතුලට දාගෙන මම මිදුලට බැස්සා ….
පේරාදෙණිය ගාර්ඩ්න් එක ලග තියෙන නුවර පේරාදෙණිය බස් හෝල්ට් එකට වෙලා පැය භාගයක් විතර ගෙවුනත් තේමිය අයියා එන පාටක් නම් නැහැ ..මේ මෝඩයා අද එන්නේ නැද්ද … තේමිය අයියා බස් හෝල්ට් එකට ආවේ මගේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ..
‘අනේ සොරි බබා …මම චුට්ටක් පරක්කු උනා ..’
එයා එහෙම කියලා මට ලංවෙද්දි මම අහක බලාගත්තේ පැය භාගයක් මාව මෙතන තනියම තිබ්බ නිසා හිතට ආව තරහා නිසා .. කළු දිග කලිසමක් ඇදලා සුදු කමිසයක් ඇදලා හිටිය එයාගේ මුහුණ පුරාම තිබ්බේ පින්බර පෙනුමක් …
‘ඔන්න ඔන්න මුහුණ බිම ගෑවෙන්නත් ලගයි… ඔච්චර තරහා ගන්න එපා ළමයෝ …. ’ එයාගේ කටහඩේ තරවටුවක් තිබ්බේ
‘අදට සමාව දෙනවා හරිද …මිට පස්සේ කවදාවත් පරක්කු වෙලා එන්න බැහැ …’ කටත් උල් කරලා මම එහෙම කියද්දී එයා ආදරේ හිතෙන විදිහට මගේ දිහා බලාගෙන ඉන්නවා …මගේ තරහා කොහේ ගියාද නැහැ …
‘හරි මැඩම් මේ අසරණයාට අදට සමාව දෙන්නකෝ….’
‘මේ දඟ වැඩ වලට තමා මම ගොඩක් ආදරේ ..’
‘ගොඩක් ආදරේද මට ..’ තේමිය අයියා ආදරේ පිරුණු ඇස් මගේ ඇස් ඇතුලේ මොනවද හොයනවා
‘ ම්ම්ම්ම්ම්ම් ගොඩක් ..නැහැ …මෙන්න මෙච්චර සුට්ටක් ආදරේ ..’ මම අත් දෙක එකතු කරලා පෙන්නුවාම … තේමිය අයියා මුහුණ කළු කරගත්තා ..
‘ මම දන්නවා ආදරේ නැහැ ඔයා මට … ‘ එයා එහෙම කියලා ඈත පාර දිහා බැලුවා ..
‘එහෙමද හිතන්නේ මැට්ටෝ ….. ‘ අමනාපෙන් ඉන්න එයාව යාලු කරගන්න ඕන නිසා මම එයාගේ අතින් අල්ලා ගත්තා ….
‘මේ දන්නවාද මම මටත් වඩා ඔයාටයි ආදරේ කරන්නේ …තේරුම් ගන්න මැට්ටෝ ඒක ..’
මම එහෙම කියද්දී එයා මගේ දිහා බැලුවේ ඕනෑවටත් වඩා මාව විශ්වාස කරනවා කියන්න වගේ .
‘අන්න බස් එකක් එනවා ..’
මගේ අතකින් අල්ලාගෙන පාරට ආව තේමිය අයියා නුවර දිහාවට යන්න ආපු බස් එකක් නතර කළා …
‘කොහෙද අපි යන්නේ … ‘ බස් එක ඇතුලේ වැඩි සෙනගක් හිටියේ නැහැ .. බස් එක කෙලවරම ෂිට් එකේ අයිනට වෙන්න අපි වාඩිවුණේ
‘ දළදා මාළිගාවට ..’
‘අනේ මම හරි ආසයි .. මම ජීවිතේටම දළදා මාලිගාවට ගිහින් තියෙන්නේ එක සැරයයි …’
හිතට ආපු සතුට මගේ මුහුණේ හිනාවෙන් එයාට පේන්න ඇති ….
‘මිට පස්සේ මං ඔයාව මාසෙකට සැරයක් එක්කන් යනවා දළදා මාලිගාවට ….’ තේමිය අයියා එහෙම කිවුවාම මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ තවත් වැඩිවෙනවා වගේ …එයා මම කැමති දේවල් ගැන කොච්චර නම් හිතනවා ද … මම තවත් හිතන්නේ නැතිව තේමිය අයියාගේ උරහිසේ ඔළුව තියාගත්තා එයා ගොඩක් ආදරෙන් එයාගේ අතකින් මගේ ඔළුව පිරිමදින්න ගත්තා …ඉතින් මට දැනුනා මගේ මුළු ලෝකෙම එයා විතරමයි කියලා ….
ක්ලොක් ටවර් එක ලගින් බස් එකෙන් බැස්සට පස්සේ තේමිය අයියා මගේ අතින් තදට අල්ලාගත්තේ නොදන්න නගරයක මාව අතරමන් වෙලා යයි කියලා බයෙන් වගේ …. ක්වීන්ස් හෝටලය ලගින් පාර පැනලා මල් කඩ ලග නවතිනකන් මම එයාගේ අතින් අල්ලාගෙන හිටියේ තාත්තා අතින් අල්ලාගෙන යන පුංචි දැරියක් වගේ .. සෙරෙප්පු ගලවලා කවුන්ටර් එකට දීලා අපි මල් ගන්න ගියා
‘නිල් මානෙල් වට්ටියක් දෙන්න …’ තේමිය අයියා ලගම තිබ්බ මල් කඩයකින් නිල් මානෙල් වට්ටියක් අරන් මගේ අතට දුන්නා ….
දළදා මාලිගාවට යන පාර දිගේ අපි බොහොම සංවර විදිහට ඇවිදගෙන ගියේ … මේ වගේ පුජා භූමීයක උස් හඩින් හිනාවෙන්නවත් හොද නැහැ කියලා අම්මි මට කියලා දීලා තිබුනා . …. කාස්ටක අවුවේ නිරුවත් යටි පතුල් වලට දැනුනු රස්නය ඉවසන්න බැරි තරම් වුනත් මම බොහොම පරිස්සමට තේමිය අයියාගේ ලගින්ම අඩි තියලා ඉස්සරහට ඇවිදගෙන ගියා…
‘යටි පතුල් පිච්චෙනවා වගේ අයියා …’ ඉවසන්න බැරිම තැන මම මුහුණ රතුකරන් තේමිය අයියා දිහා බැලුවා
‘ චුටි දුරයි නේ ළමයෝ … ඔය අඩි දෙක තුන පයින් යන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ … ’
‘ දැන් හරි නේද .. .’ දළදා මාලිගාව ඇතුල් වෙනකොට තේමි අයියා මගෙන් අහද්දී මම ඔළුව දෙපැත්තට වනලා එයාගේ කතාව අනුමත කළා
දළදා මාලිගාව ඇතුලේ තිබ්බේ පුදුම ශාන්ත සිසිල් බවක් ….. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යන තරම් තිබුන ඒ නිසල බවට මම ගොඩක් ආශා කළා .. මගේ ආදරේ මගේම වෙන්න …මම දස දහස් වතාවක් එහෙම පැතුම් පැතුවා ….
‘මොනාවද ප්‍රර්ථනා කලේ ඔච්චර වෙලා ..’
මල් පුජා කරලා ඉවරවෙලා ගොඩක් වෙලා යනකන් ගාථා කියා කියා හිටිය මගේ දිහා ඇස් කොනින් බලලා තේමිය ඇහුවා …
‘ප්‍රර්ථනා කරපු දේවල් කියන්න හොද නැහැලු …. ඒ ප්‍රර්ථනාව ඉෂ්ට වුන දවසට කියන්නම්කො’ මම ගොඩක් තැන්පත් විදිහටයි එහෙම කිවුවේ
‘හරි මම බලාගන ඉන්නම් ඒ දවස එනකන් ..’
දළදා මාලිගාවෙන් පිටවෙලා අපි නතර වුනේ වැව රවුමේ …
‘බඩගිනි අනේ …’ උදේ ඉදලා මොකුත් කාලා හිටියේ නැති නිසා බඩේ පනුවෝ කෑ ගහනවා වගේ ….
‘එහෙනම් කාලා ඉම්මුද .. අද මම ඔයාට හොද හෝටලයකින් කන්න අරන් දෙනවා ’
‘හෝටල් වලට යන්න ඕන නැහැ ….අම්මා ලොකුම ලොකු බත් එකක් බැදලා දුන්නා අපි ඒක කමු .. පවු ඇන්ටි උදේම ඇහැරිලා හැදුව කෑම එක නේ … එයාගේ පුතා එක්ක අද මම රවුම් ගහනවා කියලා දන්නවා නම් එයා බත් එකක් නෙවේ දෙයි මට ගුටි .’
‘අපේ අම්මා ඒ තරම් නපුරු නැහැ දන්නවද …. එයා ඔයාට ගොඩක් ආදරේ … මම ගෙදර ගියාමත් එයාගේ කටේ තියෙන්නේ දේව් …දේව් …දේව් ..’
‘ඇන්ටි මට ගොඩක් ආදරේ …’
‘මම අම්මාට කියන්නම් දේව් හැමදාම අපේ ගෙදරම තියාගන්න කියලා …’
‘ ඇන්ටි නම් කැමති වෙයි උඩින්ම …ඒත් …’ මම කියන්න ගිය දේ ගිල ගත්තේ …. තේමිය අයියා කලබල වෙයි කියලා ….එයා දන්නවා නම් අපේ ගෙදරින් මට බදින්න කෙනෙක් හොයලා ඉන්නේ කියලා මොන දෙයක් සිද්දවෙයිද …
‘මොකද ඒත් …මේත් ගාන්නේ …කියන්න ගිය දේ කියලා ඉන්න ..’
‘මොකුත් නැහැ අයියා ……මට හොදටම බඩගිනි … ‘’ මම ඈනුමක් ඇරලා බඩගිනි බව පෙන්නුවේ මේ කතාව දුර දිග ගෙනියව්වොත් සිද්ද වෙන්නේ හිත් රිද්ද ගන්න බව දන්න නිසා
‘එහෙනම් අපි අර පැත්තට ගිහින් බෙන්ච් එකක් උඩ වාඩිවෙලා කාලා ඉමු ..’
අපි මහමායා එක පැත්තට ඇවිදගෙන ගිහින් ඒ හරියේ තිබ්බ බංකුවක වාඩිවෙලා …ලොකු බත් එක දිග ඇරියා …. අද තේමිය අයියා කැමති පොලොස් ඇබුලුත් තියෙනවා .. මම බත් අනන්න පටන්ගත්තා …
‘ඔයා කන්නේ නැද්ද …’
‘ මට ඔයා කවනවා නේ .. මගේ ඇගිල්ලේ තුවාලයක් මේන්’ එයා පුංචිම පුංචි තුවාලයක් පෙන්නලා හරි අහිංසක විදිහට එහෙම කිව්වා
‘ කපටියා … එනවා මෙන්න මෙගෙට …’ මම අනපු බත් කටවල් හතරක් පහක් එයාට කැවුවා
‘ඇති දැන් ..ඔයා කන්න …’
එයා එහෙම කිවුවාම මම බත් එක අත ග ගා බත් කටවල් දෙක තුනක් කෑවා…
‘දැන් මට ඇති … ඔයාට කවන්නද ’
‘මට ඇති ඔයා කන්න ඔය කටවල් දෙක කාලා මදි …තවත් ඇට ගැහෙයි ..’
බත් එක එහෙම පිටින්ම ඔතන්න ලැහැස්ති වෙද්දී තේමිය අයියා මගෙන් බත් එක උදුරලා අරන් අත හෝදාගෙන බත් එක අනන්න ගත්තා
‘කෝ කට අරින්න …’ එයා බත් කටක් අනලා මගේ කටට ලංකලා
‘අයියෝ ඇති බබා …’
‘බෑ ….තව කන්න ඕන ..’ එයා බලෙන්ම බත් කටවල් දෙක තුනක් මට කැවුවා
‘ දයියා අනේ ….මිරිස් කරලක් හැපුණා …’ මම මුහුණ රතු කරගත්තා …ඇස් වලින් කදුලුත් පනින්න එනවා
‘ ඉන්න මේ වතුර ටිකක් බොන්න ..බබා වගේ අඩන්න මුහුණ හදාගත්තේ ..’ එයා කටට ලන්කරපු වතුර බෝතලෙන් භාගයක් විතර මම බීගෙන බීගෙන ගිහින් තමා නතර වුනේ …
‘දැන් හරි නේ කට දනවාද තවත් …’
‘දැන් හරි …..’
‘ අයියා අයිස්ක්‍රීම් ඕනි …’ කෑම කාලා ඉවරවෙලා පාර අයිනේ නතර කරලා තිබුන අයිස්ක්‍රීම් විකුණන ලොරියක් පෙන්නලා මම එහෙම කිවුවම තේමිය අයියා දෙපාරක් හිතන් නැතිව නැගිටලා ගිහින් අයිස්ක්‍රීම් එකක් අරන් ආවා …
‘කෝ ඔයාට …’
‘මට කන්න බෑ ඔයා කන්න ..’
මම ආශාවෙන් අයිස්ක්‍රීම් එක තොල හැටි බලාගෙන හිටිය තේමිය අයියා හිනාවෙන්න ගත්තා ..
‘මොකෝ හිනාවෙන්නේ …. ’
‘හැටි බලන්නකෝ කට දෙපැත්තේත් ගාගෙන තාම පුංචි එකියක් වගේ …’
‘මම පුංචි එකියක් තමා …..’
‘පුංචි හොද පුංචි මෙයා ….කෝ මට අයිස්ක්‍රීම් …’
‘දැන් එපා කිව්වේ …’
‘මේකෙන් දෙනවා නම් කනවා …’ එයා මගේ අයිස්ක්‍රීම් එක පෙන්නලා එහෙම කිවුවම මම එයා දිහාව තොල ගගා හිටිය අයිස්ක්‍රීම් එක දික්කරා
‘රසයිද ….’
‘වෙනදාට වැඩිය රසයි අද අයිස්ක්‍රීම් එක …’
රස කර කර එයා අයිස්ක්‍රීම් එක කන දිහාව මම ආශාවෙන් බලාගෙන හිටියා .. මේ තරම් ආදරයක් නම් කිසි කෙනෙකුගෙන් මට ලැබෙන්නේ නැති බව නම් සහතිකයි … ඉතින් මේ ආදරය රැකගන්න මම මටම පොරොන්දු දුන්නා ..
මතු සම්බන්ධයි