සීමා නෑ ආදරේට——————–21

**

සිතුමන් පිරී
හද ගැබ පුරා..
මවයි..
නෙක නෙක රටා..
අලුතින් තැනු
ලොව පුරා
හිදින්නෙ මා
නෙතු මත තියා…
මා වෙනුවෙන්ලු
මැව්වෙ ඔයා…
ආදරෙයි
දිවි ඇති තුරා…

අපි දැන් සීතල නුවරඑලියට ඇවිත් ඉන්නෙ…ඇතුගලින් නුවරඑලියට…

මග දිගට ඒ ඇස් මන් දිහා බල බල ඉගි කරනවා

සෙනේ බබී

ම්ම්ම්

මොකො සද්ද නැත්තෙ

ම්ම්ම්

ම්ම් ගාන්නෙ මහන්සිද

ඔව්..ටිකක්

සුදු අම්මි දොය ගන්න..මන් ඇහරන්නම් ආවම

තා චුට්ටයිනෙ

හ්ම්ම් හලි අම්මියො

බබූ

ම්ම්

අතනින් නවත්තන්නකො

කොතනින්ද

අර තේ වත්ත පේන්නෙ

ඇයි

තේ දලු නෙලන්න

ඒමද

ඔව්

මගෙ පිස්සිට හිතෙන ඒව..හරි ඕන්

බෑ

ඒ පාර මොකො

බොරුවට කීවෙ

ඒ මොකො

මන් කියන දේවල් කරනවද බලන්නයි කීවෙ

ඒකත් එහෙමද

ඔව්

රෑට රිටන් බබි

ඔකෙ රිටන් බබු

මැට්ටි

ම්ම්ම්

දන්නවද

මොනාද

මන් පුන්චි කාලෙ

ම්ම්ම්

හිතෙ උන්නා කෙල්ලෙක්

අපො පුන්චි කාලෙ ඉදන් කෙල්ලො ි කෙල්ලො උන්නද

ම්ම් ඔව්..උන්නා ලස්සන කෙල්ලෙක්..හිනාවෙද්දි ඇස් හිනැහෙන..බෝනික්කියෙක්..මන් එයාට ගොඩක් ආදරෙ කලා
දෙයියනෙ එයා කොච්චර ලස්සනද

කෙල්ලෙක්ට ඕනි දෙයක් ඉවස්න්න පුලුවන් ඒත් තමන් ආදරෙ කරන කෙනාගෙ කටින් වෙන කෙල්ලෙක්ගෙ ලස්සන කියද්දි හිතට එන දුක තරහා ඉරිසියාව ඔක්කොම කලවන් වෙලා මන් කා එකේ ශීට් එක කොනිති ගැහුවා

මොකො

මුකුත් නෑ

ඔය බොරු ..ඔන්න පුපුරයි

ඒම නෑ

නැත්තෙ මොකො..මේ මේ කම්මුල් සතූ වෙලා..

ඒ හීතලට

ඇත්තට

කුමාරි හාමිට ගොඩක් සීතයි

උත්තර වෙනුවට මන් කට ඇද කලා

අපරාදේ

ඇයි

ඔයාට තිබ්බෙ ඒ ලස්සන කෙල්ලව කසාද බදින්න..මොකටෙයි මාව බැන්දෙ

බැන්දෙද

ඔව්

මගේ හීනවල උන්නු කුමාරිකාව ඔයා හින්දා

ඔයාගෙ බොරු..දැන් බොරු කියනවා…

ඇත්තම කියන්නද

හ්ම්ම්

මන් ලොකු වෙන්න කලින් ඒ කුමාරි පාටි එකකට ගිහින් ශූස් දෙක නැති කරන්..බොරුවට කුමාරයට පේන්න..කුමාරයා ලව්වාම ඒක දාගෙන බැන්දනි ඉතින්

හයියු ඔයා නම්.. මැට්ටා මැට්ටා මැට්ටා..

මන් ගගනට ගහගෙන ගහගෙන ගියා

අනෙ අම්මෙ

ඇයි

බැන්ද දාම ඕම නම් තව ඉස්සරහට කෝම ගහයිද

ඉස්සරහට කෝට්ටක් අරන් ගහන්නෙ

අනෙ මගෙ හාමිනෙ එච්චර වසද

ඔව්..ගොඩාලියක් වසයි

මන් අත් දෙකත් දෙපැත්තට විහිදෝලා ඒක කිව්ව විදියට ගගනට හිනා

මැට්ටි..මහා

ඔයානි මැට්ටා..සින්ඩරෙල්ලට ආදරෙ කරලා මාව බය කලා..

සින්ඩරෙල්ලත් කෙල්ලෙක්නෙ ඉතින්

සින්ඩරෙල්ලා නෙවෙ ආයෙම ඔය කටින් මන් ගැන වර්නනා ඇරෙන්න..වෙන කිසිම කෙල්ලෙක් ගැන කීවොත් මරාගෙන මැරෙනවා

කවුද සින්ඩරෙල්ලවද

නෑ ඔයාව..මගෙ දේවල් දෙන්නෑ මන් කාටවත්

දැන් කවුද මාව ඔයාගෙ කීවෙ

අරයා

අරයා කීවෙ

අර දිග පොතක අත්සන් කරන්න කීවෙ..අන්න එයා

අපො ඒක ඉතින් කටු ගාන්නත්

මන් එයා ඉතුරු ටික කියන්න කලින් කට තද කලා

විහිලුවට වත් ඔහොම කියන්න එපා..ඔයායි මමයි වෙන් වෙන්නෑ

සොරි..බබි

හ්ම්ම්

තරහ යන්නත් එක්ක සින්දුවක් අහමු..ඉන්නකො

ගගන ප්ලේයර් එක ඔන් කලා…

පැතු සෙනෙහෙ සේයා රූ
මහදේ තියා…
ඇදි සිතුවම් හොරැහින් මා
ලගටම තුරුල් වෙලා..
හිත පතුලට උණුසුම් සුවදක්
ඇවිදින් සොයා…
මේ සෙනෙහේ තාමත් නෑ
සිහිනයක් වෙලා

ආආඅ

මේ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා

ගගන ඩ්‍ර්‍යිව් කරන ගමන්ම මාව බදන් ඒ සින්දුව කීවා

සින්දුව මැදින්ම අපි නිවාඩු නිකේතනේ ගේට් එකින් ඇතුල් වුනා

………………

ඔන්න බබී…බහින්න

ගගන අනිත් පැත්තෙන් ඇවිත් කා එකෙ දොර ඇරියා..

කදුකරේ මාලිගාවක් වගේ…තුනී මීදුමකුත් එක්කම අපි ඇතුලට ආවා

රෙස්ට් රූම් එකේ අපිත් එක්කම තවත් කපල් දෙකක් උන්නා…ඒත් ඒ කපල් තුනෙන්ම අපි දෙන්නද මන්දා පොඩිම..

විදේශිකයො තුන් හතර දෙනෙකුත් කෑම අරගනිමින් උන්නා..

ගගනත් මමත් එතනින්ම උනුසුම් කෝපි කෝප්පයක රස බැලුවෙ ගමන් වෙහෙසත් ,සීතලත් උහුලගන්න බැරි කමින්…

මැට්ටි

ඇයි

ඕක බොනවකො

මට උනුවෙන් බීලා පුරුදු නෑ

ගගන නම් ගිනි පිටවෙන කෝපි කෝප්පෙ එක හුස්මට බීලත් ඉවරයි..මට බෑ ඉතින් එහෙම

හපො මට චුට්ටන් බට්ටිච්චියෙක් නෙ හම්බෙලා තීන්නේ..

ගගන වේටර් කෙනෙක්ගෙන් තවත් කෝප්පයක් ඉල්ලන් කෝපි එක නිව්වා…

කෙල්ල්ලෙක්ට ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක් නෙවෙද..එයාගෙ පුන්චි පුන්චි හැගීම් වෙනස් කරන්න උත්සහා කරන්නැතිව තාත්තා කෙනෙක් වගෙ ඒ කෙල්ලව බලාගන්න එක නෙවේද

මගෙ මූන පුරා ඇදුනු හිනාව ගගනත් දැක්කා

මොකො බබි තනියෙන් හිනාවෙන්නෙ

ඇයි මට ඔච්චර ආදරෙ

ම්ම්ම්

කියන්නකො

රූම් එකට ගියාම කියන්නම්කො

හා

දන්නවද

මොනාද

මන් යතුර අරන් එද්දි අර ෆොරිනස්ලා කතා කර කර උන්නෙ මොනා ගැනද කියලා

මොනා ගැනද

හව් සුවිට්..කිවුට් ලිට්ල් ඉන්ඩියන් බ්‍ර්‍යිඩ්…කියලා

ඉතින්

ඉතින් කිතුල්..මෙතන ඉන්නවද වෙන ඉන්ඩියල් බ්‍ර්‍යිඩිල් කෙනෙක්

ම්ම්ම්

ඔයා ගැනනි කීවෙ මැට්ටි..මට ගොඩාක් සතුටුයි

ඒ ඇයි

ලස්සන කියුට් වයිෆ් කෙනෙක් හම්බෙලා තියෙන නිසා…

ඒ කියන්නෙ ඔයා කැමතිද අනිත් අය මන් දිහා බලනවට

නැතුව..මගෙ මැනිකගෙ ලස්සන අනිත් අය බලනවට මන් කැමතියි..අනිත් කොල්ලො මට ඉරිසියා කරනවට…අනිත් කෙල්ලො..ශා ඒ කොල්ලා නම් අපි දිහා බලන එකක් නෑ ලස්සන වියිෆ් කෙනෙක් ඉන්න හින්දා කියලා හිතනවට මන් කැමතියි..ඔයාගෙ අතින් අල්ලන් මේ ලස්සන හැඩකාරිගෙ අයිතිකාරයා මන් කියලා පෙන්නන්න මන් කැමතියි…

ඇත්තමද

මන් තොල් පට යන්තම් හොලවලා ඇස් වලින් ඇහුවා

ඔව්

ඉතින් දෙවියනේ මේ ආදරේට ඇස් වහ නම් වදින්න එපා…

…….
සුදු මැනික එන්නකෝ..අනේ පැලවෙලාද

ගගන රූම් එකෙ ඉදන් කෑ ගහනවා

ඉන්න එන්නම්..

අලුතින් අම්මා මහල තිවුනු පිරිල් අල්ලපු රෑ ඇදුම් සුවදයි…මන් ඉක්මනින් ඇදුම් ඇදගෙන බාත් රූම් එකෙන් එලියට ආවා..

දොර ඇරියා විතරයි..ගගන බිම්ට වැටෙනවා..මෙයා දොරෙ ඇලිලද මන්දා ඉදලා තියෙන්නෙ

මැට්ටා

මැට්ටි..මන් හිතුවෙ අද රෑ මට දොර ගාවම නිදා ගන්න වෙයි කියලා…කෝ බලමු හැඩ

මන් මොඩ්ලර් කෙනෙක් වගෙ එහෙට මෙහෙට කැරකිලා එයාට ඇදුම පෙන්නුවා

ම් චූටි බබෙක් වගේ..මේ ඒක නෙවෙ

ම්ම්

බැරිද ඕකත් අයින් කොරලා…මේ

මන් ගගනට ගහලා ඇදෙන් ඉද ගත්තා…හිතට නුහුරු කෝල බවක් දැනෙනවා..දැනෙනවා හදවත මොනාද ඉල්ලනවා වගේ

ලැජ්ජාවටම මගෙ කන්පෙති රතු වෙලා…පපුව වේගෙන් ගැහෙනවා…ඇස් උස්සන්න අමාරුයි වගෙ දැනෙනවා..

ගගන හිමින් මගෙ තෙත වරල එහෙට මෙහෙට කරලා ගෙලට හාද්දක් දුන්නා…රැවුල් කොට ඇනෙද්දි කුචි

අයියො මෙයාගෙ ඇබරිල්ල..හැරෙන්නකො

බෑ…

ඇයි

ලැජ්ජයි

ඉතින් මන් හස්බන්ඩ් නේ

ඒත් ඉතින්

මේ අහන්නකො

ගගන හිමින් මගෙ අත් දෙකම එයාගෙ අත් වලට හිර කරගත්තා..දැන් අපි අතර පරතෙරය සෙන්ටිමීටරයක් වත් නැති තරම්

සුදු මැනික

ම්ම්

ලැජ්ජ නොවි බලන්නකො

ම්ම්ම්

උස්සන්නකො ඔය ඔලුව…මන් දිහා බලන් නැත්තෙ කැතයිද මන්

දැන් නම් ඇස් උස්සන්නම වෙනවා..මන් ඇස් උස්සලා ඒ මූන බැලුවා

පෙම් පාට ඉහිරෙනවා

ලැජ්ජද

මන් ඔලුව වැනුවා

ඉන්න මන් ලයිට් නිවලා එන්නම්

ගගන ගිහින් ලයිට්ස් නිව්වා

ඒත් තුනී කහ පාට ආලොකෙන් මට ගගන පේනවා..එහෙම්ම මන් ඇදේ වැතිරුනා…

හිමින් හිමින් මා වත අයිති කරගන්න ගගන උත්සහයක්…

ඒ උත්සහයට මුහුණ දෙන්න මන් දෑස් පියා ගත්තා

………. .

ඇස් පියා ගත් මොහොත මට එදා මූන දුන්නු රුදුරු අවස්තාව මතක් කලා….දෙවියනෙ අදත් එහෙම….අනෙ මට බෑ…

….

ගගන මා මුව සිප ගන්න උත්සහ දරද්දිම මන් ඇදෙ අනිත් පැත්තට හැරුනා

සෙනේ බබී

මගෙ වෙනස ගගනට දැනෙන්න ඇති..ගගන ඉක්මනට ලයිට් එක දැම්මා

මන් කකුල් ඇද මතට ගනිමින් ඇද උඩ ඉදන් ඔලුව දෙදන මත ඔබා ගත්තා

සෙනේ බබි ඇයි මේ ඔයා බය වෙලා ඇයි බබි මේ..දාඩියෙන් පෙගිලා..මූනත් එක්කම බයවෙලා

මට සමාවෙන්න ගගන..සමා වෙන්න..මට මට බෑ..එදා..එදා දවස මතක් වෙනවා..අනේ බෑ….

සුදු මැනික ඒත් මේ මන්

බෑ ගගන මට බෑ සමාවෙන්න

ලය මත පුරවාගත් ලොකු හුස්මකුත් එක්කම ගගන ඇදෙ ඉදගෙන ඔලුව දෝතින්ම බදා ගත්තා…

සමාවෙන්න….මට බෑ

…..මතු සම්බන්දයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *