15

දවස් දෙකක් සංකේත් හිරුනිත් එක්ක නුවර එළියේ හිටියා..හිරුනි වගේම තමයි සංකේතුත් හිටියේ ගොඩක් සතුටින්…ගෙවෙන හැම තත්පරයකම හිරුනිගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු උනා..සංකේත් එක්ක එයාලගේ පුංචි කුරුලු කූඩුව හදාගන්න විදිහ ගැන ලස්සන හීන හිරුනිගේ හිතේ තිබුනා…හිරුනිගේ හැම සිතුවිල්ලකම හිටියේ සංකෙත් විතරයි..අද තමයි හිරුනි එයාගේ අලුත් ගෙදරට යන දවස ..සංකේත් එක්ක එයාගේ ගෙදරට යන දවස ..සතුට බය දෙකම හිරුනිට දැනුනා..ඒත් සංකේත්ගේ බිරිද විදිහට ඒ ගෙදරට අඩිය තියද්දි කෙල්ලට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්..

“ආ කෝ මගේ නෑනා පොඩ්ඩ..අප්පේ ඉතිං අද තවත් ලස්සන වෙලා…මොකද්ද දන්නේ නෑ රහස…”

හිරුනි ගෙදරට ආපු වෙලාවේ ඉදන් සදීප් හිරුනිට විහිලු කරනවා..ඒත් හිරුනි නම් සද්දයක්වත් නෑ…

“මේ අක්කෙ..අපේ අයියා ඔයාට දැන්මම වාරණ නියෝග දාලද කාත් එක්කවත් කතා කරන්න එපා කියලා…”
“යකෝ මල්ලි..උඹ මොකද්ද බන් හැම වෙලාවෙම හිරුනිට විහිලු කරන්නේ..පලයන් ගිහින් වැඩක් බලාගනින්…”
“කවුද උඹත් එක්ක කත කරේ..මං මෙ මගෙ නෑනත් එක්ක වැදගත් සාකච්ඡාවක් …”
“මල්ලි මං උඹට ආයේ කියන්නේ නෑ හොදේ..යකෝ මේ ඇවිල්ල ඉන්න මිනිස්සු එක්ක ටිකක් කතබහ කරපන්කො ගිහින්..”
“හරි හරි..ඔයාට අක්කා ළගට එන්න ඕනි කිව්වා නම් ඉවරයිනේ අයියේ..වටින් ගොඩින් එන්නේ නැතුව…”
“මොකද්ද ලොකු පුතේ ඔයාලට මේ වෙලා තියෙන්නේ..අද වගේ දවසකවත් ඔය දෙන්නාගේ රණ්ඩුව නවත්තගන්න බැරිද…”
“කවුද අම්මා රණ්ඩු උනේ..මේකට කියන්නේ සහෝදර ප්‍රේමය කියලා..”
“මේ පොඩි පුතේ අදවත් ඔය කට ටිකක් පරිස්සම් කරගෙන ඉන්න..මෙන්න මෙහාට එනවා අක්කටයි අයියටයි ඉන්න දීලා..”
“අම්මටත් ඉතිං මේ පොඩි එකාගේ වැරදි විතරනේ පේන්නේ…”

සංකේත්ටයි හිරුනිටයි විහිලු කර කර ඉදපු සදීප ශ්‍රියානිට නෝක්කාඩු කිය කිය ශ්‍රියානිත් එක්ක ගියේ තවත් එතන හිටියොත් විජේවර්ධනගේනුත් මේ විදිහටම බැනුම් අහන්න වෙනවා කියලා දන්න නිසා..සංකේත්ගේ නෑදැයෝ යාලුවෝ ගොඩක් සංකේත්ගේ වෙඩින් එකට ඇවිත් හිටියා…ඒ හැමෝමත් එක්ක දවස ගෙවිල ගියේ ගොඩක් සතුටින් …

——————————————-

“ඩොක්ටර් මොකද මගේ දුවට මොකද වෙලා තියෙන්නේ..”
“ඇත්තටම මිසිස් ජයවර්ධන …මේක ඉතිං සුබ ආරංචියක්….”
“ඒ කිව්වේ ඩොක්ටර් …”
“මිසිස් ජයවර්ධන ඔයාගේ දුව අම්මා කෙනෙක් වෙන්න යනවා….දැනුනේ නැති උනාට මාස දෙකක් විතර වෙනවා .ඒත් මෙයා ටිකක් දුර්වලයි..මෙයාගේ හස්බන්ට කියන්න ටිකක් වැඩිපුර හොයලා බලන්න කියලා..”
“මෝ..ක..ද්..ද..ඩො.ක්.ට.ර්.. කි.ව්.වේ…”
“ඔව් මිසිස් ජයවර්ධන ..දැන් ඉතිං මෙයාව වෙනදට වඩා පරිස්සම් කරගන්න වෙයි…..”
“ඕකේ..ඩොක්ටර් ..තෑන්ක් යූ..අපි ගිහින් එන්නම්….”

සංකේත්ගේයි හිරුනිගෙයි වෙඩින් එක නිසා නෙතු හිටියේ කේන්තියෙන් ..ඒත් කවීෂ් වෙනදටත් වඩා නෙතූ ළගින් ඉදපු නිසා නෙතූ හිටියෙ අමුතුම සුරංගනා ලෝකෙක..හිරූගෙන් පලිගන්න තියන අරමුණත් කවීෂ් නිසා වෙනස් උනා..ඒත් නෙතුට ඒ ලැබුනේ තාවකාලික සතුටක්.මුලදි මුලදි කවීෂ් නෙතු ගැන ගොඩක් හොයලා බැලුවත් මේ වෙනකොට කවීෂ් හිටියේ නෙතූව අමතක කරලා..නෙතූගේ ජීවිතේත් ගොඩක් වෙනස් උනා..එයා නිහඩ චරිතයක් උනා..බලාගත්ත අත බලාගෙන කල්පනා කරන්න දවසේ වැඩිහරියක් යෙදෙව්වා..හරියට කන්නේ බොන්නෙවත් නැති නෙතූව කමලා බලෙන්ම වගේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න එක්කගෙන ආවේ ඒ නිසා..එත් එයාලට අහන්න ලැබුනේ සුබ ආරංචියක් නම් නෙමෙයි..හිරුනිගේ ජීවිතේ විනාශ කරන්න හදපු දවසේ ඇත්තටම විනාශ වෙලා තිබුනේ නෙතූගේ ජීවිතේ…කවීෂ් ඉන්නේ කොහෙද කියලවත් නෙතූ මේ වෙනකොට දැනගෙන හිටියේ නෑ..

“මොනවද යකෝ උඹ මේ කරේ..මට කියපන්..කියපන්..කවුද ඔය බඩේ ඉන්න එකාගේ තාත්තා…කියපන්…”

ගෙදර ආපු වෙලාවේ ඉදන් කමලගෙයි ජයවර්ධනගේයි බැනුම් වලින් නෙතූගේ කණ් දෙක පිරිලා තිබුනේ..මුලු රෑම නින්දක් නැතුව නෙතූ ඇඩුවා..කොයි තරම් කල්පනා කරත් කිසිම විසදුමක් නෙතූට ලැබුනේ නෑ..

“අයියෝ පුංචි නෝනේ..ඔය මොනාද කරන්නේ..අදත් මට ලොකු නෝනට කියලා බැනුම් අස්සවන්නද ඕනි…”
“ඒ මොකද පොඩි නෝනා අම්මා බැනුම් අහන්නේ….”
“මොකද කියලා අහන්නේ..අදත් පුංචි නෝනේ උදේම මේ කුස්සියට ඇවිල්ලානේ..අනේ මෙහාට වෙලා ඉන්නකෝ..මං කෑම ටික ලෑස්ති කරන්නම්…”
“බෑ බෑ මං තමයි අද කෑම හදන්නේ…”
“අනේ පුංචී නෝනේ..කියන දේ අහන්නකෝ…”
“අනේ පොඩි නෝන අම්මා මං කෑම හදන්නම්…කෝ කෝ එහාට වෙන්න..සංකේත්ට ඔෆිස් අරන් යන්නත් එක්ක එයා ආසම දෙයක් හදමු…”
“හිරුනි දූ මේ මොකද…”
“අම්මේ..good morning ….”
“Good morning දූ..ඔයා මොකද ඔය කරන්නේ..”
“අනේ බලන්නකෝ ලොකු නෝනේ මං උයන්නම් කියලා කිව්වාට මේ පුංචි නෝනෙ අහන්නේ නෑනේ…”
“හරි හරි පුංචි නෝනට උයන්න කියලා උඹ ඉතුරු වැඩ ටික බලපන්කෝ….”

සංකේත්ගේ ගෙදර හිරුනිට කරන්න කිසිම වැඩක් තිබුනේ නෑ..ඉතිං සංකේත් ඔෆිස් ගියාම කෙල්ල හිටියේ ගොඩක් පාලුවෙන්..තමන්ගේ අතින්ම හදන කෑම කාලා සංකේත් ඔෆිස් යනවට තමයි හිරුනි ගොඩක්ම කැමති..ඒත් ඒකට අවස්ථාව නම් ලැබුනේ අඩුවෙන්…මොකද කුස්සියේ වැඩ රාජකාරි ශ්‍රියානි බාර දීලා තිබුනේ පොඩි නෝනා කියන ගෑණු කෙනාට..හිරුනි උදේ කුස්සියේ හිටියොත් හැමදම දෙන්නගේ කතාව මේක තමයි..කොහොමහරි හිරුනි උදේ කෑම ලැස්ති කරලා කාමරෙට ගියේ සංකේත්ව ඇහැරවන්න..

“මේ කුම්බකරණයා..නැගිටින්න නැගිටින්න..ඔෆිස් යන්න පරක්කු වෙනවා ඔයාට…”

හිරුනි ගිහින් සංකේත්ට කතා කරහම සංකේත්ට තව ටිකක් හොදට ඇදේ අනිත් පැත්තට හැරිලා නිදාගත්තා..

“අයියෝ..ආයෙත් නිදිද..සංකේත්..නැගිටින්නකෝ අනේ…”
“ඇයි වදේ..අනේ ඇත්තට මේ කසාදයක් බැදගෙන මට තියන වදයක්…”
“ආ එතකොට දැන් මාව වදයක් වෙලාද..”
“නැතුව..ඒකනේ මං මෙච්චර වෙලා කිව්වේ..ඉස්සර කොහොම හිටපු කොල්ලෙක්ටද අද මේ වගේ නස්පැත්තියක් වෙලා තියෙන්නේ…”
“ඇයි මොකද්ද දැන් ඔයාට වෙලා තියෙන්නේ..”
“මං ඒ දවස් වල කොයි තරම් සැපෙන් සතුටින් පිරි ජීවිතයක්ද ගත කරේ..කොහෙද ඉතිං මේ කසාදයක් බැදගත්තනේ මාත්.. මාස දෙකක් තිස්සේ හරියට හිතේ සැනසීමේ ඇති වෙනකල් නිදාගත්ත දවසක්වත් මට මතක නෑ…”
“අනේ ඇත්තට..ඔයා පවූ නේද මහත්තයෝ..”
“හ්ම්ම්ම්…පවු මේ අහිංසකයා…”

සංකේත් එහෙම කිව්වේ ඇද උඩ වාඩි වෙලා ඉදපු හිරුනිගේ උකුල උඩින් ඔලුව තියාගන්න ගමන්..

“මේ මොකෝ මේ..මාව වදයක් කිව්වේ එහෙනම්..යන්න යන්න..එහාට යන්න..මට වැඩ තියනවා..”
“ඒ ඉතිං ආදරේටනේ….”
“අපෝයි ඔව් ඔව්..යස ආදරේ…”
“හ්ම්ම්ම්…මේ සුදු අද මං ගෙදර එන්න ටිකක් පරක්කු වෙයි හොදද…”
“අනේ ඒ මොකද..මට පාලුයිනේ..ඉකමනට එන්නකෝ..”
“අද ඔෆිස් එකේ වැඩ ටිකක් තියනවා මැණික..”
“හ්ම්ම්..”
“ඔය ඉතිං මූණේ හැටි බලන්නකෝ…ඔහොම ඉන්න එපා..කෝ හිනාවෙන්න…”
“හරි හරි ඔයා ලැස්ති වෙන්න..පරක්කු වෙයි නැත්නම්…”

සංකේත් ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ඇවිත් කෑම කාලා ඔෆිස් යන්න එළියට ආවා..

“ඔයා ඉක්මනට එනවා නේද..”
“ඔව් මැණික..ඔයා පරිස්සමින් ඉන්න හොදද..”

සංකේත් හිරුනිගේ නළලට කිස් එකකුත් දීලා කාර් එකට නගින්න හදනකොටම හිරුනි සංකේත්ට ආයෙත් කතා කරා..

“ඔහොම ඉන්නකෝ ටිකක්…”
“ම්ම්..ඇයි හිරු…”
“මට තව කිස් එකක් ඕනි…”
“ආ මේ මොකෝ මේ…”
“දෙන්නකෝ අනේ..”
“පිස්සි….”

හිරූ කියපු නිසා සංකේත් හිරුනිට තවත් කිස් එකක් දිලා ගෙදරින් පිටත් උනා..සංකේත් නොපෙනි යනකල්ම හිරුනි ඒ දිහා බලාගෙන ඉදලා ගෙට ආවා…ටිකක් දවල් වෙනකොට ගෙදර ඉතුරු උනේ හිරුනියි ගෙදර වැඩට ඉදපු පොඩි නෝනයි විතරයි..සදීප ක්ලාස් ගිහින් තිබුනා..ශ්‍රියානිත් ගෙදර හිටියේ නැ..”හරිම කම්මැලියි..මොකද කරන්නේ….ම්ම්..තව දවස් දෙකකින් සංකේත්ගේ උපන් දිනේ..එයාට මුකුත් ගත්තෙත් නෑ..ටවුන් එකට ගිහින් ආවා නම් හරි..සංකේත්ට කියන්න ඕනි..නෑ නෑ..ඕනි නෑ..එයාට සප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න ඔනි..ගෙදර ඩ්‍රයිවර් ඇත්තෙත් නෑ..මට තමයි වාහනේ ඩ්‍රයිව් කරන්න වෙන්නේ..ම්ම්..මොකද කරන්නේ..යනවද නැද්ද…ගිහින් එමු ඉක්මනට..” හිරුනි කාමරේට ගිහින් ලෑස්ති උනේ සංකේත්ට ගිෆ්ට් එකක් ගන්න ටවුන් එකට යන්න හිතාගෙන..කෙල්ල කාමරෙන් එළියට අඩිය තියලා ආයෙත් කාමරේට ගිහින් එයගේ වෙඩින් ෆොටෝ එක අතට ගත්තා…”මගේ මහත්තයට මං මොනවද ගේන්නේ ආ..මේ ෆොටෝ එකේ නම් ගොඩක් ලස්සනයි..ලස්සනට හිනා වෙලා ඉන්නවා..හැමදාම මේ හිනාව ඔයාගේ මූණේ තියෙන්න ඕනි..මං ඔයා ළග නොහිටියත් ..තේරුනාද…අයි ලව් යූ සංකෙත් …” හිරුනි ෆෝටෝ එක පපුවට තුරුල් කරගෙන ටිකක් වෙලා ඉදලා ෆෝටෝ එක ආයෙත් තිබුන තැනින්ම තියලා කාමරෙන් එළියට ආවා..

“පොඩි නෝනා අම්මේ..ඔයා කොහෙද…”
“පුංචි නෝනෙ..මං මෙහේ..ඔය කොහේ යන්නද..”
“මං ටවුන් එකට ගිහින් එන්නම් පොඩි නෝනා අම්මේ..”
“ඒත් තනියම…”
“කෝ අද කවුරුවත් නෑනේ ඉතිං ..”
“වෙන දවසක ගියා නම් මොකෝ..ලොකු බේබිත් එක්කම..”
“සංකේත් එක්ක ගිහින් බෑ පොඩි නෝනා අම්මේ..බය වෙන්න එපා..මං ඉක්මනට එන්නම්..”
“පරිස්සමින් ගිහින් එන්න නෝනෙ එහෙනම්..බුදු සරණයි …..”

—————————————–

“හිතුවටත් වඩා ඉක්මනටම වැඩ ටික ඉවර උන නිසා හොදයි..නැත්නම් ගෙදර එන්න වෙන්නේ රෑ වෙලානේ..” සංකේත් හවස හතර විතර වෙනකොට ගෙදර ආවා..

“පොඩි නෝනා අම්මේ මොකෝ මේ පාර දිහා බලාගෙන කවදාවත් නැතුව..කෝ අපේ අම්මා…”
“ලොකු නෝනා ගෙදර නෑ බේබි…”
“හ්ම්ම්.ඉතිං ඇයි මේ මෙතන…”
“අපේ පුංචි නෝනේ බේබිට කතා කරේ නැද්ද..”
“අයියෝ පොඩි නෝන අම්මේ මං එයාට කෝල් කියක් නම් ගත්තද ඔෆිස් එකෙන් එන්න ලෑස්ති වෙලා..කෝ හිරූ..නිදිද..”
“පුංචි නෝනා ගෙදර නෑ බේබි..අද දවල් ටවුන් එකට ගිහින් එන්න කියලා ගියා..තාම ආවේ නෑ..මං මේ මග බලාගෙන හිටියේ ඒ හින්දා.”
“මොකක්..ඒ කියන්නේ හිරු තනියම…කොහොමද ගියේ.”
“කාර් එකෙ..”
“තනියම කාර් එක ඩ්‍රයිව් කරන් ගියා කියලද කියන්නෙ..ලයිසන් ගත්තට එයා කොහොමද තනියම යන්නේ…”

හිරුනි ගිහින් තියෙන්නෙ තනියම කියලා ඇහුවම සංකේත්ට දැනුනේ එයාගේ කකුල් දෙකත් පණ නැති වෙනවා වගේ..එක දිගට හිරුනිට කෝල් ගත්තත් උත්තරයක් ලැබුනෙ නැති හින්දා සංකේත් තවත් බය උනා…”හිරූ ඇයි මේ වගේ පණ්ඩිත වැඩක් කරේ.ෆෝන් එක අන්ස්වර් කරන්න ප්ලීස්…”

“ආ හෙලෝ..හිරූ..හිරූ..ඔයා කොහෙද ඉන්නේ..”

“………………”

“එතකොට කවුද මේ කතා කරන්නේ..”

“……………………………….”

“පොලිසියෙන්..ඉන්ස්පෙක්ටර්…මේ..මේ ෆෝන් එක අයිති මගේ වයිෆ්ට..කෝ එතකොට එයා..හිරූ කෝ…..”

“……………………………………………..”

“න්..නෑ..නෑ..එහෙම වෙන්නේ කොහොමද..බොරු..”
“ලොකු බේබේ..අනේ මේ මොකද….”

සංකේත්ගේ ෆෝන් එකත් බිමට වැටිලා සංකේත් එතනම බිම ඉන්නදවුනා..ඇස්වලින් කදුළු ගලනවා හෝ ගාලා..සංකේත් ඒ ඉන්න ඉරියව්වට හොදටම බය උන පොඩි නෝනා සංකේත් ළගට දුවලා ගියා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *