30

අචින්තයී අපේ ආදරේ
30

**බැනුම් ඇසීමට සුදානමින්..***

ජීවීතේටම ආයෙම කිසිම දාක ඇස් මානෙටවත් එන්න එපා කියපු ඒ ගෑනු රූපෙ මගෙ ඉස්සරහා..මන් වගේම ඒ රුවත් මොහොතක් ගල් ගැහුනා…

මන් ඈ දිහා බලාන ඉද්දි පබා කතා කලා..

මෝඩී මගෙ අම්මි…
වදිනවා කියලා සන්‍යා බාශාවෙන් කීවා මට..හහ් මන්..වදියි කියලා තමයී..

යටි පතුලෙ ඉදන් උඩට ඇදිලා එන උනුසුම් ලේ මගෙ කම්මුල් වලට එන්න වැඩි වෙලාවක් ගත උනෙ නෑ..මාව වෙව්ලනවා..නහය පිම්බෙනවා..හැගීම් හන්ගගෙන ඉන්න මෝඩ අරගලේක පටලිලා උන්නු මට පබා කියන්නෙ මොනාද කියලා ඇහුන්නෑ..

තරහට යටි තොල විකාගෙන උන්නත් හිතෙ ගැස්ම වැඩියි..පපුව පිහියෙන් ඇනුනා වගෙ වේදනාවයි..ඇස් කරකව කරකව හිතේ ආවේගෙ පාලනෙ කලත් වැව් බැම්මෙ වාන් දොරටු ඇරියා වගෙ බුර බුරා නැගිලා එන තරහා කදුලු විදියට කම්මුල් දිගෙ ගලාන ගියා…

ඔයා ගල් ගැහිලා ඇත්තෙ ඔයාගෙ රූපේම මට ලැබුනු හින්දා වෙන්නැති..ඒත් මන් මන් ..

මෝඩි අම්මට ඔරවන්නෙ නැතුව වදිනවා..

පබා මගෙ ලගට ඇවිත් රහසින් කීවා..

අ..ම්ම්මා

අම්මා හුම්ම් අම්මා…
මන් වියරුවෙන් වගෙ කෑගැහුවා..නෑ හිරකරන් උන්නු වේදනාවට කෑ ගැහුනා…

මගෙ අසාමානය වචන උච්චාරනේට පබත් අන්ද මන්ද වෙලා..එයා මගෙ අත මිරිකුවා..

මන් ඒ අත ගසා දාලා දුවන් ආවා..අපෙ ඇනෙක්ස් එකට..

මල්ශලා බලන් ඉද්දිම වොශ් රූම් එකෙ දොර දඩස් ගාලා වහගෙන ශවර් එක ඇරන් වොශ් රූම් එකෙ බිම ඇන තියාගත්තා…

ඇයි දෙවියනෙ මගෙ ඇස් ඉස්සරහට ඒ රූපේ ගෙනාවෙ..

මට අප්පච්චි,නන්ගි මල්ලි මැවිලා පේනවා..මගෙ අප්පච්චිගෙ අකලට මැලවුනු කෙට්ටු මූන..අනෙ ඉතිම්…

අද අපි මෙහෙම දුක් විදින්නෙ ඒ ගෑනූ රූපෙ අපෙ ජීවිතෙ වනසපු හින්දා නෙමේද..

වතුරත් එක්ක ගලාන යන මගෙ උනු කදුලු කාටවත් පේන්නෙ නෑ..මගෙ ඉකිය කාටවත් ඇහෙන්නෙ නෑ..මට ඕනි මගෙ කේන්තිය.දුක නිවෙන්න මහා හයියෙන් කෑ ගහන්න..

අනෙ මට බෑහ් බෑහ් දරාගන්න….

එ දෙයියනෙ මගෙ අම්මයි කියන ගෑනූ කෙනා..වැදුවත් මාව නොහදපු අම්මා..අම්මා කියන නමට කැලලක් එකතු කෙරුව මේ ලෝකෙ මන් වැඩියෙන්ම වයිර කරන කෙනා..

එයා එයා කොහොමද අපිව දාලා වෙන පවුලක අම්මා කෙනෙක් උනෙ..

පබා..ස්නේහා නන්ගි.සෙනුර මල්ලි ඔයාලා මේ අයිති කරන් ඉන්නෙ මට ,අප්පච්චිට,ලොකු මල්ලිට..චූටි නන්ගිට හම්බෙන්නෙ ඕනි ආදරෙ නෙමීද..සැප සම්පත් නෙමීද..

ආදරෙ පරදලා හිතෙ පැසවමින් එන තරහව..ඉරිසියාව ,කේන්තිය දුක මාව උමතු කරලා…

මන් ඔයාට වයිර කරනවා අම්මෙ..වයිර කරනවා ඔයාව අපෙන් ඈත් කරපු ඒ මුලු සනුහරේටම මන් වයිර කරනව…

මෙතුවක් හිතෙ උතුරාන පිටාර ගලපු පබා වෙනුවෙන් හිතෙ ඇතිවුනු ආදරෙ පරදලා වයිරය මන් හිතෙ පැල කරගත්තා…කදුලු වතුර වෙලා කේන්තිය පෝර වෙලා පබා ගැන වයිරෙ කියන ගහ ඉහලට ඉහලට හැදිලා අතු ඉති බදාන හැදෙන දැවන්ත රූස්ස ගහක් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..

සම්මානි සම්මානි දොර අරින්න ඔයාට ලෙඩ හැදෙයි සම්මානි දැන් පැය දෙකක් ඔයා ඕක ඇතුලෙ..

වෙලාව යන බවක් වත් මන් සීතලෙ ගැහෙන බවක්වත් මට දැනුන්නෑ ..දැනුනු එකම දේ ඒ රූපෙටත් ඒ රූපේ දැන් අයිති කරන් ඉන්න පබා ගැනත් වයිර්‍යක්ම විතරයි..

සම්මානි නන්ගි අරින්න මේක..

නිරූ අක්කයි..මල්ශයි..නවෝදායි එක සීරූවට කෑ ගහනවා…මන් කිසි සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න කන් දෙකම වහගත්තා..

අනෙ අප්පච්චි මට බෑ මෙහි ඉන්න..ඒ ගෑනි ඒ ගෑනි ඇවිත්…

පැය බාගෙකට පස්සෙ වොශ් රූම් එකෙ දොර කැඩුනා..මන් එතකොටත් අයිස් වගෙ මිදිලා…එහෙම්ම මාව වඩාගත්තු ශක්තිමත් අත් වලට ඕන දෙයක් මට කරන්න කියලා මන් මැරිච්චි මලකදක් වගෙ උන්නා..

මල්ශත් නිරූ අක්කත් මාව පිහ දැම්මා..ඇදුම් මාරු කලා..මන් ගල් වෙලා..බොල් පිලිමයක් වෙලා…ගනකම් බෙඩ් ශීට් එකකින් මාව ඔතපු මල්ශා පබාට කතා කලා…

පබා මගෙ බිමට බර වෙලා තිබුනු මූන නිකටට අත තියලා ඉස්සුව..මන් මුරන්ඩු කමට ඇග ගල් කරන් උන්නා..

එයා පාත් වෙලා මගෙ මූනට එබුනා…මට බෑ ඒ මූන බලන්න..බෑ…මන් කදුලු වැටෙන මූනෙන් අහක බලා ගත්තා…

සම්මානි මොකො කියනවා..මේ කදුලු ..මේ තරහා ..මට දැනගන්න ඕනි හේතුව..කියනවා මට..මෙච්චර මුරන්ඩු වෙන්න හිතුවක්කාර වෙන්න හේතුව..ඇයි

කතා කරන්න වචන පිට කරන්න තොල් මැතිරුවත් වචන පිට වෙන්නෙ නෑ..

මාව අල්ලන් ඉන්න ඒ අත් ..මට හිරිකිතයි..ඒ ගැනිගෙ ලමයි..

මන් පුලුවන් උපරිම ශක්තිය දාලා පබාව තල්ලු කලා…

මගෙ මෙ අලුත් රූපේ මෙච්චර කල් අහින්සකයි කියලා මන් ගැන හිතන් උන්නු හැමෝටම පෙහෙලිකාවක් බව හැමෝගෙම මූනු වලින් පෙනුනා..

පබා ආයෙත් මගෙ ලගට ආවා..

ඇයි දෙයියනි මන් ගාවටම එන්නෙ…ඇයි ඇයි

යනවා මෙතනින්..

පබා මට මිට මොලෝලා කම්මුල් පාරක් දුන්නා..ඒ මගෙ කේන්තිය දරාගන්න බැරිව බව මන් දන්නවා..පහරෙ වේදනාවත් හිතෙ කේන්තියත් මාව වියරු වට්ටලා…

මට ආයෙම පෙරලලා ඔයාට ගහන්න තිබ්බනම් මන් ගහනවා ඔයාට..ඒත් මට ඒක බෑ..

මන් බෙඩ් ශීට් එක මිරිකන් කේන්තිය මගෙ අතේම ගුලි කරගත්තා…

අනෙ සම්මානි සමා වෙන්න ඒත් මට තේරෙන්නෑ වස්තුවෙ තේරෙන්නෙ නෑ ඔයාගෙ මේ වෙස් පෙරලිය..අම්මා දැක්කා වෙලෙ ඉදන් ඔච්ච්‍රම කේන්තියක් ..

අම්මා කියන නමට ඔයා වයිර කරන බව දැනන් උන්නත් ඔච්චරම කේන්තියක් මන් බලාපොරොත්තු උන්නෙ නෑ මැනිකො

එයා ගොඩක් හොදයි මැනික්..ඔයාලාගෙ අම්මා ඔයාලව දාලා ගියාට එයා එහෙම කෙනෙක් නෙමි ..එයා හරි හොදයි..මල්ලුයි නන්ගියි විතරයි එයාගෙ..මන් එයාගෙ නෙමී ඒත් එයා මට කොච්චර ආදරේද..එයා ඔයාටත් අම්මා කෙනෙක් වේවි මැනික…ප්ලීස් යන්

මට ඉන්න දෙනවා

ඇයි මන් මෙච්චර කියද්දි ඔයා මාව එලවන්නි..ආ..මන් මෙච්චර වෙලා ඉවසුඑ තමුසෙට තියෙන ආදරේට..හිතුවද මන් කෙල්ලො දැකලා නෑ කියලා..තමුසෙ තමුසෙට අම්මෙක් නැති උනු නිසා තමුසෙට ඉරිසියයි..ඒකයි ඒකයි ඔය…

මන් බෙඩ් ශීට් එක විසික් කලා…

ඔව් යකො මට ඉරිසියයයි. ඊඑරිසියයෛ..තමුසෙ එක්ක…කේන්තියි තමුසෙයි තමුසෙගෙ මුලු හැතිකරෙ එක්කම යනවා මෙතනින් මගෙ ඇස් වලට නොපෙනී

සම්මානි මෙ තමුසෙ මට ලොකු පාට් දාන් එන්න එපා…ඉරිසියා කරන්නෙ..වයිර කරන්න තරම් මන්..අම්මා මගෙ අය කරපු වැරැද්ද මොකක්ද ආ

කියනවා

පබා මාව උරහිසෙන් හොලෝගෙන හොලෝගෙන ගියා..

වැරැද්දැ වැරැද්ද තමුසෙට ඕනිද මගෙ කටින් ඒක අහන්න…

ඔව් ඔව් ඔව්..කියනවා…යකින්නෙයෙ කියනවා ඉරිසියාකාරි…

ඔව් යකො මට ඉරිසියයයි…මන් යකෙක් නම් තමුසෙ මලපෙරේතයක්..තමුසෙ තමුසෙගෙ පවුලම අයිති කරන් ඉන්නෙ ,සැප විදින්නෙ මටයි මගෙ අහින්සක අප්පච්චිටයි..නන්ගිටයි මල්ලිටයි අයිති දේවල්…

මොකක්ද ඒ හරුපෙ තේරුම…මගෙ කේන්තිය වැඩි කරන්නෙ නැතුව කියනවා

පබා මගෙ කට මිරිකන් තර්ජනෙ කලා…

හරුපෙ හරුපෙ තමයි තමුසෙගෙ ආදරනීය අම්මා කියන ගෑනි තමයි මාව මේලෝකට බිහි කලෙ…මගෙ නැ..ඒ තමයි අම්මා..අපිව අතරමන් කරපු ගෑනි…

මන් කියපු දේ විස්වාස කරන්න බැරුව මොහොතක් බලන් උන්නු පබා පස්සෙන් පස්සට ගිහින් බිත්තිය පාමුල ඉද ගත්තා…

—මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *