සීමා නෑ ආදරේට………………………….04

වැඩට යනවා..ආයෙම එනවා..නිදියනවා..මොකක්ද දෙයියනේ මේ ජීවිතේ ..ආදරෙ කරන අය ලග ඉන්න වරම් නෑ…

මගෙ ජීවිතේ දුක් ගීයක්ම විතරක් උනෙ කෝමද

ස්කූල් යන කාලෙ උන්නු ඒ පුන්චි දගකාරි කෝ දැන්..අම්මා අප්පච්චි අක්කි අයියගෙ හුරතලේට හැදුනු දෝනි අද කාත් කවුරුත් නැති නන්නාදුනන පලාතක තනියෙම ජීවත් වෙනවා…

මෙ මන් ලබා උපන් හැටිද…

මේ හිත ඇවිලෙන තරම් දෙවියො වත් දන්නෙ නැතිව ඇති..ඒක එයාට දැනිලා වත් නැතිව ඇති..ඒකනෙ මෙහෙම ගින්දරක් මේ පපුවට…

කුක්කියො…ඔයා මේවා දැනගත්තු දාක…මා එක්ක වයිර බැද ගන්න එපා…මන් අතෙ වරදක් නෑ මගෙ කුක්කියේ

සෙනේශා මිස් බර කල්පනාවක වගේ

හපොයි මේ පිස්සු කෝච්චිය මෙයාගෙ වැඩේම මගෙ පස්සෙන් එන එකනේ..

මිස්..කතා කරද්දී මිස්ගෙ ලස්සන දත් ටිකට ඇස් වහ වදිවි කියලද කතා කරන්නෙ නැත්තේ..ම්ම්

මෙ හලො මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද

අම්මො සැර හොදයි මිස් මේන් මේම කට වහගත්තා..තව කොයිද මන් වහ ගන්න ඕනී..

මෙ පිස්සා ඒක පෙන්නුව විදියට මට බකස් ගාලා හිනා ගියා..උන් හිටි තැනත් අමතක උනා..අප්පෙ මිනිස්සුත් දකින්න ඇති

අම්මෙ කොච්චර ලස්සනද …ඔය වගෙ හිනා වෙලා ඉන්නකො හැම තිස්සෙම …ඔරවන් ඉද්දිත් අමුතු ගතියක් තියෙනවා තමයි..ඒත් ඉතින් හිනා උනාම ශෝයි අප්පා…අල්ලලා හපන්න හිතෙනවා ..

කාලයත් එක්කම සෙනේශා ලග තිබුනු ඒ ලස්සන හිනාව හොරු ගෙනිච්චා ඒක ඔයා දන්නෙ නෑ..මන් ඒක ඔයාට කවදාවත් දැනගන්න ඉඩ් තියන්නෙත් ණැ..ඔයා එක්කො බලෙන් මගෙ ජීවිතේට එන්න හදනවා..එහෙමත් නැත්තම් ඔයා මාව ජෝක් එකට අරන්..ඒ මොනා උනත් ඔයාට කිසි දෙය්ක් හොයා ගන්න ලැබෙන්නෑ කොහොමටත් ඔය ඔය චුට්ටක් ඉන්නවා ආයෙම කල්පනා කරනවා..එහෙමත් ලස්සනයි අප්පා

මොන විකාරයක් ද් මේ

අයින් වෙන්න මට බහින්න ඕනී..

තව දුරයි නෙ ඇයි මෙතනින්

මන් කොහෙන් බැස්සත් ඔයාට අදාල නෑනෙ..අයින් වෙනවා..මෙන්න ඔයාගෙ නය..ආයෙම මන් පස්සෙ එන්න් එපා තේරුනාද

මට ඕනි මෙතනින් පැනලා යන්න..චමත්කාර මගෙ හිතට ඇතුල් වෙන්න යන්නෙ..ඒත් ඒක එහෙම වෙන්න කොහොමටත් බැ

මිස් සොරි..බහින්න එපා

කවුරුත් කියන කියන හැමදේම මන් මොකටද අහ්න්නෙ..

මන් බෙල් එක ගැහුවා…යනව නම් තව හෝල්ට් දෙකක් මන් යන්න ඕනී..කමක් නෑ ඔන්න ඔහෙ මන් පයින් යනවා..

ගගන ගේ මූණ අඩන්න වගේ..ඔයා ඔහොම නෙවෙයි කොහොම මන් දිහා බලන් උන්නත් මට කමක් නෑ..මන් බහිනවා..

ගගන දිහා බලන්ම මන් බස් එකෙන් බැස්සා..මගේ පස්සෙන් කරුමෙ එලෝනවද කොයිද..ඇදන් උන්නු සාරියෙ පොට මටම පෑගීලා මන් බස් එකෙන් බිමට වැටුනා…

පූරූවෙ තව කරපු පව් ගෙවන්න තියෙන නිසා වෙන්න ඇති මගෙ ජීවීතේ නූලෙන් බේරුනේ…

එතන උන්නු ආන්ටි කෙනෙක් මට අත දීලා නැගිට්ටුවා…ඒත් වැටිච්ච පාර මගෙ කකුල කෙටිලා..අඩිය තියන්න බෑ වගේ..මන් බස් හෝල්ට් එකෙ ඉද ගත්තා…ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ

සෙනේශා මිස්

අහ් අයියො මෙයා

මිස් සොරි මන් නිසයි ඔයාට ඔහොම උනේ..අනේ සොරි

කකුලෙන් එන වේදනාව මන් තොල් පටින් විකන් ඉවසන් උන්නා..ගගන මගෙ හැම ඉරියව්වක්ම හොදට බැලුවා..

සෙනේශා මිස්ට ගොඩක් අමාරුයි නේද ඉන්න මිස් වීල් එකක් අරන් එන්නම්..

ඔයාගෙ මේ මනුස්සකමට මන් අසරණ වෙනවා ගගන…ඔයා වැරදි කෙනෙක්ට මේ ලන් වෙන්න හදන්නේ…

විනාඩි පහක් යද්දී ගගන වීල් එකක් අරන් ආවා..

එන්න මිස්

යනවද නොයනවද කියන දෙගිඩියාවෙ ඉන්නෙ මන්..

මුරන්ඩු නැතිව නගින්න මිස්

මගෙ අවසරයක් නැතිවම ගගන මගෙ ඉණ වටෙ එයාගෙ අත යැව්වා..වෙන වෙලේක නම් ගගන මගෙන් ගුටි කනවා..හොදටම …

මාවත් නග්ගලා එයාත් වීල් එකට නැග්ගා

ඒ ගගනයා කොහාටද බන් යන්න ඕනී

අර දෙල්ගස් යායක් තියෙන ලොකු ගෙදරට..

එතකොට මෙයා මන් ඉන්න තැනත් දන්නවද ..මන් ඉන්න ගෙදර දෙල් ගස් යායකින් වට වෙලා තියෙන්නේ …මෙයා මන් ගැන තව මොන මොනා දන්නවද දන්නෙ නෑ

වීල් එකෙ කොල්ලා හැරිලා මන් දිහා බැලුවා..

ආ මේ බැන්කුවෙ මිස් නේ…උඹ එහෙනම් සෙට් වුනා..

කට වහන් පලයන් අමීරයො මගුලක් කියනවා..මිස් බස් එකෙන් බහින්න ගිහින් වැටුනෙ..

අනෙ පල පල ඩෝ…මේ මිස් ඔයා දන්නෙ නෑ..මූ…මූ…ආව් බන් කියන්න දීහන් කො

සෙනේශා මිස් මේ අමීරයා කියන ඒවා සතේකට ගනන් ගන්නෙපා..ඕකට පිස්සු..හොදටෝම

හරි හරි අපිට පිස්සු නේද

ඉස්සරහා බලන් පලයන් බන්..

මට නම් මේ දෙන්නා කියන මෙලො දෙයක් තේරුන්නෑ..මට අහන්නත් ඕනි නෑ..දිගින් දිගටම මේ පිස්සු කෝච්චියවම මට අමුනන්නෙ ඇයිද දෙවියනේ

මන් වේදනාවට වීල් එකේ රෙද්දට ඔලුව තියාගෙන ඇස් පියා ගත්තා

ඔතන චුට්ටක් නවත්තපන්

මේ ගේ යෑ බන්

ටිකක් ඉදින් දෙයක් ගන්න තියෙනවා

වහපු ඇස් එහෙම්ම පියන් මන් කියන දේවල් අහන් උන්නා…

හරි යමන්..

මිස් බහිමු..අපි ආවා…

ආයෙම මගෙ ඉණ වටෙ අත් යවපු ගගන මාව ආන්ටිලාගෙ පෝටිකෝ එකෙ තිබුනු පුටුවක ඉන්දුවා…වීල් එකෙ සද්දෙ ඇහිලද මන්දා ආන්ටි ඉස්සරහට ආවා

ආ මේ ලමයනේ..මොකො මේ..කවුද..ඔය ලමයා

මන් ගගන ගැන උත්තර දෙන්න කලින් ගගනම උත්තර දුන්නා

නැන්දෙ මන් ගගන..ස්කීම් එකෙ ඉන්නෙ..ඉස්සර දිලුම් අයියා ඉද්දි මෙහෙ එන්නේ..අර වෙසක් කාලේට එහෙම ..

අහ් මේ අර චූටියට හිටපු කෝටු ලමයා නේද..දැන් නෙ මතක් උනේ

ඇයි නැන්දෙ මේ මමත් එන්නේ නැන්ද මූට හෝර්ලික්ස් හදලා දෙන්නේ..කෝටු ලමයා කියලා

උඹ නම්..

හී..වේදනාව එක්කම මට හිනාත් යනවා..කෝටු ලමයා..හොද කෝටු පත සයිස් තේක්ක ගහක් වගේ..මොනා උනත් යාලූවා නම් ගගනව හොදට චාටර් කලා…

මේ ලමයා කොහොමද සෙනේශා දුව අදුරන්නෙ

මේ ආන්ටිටත් ඕනි නැති දෙයක් නෑ..

අහ් නැන්දෙ මන් මිස්ගෙ බෑන්ක් එක ඉස්සරහා වැඩ කරන්නේ..මිසුයි මායි වැඩ ඇරිලා එන්නෙ එකට ..බහින්න ගිහින් මිස් බස් එකෙන් වැටුනා

අනේ සෙනෙ දුවත් කරගන්න දේවල්..හිටින්න බොන්න මොනා හරි හදන් එන්නම්

අපි රෑටත් කාලම යන්නම් නැන්දේ

අඩො ගස් හිවලො වහපන් කට

ඇයි බම්..කෙල්ල දාගත්තා විතරයි අපි ගස් හිවල්ලු..උඹ එක්ක චාටර් කද්දි හොදයි..මන් කියන්නද..උඹේ බයික් එක ගැන

බයික්????මන් ගගනගෙ මූණ බැලුවා..මේ මොනාද මෙයාලා කියනවන්නේ..ගගනට බයික් එකක් තියෙද..එතකොට ඇයි එයා බස් එකෙ එන්නේ…

උඹව හයර් එකට අඩගහ ගත්තට මටයි හිවලො තලන්න ඕනි

පල යන්න බම්..මම් යන්නෙ නැන්දා ගේන ඒවා කාලා බීලා…

හිටුකො තෝව මන් අල්ල ගන්නම්

මේ මේ වැඩිය රෙස්පා දැම්මොත් ජාතකෙ දිගා අරිනවා අම්මපා ගගනයෝ..

අහ් මෙන්න

නැන්දා තුන් දෙනාටම බීම හදලා නැන්දා ආවයින් දෙන්නගෙම කතා නැවතුනා…

නැන්දෙ මට කාමරේට යන්න ඕනී…පුලුවන්ද පොඩ්ඩක්

අහ් මේ කෝටු ලමයා එක්කන් යාවි නේ..කෝටු ලමයො මෙහෙම ගියාම ඉස්සෙල්ලාම එලියෙන් තියෙන කාමරෙ..මේන් යතුර

ආන්ටි නම් මොන විකාරයක් කෙරුවද මන්දා

ගගන ආන්ටිය අමීරයි දෙන්නම බලන් ඉද්දි මාව අල්ලන් රූම් එකට අරන් ගියා…

තෑන්ක්ස්

ඕක මොකක්ද මිස්..අරු කියපුවා ගනන් ගන්නෙපා

හ්ම්ම්

ලස්සනයි මිස් ගෙ කාමරෙ..පුන්චි සුරන්ගනාවියක්ගෙ කාමරයක් වගෙ..හරියට මිස් වගේම ලස්සනයි

මෙයා හරියට සුරන්ගනාවියන්ගෙ කාමර දැකලා තියෙනවා වගේ..

මිස් කට ඇද කරද්දි තවත් ලස්සනයි

පිස්සු

අමීර හයියෙන් හෝන් ගැහුවා..වෙලාවට..මෙයා තව මොන මොනවා ලස්සනයි කියයිද දන්නෙ නෑ.

එහෙනම් පරිස්සමට ඉන්න මිස් ි ඔය කකුල ඔහොම තියන් වැඩට එන්න එපා..මිස්ව දවසක් දකින්න වෙන්නෙ නෑ තමයි ඒත් ඔහොම අමාරු තියන් එන්න එපා..බුදු සරණයි මන් යන්නම් මිස්

මොන මොනාදො කියෝලා කියෝලා ගගන යන්න ගියා..ගගන ඔයා අහස නම් මන් ඔයාට හීනේකින් වන් ලන් වෙන්න නොසුදුසු මුහුදෙ පතුල වගෙ..එපා මට ලන් වෙන්න…එපා

මන් ගගන ගැන කල්පනා කර කරම සාරි එක මාරු කලා..කකුල ඉදිමිලා දැන්..ඇවිද්දොත් තව අමාරු වෙයි..පොඩි කාලෙ චූටි කට්ටක් ඇනුනත් දවස් ගානක් පරිස්සමට ඇදේ තියන් පරිස්සම් කෙරුවෙ මාව..අනෙ අම්මි මට මෙහෙම උනෙ ඇයි…

සෙනේ දුවේ

ආ ආන්ටි

කකුල ගොඩක් අමාරුද

ඉදිමිලා ආන්ටි..

හ්ම්ම්..මන් උන වතුර ටිකක් අරන් එන්නම් තවන්න…

හොදයි ආන්ටි

ලමයො

ම්ම්ම්

කෝටු ලමයා නම් ඇත්තටම හොද යහපත් ලමෙක්..හැබයි පරිස්සමින් අක්කලම පස් දෙනෙක් ඉන්නවා..නෑනලා එක්ක ඔය දරුවට ලේසියෙන් ජීවත් වෙන්න බැරි වෙයි

මොනා ගැනද ආන්ටි මේ කියන්නේ..එයාට අක්කලා පස් දෙනෙක් නෙමි..දහයක් උන්නත් මට මොකෝ…ආන්ටි මොනා කියනවද මන්දා

දැනටමත් මට තියෙන ප්‍ර්ශ්න හොදටෝම ඇති..තවත් නම් කිසි ප්‍ර්ශ්නයක් මේ හිතට එපා…

ගගන ඔයා අහසම වෙලා ඉන්න…මට මගෙ පාඩූවෙ ඉන්න දෙන්න…

…මතු සම්බන්දයි—

පරණ කොටස් කමෙන්ට්ස් වලට දාන්නම්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *