05

“චාමික..”
“ම්ම්ම්ම්..”
“සංකේත් කෝ..”
“කවුරු..”
“සංකේත්..එයා දැන් ගොඩක් දවසකින් ආවේ නෑනේ..”

එතකොට තමයි චාමිකට තේරුනේ කෙල්ලගේ මූණ මේ තරම් මැළවිලා තිබුනේ ඇයි කියලා..එදා සංකේත් එක්ක පාර්ක් එකේ කතා කරපු දවසෙන් පස්සේ එක දවසක්වත් හිරුනි සංකේත් එක්ක කතා කරේ නෑ..ආදරේ නැති නිසා කියලද හිතන්නේ..නෑ එහෙම නෙමෙයි..ජීවිතේට තවත් අලුත් බැදීමක් ඇති කරගන්න තිබුන බය නිසා..ඒත් හැමදාම හිරුනිගේ ඇස් සංකේත්ව හෙව්වා…ක්ලාස් යන දවසට සංකේත් හැමදාම එයා එනකල් බලන් ඉන්නවා කියලා හිරුනි දන්න නිසාම වෙනදට වඩා හැඩ වැඩ වෙලා ඉක්මනට හිරුනි ගෙදරින් පිටත් වෙනවා..නෙතූගේ හිරිහැර උනත් ඉවසන්න සංකේත්ට තිබුන ආදරේ හිරුනිට ශක්තියක් උනා..ඒත් දැන් සති දෙකක ඉදන් හිරුනිට සංකේත්ව දකින්න බැරි උනා..සංකේත් වෙනදා වගේ හිරුනිව බලන්න ආවේ නෑ..සංකේත්ට හිරුනි ආදරේ කරනවා කියලා චාමික කොයි තරම් කිව්වත් හිරුනී ඒ කියන දේ විශ්වාස කරේ නෑ..ඒත් සංකේත්ව නොදැක ගෙවුනු මේ දවස් කීපය නිසා අකමැත්තෙන් උනත් චාමික කිව්වේ ඇත්ත කියලා හිරුනිට පිළිගන්න සිද්ද උනා..ගෙවුනු දවස් ටික හිරුනි ගත කලේ කොහොමද කියලා හිරුනිටවත් තේරුමක් තිබුනේ නැ..

“හිරූ..සංකේත් ආවේ නැති නිසාද ඔයා මේ දුකින් ඉන්නේ..”
“එයා ඇයි ආවේ නැත්තේ කියන්නකෝ..”
“ඔය ඉතින් ආයෙත් අඩන්න ගත්තනේ..මං හොයලා බලන්නම්කෝ සංකේත්ට මොකද උනේ කියලා..දැන් අඩන්නේ නැතුව ඉන්න..”

“මං කොහොමහරි සංකේත්ව හොයාගන්න ඕනි..හිරූ දුකින් ඉන්නවා මට බලන්න බෑ..කෙල්ලට දැන් සංකේත්ව නැතුවම බෑ වගේ..”චාමික සංකේත්ව හොයන්න තීරණය කරේ හිරුනි දුකින් ඉන්න්වා බලන්න බැරි නිසා..

“දෙයියනේ සංකේත් ඇයි මාව බලන්න ආවේ නැත්තේ..එයාට කරදරයක්වත්ද..නැත්නම් කීයටවත් නෑවිත් ඉන්නේ නෑ..තවත් එයාව දකින්න නැතුව හිටියොත් මාව මැරිලා යයි දුකටම..”කදුළු ජීවිතය කරගෙන ජීවිතේ එපා වෙලා ඉදපු හිරුනිට සංකේත්ගේ ආදරේ නිසා ජීවත් වෙන්න බලාපොරොත්තු ගොඩක් එකතු වෙලා තිබුනේ..සංකේත්ව දකින්නවත් නැතිඋන නිසා ඒ හීන මාළිගා කඩා වැටෙයි කියලා කෙල්ල හිටියේ ගොඩක් බයෙන්..

—————————————–

“හිරු..එන්න අපි ගමනක් යන්න..”
“අනේ චාමික ගෙදර යන්න පරක්කු වෙනවනේ…”
“කියන දේ අහලා එන්න ළමයෝ..”
“ඒත් චාමික..ඇයි මේ අපි පාර්ක් එකට යන්නේ..”
“එන්නකෝ යන්න..ඇතුළට ගියාම තේරෙයි ඇයි ආවේ කියලා..”

චාමික හිරුනිවත් එකගෙන පාර්ක් එකට ගියා…

“හිරූ ඔයා ඔතනින් ඉදගන්නකෝ..”

හිරුනිට වාඩි වෙන්න කියලා චාමික එතනින් ටිකක් එහාට ගිහින් කාටහරි කෝල් කරනවා හිරුනි බලාගෙන හිටියේ…කෝල් එක ඉවර වෙලා චාමික ආයෙත් හිරුනි ළගට ආවා..

“ඔන්න මැඩම් මං ඔයාට දුන්න පොරොන්දු ඉෂ්ට කරා..”
“මොන පොරොන්දුවක්ද චාමික..”
“අයියෝ ඒකවත් මතක නැද්ද..”
“කියන්නකෝ අනේ..”
“ම්ම්.එහෙනම් අර බලන්නකෝ කවුද එන්නේ කියලා..”
“කෝ කවුද..”
“අර බලන්නකෝ..අදුරගන්න බැරිද ආ..”
“අනේ චාමික..සංකේත් ..ඒ එයා නේද..සංකේත්..එයා මාව බලන්න ඇවිල්ලද..චාමික..කියන්නකෝ..මගේ සංකේත් නේද…”
“ඔව් ඔව් බබා..ඒ ඔයාගේ සංකේත් තමයි..දැන්වත් හිනා වෙලා ඉන්න..”

සතුට වැඩිකමට හිරුනිට වචනත් පැටලෙනවා..චාමිකගේ අතේ එල්ලීගෙන පොඩි එකෙක් වගේ කියෝ කියෝ ඇස් දෙකෙනුත් හිනා වෙවී සංකේත් දිහා බලාගෙන ඉන්න හිරුනිව දැක්කම චාමිකට දැනුනේ පුදුමාකාර සතුටක්..”මෙච්චර දවසක් අඩ අඩ ඉදපු මූණ අද සතුටින් පිරිලා..පවු මේ අහිංසකී..සංකේත් හිරුනිව සතුටින් තියයි කියලා මට විශ්වාසයි …”

“මල්ලී…”
“ආ ඔව් අයියේ..ඔයා එනක්ල් තමයි අපි බලන් හිටියේ..එහෙනම් දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකෝ..මං මෙතන ඉන්න එක හරි නෑනේ..නේද හිරු..මං අර පැත්තෙන් ඉන්නම්…”
“හ්ම්ම්ම්..”

එදා වගේ චාමික යනකොට එයාව නවත්තගන්න හිරුනිට ඕනි උනේ නෑ.කෙල්ල හිටියේ ගොඩක් සතුටින්…සංකේත් එක්ක කතා කරනකල් ඉවසුමක් නැතුව හිටියේ…සංකේත් හිරුනි ළගින් ඉදගත්තහම ඉස්සෙල්ලම කතාව පටන් ගත්තේ හිරුනි…

“අයියේ..”
“ආ අද නම් කටට පණ ඇවිල්ලද කොහෙද..එදා වගේ බය නැද්ද මාත් එක්ක කතා කරන්න..”
“නෑ නෑ..”
“ඇත්තට…”
“ඔව්..”
“හ්ම්ම්ම්..ඉතිං දැන් මොකෝ මට එන්න කිව්වේ.මං මේ වැඩ ගොඩක් තියෙද්දි ආවේ…”

බොරු තරහක් මවාගෙන සංකේත් හිරුනිට එහෙම කිව්වම හිරුනිටත් නොදැනිම හිරුනිගේ ඇස් වල කදුළු පිරුනා..

“ආ..මේ..ඒ.හෙ.ම.ද… හ්ම්. ස්.සො.රි… මං ය.න්.න.ම් එ.හෙ.න.ම්..”

හිරුනි බිම බලාගෙන කතා කරපු නිසා සංකේත් දැක්කේ නෑ හිරුනි අඩනවා කියලා..

“හරි හරි ඉක්මනට කියන්නකෝ මොකටද එන්න කිව්වේ කියලා..”
“න්.නෑ මං මෙ… ඔයාට එ..න්.න.. කි.ව්වේ..මේ….මු.කු.ත්..නෑ.. නි.ක.ම.ට. ව්.ගේ….”

මුලින් කතා කරනකොට තිබුන ප්‍රාණවත් බව එහෙම්පිටින්ම නැති වෙලා ගිහින් හිරුනි කතා කරේ බිදුනු කටහඩකින්…”මං කොයි තරම් ආසාවෙන්ද හිටියේ මෙයත් එක්ක කතා කරන්න..ඒ උනට මෙයාට ගානක්වත් නෑ..ආපහු යන්න් හදිස්සිය …” දුක වැඩිකමට කෙල්ලට ඉකි ගැස්සුනා …සංකේත් හිරුනි දිහා බැලුවේ බය වෙලා වගේ..”දෙයියනේ මේ කෙල්ල අඩනවාවත්ද..මං විහිලුවක්නේ කලේ..”

“හිරූ..මං දිහා බලන්න පැටියෝ…”

සංකේත් කතා කරාට හිරුනි ඔළුව ඉස්සුවේ නෑ..හිරුනිගෙ උරහිස් වලින් අල්ලගෙන් හිරුනිව එයාගේ පැත්තට හරවගත්ත සංකේත් හිරුනිගේ නිකටින් අල්ලලා මූණ එයාගේ පැත්තට හරවගත්තා..එතකොටයි සංකේත් දැක්කේ ඒ ඩිංගට හිරුනිගේ ඇස් රතු වෙලා ක්ම්මුල් දිගේ කදුළු ගලන හැටි..

“අනේ මේ මොකද රත්තරනේ ..ඇයි මේ අඩන්නේ..මං අඩන්න තරම් දෙයක් කිව්වද හිරු..විහිලුවක්නේ කරේ මං..කෝ මං දිහා බලන්න..අඩන්න එපා මැණික..මට පවු පිරෙයි ඔයාව ඇඩෙව්වට..”

සංකේත් මොනවා කිව්වත් හිරුන්ගේ ඇඩිල්ල නම් නතර උනේ නෑ..

“අනේ කියන දේ අහන්නකෝ හිරූ..මං විහිලුවක්නේ කරේ පැටියෝ..මාත් හුගක් දුකින් හිටියේ ඔයාව දකින්න නැතුව…ඉතිං මගෙන් අහන්නකෝ ඇයි මං ආවේ නැත්තේ කියලා..කතා කරන්නකෝ රත්තරනේ .කෝ මං දිහා බලන්න…ප්ලීස්…”

සංකේත් හොදටම කලබල වෙලා කියලා දැනුන නිසා හිරුනි ඔළුව උස්සලා සංකේත් දිහා බැලුවා..හිරුනි එතකොට තමයි දැක්කේ සංකේත්ගේ ඇස්වලත් කදුළු පිරිලා තියනවා..

“අනේ ඇයි මේ ඔයා අඩන්නේ..අඩන්න එපා අයියේ..පිරිමි ළමයි අපි වගේ අඩන්නේ නෑ හරිද…”

හිරුනි ඉක්මනට කදුළු පිහදාගෙන මූණට හිනාවක් අරගත්තා..

“ඇත්තද පණ්ඩිත ආච්චියේ…”
“හ්ම්ම්..ඔව්නේ..”
“ඔයා බලන් හිටියද මං එනක්න්..”
“අනේ ඔව්..”
“හොද වැඩේ..මට ගෑස් පෙන්න පෙන්න ආඩම්බරකම් කරාට..”
“අනේ ඉතිං.ඇයි ඔයා ආවේ නැත්තේ..”
“දැන ගන්නම ඕනිද..”
“ඔව්ව්..”
“එහෙනම් ඊට කලින් දෙයක් කියන්න ඕනි ඔයා…”
“ඒ මොකද්ද..”
“මට ආදරෙයි කියලා…”
“මට බෑ..”
“ඒ මොකද..”
“මං ඔයාට ආදරේ නැති නිසා..”
“ඇත්තට..”
“හ්ම්…”

“මේ කෙල්ල තවත් මට ආඩම්බරකම් පෙන්නනවනේ..අද නම් කොහොමහරි කියෝගන්නවා මට ආදරෙයි කියලා…”

“හා එහෙනම් අවුලක් නෑ..මං යන්නම්…”
“ඒ මොකද..ඇයි යන්නේ..”
“නෑ ඉතිං මට ආදරේ නැත්නම් මං මොක්ටද මෙතනට වෙලා ඉන්නේ..මං යනවා..”

සංකේත් එතනින නැගිට්ටේ හොරෙන් හිරුනි දිහා බලන ගමන්..කෙල්ලගේ මූණ කළු වෙලා ගිහින් තියනවා දැක්කම සංකේත්ට හිනා යන්නත් ආවා..ඒත් කොහොමහරි හිනාව පාලනය කරගෙන හිටි‍යා එහෙම නොවුනොත් හිරුනි කවදාවත් එයාගේ හිතේ තියන දේ කියන්නේ නෑ කියලා සංකේත්ට දැනුන නිසා..

“අනේ යන්න එපා..”
“ඇයි..මං මෙතන ඉදලා මොකටද..”
“හරි ඉතිං මං කියන දේ අහලා මෙතනින් ඉදගන්නකෝ…”
“ඒ මොකටද..”
“අනේ ඉතිං..”
“ආ හරි දැන් කියන්න ඇයි මාව නවත්තගත්තේ..”
“මට ඔයාට දෙයක් කියන්න තියනවා..”
“මොකද්ද..”
“නෑ මං මේ කියන්න හැදුවේ..”
“ඔව් මොකද්ද කියන්න හැදුවේ..”
“ම්..මේ.. අයි… ම්..අයි..”
“මොකද්ද මොකද්ද ගොත ගහන්නෙ නැතුව කියන්නකෝ..”

සංකේත්ට ඉවසිල්ලක් නෑ හිරුනිගෙන් ඒ වචන ටික අහගන්නකල්..

“මේ … ම්ම්…මං මේ කියන්න් හැදුවේ..”
“ඉතිං කියන්නකෝ ළමයෝ..”
“I love you…”
“මොකද්ද කිව්වේ..ආයෙත් කියන්න..මට හරියට ඇහුනේ නෑ වගේ..”
“මං ඔයාට ආදරෙයි කියලා කිව්වේ..ඉංග්‍රීසී තේරෙන්නේ නැද්ද කොහෙද මෙයාට..”

අන්තිම ටික හෙමීට කිව්වා උනාට සංකේත්ට හිරුනි කියපු දේ හොදටම ඇහුනා..

“ඔව් ඔව් මට ඉංග්‍රිසි තේරෙන්නේ නෑ..”

එහෙම කියන ගමන් සංකේත් හිරුනිගේ ඔළුව එයාගේ පපුවට තියාගෙන හිරුනිව තුරුල් කරගත්තා. ..නොහිතපු වෙලාවක ලැබුන ඒ උනුහුමට හිත ලෝබකම් කරද්දි හිරුනි තව තවත් සංකේත්ට තුරුල් උනා..හිරුනිට සංකේත් ළග ඉන්නකොට දැනුනේ ලොකු ආරක්ෂාවක් ..කියාගන බැරි තරම් ආදරයක්..

“ඔය වචන ටික අහන්න මං කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ හිරූ.ඇත්තමයි..මට අද පුදුම සතුටක් දැනෙන්නේ..ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන දවස තමයි අද..”
“ඒ තරම් ආදරෙයිද මට..”
“ඔයා මොනවද හිරූ මේ අහන්නේ..ඔයාව දකින්න නැතුව ඉදපු මේ දවස් ටිකේ මං ඔයාට තවත් ළං උනා..”
“ඉතිං ඔයා ඇයි මාව බලන්න ආවේ නැත්තේ..”
“අම්මිට සනීප නැතුව මට හදිස්සියෙම ගෙදර යන්න උනා මගේ පණ..”
“ඉතිං දැන් අම්මට කොහොමද..”
“එයාට දැන් හොදයි..ඒකනේ මං ආවේ මගේ හා පැටික්කිව බලන්න..”.
“හ්ම්ම්ම්..”
“ඉතිං කියන්න මට කොච්චර ආදරෙයිද..”
“ගොඩා….ක් ආදරෙයි..”
“බොරු..”
“මං මොකටද බොරු කියන්නේ අයියේ..ඔයා දන්නවනේ මං ගැන..කාගෙනවත් කිසිම ආදරයක් නොලැබෙන මට ඔයාගේ මේ ආදරේ කොයි තරම් වටිනවද කියලා කියන්න තේරේන්නේ නෑ..ඒ තරම් මට ඔයාව වටිනවා..ආයේ එහෙම මාව දාලා යන්න හිතන්නවත් එපා..එහෙම උනොත් මං මැරෙයි..”
“මොනවද හිරූ මේ කියන්නේ..අද ඉදන් ඔයාට අඩන්න තහනම්..තේරුනාද..ඔයාගේ හැම දුකක් කරදරයක්ම අද ඉදන් මගේ..ඔයා හිනා වෙලා ඉන්නකොට ගොඩක් ලස්සනයි මැණික..ඒ නිසා අද ඉදන් මට දකින්න ඕනි ඔයාගේ හිනාව විතරයි..හොදද..”
“හ්ම්ම් අද ඉදන් මගේ සතුට තියෙන්නේ ඔයාගේ ළග මගේ මහත්තයෝ…”

හිරුනි හිටියේ ගොඩක් සතුටින්..ජිවිතේ කවදාවත් මේ වගේ සතුටක් හිරුනිට ලැබිලා නෑ..ඒ සතුට කවදාවත් නැති වෙන්න දෙන්න එපා කියලා හිරුනි ප්‍රාර්ථනා කරා..හැම දෙයක්ම දෙවියෝ හිරුනිගේන් උදුරගත්තත් සංකේත්ගේ ආදරේ කවදාවත් එයාගෙන් උදුරගන්න එකක් නෑ කියලා හිරුනි විස්වාස කරා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *