°~~හින මන්දාරම~~° 01 – Samanali
“කෝ කවුද මේ වොශ් රූම් එකට රිංගගත්තේ උදේ පාන්දර..”
අදත් විසුමක් නෑ..බැනුම් අහන්න තමයි වෙන්නේ මට..හරියට නාගත්තෙත් නෑ.ඇග හැමතැනම සබන්..
“කට නැද්ද ඇතුළේ ඉන්න කෙනාගේ..”
“නංගී..මේ මං..”
“ආ තමුසෙද..අරිනවා මේ දොර..”
වෙන කරන්න දෙයක් නෑ..සබන් පිටින්ම තුවාය ඇදගෙන හිරුනි එළියට ආවේ තවත් පරක්කු උනොත් වෙන්නේ මොකද්ද කියලා දන්න නිසා.
“තමුසෙට හැමදාම මේක අස්සට රිංගන්න ඔනි වෙන්නේ මං වොශ් දාන්න එන වෙලාවටමද..මෙන්න මෙහාට එනවා..”
සබන් පිටින් හිටපු හිරුනිව එලියට ඇදලා දාලා නෙතූ වොශ් රූම් එකට ගියා..”දැන් ඉතිං කීයටහරි එයා එනකන් මන් මෙතනට වෙලා ඉන්නෙ එපෑ..වෙනදටත් වඩා පරක්කු වෙයි අද මාත් එක්ක තියන තරහටම..” හිරුනිගේ ඇස්වල කදුළු පිරිලා..ඇය අසරණයි..ලස්සන හිනාවක් දෙවියෝ හිරුනිට දීලා තිබුනත් හිනා වෙන්න අවසරයක් ඇයට තිබුනේ නෑ..සතුට කියන්නේ හිරුනිගේ ජීවිතේට හීනයක්ම විතරයි .ඒත් පුලුවන් තරම් හැම දෙයක්ම ඉවසන්න හිරුනි පුරුදු වෙලා හිටියා..කොහොමහරි නෙතූ වොශ් රූම් එකෙන් එළියට ආවේ පැයකට විතර පස්සේ..කල්පනා ලෝකෙක හිටිය හිරුනිට පියවි ලෝකෙට ආවේ නෙතූගේ කෑහැහිල්ලට..
“මොනවද තමුසේ ඔච්චර කල්පනා කරන්නේ..ඉක්මනට ඔය සබන් ටික හෝදගෙන ඇවිත් මගේ ඇදුම අයන් කරලා දෙනවා මට ක්ලාස් යන්න පරක්කු වෙනවා..”
“හ්ම්ම්”
“හා කිය කිය ඔතනට වෙලා ඉන්නේ නැතුව ඉක්මනට යනවා..”
හිරුනි වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඉක්මනටම ඇවිත් නෙතූගේ ඇදුම අයන් කරන්න ගත්තා..ලස්සන ගවුමක්..”මටත් මේ වගේ ලස්සන ඇදුමක් තිබුනා නම්…ඒත් ඉතින් කවුද මට එහෙම ඇදුම් අරන් දෙන්නේ.ඒ උනාට මාත් ආසයි නංගි වගේ ලස්සනට ඉන්න ..මගේ තාත්තවත් හිටියා නම්…”හිරුනිට හීල්ලුනේ ඉබේටමයි..ඇයට ක්ලාස් අදින්න තිබුනේ ගවුම් දෙකක් විතරයි..සල්ලි යහමින් තියන පවුලක ඉපදුනත් හැමදාම එකම ඇදුම ඇදගෙන යනකොට හිරුනිට ලැජ්ජාවක් දැනුනත් ඉගෙන ගන්න එක ඊට වඩා වැදගත් නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ..හිරුනි හිත හදාගත්තෙ මට මෙහෙමහරි ඉගෙන ගන්න චාන්ස් එකක් තියනවනේ කියලා හිතලා….කල්පනා කර කර හිටිය නිසා හිරුනිට අමතක උනා එයා ඉන්නේ නෙතූගේ ගවුම අයන් කර කර කියලා..
“මොකද්ද යකෝ උඹ ඔය කරේ.මගේ ලස්සනම ගවුම උඹ පිච්චුවා නේද..”
“ඌයී..අම්මේ…”
නෙතූ මහ හයියෙන් කෑගහගෙන හිරුනිගේ කොණ්ඩෙන් අල්ලල අදිනකොට හිරුනිට ඊටත් වඩා හයියේන් කෑගැස්සුනා…නෙතූ හිරුනිට වඩා අවුරුදු දෙකක් බාල උනත් කවදාවත් ගරුසරුවක් ඇතුව හිරුනිට කතා කරේ නැ..
“මොකද උඹ කැගහන්නේ..බලපන් මගේ ගවුමේ හැටි…”
“අනේ නංගී මං හිතලා කරේ නෑ…”
“හිතලා කරේ නෑ..අනේ මේ..එහෙනම් කොහොමද මගෙ ගවුම පිච්චුනේ…”
“මොකද සුදු දෝණි මේ කෑගහන්නේ…”
“අනේ බලන්න අම්මා මේ යක්ෂනී මගේ ගවුම පිච්චුවා…”
නෙතූ කමලා ළගට ගිහින් ඇස් වල කදුළු පුරෝගෙන එහෙම කියනකොට කමලා හිරුනි දිහා බැලුවේ ගිනි පිටවෙන ඇස් දෙකෙන්..
“අනේ අම්මා..මං නෙමෙයි…”
“මං නෙමෙයි..වැරැද්ද කරලා තව බොරු කියන්නත් එනවද..උඹ හැමදාමත් ඔහොමයි..තමන්ගෙම නංගිට නේද මෙහෙම ඉරිසියාකම් කරන්නේ…”
එහෙම කියලා හිරුනි වචනයක්වත් කියන්න කලින් කමලා හිරුනිගේ කම්මුලට ගැහුවා..
“ඔයා අඩන්න එපා මැණික..අපි අද හවසය ශොපින් යමුකෝ…ලස්සන ඇදුම් ගොඩක් අරන් දෙන්නම්කෝ…”
“මගේ හොද අම්මි..”
කමලාට හුරතල් වෙවී නෙතූ එයාගේ කාමරෙට ගියා..කමලගේ වචන හිරුනිට දැනුනේ උල් පිහියකින් අනිනවා වගේ..අද හවස ඔය යන්න හදන ගමනට හිරුනි අයිති වෙන්නේ නෑ කියලා හිරුනි දන්නවා..”මගේ අම්මා වෙලත් එයා කොහොමද මට මෙහෙම සලකන්නේ..මං මගේ චූටි නංගිට ඉරිසියාකම් කරනවා කියලා එයා කොහොමද කියන්නේ..මට කිසිම දෙයක් ඕනි නෑ ඔයාලගේ ආදරේ විතරක් මට දෙනවා නම්..”බොද වෙච්ච ඇස් දෙකෙන් තමන්ට පිටුපාලා යන අම්මා දිහා බලාගෙන හිරුනි කරේ කවදාවත් ඉශ්ට වෙන්නෙ නැති ප්‍රාර්ථනාවක්..
හිරුනි සෞභාග්‍යා පවුලේ වැඩිමලා..නෙතුමි කියන්නේ හිරුනිගේ නංගී..එක කුසේ ඉපදුනත් නෙතුමිට හිරුනිව පෙනුනේ එයාගේ ජන්මාන්තර වෛරක්කාරයෙක් ගානට..ඒකට හේතුවක් තිබුනා..එකම අම්මාගේ ළමයි උනාට හිරුනි කියන්නේ කමලාගේ කලින් කසාදේ ළමෙක්…හිරුනි කවදාවත් එයාගේ තාත්තව දැකලා තිබුනේ නෑ..එයා ජීවත් වෙනවද නැද්ද කියලවත් හිරුනි දන්නේ නෑ..නෙතුමි කියන්නේ කමලාගෙයි ජයවර්ධනගෙයි ළමයා.ඒ කියන්නේ කමලාගේ දෙවනි කසාදේ ළමයා..අම්මවත් බාප්පවත් නෙතුමිවත් හිරුනිව එයාගේ පවුලේ කෙනෙක් විදිහට පිළිගත්තේ නෑ…මොන හතුරුකම කරත් හිරුනි එයාගේ පවුලට ගොඩක් ආදරේ කරා..හිරුනි නෙතුමිගේ හැම හතුරුකමක්ම ඉවසුවා..ඒ තමන්ගේ එකම නන්ගිට ඇය පණ වගේ ආදරේ කරපු නිසා…
නෙතූ ගියාට පස්සේ හිරුනි කදුළු පිහදදා කාමරේට ගිහින් ඉක්මනට ලැස්ති උනේ එයාටත් පංති යන්න පරක්කු වෙන නිසා..වෙනදා වගේම කහ පාට මල් වැටුනූ රතු පාට ගවුම අරන් ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිය හිරුනි පොඩි එකෙක් වගේ ඒ මේ අත හැරි හැරි හැඩ බලන්න ගත්තා..හිරුනි ගොඩක් ලස්සන ගෑනු ළමෙක්..ඕනිම කෙනෙක් වශී කරන්න පුළුවන් තරම් ලස්සන් ඇස් දෙකක් හිරුනිට තිබුනා..ඒ වගේම එයාගේ හිනාව..ගෙදරදි ආසාවකටවත් දකින්න ලැබෙන්නේ නැති උනාට ගෙදරින් පිටදි අදුරන හැමෝත් එක්කම හිනාවෙලා කතා කරන එක හිරුනිගේ පුරුද්දක්.ඒ නිසාම ගමේ අය උනත් හිරුනිට ගොඩක් අදරෙයි..ඒත් නෙතූ ඊට වඩා වෙනස්..ඇය හිරුනි තරම් ලස්සන නෑ..ඇය තරම් නිහතමානීත් නෑ..නෙතූ කියන්නේ කමලා වගේම ගොඩක් අහංකාර චරිතයක්..ඒ නිසා ගමේ කවුරුවත් එයාට කැමති උනෙත් නෑ..ඉණ ගාවට තිබුන කොණ්ඩය පෝනි ටේල් එකක් විදිහට දාලා රබර් සෙරෙප්පු දෙකත් දාගෙන පොත් ටිකත් අතට අරගෙන හිරුනි කාමරෙන් එළියට ඇවිත් කමලාගේ කාමරේට ගියා…
“අම්මේ මං ගිහින් එන්නම්…”
හිරුනි ගිහින් කමලා ළග දණ ගහලා කමලාට වැන්දා…ඒත් බුදු සරණයි පරිස්සමින් ගිහින් එන්න මගේ පුතේ කියන වචන ටික කමලාගේ කටින් පිට උනේ නෑ.තමන්ගෙම ළමයෙක් උනාට කමලා හිරුනිට සැළකුවේ පිට කෙනෙක්ට වගේ…
“ඉක්මනට ගෙදර වරෙන්..ගෙදර වැඩ ගොඩ ගැහිලා..ආ මේ රුපියල් පනහා අරන් පලයන්..”
මොනවා උනත් හිරුනිට ඉගෙන ගන්න එපා කියලා නම් කමලා කිව්වේ නෑ..හිරුනි ඒ ගැන නම් හිටියේ ගොඩක් සතුටින්..මුලු දවසෙම ක්ලාස් තිබුනත් හිරුනිට ලැබෙන්නේ බස් එකට යන රුපියල් පනහා විතරයි..බස් හෝල්ට් එකට යනකොට හිරුනි ගැන වැඩියෙන්ම හොයලා බලන ඒ සුපුරුදු මූණ හිරුනි දිහා බලාගෙන ඉන්නවා හිරුනි දැක්කා..හිරුනිගේ මූණට ලස්සන හිනාවක් ආවේ සතුට වැඩිකමට..
මතු සම්බන්ධයි
(මේ මගේ අලුත් කතාව..කතාව ගැන ඔයාලාගේ අදහස් කියලා යන්න යාලුවනේ..)
කනා.ගොඩක.හොදයි
පලවෙනි කොටසම මරු❤️…