සීමා නෑ ආදරේට…………………………..14

ගගන ප්ලීස් මට ඇහුම් කන් දෙන්න

ඔයාට තව මොනාද සෙනේශා කියන්න තියෙන්නෙ..තවත් බොරුවක්ද

මන් ඔයාට බොරු කරලා නැ ගගන

අහ්..අනෙ මාව අවුස්ස ගන්න එපා සෙනේශා…ඔයා දන්නවද මන් ඕනි තරම් කෙල්ලො දැකලා තියෙනවා..යාලුවො වගෙ ඇසුරු කරලා තියෙනවා..ඒ අතරින් ආදරෙ කියලා ආදරෙ කරපු අයත් ඉන්නව.ඒත් ඔයා දැක්ක මොහොතෙ ඉදලා මේ අද වෙනකම ඔයා ගැන මගෙ හිතෙ තියෙන ආදරෙ මටම පුදුමයි…ලොකේ වටේ කොච්චර් ලස්සන කෙල්ලො උන්නත් ඔයාව තරම් මට වෙන කෙනෙක්ව ලස්සනට පේන්නේ නෑ මට වෙන කෙල්ලො ගැන හිතන්න වත් හිතක් නෑ…ඔයා හිතනවා ඇති මන් ඇබලයා වගෙ ඔයාගෙ පස්සෙන් ආවා කියලා..ඒ හින්දා වෙන්න ඇති ඔයා මාව රැවට්ටුවෙත්

මන් ඔයාව රැවට්ටුවෙ නෑ ගගන..මන් ඔයාට හැමදේම කීවා

තවත් බොරුවක් කියන්නකො

මේ ඇත්තමයි කියන්නෙ ගගන..හැම තිස්සෙම ඔයාගෙන් ඈතට පැනලා දුවන්න උත්සහ කලෙ මගෙ ඉදුල් ජීවිතේට ඔයා ගාව නොගන්නයි..ඒත් එදා ඔයා ඇක්සිඩන්ට් උනු වෙලාවෙ මට ගොඩක් බය හිතුනා..හිතෙ ඔයා ගැන හැගීමක් තිබ්බත් ඒ වෙනකම් මන් දැනන් උන්නෑ මගෙ හිතෙ ඔයා ගැන එච්චර ආදරයක් තියෙනවා කියලා

ඇති ඇති ඔය කටින් ආදරෙ කියන නම කියන්නත් එපා..ආදරේ නම් ඇයි මට හැන්ගුවෙ..මන් අතාරියි කියලද..ඔයාට වැරදිලා සෙනේශා..ඔයාට වැරදිලා ..ඔයාට එක ලමෙක් නෙමි ලමයි සීයක් උන්නත් මේ හිතෙ ඔයා වෙනුවෙන් උපන් ආදරෙ මරන්න කාටත් බෑ..දුකයි..කොල්ලෙක් විදියට දුකයි..මට කලින් මගෙ මල ඉදුල් වෙලා…මට උරුම වෙන්න තියෙන දේවල් වෙන කෙනෙක්ට ලැබිලා..ගොඩක් දුකයි වේදනයි.

මන් කාටවත් දුන්නෑ ගගන..ඒ කිසි දෙයක් මගෙ..

අහ් බොරු පිට බොරු කියන්න කියන්න තව බොරු කියන්න ආදරෙ නාමෙන් අහන් ඉන්නම්…ඔයා දුන් නැත්තම් කොහොමද දරුවෙක්..දැන් ඔයා කියන්නෙ ඒ දරුවා ඔයාගෙ නෙමි කියලද

මන් එහෙම කියන්නෑ ගගන..ඒ මගෙ කුසින් වදාපු දරුවා..මට හදන්න වරම් නැති උනත් ඒ මගෙ දරුවා..ඒත් ඒ කිසි දෙයක් මගෙ උවමනාවකට සිද්ද වුනු දෙයක් නෙමි…

තවත් බොරු එපා සෙනේශා යන්න මෙතනින්..බොරුකාරි

මන් බොරුකාරියක් නෙමි මාව බොරුකාරියක් කියලා හිතන්න එපා ගගන…මේ දේවල් මෙහෙම වෙයි කියලා හිතලා තමයි ඔයාගෙන් ඈත් වෙන්න උත්සහා කලෙ හැම තිස්සෙම..ඔයයි ආවෙ..ඒත් මන් හඇම දේම කීව ඔයාට..ඔයා හොස්පිට්ල් එකෙන් එන දවසෙ මන් කීවා

හිටන් වෙන්න ඇති කියන්න ඇත්තෙ

හ්ම්ම්..ඔයා මන් කියන කිසි දෙයක් දැන් පිලිගනැ කියලා දන්නවා…හ්ම්ම්..මට ඇති..හොදටම ඇති…ඇති වෙලා තියෙනෙ මට මහන්සියි ජීවිතේම මහන්සියි..මැරෙන්න පුලුවන් නම් මැරෙනව..ඒත් මගෙ අහින්සක අම්ම්‍යි අප්පච්චියි මූණ් දිහා බලන් එහෙම කරන්න විදියක් නෑ…ආදරෙයි මැරෙනකම්ම ආදරෙයි..මුලින්ම ආදරෙ කලෙ ඔයාට..ඒ ආදරෙ මතක විතරක් මට හොදටම ඇති..පුලුවන්නම් මන් දුන්නු පොත කියවන්න..ආදරෙ නැතත් අඩු තරමෙ මන් බොරුකාරික් නෙමි කියන හැගීම ඔයාට දැනුනොත් ඒ හොදටම ඇති…යන්නම්..

හ්ම්ම්…

ඉන්න මන් ගිහින් දාන්නම්

එපා මන් ආව විදියටම යන්නම්..

තව දුරටත් ගගන ඉස්සරහා හිටන් ඉන්න මට ශක්තියක් නෑ…මට වෙහෙසයි..ඇති

හොදටම ඇති මේ ජීවිතේ

මන් බෑග් එක්ත් අරන් එන්න ආවා…

අමීර අයියෙ පුලුවන්ද මාව ඇරලවන්න..

හ්ම්ම් යන්…

ගගනයා මන් ටාර් ගාලා එන්නම්..ඉදහන් ඔහොම

අමීර මාව දාලා යන්න ගියා….

හ්ම්ම්ම්ම්……

……………………………………………………..

සෙනේශාව ඇරලපු අමීර ඉක්මනට එයාලගෙ ගෙදරට ගියා..යනකොට ගගන ඇදට හේත්තු වෙලා ඇස් පියන් ඉන්නවා..කවදාවත් ගගනගෙ මුහුනෙ නොතිබිච්ච පරාජිත බවක් ඒ මූණේ රැදිලා…අමීරට දුකයි ..පුන්චි කාලෙ ඉදන් එකට උන්නු එකා…තමන් වගෙ නෙමි..තැලිලා පොඩි වෙලා නෑ…උන්නු යාලුවන්ගෙන් හිතෙ කිලුටක් නැතුව ආස්‍රෙ කරපු එකම එකා…තමන්ට ප්‍ර්ශන්‍යක් ආවම බොක්කෙන්ම සප් එක දෙන්න ඉන්නෙ ගගනයා විතරක් කියලා අමීර හොදටම දන්නවා…

අමීර හිමින් ගගනට කිට්ටු කලා..උරහිසකට අත තිබ්බා..

ගගනයා

හ්ම්ම් උඹ ආවද සෙනේ බබී ඇරලුවද

හ්ම්ම්..මොකක්ද බම් ප්ස්නෙ..උඹ ඔහොම ඉන්නවා දැක්කමයි

මගෙ ජීවිතේම ප්‍ර්ස්නයක් බම්

මට් තේරෙන්නෑ..නන්ගිත් අවුලෙන්..පව් මග දිගට අඩ අඩ ගියෙ..අහන්න ගියෙ නෑ බම්..මොක්ක්ද අවුල…කියහන් කරන්න පූලුවන් දෙයක් මන් කරන්නම්..

කාටවත් මුකුත් කරන්න බෑ අමීරය මේකට..මේ මගෙ ලැබීම

උඹල රන්ඩු කලාද

හ්ම්ම්

උබ කැමති නම් මට කියහන්..

හ්ම්ම්
ගගන ලොකු හුස්මක් මුදා හැරිය..කොහොම අමතක කරන්නද…ඒ ලස්සන ඇස්…නපුරු ආඩම්බරකාරි..අනෙ ඉතින් නෙලාගන්න හිටියෙ තමන්ගෙම කරන්..ඒත් හොර රහසෙම පලත් දරලා..කාට නම් කියලා සැනසෙන්නද මේවා..හැමෝම එක්ක මේ දේවල් කියලා කෙල්ලව අපහසුතාවයට පත් කරන්න පුලුවන්ද…

අමීරයා කියන්නෙ විස්වාස තියන්න පුලුවන් යාලුවෙක් ඒත්…

හ්ම් උඹට කියන්න බැරි දෙයක් නම් කියන්න එපා..මන් තේ එකක් අරන් එන්නම්..

අමීර ඇදෙන් නැගිට්ටා..යන්න ගිය අමීරව ගගන නවත්ත ගත්තා

මචන්

හ්ම්ම් කියහන්

සෙනේශා..සෙනේශට…

ඔව් සෙනේශට මොකො

සෙනේශට බබෙක් ඉන්නවා බම්

අමීරගෙ ඇස් දෙක ලොකු උනා..හරියටම සෙනේශලගෙ ගෙදරදි තමන්ට උනා වගෙ

බොරු පච ඇදබාන්න එපා බම්..සෙනේශා නන්ගිට බබෙක් ඉන්නවා තියා මට පේන්නෙ තවම ස්කෝලෙ ඕලෙවල් පන්තියෙ කෙල්ලෙක් වගෙ..උඹෙ බොරු

බොරු නෙවෙ බම් මන් ඇස් දෙකින් දැක්කා සෙනේශා වගේමයි..

ඇත්තටමද කියන්නෙ..එයාට බබෙක් ඉන්නව නම් ඇයි මෙහෙ..කෝ මිනිහා

අනෙ මන්දා බම්..මන් දැනන් උන් නෑ බම්..කොහොම විස්වාස කරන්නද..උඹට පේන්නේ ඔලෙවල් කෙල්ලෙක් වගෙ මට පේන්නෙ හතෙ අටෙ කෙල්ලෙක් වගෙ..මන් රැවටුනා බම් එයා මට බොරු කලා

හ්ම්ම්..අනෙ මන්දා ලමෙක් ඉන්නවනම් මිනිහෙකුත් ඇති කොහි හරි..අමතක කරහන්

මට ඒක කරන්න බෑ බම්..මන් ආදරෙයි සෙනේට..ලමයි එක්කෙනෙක් නෙමි දුසිමක් උන්නත් මන් ආදරෙයි

හ්ම්ම්..එහෙනම් ඉතින් ඇයි අවුලෙන්..ගෙදරින් කේස්ද

ගෙදර මට වැඩක් නෑ බම්..උඹ දන්නවනෙ අම්ම, අක්කලා මන් මොනා ඉල්ලුවත් දෙනවා කියලා

එහෙනම් බම්..

මට එයා බොරුකලා බම්..එයා මට කීවෙ නෑ..ඇත්ත කිව්ව නම්…

උඹ එයාව අතාරිනවද

නෑ බම්..දුකයි තමයි..මමත් ලේ ඇට මස් අහරින් හැදුනු එකෙක්නෙ..කොල්ලෙක්නෙ බම්.මට අයිති දේ ඉස්සෙල්ලම මට අයිති නොවුනට දුකයි තමයි..ඒත් එයා කොයි තත්වෙ උන්නත් මන් ආදරෙයි එයාට..මට දුක එයාට මෙච්චර ආදරෙ කීව මට බොරුකරපු එක

හ්ම්ම් සෙනෙශා මොකො කියන්නෙ

එයා කියනවා බම් එයා කීවලු මට හොස්පිට්ල එකෙන් එන දවසෙ කියලලු පටන් ගත්තෙ

හොස්පිට්ල් එකෙන් එන දවසෙ

ඔව්

චුට්ටක් හිටහන්..මන් හිතන්නෙ සෙනේශා නන්ගි බොරු නෙමි කියන්නෙ

ඒ කියන්නෙ

අමීර ඇදෙන් නැගිටලා අල්මාරිය ලගට ගියා..ශි බලන් යද්දි නොදැනුවත්ව තමනුයි මෙතන වැරදි කරලා තියෙන්නෙ..

ඇදුම් අස්සෙ මුල්ලක තියලා අමීරට එදා සෙනේශා දුන්නු බෑග් එක හම්බුනා…

හරි මේ තියෙන්නෙ

මේ මොකක්ද

මේක උඹ හොස්පිට්ල් එකෙන් එන දා සෙනෙශා ගෙනත් තිබ්බෙ..අක්කලයි අම්මයි ඉන්න ් නිසා සෙනේශ උඹ ගාවට ආවෙ න්ආ..මට් දුන්නා ගෙනියන්න..මන් ගෙනාවට අක්කලා උන්නු නිසා දෙන්න බැරි වුනා…එහෙම්ම ගෙදර ගෙනාවා..උඹට දෙන්න අමතක වුනා..ශිට් මම්යි වැරද

ි අමීර ගගන අතේ සෙනේශා දුන්න බෑග් එක දුන්නා…ඉක්මනට බෑග් එක ගත්තු ගගන මිතුරා ඉස්සරහම බෑග් එක දිගෑඇරියා..

නිතරම සෙනේශා වෙතින් හමන මුදු ඕඩික්ලෝන් සුවද දසත විසිරුනා..ගගනට දැනුනෙ සෙනේශා එයා ලග වාඩි වෙලා ඉන්නවා වගේ….

බෑග් එක ඇතුලෙන් මුලින්ම අහු උනෙ පුන්චි ටෙඩි බෙයෙක්..ඒ කීටැග් එකක්..

ආයෙම බීලා බයික් එක ස්ටාට් කලොත් මූ ඔයාව හපයි..මේ තමයි මන්. …එහි පුන්චි කොල කෑල්ලක සටහන් වෙලා තිබුනා…කදුලු අතරින් හිනා නැගෙනවා..ආඩම්බරකාරි නොකියා ආදරෙ කියන විදිය…ඊලගට ගගන අතට අහු උනෙ..රතු පසුබිමෙ කලු කොටු වැටුනු ලස්සන ශ්‍ර්ට් එකක්..කොහොමත් සෙනේශාට තියෙන්නෙ ලස්සන දේවල් තවත් ලස්සනට දකින්න පුලවන් ඇහක්…මාව හදවතින්ම පිලිගන්න දාට මේ ශර්ට් එක ඇදන් මගෙ ඉස්සරහට එන්න…..

මේ දේවල් මේ විදියට වෙන බව දැනිලද සෙනෙශා මෙහෙම ලීවෙ..ඇයටම උරුම උනු ආඩම්බර ආදරෙ…හැම තැනම…

තවත් පාර්සලයක්…පුන්චි පෙට්ටියක බහාලු දින පොතක්..

එතකොට සෙනේශා කීවෙ මේ ගැනද….

ගගන අමීරගෙ මූණ බැලුවා

උඹ ඕක ගෙදර ගෙනිහින් කියෝපන්…හිතනවා හැම ප්‍ර්ස්නෙකටම විසදුම ඔතන තියෙනවා…

තෑන්ක්ස් බොක්ක..මන් යනවා….

ගගන ආයෙමත් සෙනේශා එවා තිබු බෑගයට සියල්ල දා ගත්තා…අමීර හිතන්නත් කලින් ගගන බයික් එකෙන් ඉගිලුනා..හිතෙ නෑ ඉවසුමක්…මෙකෙ මොනා ලියැවිලා ඇද්ද….

ඉක්මනට ගෙදර ගිය ගගන බෑග් එකත් අරන් තම කාමරයට වැදි දොර වසා ගත්තා….

**අහස නුඹ
..බලා ඉන්නම් සද
ලෙසින්ම
ඔබෙ සිත් අහසෙ
පායන්න…

පලවෙනි පිටුව

ආදරනීය ගගන..හිතුවෙ නෑ මගෙ ජීවීතෙ අකුරු කරන්න ඒත් මට ආදරෙ කරන්න කලින් මේ පොත කියවන්න..ඔයාගෙ ඉස්සරහට ඇවිත් මේ දේවල් කියන්න ශක්තියක් නෑ..මුලින්ම මේ දේවල් කියවන්න….පස්සෙ ඇත්තටම මාව ඕනි කියලා දැනෙනවා නම් අන්තිම පිටුව කියවන්න…බුදු සරණයි…

මුතු අකුරු පේලියකින් සැරසුනු පලමු පිටුව ගගන දෙවනි පිටුවට පෙරලුවා…

මේ වෙලේ ගගනත් සෙනේශත් උන්නු ගමට වැසි වැටෙන්න පටන් අරන්…ගගන සෙනේශගෙ ජීවිතය කියවන්න පටන් ගත්තු මොහොතෙම තවත් සිතක් අවදි වෙලා තමන්ගෙ ජීවිතය ආපස්ස්ට හිතලා බලන්න පටන් ගත්තා…

….මතු සම්බන්දයි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *