සීමා නෑ ආදරේට…………………………..09

අ සදුදා..හැම දුකක්ම මතකයක්ම හිතේ මුල්ලක හිර කරලා මන් වැඩට යන්න ලෑස්ති උනා…

අද ගගන ඒවීද..දකින්න ආසයි ඒ ඇස්…ඒත් මන් එයාට ලන් වෙනවා කියන්නෙ එයාට මන් කරන ලොකු වැරැද්දක්..

එයා හම්බුනොත් කතා නොකර ඉන්නවා..හ්ම්ම්…

වෙනදා යන ටයිම් එකට කලින් මන් බෑන්ක් එකට ගියා..එයා එන්නෙ ඊලග බස් එකෙ..ඒ නිසා අවුලක් නෑ…

වැඩ කෙරුවට සැරින් සැරෙ බැලුනෙ බෑන්ක් එකෙ මේන් ඩෝ එක දිහාමයි…ගගනගෙ මූණ දැන් දැන් මතු වෙයි

කියලා හිත කියනවා..හිත එයාවම ඉල්ලනවා..හරියටම මන් හිතුවා වගේම හවස දෙකට එයා ඩෝ එක ලගින් මතු උනා..

මට එයා දක්න්න උවමනා වුනාට ඒ ඇස් මගාරින්නයි උවමනා මට…මන් අනිත් දෙන්නටකියලා ස්ටාෆ් රූම් ගියා..පැය බාගයක් බත් එක අන අනා උන්නෙ එයා යන්න ඇති කියලා හිතන්..එයත් එන්නෙ වැඩ අස්සෙ නිසා ගොඩක් වෙලා රැදිලා ඉන්න බැරිබව දන්නවා..

මට ගගන මග ඇරෙනවා එතකොට..
මේ විදියට ගගනව මග ඇරලා සති දෙකක් විතර ගත වුනා..

…..
අද හොදටෝම පරක්කුයි..ඊයෙ රැ නින්ද යද්දි පාන්දර එකත් පහු වෙන්න ඇති..නින්ද වත් මට සැනසීමක් නොදෙන හැටී..

ඉක්මනට ඉක්මනට හෝල්ට් එකට ගියා..දැනටමත් හොදටම පරක්කුයි..

හෝල්ට් එකෙ ඉන්න කෙනා දැකලා මගෙ කකුල එතනම නැවතුනා..

මග අරින්න උත්සහා කරපු ඒ ඇස් මගෙ ඉස්සරහා..

දැන් මට ආපහු එයා මග ඇරලා දුවන්න හිතයී….

මන් එනවා දැකලා එයා බයික් එක පාරට දැම්මා..මන් අහුවෙලා..අයියෝ

ශෙනේශා

ශෙනේශා ප්ලීස්

මොකො

ඇයි සෙනේශා ඔයා මාව මග අරින්නෙ

මට කාව වත් මග අරින්න ඕනි නෑ

එහෙනම් ඇයි මට මෙහෙම කරන්නෙ..

කොහොමද

ඇයි මන් එන්න කලින් උදේට යන්නෙ..හවසට වීල් එකෙ යන්නෙ..ඔයාව බලන්න බෑන්ක් එකට ආවත් ඇතුලට යන්නෙ

මන් කරන්නෙ මට ඕනිදෙ

ඔයාට ඕනි දේ කරන්න දෙයියනෙ..ඒත් මෙහෙම මගාරින්න එපා මාව..

මට කාවවත් බලන්න ඕනි නැ..ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න

ඇයි ඔහොම නපුරු වෙන්නෙ..මන් ඔයාට මොකක්ද කරපු වරද

වරද..ඔයා අතෙ වරදක් නෑ

එහෙනම්

එහෙනම් …මුකුත් නෑ..ප්ලීස් මට පරක්ක්කුයි මට යන්න දෙන්න..

ඔහොම නපුරු වෙන්න එප බබො.. මන් ආදරෙයි ඔයාට

මට වැඩ්ක් නැ කවුරු ආදරෙ උනට් ම්මන් ආදරෙ නැ කාටවත්

කොහොමද ඔයා හිතට එකගව කියන්නෙ..ඔයා කොහොම කීවත් ඔයගෙ ඇස් වලිම් මට ආදරෙ පේනවා

එහෙනම් ඔයාගෙ ඇහෙ දෝශයක් වෙන්න්න ඇති..කරුනාකරලා ඉන්න දෙන්න මට

ඔයා මට ආදරෙ කලේම නැද්ද..මන් ගැන මොහොතකට් ව්ත් ආදරෙ හිතුන් නැද්ද

සැරයක් කීවනි නැ කියාලා

ඔයා කාටද ඔහ්හොම බොරු කියන්නේ.. ඔයා කොහොමද කියන්නෙ නැ කියලා..ඔයා ආදරෙයි..මට මන් දන්නවා ඒක

මම් කීවනි මන් ආදරෙ නෑ..මට ඔයාගෙ ආදරෙ ඕනිත් නෑ

හරි දිවුරන්න එහෙනම් ඔයා මට ආදරෙ නැ කියලා..දිවුරන්න

මට් දිවුරන්න බැ

දිවුරන්න බැරි ආදරෙ හින්දනි

න්නැහැ නැහැ නැහැ

ඔයාට බ්බැ මට බොරු කියන්න් සෙනේශා..ඔයාගෙ ඇස්වල මන් වෙනුවෙන් ආදරෙ උතුරනවා ඒක පෙනි පෙනි කොහොමද ඔයා නෑ කියන්නේ

මට මගෙ පාඩුවෙ ඉන්න දීලා මැරිලා යනවකො මෙතනින්..යනවා

සෙනේශා..ඔයාට ඕනි ඒකද සෙනෙශා

ඔව් යනව මෙතනින්..ඕනි මල ඉලව්වක

හොදයි මන් ඒක කරන්නම්ම් සෙනේශා කරන්නාම්..මන් මැරුනාම මගෙ මිනිය ගාව්ට ඇවිත් වත් කියන්න ඔයාට මොහොතකට වත් මන් ගැන ආදරයක් හිතුන් නෑ කියලා

හරි කියන්න..මොන මල වදයක්ද අනෙ..කරුනාකරල යන්න මෙතනින්..යන්න…

මන් දෝතින්ම මූන වහගත්තා..දෙයියනෙ ඇයි මෙහෙම මාව අමාරුවෙ දාන්නෙ..ඇයි…

සොරි සෙනේශා..සොරි..මන් ආයෙ කවදාවත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ..කවමදාවත්..ඔයා පාරෙ අඩන්න එපා ඔහොම..ඔයාගෙ ඇස් දෙකෙන් කදුලු වැටෙනවට මන් පොඩ්ඩක් වත් ආස නෑ..මට ඔයාගේ කදුලු බලන්නත් බෑ….ප්ලීස් පාරෙ අඩන්න එපා..මන් යන්නම්..සදහටම යන්නම්..හැමදාටම යන්නම්..සතුටින් ඉන්න සෙනේ බබී මගේ..සතුටින් ඉන්න..මන් යන්නම්…

මගේ කදුලක් දකින්න අකමැති ඔහුට මා නපුරු වන අපූරූව…

ගගන
මා නුඹට පෙම් කරමි
ඇලුම් කරමි…
නුඹ නොදනි
මුලු ලොවම ගරහාවි
දැන දැන මා ඔබ මුලා කරා කියාවි
අහෝ ගගන…
මා අසරණයී….

ඉදින් ඊලග නිමේශයේ ඔහු යන්නට ගියේය..නැත මා ඔහු එලවා ගත්තේය…

…..
මේ කදුලු පිරිනු ඇස් එක්ක අද කොහොම වැඩට යන්නද …මන් ආපහු හැරුනා…

මන් එද්දී ආන්ටි හිටියේ මිදුල අතු ගගා…ඔලුව රිදෙන හින්දා ආපහු ආවා කියලා යන්තම් ශේප් උනා..

සාරිය පිටින්ම මන් ඇදට වැටුනා…අනේ ගගන…ඔයා දවසක මට සමාව දෙයිගගන….මම් ඔයාට ආදරෙ කරන්න තරම් සුදුසු කෙනෙක් නෙමියි ගගන…සුදුසු කෙනෙක් නෙමියි..

හිතේ දුක් හේදීලා යනකම් මන් ඇති වෙන්න ඇඩුවා…ඊටත් පස්සෙ මගේ ජීවීතේ කනපිට පෙරලපු ඒ බියකරු හීනේ ආයේම දැක්කා…

එහෙම්ම මට නින්ද යන්න ඇතී…

මගේ නින්ද කැඩුනේ දොරට තඩිබාන සද්දෙට…

ශෙනේ දුවේ..

ආ ආන්ටි ඉන්න…

මන් තවමත් උදේ ඇදන් උන්නු සාරිය පිටින්…තුනටත් ඇවිත්…

ආන්ටි

අනෙ මන් කීපාරක් කතා කලාද..යමු කන්න

බඩගිනි නෑ ඇන්ටි

මූනත් එක්ක තඩිස්සි වෙලා..තවම උදෙ ඇදපු ඇදුම් පිටින් නේද..මූණ කට හෝදන් එන්න…මන් කෑම මේසේට අරින්නම්..අන්කල් ගාන තෙල් එකක් ඇති..මන් ඒක දෙන්නම් දුවට…ඒක ගාලා පොඩි මසාජ් එකක් දාපූවම ඔය හිසෙ කැක්කුම එහෙම්ම ඇරේවි…

හ්ම්ම්..එන්නම්..

මේ ආදරනීයන්ගෙ හිත් තලන්නෙ කොහොමද..කුස දිහාවෙන් කුරුන් කුරුන් සද්දයක් ඇහෙන්නෙ දැනෙන කුසගින්න නිසාමයී…

ඇග චුට්ටක් හෝදන් ආන්ටිගෙ කෑම මේසේට ගොඩ වුනා..පලවෙනි බත් කටම මට හිර වුනා ඒත් එක්කම ගේ ඉස්සරහා මහා හයියෙන් තීවීල් එකක් නවත්තනවා ඇහුනා…

ඒ සෙනේශා….ඩයනා කුමරි..බහිනවා එලියට

මේ මොකද කුරා කූබීයෙකුට වත් හින්සා නොකරපු මට මෙහෙම බනින්නෙ..කවුද..

ඉදුල් අත පිටින්ම මන් මිදුල දිහාවට ගියා…

එදා ගගනත් එක්ක වීල් එකෙ ආව කොල්ලා..මතකෙ හරි නම්..නම අමීර…හොදටම බීලා..ඒත් මෙච්චර තරහා යන්න තරම් මන් මොකක්ද මේ කොල්ලට කලේ

මොකො ලමයො කෑ ගහන්නේ..මේ වැදගත් මිනිස්සු ඉන්න තැනක ්

අනෙ නැන්දෙ මේ..ඔයත් එක්ක නෑ කිසිම තරහක්..මට මේ ප්‍රින්සස් එක්ක ගේමක් තියෙනවා බේරගන්න

කියන්න අමීර ඔයාට ඔච්චර තරහා යන්න තරම් මන් මොකක්ද කලේ

කලේ කලේ..තමුසෙ ලස්සන හින්දද ඔච්චර ආඩම්බර..නැත්තම් තමුසෙගෙ ජොබ් එක..ආ…තමුසෙ දන්නවද අරූ මාස කීයක් තමුසෙ නිසා කටු කෑවද කියලා..දන්නෑනෙ අහගන්නවා..මේ මගෙන් අහගන්නවා…කොල්ලෙක් කැමතියි කීවම ඔච්චර රෙස්පා දාන්න එපා හලෝ…ඔය රෝස මූණ හින්දා ආඩම්බර වෙන්න එපා..ඌ හොද එකා.

කී දෙනෙක් මැරෙනවද යකො ඌට…මොනවයින්ද අඩූ..අපි වගේද..අපි රස්තයාදු බෙබාලා…ඌ ජෙනුවින් පොර..මේ ගමේම හොදට ඉගෙන ගත්තු කොල්ලා..හොද ජොබ් එකක් කරන අහින්සකව රෙස්පා ජීවත්වෙන කොල්ලා…අද අද තමුසෙ කලදෙ හරිද

ඇයි මන් මොනාද කලේ

අනේ බබා දන්නෑ..යකෝ ඌ අපි අඩ ගැහුවත් බොන්න එන්නෙ නැති එකා…අද ඌ බීවා කරටි කැඩෙන්න…බීලා කියෙවෙ තමුසෙ ගැන..තමුසෙට හරියන්නෑ ඕයී..තමුසෙ සුදු මූණ හින්දා අගල් පහක් උඩින් යන්නේ…හරියන්නෑ. මෙතන තමුසෙ පිරින්සසි වගේ ඉදන් ගිලිනවා..තමුසෙ දන්නවද ඌට මොකො උනේ කියලා

ඇයි ගගනට මොකො

ඌ ඌ හොද එකා…අපි වගෙ නෙවේ බීලා නැති හින්දා ඔරොත්තු දෙන්නෙ නෑ..ඌට මන් එපා කියද්දි බයික් එකට නැග්ගා..අඩි දහයක් වත් ගියෙ නෑ..ලයිට් කනුවෙ එහෙම්ම හැප්පුනේ…

දෙවියනේ..ගගන…අනේ එයාට මොකක් හරි කරදරයක්ද

අනේ අමීර ගගනට මොකද

ඌ හොස්පිට්ල් එකේ..

මොනවා..අනේ ගොඩක් තුවාලද

හ්ම්ම්..ඔව්

අනේ දෙවියනේ…අනේ අමීර මාව එක්කන් යන්න. ප්ලීස් මාව එක්කන් යන්න…

මන් අමීරගෙ ඇගෙ එල්ලිලා ඇවටිලි කලා…මොහොතකට කලින් මට බැන්න ඒ මුව මන් දිහා පුදුමෙන් බැලුවා

මිස්

අනෙ කියො කියො ඉන්න ඕනී නෑ..ඔයාට මට බනින්න ඕනී නම් බනින්න..ඉස්සෙල්ලා මාව හොස්පිට්ල් එක්කන් යන්න…

මිස්

මිස් මිස් නෙමී..යන්කෝ අනේ යන්කෝ

හා

ලමයෝ ඔය අත හෝදන් යන්න…අනේ මන්දා

අමීරගෙ තීවීල් එක මාවත් එක්කම පාරට වැටුනා..කදුලු කැට සට සට ගාලා මගෙ සායට වැටෙනවා..දෙවියනේ මේ හැම දේකටම වගකිව යුත්තේ මා නොවෙද..අනේ දෙවියනේ මා ඔහු රිදවු තරම්…දෙවියනේ…මේ සේරටම මමයි වග කියන්න ඕනී….

අවේලාවෙ හොස්පිට්ල් එකට ඇතුල් වෙන්න අවසර නැතත් අමීර එතන සිකුරුටි ඉන්න කෙනාට දුන්නු සුලු ගතමනාව නිසා මට ඇතුලට යන්න පුලුවන් උනා…

දෙවියනේ ඒ ඇත්ත නෙමේද..සිහියක් පතක් නැතුව ඒ ඇද උඩ ඉන්නෙ මා වෙනුවෙන් පෙම් කෙරු ඒ අසරනයා නෙමේද

අනෙ මන් අන්තිම මොහොතෙ මැරිලාවත් යනවකො කියලා සාප කලා..අනේ ඒ නිසාද ඔයා මෙහෙම කරගත්තේ ගගන..

මිස්…

අනෙ අමීර

මිස් මට සමාවෙන්න බැන්නට

අනෙ අමීර කමක් නෑ…කමක් නෑ..ඔයාගෙ බැනුම් වලට මන් සුදුසුයි..අනෙ වැටිලා ඉන්න හැටි…දෙවියනේ..මන් නිසයි මේ සේරම

ඔච්චර ආදරයක් හිතෙ තියන් ඇයි මිස් ඌට බෑ කීවෙ…ඇයි…කැමතියි කීවා නම් ඌට මේදේ වෙන්නෙ නෑ අද

හ්ම්ම්..අමීර..

මිස් ආදරෙයි නේද

ඔව් අමීර ඔව් මන් ආදරෙයි..ගොඩක් ආදරෙන්

ඇත්තටම මන් දැනන් උන්නෙත් නෑ ගගන වෙනුවෙන් මෙච්චර කදුලු මගෙන් වැටෙයි කියලා මෙච්චර ආදරයක් ගගන වෙනුවෙන් මන් හිත අස්සෙ හන්ගන් ඉන්නවා කියලා…

සති දෙකක් ගගන හොස්පිට්ල් එකේ උන්නා..ඒ සති දෙකේම එයා බලන්න මන් තුන් වරුවම ගියා..අමීරට මන් එක දෙයක් කීවා..මන් මගේ ආදරෙ කියන කම් මගෙ හිත ගගනට කියන්න එපා කියලා…

අද ගගනගෙ ටිකට් කපනවා කීවා..ගගනගෙ අක්කලා ඉන්න වෙලාවට මට ගගන ලගට යන්න බෑ…මන් අද තීරනයක් අරන් ආවෙ…

මගෙ ජීවීතෙ මන් විදපු ඒ අමිහිරි අත්දැකීම් ඔක්කොම ඊයේ රෑ මන් පොතක සටහන් කලා..එක අකුරක් නැරම..ගගනට මගෙ හිතෙ තියෙන ආදරෙ …එයාගෙ ආදරෙ පතික්ශේප කරන්න හේතූව ඒ සේරම…හ්ම්ම් ගගන දැන් ඔයාම ඒ දේවල් බලලා තීරනෙ කරන්න තවදුරටත් මට ආදරෙ කරනවද කියලා…ඒ හැමදෙයක්ම දැනන් ඔයා මට තවදුරටත් ආදරෙයි නම්…ඔයා කවදාවත් හිතකින් වත් නොපතපු ආදරයක් ඔයාට ඔයාගෙ සෙනේ බබාගෙන් ලැබෙයි…

ඒ දේවල් දැනන් ඔයා මාව අයින් කලත් තරහක් නෑ..මන් සතුටු වෙන්නම්..මටත් ලස්සන පිවිතුරු ආදරවන්තයෙක් උන්නා කියලා…හ්ම්ම්. දෙවියන්ට බාර දෙනවා හැමදේම…ඔයාගෙ ආදරෙ ලබන්න තරම් මන් පින් කරලා තියෙනවනම් ඒක මට ලැබේවී …අනිවාර්‍යෙන් ලැබේවි…

මගෙ ජීවිතෙ ලියපු පොතයි..එයාට මන් ගත්තු අලුත් ශර්ට් එකයි එක්ක තිබ්බ බෑග් එක මන් අමීරගෙ අතෙ යැව්වා…

..හෙට සදු අහසෙ පායනවද කියලා අහසම තීරනය කරාවි..එතෙකින් මන් ඉවසන් ඉන්නම්…තීරනෙ මොනා උනත් කුලුදුලෙ අහස වෙනුවෙන් සදු මත ඇතිවුනු ආදරේ මියෙන තුරාවටම එහෙම්ම තියේවි..සදු අයිති අහසට මිසක් පොලවට අයිති නොවේවි…මියෙන තුරාවටම..ආදරෙයි ගගන..ඔයා ගන්න ඕනම තීරනයක් සතුටින් බාරගන්නම්..ආයෙමත් ඔයා මට ආදරෙ කලත් නොකලත් ඔයාට බැදුනු මේ කුලුදුල් හිත මැරෙනකම්ම එහෙම්ම තියේවි…

…මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *