~~~ආදර පාරමී ~~~~03
03 කොටස
පංති භාර දයානි මැඩම් පැමිණෙන තුරුම මා හිස ඔසවා බැලුවා නොවේ …පංති කාමරය පුරාවට පැතිර තිබ්බේ පුදුමාකාර නිහඩ බවකි ‘ මල්ෂි …පාරමී දෙන්නා එක්කම ඉස්සරහට එනවලා ..’ සජානි දයානි මැඩම්ට පැමිණිලි කරන්න ඇත … ඇල්පෙනිත්තක් වැටෙන හඩ උව ඇසෙන තරමට නිහඩව තිබු පංති කාමරය මැදින් මා ගමන් කලෙමි …. ළමුන් සියලු දෙනාගේ නෙත් නැවතී තිබුනේ අප දෙදෙනා ලග විය යුතුය … ‘පාරමී මොකද මල්ෂිගේ කොන්ඩේන් ඇද්දේ …’ දයානි මැඩම්ගේ තියුණු දෑස් රැදී තිබුනේ මගේ මුහුණ මතය .. .. ඇය ඉදිරියේ සිටගෙන බලා උන්නා මිස දීමට නිසි පිළිතුරක් මා වෙත නොවුනි … මට අනිත් පස උන් මල්ෂිගේ මුවේ තිබුනේ කුරිරු බවකි … ‘මොකද කතා කරන්න අමාරුයිද .. ’ මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලා උන් දයානි මැඩම්ගේ ඉවසීම බිදී යන්න ඇත …‘මැඩම් මම හිතලා කරේ නැහැ ..’ මා කතා කලේ නිහඩව ඉදීමෙන් ඇය කෝප වෙනු ඇතැයි සිතාය .. නමින් දයානි උවද ඇගේ සිතේ කිසිදු දයාවක් නැත …. පිරිමි ළමෝ ඇය නැතිවිට දුෂ්ටානි නමින් හැදින්වුවේ වරදක් කල ළමයෙකුට ඈ කිසිම දවසක සමාවක් නොදුන් නිසාවෙනි … ‘පාරමී ගැහැණු ළමයෙක් උනාම හැසිරෙන්න විදිහක් තියෙනවා කියලා දන්නවා නේද …කොල්ලෝ වගේ ඕන එකටයි එපා එකටයි හැමදේකටම එල්ලෙන්න ගියොත් එතැන ගැහැණු කමක් නැහැ …. ඔය ළමයාගේ අම්මා කියලා දුන්නේ නැද්ද ගැහැණු ළමයෙක් හැසිරෙන විදිහ ගැන …’ අම්මා සිහිකර දයානි මැඩම් බොහෝ දේවල් කියද්දී මම ඔහේ අසා උන්නෙමි …‘දැන් මල්ෂිගෙන් සමාව ගන්නවා …’ වැරදිකරු මා පමණක් නොවුනද දයානි මැඩම්ගේ අවසාන විනිශ්චයට අනුව මා වැරදිකාරිය වී උන්නෙමි .. ඇය දන්නේ සජානි පැවසු යමක් පමණි ….. මල්ෂි මට අපහස කල බව ඈ දන්නේ නැත .. ‘මට සමාවෙන්න ..’ මම මල්ෂි දෙසට හැරී හෙමින් මුමුනද්දී ඇගේ දෑස් දිලිසුනේ මට අවමන් කලේ යන සතුටින් විය යුතුය … ‘ආ දැන් යනවා හැබැයි හෙට එද්දී මතක ඇතිව අම්මාව එක්කන් එනවා ….’ දයානි මැඩම් අවසාන තීරණය දුන්නාය … මගේ මවට මා වෙනුවෙන් වෙන්කිරීමට කාලයක් නැතිබව කියන්න ඕනා උනිද මා කලේ බිමට යොමා උන් නෙත් මදක් හෝ නොඔසවා ඩෙස්ක් එක වෙත යෑමය… පංති කාමරයෙන් ඉවතට දිව ගොස් කොතැනක හෝ මුළු ගැන්වී අඩාවැටීමට උවමනා උනිද සිත පාලනය කරගෙන උන් මම පෙරලාගෙන උන් පොතට රවාගෙන උන්නා පමණි …. ඉතිරි කාලපරිච්ඡේද කීපය නිමවෙන තුරුම මා උන්නේ එයාකාරයෙනි …පාසල නිමවූ විගසම ලොකු පොත් බෑගය කරේ එල්ලාගත් මම පංති කාමරයෙන් ඉවතට දිව ගියෙමි . ‘ දැක්කා නේ මාත් එක්ක ෆයිට් එකට ආවොත් වෙන දේ …’ මල්ෂි කෑ ගැසුවේ මට ඇහෙන්න විය යුතුය …. ගේට්ටුව දක්වා වැටි ඇති පියගැටපෙළ එක හැල්මේ බැහැගෙන බැහැගෙන ගිය මා නතර වුවේ බස් නැවතුමේය … සිය ගානක සිසුන් අතරේ උන්නද මට දැනුනේ තනිකමකි පාළුවකි … ‘හරි නපුරුයි නේද ..’ මගේ කන ලගින්ම ඇහුනු කටහඩක් නිසා මම පිටුපස හැරී බැලුවෙමි …. මා අසලම හිටගෙන උන්නේ රහල්ය …. ඒ මුහුණේ තිබුනේ මා පිළිබද අපැහැදිලි හැගීම් ගොන්නකි … ඔහුට පිළිතුරු නොදුන් මම ඈත පාර දෙස බැලුවෙමි … ‘මම දැක්කමයි ඔහොම ආඩම්බර කෙල්ලක් …. හිනාවෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ …ඒ උනාට කෙල්ලෝ එක්ක රණ්ඩු වෙන්න නම් හොදට දන්නවා ..’ මා කතා නොකෙරුවා කියා ඔහුට ගානක් නැත … ‘පොල්ගොල්ල .. මඩවල …වත්තේගම .. නගින්න නගින්න ..’ අප ඉදිරියේ නැවතූ පුද්ගලික බසයේ උන් කොන්දොස්තර කොලුවා උගුර ලේ රහවෙනකන් කෑ මොරදෙද්දී ….. දිව ගිය මා බසයේ එල්ලුනෙමි… .‘ඇතුලට යන්න …. ෆුට් බෝර්ඩ් යන්න එපා ..’ සෙනග මිරිකී උන් බස් රථය තුලට ඇතුල්වෙන ලෙස කෑ මොර දෙන කොන්දොස්තර කොලුවාගේ වදෙන් බේරෙන්න බැරිම තැන යාන්තම් බස් රථය තුලට ගොඩ උන මම රිය කව්ළුවෙන් පිටතට නෙත් හෙළුවෙමි …. රහල් ඔහු පේන්න නැත .. සිත තුල කෙදිනකවත් නැති තරම් කලබලයකි ….. ‘මාවද හොයන්නේ …. ’ මා ලගින්ම එහාපසින් රථයේ උන්නේ රහල්ය …මගේ හොරය ඔහු දකින්න ඇත …. ලැජ්ජාව නිසා ඉවත බලා උන්නා මිස මදක් හෝ ඔහු දෙස නොබලන්න මා ප්‍රවේසම් උනෙමි ‘මල්ලි පොඩ්ඩක් එහාට වෙනවද ….’ මගේ ඇගේ ගෑවී නොගෑවී උන් කුඩා පාසල් සිසුවෙකුට රහල් තරවටු කරද්දී පොඩි එකා එහාට වුනේ බියෙන් මෙනි ..‘හිරවෙච්ච බස් වල යන්න එපා …චුට්ටක් සෙනග අඩු බස් එකක යන්න … ’ මගේ කනට බොහෝ ලංවුණ රහල් රහසින් මෙන් පැවසුවේය .. අද මුණ ගැසුණු රහල් මෙතරම්ම මා ගැන වදවීම මගේ සිතට ගෙනාවේ විමතියකි …බසයෙන් බසින තුරුම මගේ ආරක්ෂාවට මෙන් නොසෙල්වී ලගින්ම උන් ඔහු මදකදු මගෙන් ඈත්වුවා නොවේ ..‘උයන්වත්ත හන්දියෙන් බහින අය බහින්න ..’ බසයෙන් බැසිය යුතු බව මට මතක් උවේ කොන්දොස්තර කොලුවාගේ කෑ ගැසීම නිසාය … රහල් දෙස නොබලාම බස් රියෙන් බැසගත් මා පාර පාර මාරුවූවෙමි … පසු පසින්ම එන සපත්තු හඩ නිසා හැරී බැලු මා දුටුවේ රහල්ය … ඔහු මා පසුපසින්ම එයි … මා සිටින තැන බලාගෙන ගොස් නැවත නැවත ඔහු මා හබා එයිද …. එකම පංතියේ ඉගෙනුම ලැබුවත් මම ඔහු දුටුවේ අදය …හිතට දැනුනු බිය නිසා මා පය ඉක්මන් කලෙමි … වේගයෙන් ගමන් කල මා නතර වුනේ නිවසේ ගේට්ටුව අසලය … රහල් පේන්න නැත ….ඔහුට මා මග ඇරෙන්න ඇති යන සිතුව්ල්ල හිතට ගෙනාවේ සැනසුමකි ..‘රෝසි මගේ බෝනික්කියෝ …ඔයා මම එනකන් බලාගෙන හිටියාද .. ඔන්න ඔයාගේ අක්කි ආවා ’ කාමරයට ගිය මගේ පලමු කාර්යය බෝනික්කිව අතට ගෙන තුරුළු කරගැනීමයි‘දන්නවාද අද උන දේ …. හැමෝම මට එක එක දේවල් කිවා ….අපේ අම්මා හොද නැහැලු …මට හොද ගතිගුණ උගන්වලා නැහැලු ….ඔයත් හිතන්නේ මම නරක ළමයෙක් කියලාද … ‘’ බෝනික්කිය කිසිදු හැගීමක් නැති දෑස් නොසෙල්වා බලා සිටියදී මා ඔහේ කියවුවෙම් …‘ආ …මට දෙයක් කියන්න අමතක උනානේ …. අද අපේ පංතියට අළුත් පිරිමි ළමයෙක් ආවා ….දන්නවද එයා හරි අමුතුයි . .. ’ මා බොහෝ දේවල් කිවත් ඇයට කිසිදු වගක් නැත … ‘හරි හරි ….ඔයා මොකුත් කියන්නේ නැහැ නේ ….නෝටි ඩෝල් …ඔයාට ඊර්ශ්‍යාද ඒ පිරිමි ළමයා ගැන …බයවෙන්න එපා කවුරු මගේ ජීවිතේට ආවත් ඔයා තමා මගේ බේස්ට් ෆ්‍රෙන්ඩ් …. එහෙනම් අක්කි නාලා එනකන් මෙතැනම ඉන්න ..’ වෙනදා නැති සැහැල්ලුවකි සිතට දැනුනේ ….. සිසිල් ජලයෙන් ගත දොවාගෙන කොට ගවුමකින් සැරසි වරලස පිට දිගට විදාහල මා රෝසි අතට ගෙන ගෙයි මිදුලට බැස්සෙමි …. ‘ලේන් පැටියෝ … ඔයා පේර කෑවාද …’ මිදුලේ කොස් ගහේ අත්තක උන් ලේන් පැටියා දෙස බැලු මම විමසුවෙමි … ගහෙන් බැසගත් ලේන් පැටියා තවත් මොහොතකින් මගේ බාහුවේය …මා මේ කොස් ගහට ලැල්ලක් සවිකළේ බොහෝ කාලයකට පෙරය ….. වත්තේ ගස්වලින් කඩා ගන්නා ගඩාගෙඩි එහි මත තැබූ දින පටන් මේ ලේන් පැටියා විත් පළතුරු අනුභව කරයි …. එදින පටන් ලේන් පැටවා මගේ මිතුරෙකි … කිසිම මිතුරෙකු නැති මගේ යාළුවන් උවේ ලේන් පැටියත් රෝසි බෝනික්කියත්ය ….. මා පණ දෙවෙනි කොට පෙම්කලේ ඔවුන්ට පමණි …‘අක්කි …අක්කි …’ කුඩා දැරිය ෂෙහාරා උන්නේ මවත් සමග වෙන්න ඇත …. ‘ෂෙහාරා පැටියෝ ..’ මම ගේට්ටුව ලගට දිවගොස් ඉන් එපිට එබී බැලුවෙමි … ‘අක්කි ස්කුල් ගිහින් දැන්ද ආවේ ….’ ‘ඔව් පැටියෝ දැන් මම ආවේ ..’ ‘අක්කි මේ තමා මගේ අම්මි ..’ අසල උන් පියකරු තරුණ කාන්තාව සිනාසලද්දී පෙරලා මා සිනාසුනෙමි ‘ඉස්සරහා ගෙදර ලස්සන අක්කියෙක් ඉන්නවා කියලා දෝණි උදේ ඉදලා කියෙව්වා …. ඒ ඔයාද ..‘…ඔව් …මම පාරමී …. මේ ගෙදර ඉන්නේ ..’ ලැජ්ජාවේන් සිනාසුනු මම ඈ දෙස බලා උන්නෙමි ‘ගෙදර කවුරුත් නැද්ද ….උදේ ඉදලාම ගෙදර වහලා තිබ්බේ ..’ ‘අම්මා වැඩට යනවා …ට්කක් රෑ වෙනවා එන්න ..’ ‘මම දිනුකි … මහත්තයාට මෙහාට ට්‍රාන්සර් එකක් හම්බවුන නිසා මෙහාට එන්න උනේ .’ ඇගේ මුහුණේ තිබුණු දුක්බර ස්වාභාවය කියාපෑවේ මෙහි පැමිණීම ගැන සතුටක් නැති බවය … ‘අක්කා මගේ ටැබ් එක කොහෙද දැම්මේ …’ දිනුකි අක්කාගේ නිවස තුල සිට පිටතට පැමිණි රුව මා දුටුවේ එවිටය ….රහල් ඔහු උන්නේ කොට කලිසමකින් හා ටීෂර්ට් එකකින් සැරසීගෙනය ….. දිනුකි අක්කා හා කතා කරමින් උන් මා දැක ඔහු තවත් අඩියක් හෝ පෙරට නෑව්ත් උන් තැනම නතර විය ..‘දෝණි මම මාමිගේ ටැබ් එක හොයලා දීලා එන්නම් … මම යනවා නංගි . ’ දිනුකි අක්කා මට පිටුපා යද්දී මා බලා උන්නේ රහල් දෙසය .. .මා හබා එන්නේ යැයි සිතුවද සැබවින්ම වී ඇත්තේ ඔහු නිවසට පැමිණීමයි … හිතට ආ ලැජ්ජාව නිසා මා කලේ ඉක්මනින් ඉවත බලාගැනීමයි ….**********‘අම්මා ..’ අන් දිනවල පමාවී පැමිණෙන අම්මා මාස ගානකට පසුව හවස හය වෙනවිට නිවසේ ගේට්ටුවෙන් ඇතුළු වුනේ නෙතු බිමට යොමාගෙනය …මා කතාකෙරුවත් ඇයට නෑසෙන්න ඇත … නිහඩවම සාලය දක්වා ඇවිදගෙන ගිය ඕ පුටුවක වැටි නිසොල්මනේ බලා උන්නාය … ‘අම්මා මොකද උනේ ..’ බොහෝ වෙලා ගෙවී යනතුරුම නිහඩව බලා උන්නද ඇය දොඩන බවක් නැති හෙයින් මා ආපසු කතා කලෙමි ‘අවුරුදු පහළොවකට පස්සේ ඔයාගේ සියා පප්පා හම්බවුනා …’ මදක් නිහඩව සිට හෙමින් බොහෝ සෙමින් පැවසු ඈ සුසුමක් පාකර හැරියේය … ‘සීයා පප්පා ..’ කිසි දිනක පවුලේ විස්තර කතා නොකරන ඇගේ දෑසේ උවේ කදුළු බිදුවකි .‘කෝ අම්මා එයා ….. ඔයාට තිබ්බේ අපේ ගෙදර එක්කන් එන්න ..’ මගේ කියා නෑදෑයෙක් දැකනැති මුත් ඔවුන් ගැන අම්මා කතා කරනවා දකින්නද මා බොහෝ සතුටු වූවෙමි ..‘ එයා එන්නේ නැහැ බබී …. අපේ හොටෙල් එකට ආවා එයා ….විසිටර්ස්ලා ගොඩක් හිටියා ….දන්නවද පප්පා මාව දැකලත් අහක බලා ගත්තා … මගේ හිතට ගොඩක් දුකයි බබී … එයාට එයාගේ දුව රුචිරා එච්චරටම අප්පිරියාද ‘’ අම්මා ලේසියෙන් අඩන ගැහැනියක් නොවේ ….ඒත් අද ඇගේ දෑසේ කදුලුය . කුමක් හෝ හේතුවක් නිසා පිය සෙනෙහස අහිමි කරගත් අම්මා ඇගේ දියණියට පිය සෙනෙහස අහිමි කළා කියා මදක්වත් නොසිතන්නේ ඇයි …‘අම්මා අඩන්න එපා …’ මගේ දුක නොඅසන මුත් ඇය මගේ අම්මාය .. හොද සිහියෙන් ඉන්න විට ඈ තරමට හොද ගැහැනියක් තවත් නැත …. ඉතින් මා ඇයට තුරුළු වූවෙමි ….
මතු සම්බන්ධයි