සීමා නෑ ආදරේට……………………………29 අවසාන කොටස

අවසාන කොටස

සෙනේශා ඉක්මනට රූම් එකට එනවා මට තමුන් එක්ක බේරගන්න දෙයක් තියෙනවා

දෙවියනෙ ගගනට හොදටම තරහා ගිහින්..එයා මන් ගැන කොහොම හිතන් ඇද්ද…

මන් ලොකු අක්කිගෙ මූන බල බලම රූම් එකට ගියා…

ගගන ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා…

මන් ගිහින්ගගනගෙ කකුල් ලග වැද වැටුනා….

අනෙ සමාවෙන්න රත්තරන්..හන්ගන්න හිතුවෙ නෑ..ඔයා දැක්ක හැමදේම ඇත්ත නෙවෙ..

අහකට යන්න සෙනේශා

අනේ ගගන

මේ අහනවා…මන් පිස්සෙක් වගෙ තමුන් පස්සෙ ආවා..තමින් මාව කොච්චර ඇඩෙව්වද එපා කීවද..කිසිම දාක නෑ තරහක් ආවෙ…කිසිම දාක…තමුන්ව බදින්න හිතන් ගෙදරින් කට්ටිය එක්කන් ආවා..එතකොට තමුන්ට ලමෙක් ඉන්නවා කියලා දැනගත්තෙ..දුක හිතුනා ගොඩක් මට මන් ගැනම..ලොකෙ වෙන කෙල්ලො නැතිවට තමුන් පස්සෙ ආවෙ නෑ..ආදරෙ නිසයි..හිතට දැනුන නිසයි ආවේ…

ඊලගට ඔයාගෙ කතාව කියෝලා අහින්සක කෙල්ල මගෙ වින්ද වේදනා සේරම නැති කරන්න හිතන් ආදරෙ වැඩිකමට ලස්සන මනමාලියක් කරන් අරන් ආවා…දන්නවද ලොකු අක්කි ඇරෙන්න අනිත් සේරමල්ලා එපා කියද්දි අරන් ආවෙ…ඒ සේරමත් හරි..පිරිමියෙක් විදියට ගෑනීයෙක් ගෙන් ලැබෙන්න ඕන ඒ සතුට නෑ දුන්නෙ..ඒත් ආදරෙ වැඩිකමට ඉවසුවා මන්..ගොඩාක්..මගෙන් කරදරයක් වෙයි කියන බයට,මට එපා වෙයි කියන බයට ලන්කාවෙන් ගියෙ…බැදලා මාස තුනක් යන්න කලින් එහෙම ගියෙ හිතකින් නෙවෙ..හැමදාම ඔයා එක්ක කතා කරලා අඩනවා මන් ඇගට නෙවෙ ආදරෙ කලෙ..ඔයාට…ඔයාගෙ හැම දේටම..ඔයා මාව එපා කියන එකට අනුකම්පා කලා මන්.තරහා ගියා සමහර වෙලාවල් වලට ඒත් දවසක හැම පස්නයක්ම විසදෙයි කියලා බලන් උන්නා..

දන්නවද ඔයා යන එන ගමන් ඇදන් ගිය ඇදුම,නැගපු බස් එක ඒ හැමදේම පවා චූටි අක්කා කෝල් කර කර කීවා….නෑ විස්වාස කලෙ..කොහෙදෙ යන්නෙ ඇහුවට කීවෙත් නෑ…මන් එක්ක කතා කර කර ඉද්දි කොල්ලෙක් ඇවිත් පෝන් එක ඕෆ් කලා..දන්නවද මේ හිත පිච්චුනු තරම්..ඒත් හිතුවා යාලුවෙක් වෙන්න ඇති කියලා…හිත හදන් එහෙ ඉන්න බෑ චූටි අක්කා කියන ඒවාට..මුලු සතියම රෑ වෙලා බයවෙලා වගෙ ගෙදර ආව කීවාම..මට නොකියන මොනා හරිම පස්නෙකින් ඉන්නවා කියන හැගීම දැනුනෙ..මාව ඕනි වෙලෙ මන් ඔයාව දාලා ගියානෙ කියන හැගීම දැනුනෙ..ඒ නිසයි අතින් සල්ලි දීලා ඔයාව බලන්න දුවන් ආවෙ

ඔයා ඔයා මොනාද කලෙ ආවා විතරයි වැඩමුලු කියලා යන්බ ඇද ගත්තා..මන් අහන් උන්නෙ කෝල් එකත්..හ්ම්ම් හැන්ගුවා මට..හිතෙ සැකේටමයි ෆලො කලේ…

දෙයියනෙ මගෙ හිත පිච්චුන තරම්..මට මහරගම යනවා කීව ගෑනි ප්ලාසා එකේ..ඒකත් කොල්ලෙක් එක්ක…කොයි මිනිහටද ඉවසන්න පුලුවන් ආ…

මම මම හිතුවෙ මගෙ පපුව නවතීවි කියලා ඒ මොහොතෙම…ඔව්…එතන ඉදන් ඒ දිහා බලන් උන්නෙ ගොඩක් හිතෙ අමාරුවෙන්..මගෙ ගෑනි මට හොරෙන් වෙන පිරිමියෙක් හම්බෙන්න යනවා..ඒ මදිවට ඌ එක්ක තීවිල් එකකට නැග්ගා…හිතා ගන්න බැරි උනා..ඇස් අදහගන්න බැරි උනා..දෙයියනෙ මන් ආදරෙ කරපු කෙනාමද කියලා

අද මන් ආවෙ නැත්තම්…හ්ම්ම්..

වැඩක් නෑ ඒවා කතා කරලා..තමුන් තමුන් තමුන්…..

මන් දුන්නු ආදරේට මට සලකපු හැටි…මට මට …බෑ දරාගන්න මේවා…

අනෙ ගගන මන් කියන දේත්

තව මොනා අහන්නද…ආ මොනා අහන්නද

ගගනගෙ මූන දන් ගෙඩියක් වගෙ..ඒ නපුරු මූන බෑ මට බලන්න කොහෙත්ම…

අඩනවා අඩනවා ඇඩුවා කියලා තමුන් කරපු වැරැද්ද මෙතන වහන්න බෑ තේරුනාද..අම්මලා දැනගන්න නිසයි එතන කතා නොකලේ..ඒත් මතක තියා ගන්නවා අදින් පස්සෙ මන් තමුසෙව…

දබරගිල්ල උලුක් කර කර මට බනින ගගන දිහා මට බලන්න අමාරුයි..එයා වැරදි නෑ..එයා හරි.. මම එයාට හැන්ගුවා..ඒ නිසයි මේ දඩුවම්..මට උරුමයි ඒවා

ගගන මගෙ ලගට ආවා…මගේ මූන නිකටින් අල්ලලා මිරිකුවා

දන්නවද තමුසෙව මන්…..

එයාටත් නොදැනි එයාගෙ දකුනු අත එස්සුනා…හ්ම්ම්..මේ දඩුවමට මන් සුදුසුයි…මන් ඇස් පියා ගත්තා. කම්මුල් වලින් කඩන් හැලෙන කදුලු ඒ දඩුවම දරාගන්න මට ශක්තිය දුන්නා…

…..—————-====

මල්ලි ඇති නේද කෙල්ලව බය කලා…

ගගන මට ගහයි කියලා හිතන් ඇස් පියන් ඉද්දි ලොකු අක්කි කාමරේට ආවා..මොකක්ද ඒ ලොකු අක්කි කීවෙ…

මන් ඇස් ඇරියා..ගගන හිනා වෙනවා..ලොකු අක්කිත්..ඇයි මෙයාලා හිනා වෙන්නෙ

මේ අහන්න සුද්දො ඇති නේද අහින්සකීව ඇඩෙව්වා..අදින් පස්සෙ අඩවන්න එපා

මොකක්ද අක්කි මෙ කියන්නෙ

මන් කදුලු පෙර පෙර එයාලා දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලද්දි ගගන ආයෙමත් කතා කරන්න පටන් ගත්තා

හ්ම්ම්..ඔයාව ප්ලාසා එකේදි වීල් එකට නගිනවා දැකලා මගෙ හිත තුන හතරට කැඩුනා..ඔයාට කතා කරන්න හිතන් පාර පනිද්දි වාහනයක් ඇවිත් ඇගෙ වැදුනා..බැලින්නම් ලොකු අක්කි…අක්කි දැක්කා මන් ඔයා දිහා බලන් ඉන්න විදිහ…පස්සෙ මට වාහනේට නගින්න කීවා…බයික් එක ලොකු මස්සිනා ගත්තා…වීල් එක ෆලො කරන ගමන්ම මට සේරම විස්තරෙ කීවා..ඇත්තමයි බබි..මුලින් සැකයක් ආවා තමයි..ඒත් පස්සෙ ඌව මරන්න තරම් කේන්තියි..යකො ජීවිතෙ කෑවා මදිවට තවත් ඔයාට වද දෙනවා..මගෙ හිතුවක්කාරිගෙ වීරකම ගැන සතුටු හිතුනා..ඒත් බයයි..ඉවසන්න බෑ..තත්පරයක් මිස් උනොත්..මගෙ කෙල්ල ,මගෙ ගව්‍රවෙ ඉවරයි..ආයෙම බයික් එක ඉල්ලන් මන් ඔයාලව ෆලො කලා…බෑ මට අක්කිලා කට්ටිය එනකම් ඉවසන් ඉන්න..ඔයා ඌ ලග ඉන්න තත්පරෙ ගානෙ ඔයා ගැන තියෙන බය අවදානම එන්න එන්න වැඩි උනා..ඒකයි බයික් එක ඉස්සර කලෙ වීල් එකට..මගෙ අහින්සකි මුව පැටියෙක් වගෙ වීල් එක ඇතුලෙ ඉද්දි ඉවසුම් නැතිව ගියා..ඌ ඔයාව අල්ලගද්දි..අනෙ හ්ම්ම්..මට සමාවෙන්න මැනික ඔයාව දාලා ලන්කාවෙන් ගියාට..සමාවෙන්න ආදරෙයි ගොඩාක්..ආයෙ කිසිම දාක තත්පරේකටවත් ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ මන්..

මන් මෙ හීනයක්ද දකින්නෙ…ඒතකොට ගගන බැන්නෙ

දැන් හරි නෙ..අපි යන්නම් එහෙනම්..හෙට කතා කරමු එහෙනම්..සෙනෙ නන්ගි ගුඩ් ලක්

අක්කි යන්න ගියා..ඇත්තටම මට ගගන බනිද්දි ගොඩක් බය හිතුනා..හිතුනෙමමට ගහලා එලවයි කියලා..ඒත් මේ මොනාද උනෙ මට හිතා ගන්න බෑ…

අක්කලා ගියා විතරයි ගගන දොර ලොක් කලා..පස්සෙ මන් ලගට ආවා …

මැනික..අඩන්න එපා..

ගගන..මන්..මේ

මේ අහන්න පරන දේවල් මුකුත් එපා..ආයෙම කිසිදාක මන් ඔයා තනි කරන්නෑ…කියන්න ආයෙ අඩන්නෑ නේද

අඩනවා

ඇයි

ඕනි නිසා

ඔයා ඇඩුවොත් මොනාද දන්නවද වෙන්නෙ

නෑ

මාත් අඩනවා

මොකක්

ඔව්‍ රිටන් බබි

එපා..ඔයා අඩනවා මට බලන්න බෑ

එතකොට මට පුලුවන්ද ඔයා අඩනවා,බලන්න ආ මැට්ට කියනවා මට

දන්නෑ

දන්නෑ කියන ලස්සන..මැට්ටි..ගොට්ටි..හට්ටි..හොට්ටි මෙ අඩලා අඩලා හොටුත් එනවා

කමක් නෑ

අපො මට බෑ හොටු කුමාරියෙක් ලග නිදාගන්න

ඕනි නෑ මන් තරහයි

එහෙනම් මාත් තරහයි..රිටන් බබි

මාත් තරහයි රිටන් බබූ

ඒමද මන් කරන කරන දේ කරනවද

ඔව්

ගගන මගෙ අතකින් අල්ල ගත්තා..මාත් එහෙම කලා..පස්සෙ එයා මාව තුරුල් කරගත්තා..මමත්…

එයා මගෙ නල්ලට හාදු තිව්වා..එයාගෙ එක හාදුවට මන් හාදු ගොඩාක් තිබ්බා

එහෙම බෑ මට ි නය වෙන්න..

එහෙම කියලා ගගන මගෙ තොල් අල්ල ගත්තා…ඒ තොල් මගෙ දෑස් පියෙව්වා…ඒ අත් ඇග පුරා එහෙ මෙහෙ දුවනවා..

ඒත් හදිස්සියෙම දෙයක් මතක් වෙලා ගගන ඈත් උනා

සොරි බබි…දොයියමූ

බෑ

ඇයි

රිටන් බබූ

ගගනගෙ අත් මගෙ ඇග පුරා දිව්වා වගේම මගේ අතුත් ඒ සිරුර මත රටා ඇන්දා

ගගන පුදුමෙන් මන් දිහා බලන් උන්නා

සෙනේ බබී..මේ..ඔයා…

හ්ම්ම් ඔව්…මට දැන් හොදයි..ඔයා මාව දාලා ලන්කාවෙන් ගියාම මට ආයෙම ඔයා එද්දි ඔයාගෙ වෙන්න ඕන උනා..ඒ නිසා මන් ගිහින් ලොකු අක්කිට සේරම කීවා..අක්කි මාව හොස්පිට්ල් එකේ මනෝ ව්‍යිදය අන්ශයට බාර කලා..හැම ඉරිදම තිබ්බ සායන වලින් ටිකෙන් ටික එයාලා මගෙ හිත හැදුවා…බෙහෙත් දුන්නා…සමහර වෙලාවට මෝහන පතිකර්ම කලා..උපදෙස් දුන්නා…ඔයා නැති අඩුව මන් හිතෙන්ම හදා ගත්තා..ගොඩක් මෙහෙම මන් වගෙ උනු කෙල්ලන්ගෙ කතා කියෙවා..තේරුම් ගත්තා…ඔයා ඔයා මට වරදක් කරන්නෑ..ඔයාගෙ පැත්තෙන් හිතුවා,මන්..මගෙ හිත දැන් ඒ පශ්නෙන් නිදහස්

අනෙ මගෙ සෙනේ බබි…මේ මන් වෙනුවෙන්ද..අනෙ මගෙ සුදු

එයා මාව අතොරක් නැතිව සිප ගත්තා..මට දැනෙනවා ඒ උනුහුම…ඒ රෑ උදා වුනේ සෙනේ බබි ගගනගෙම කරලා…

උදේ මන් නැගිට්ටෙ තේ හදන්න හිතන්…පොරෝනෙ අස්සෙ ගුලි වෙලාඉන්න මගෙ සුදු චූටී බබෙක් වගේ..මන් පොරෝනෙ ඈත් කරලා ඒ ආදරෙන් පිරුනු පපුවෙ සුවද හිම්බා…ම්ම්ම්…ගොඩාක් සුවදයි

ඒත් එක්කම ගගන මාව ඇදලා ගත්තා..සමබරතාවෙ බිදිලා මන් ගගනගෙ ඇග උඩ

ඇයි යන්න දෙන්නකෝ

මට සැකයක් තියෙනවා

මොකද්ද

මේකයි

මොකක්ද

ඔයාට හොදටම හොදයිද කියලා ..

ඉතින්

ආයෙම චෙක් කරමුද

ඒ කීවෙ

ඒ කීවෙ මේකයි

ගගන ආයෙමත් මාව පෙරලා ගත්තා…

නිමාවක් නැති සෙනෙහසක් තුල
නිවි සැනසුනු හදවතක්…..
ලෝකයක් ගැරහු මලක් අද
පිදී ආදර පුදසුනක්…..
සැනසුමක් ලැබු හිමිකමක් තුල
වෙලී දෙදෙනෙකූ එක්……
අහස් තලයට පායලා සද
අනේ මෙහෙමත් සෙනෙහසක්….

….නිමි………

මේ කතාව පටන් ගත්තෙ කදුලු කතාවක් මැද්දෙන්….කලින් කතාවල,වගෙ නැතුව මුලු කතාව පුරාම දුකම …

කෙටියෙන් කියන්නම්…සෙනෙශලා වැනි අනේක යුවතියන් ඔබත් මාත් අතර ඕනතරම් ඇති..කුරිරු පාපතුරයන්ගෙ අතින් පොඩි වෙලා වියැකිලා ඇති..සමහරෙක් ජීවිතය විදවනවා ඇති..සමහරෙක් ජීවිතයෙනුත් වන්දි ගෙවන්න ඇති..

හිතන්න…අයියෙ..මල්ලියෙ..මාමේ..සීයේ..යාලුවෙ…ඔබ අතින් තැලන ඒ පුන්චි කැකුල කොයිතරම් දුකක් විදිවිද…කනයාබාවය නැමැති ඊනියා සන්කල්පය මත පිහිටන අපෙ සන්ස්කුතිය තුල ඔවුන් කෙතරම් අසරන වෙනවා ඇද්ද…පෙති තලන්න කලින් සිතන්න…මේ ඉරනමට ඔබෙ මව සොයුරිය බිරිද..පෙම්වතිය ගොදුරු උවානම්ම්…..හ්ම්ම් එය හිතීම ඔබටම බාර කරමී

නන්ගියෙ,අක්කෙ,නැන්දෙ,ආච්චියෙ මිතුරියෙ…සෙනේශාට මෙන් ඔයාලට හොද අප්පච්චි කෙනෙක් නොලැබෙන්න පුලුවන්..ඔයාලගෙ දරුවා බාරගන්න කෙනෙක් නැතිවෙන්න පුලුවන්..ගගන කෙනක් හමු නොවෙන්න පුලුවන්..ඒත් කඩා වැටෙන්න එපා….නූගත්කම, නොදැනුවත්කම ඔයාලට හරස් වේවි..ඒත් හිතන්න…බුද්දියෙන් හිතන්න..ගෑනු අපිට වැරදුනොත් වරදින්නෙ අපට පමනක්ම නෙවෙ..අපෙ පවුලෙ සිටින සැමටයි..පුලුවන් තරම් ආරක්ශා වෙමු..දැනුවත් වෙමු..එඩිතර වෙමු..බුද්දිමත් තීරන ගනිමු…

……@@@@…..

මේ මගෙ නවවෙනි කතාව…හැමදාම මාත් එක්ක උන්නු ඔයාලට…මට ශක්තියක් වුනු ඔයාලට ගොඩාක් පින්..එකින් එක ලයික් වැටෙද්දි කමෙන්ට්ස් වැටෙද්දි සිතට දැනුන ශක්තිය අපමනයි…පලවෙනි කතාවෙ ඉදන් මේ තාක් මා සමග උන්නු ඔයාලා හැමෝටම බුදු සරනයි..ජේසු පිහිටයි….සමහර විට මේ මන් ලියන අන්තිම කතාව වේවි…සමහර විට ආයෙම ලියාවි..ඉතින් විරාමයක් ගන්නවා…

දහසකුත් පැතුම් සිහින හිර කරන් දුක් විදින සෙනේශලාට-ආදරේ පූජනීය ලෙස උත්තරීතර කරන ගගන වැනි ආදරනීයන්ට මේ කතාව උපහාරයක්ම වේවා….!

සවී විතානගේ
(2017/07/04) 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *