*****පළිගු **** 05

උන් ටික ගියාට පස්සෙ එතන ඉන්න හැම එකාම කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා මිසක් එකෙක්වත් අර ගුටිකාපු අහිංසයව නැගිට්ටවන්න ආවේ නෑ.අඩුමගානෙ යාලුවෙලා ඉන්නවා කියපු කෙල්ලවත් පැත්ත පලාතක නෑ.මම ම නැගිටින්න උදව් කලා ඉතින්.

“ඔයාට ගොඩක් පින් නංගි මාව බේරගන්න කතා කලාට.මගෙ යාලුවො තියා කෙල්ලවත් මං වෙනුවෙන් නොහිටපු වෙලාවෙ නංගි මන් වෙනුවෙන් කතා කලාට පින් ඒත් ඔයා මේ දැන්ම මේ ඉස්කෝලෙන් අයින් වෙලා යන්න නංගි නැත්තන් උන් ඔයාට මොනා කරයිද දන්නෑ.”

එහෙම කියද්දී නන් මගෙ මූණට ආවේ දගකාර හිනාවක්.එකක් මං කාටවත් බයේ මගෙ පාර වෙනස් කරන්නෙ නෑ, අනික මොන දේ කලත් චුටි අයියා එයාගෙ බෝනික්කිට සීරිමක්වත් වෙන්න දෙන්නෙ නෑ කියලා මං හොදටම දන්නවා.එයා මාව රිද්දුවට වෙන කිසිකෙනෙක්ට මාව රිද්දන්න මගෙ අයියණ්ඩි ඉඩතියන්නෙ නෑ.

“අයියා ඒ ගැන කරදර වෙන්න එපා.”

“ඔයා මේක සැහැල්ලුවට ගන්න එපා නංගි.”

“හරි ඒවා පස්සෙනෙ දැන් කියන්නකො අයියට ඔහොම තනියම ගෙදර යන්න පුලුවන්ද කියලා.”

“මට පුලුවන් ඒත්….”

කොල්ලට ඉතුරු ටික සම්පූර්ණ නොදීම කෙල්ල එතනින් නැගිටලා ආවේ එකම ටික නැවත නැවතන් අහන එක කෙල්ලගෙ පුරුද්දක් නොවෙන නිසයි.

ආරාද්‍යා ස්කූල් ගේට් එකෙන් එලියට ඇවිත් ටික දුරක් ගියාටත් පස්සෙයි සෙනේශ් යි මිතුලි යි දෙන්නා කෙල්ල ලගට ආවේ.

“ආරු ඇයි එපා කියද්දි උන්ගෙ මැද්දට පැනලා කෑගැහුවෙ…?
දැන් තරහට උන් මොනවා නොකරයිද…?”

“ලගින් ඉන්න ඕන වෙලාවෙ පැත්තකටවත් නාපු ඔයාලා දෙන්නා දැන් මගෙ පරිස්සම ගැන වදවෙන්න එපා සෙනේශ් මට මං ගැන බලාගන්න පුලුවන්.”

“තේරුම් ගන්න ආරු අපි නෑවිත් හිටියේ ඔයාව අතෑරලා දාලා නෙවෙයි උන් එක්ක අපිට කරන්න දෙයක් නැති නිසයි.”

“අද ඒ කොල්ලට වෙච්ච දේ හෙට මට උනත් ඔච්චරනෙ සෙනේශ් ඔයාලා ඔය වගේම බලන් ඉදීවි.යාලුකම කියන්නෙ ඕකටද….?
කරදරේකදි දාලා එක යාලුකමට නෙවෙයි මනුස්සකමටත් නින්දාවක්.”

මං තරහෙන්ම කියලා දැම්මා.ඇයි වදේ මැර වැඩ කලත් චුටි අයියගෙ රස්තියාදුකාර යාලුවො සෙට් එක මීට වැඩිය ග්‍රේට්.අපායට යන්න හරි උන් හැමෝම එකට ඉන්නෙ.අනේද මේ වගේ පාප මිත්‍රයො.

සෙනේශ් යි මිතුලි යි එතන මගෙ නම තරගෙට පාඩන් කරද්දි මං එහෙමම එතනට ආපු බස් එකට නැග්ගා.

————————————————————–

මං ගේ ඇතුලට ආවේ නැන්දිට කතා කරගෙනමයි.

“නැන්දි ඔයාගෙ චුටි දෝනි ආවා.”

“මොකද්ද දෝනි මෙ ඉස්කෝලේ දි ඔයා කරා කියලා මේ අක්කා කියන්නෙ.”

නැන්දා ට ඒක කියලා කටගන්න හම්බුනේ නෑ අක්කා ආවෙ හරියට ආවේස වෙච්ච ලෙංචිනා වගේ.

“අහන්න පුංචි මෙයාගෙන් ඉස්කෝලෙදි නටපු නාඩගම ගැන.මෙයා මේ කොහෙවත් ඉන්න එකෙක් වෙනුවෙන් ආදිත්‍යව ලැජ්ජ කරා ඉස්කෝලේ හැමෝම ඉස්සරහා.”

“අක්කි ඩෝන්ට් ෂවුට් ලයික් අ බාස්කට් වුමන්.වෙච්ච දේ නොදැනද ඔයා කතා කරන්නෙ.එතන චුටි අයියා කලේ වැරැද්දක්.ඔයා එයාට හොද ගෑනි වෙන්න එයාගෙ වැරදි වැහුවට මම ඒක කරන්නෙ නෑ.චුටි අයියා නෙවෙයි අම්මා,තාත්තා උනත් වැරැද්දක් කරා නන් ඒක වැරදිම තමයි.මං ඔයාට හොදින් කියන්නෙ චුටි අයියට එයාගෙ ජීවිතේ විනාස කරගන්න උදව් දෙන්න එපා.”

“ඔයා කියන්නෙ ආදිත්‍යව විනාස කරන්නෙ මමයි කියලද ආරාද්‍යා….?”

“අපොයි නෑ උත්තරා චුටි අයියගෙ ජීවිතේ ඇතුලෙ එච්චර දෙයක් කරන්න පුලුවන් කමක් ඔයාට නෑ.”

එයාට රිදෙන්නත් එක්කම එහෙම කියලා කාමරේට ඇවිත් මං දොර වහාගත්තා.බුදුකිරි අප්පොච්චියේ තව ටිකකින් බයවෙලාම මගෙ පිලමන්ට් එක ගහලා යනවා.මේන් මේකා ඒ කියන්නෙ මගෙ චුටි අයියණ්ඩි මගෙ කාමරේ ඇතුලේ.

මෙයා රව රව ඇවිත් ආයේත් මගෙ උරිස් වලින් අල්ලගත්තෙ නැතැයි රිදෙන්නම.මෙයාට මගෙ උරිස් දෙකත් එක්ක ලොකු අවුලක් තියෙන පාටයි නැත්තන් ඉතින් මෙච්චම රිදෙන්නෙ අල්ලයිද…?

“තමුසෙට මන් මේ අන්තිම හොදින් කියන්නෙ තමුසෙට තමන්ගෙ පාඩුවේ තමන්ට අදාල දේවල් විතරක් කරනවා අනුන්ගෙ කුනු කන්දල් වලට ඇගිලි නොගහා එහෙම නොකලොත් මං තමුසෙට මොනවා කරයිද දන්නෑ.”

“ආව් චුටි අයියේ ඔයා දෙයක් හොදින් කියද්දි මට මේ තරන් රිද්දනවා නන් නරකින් කිව්වොත් මාව මැරෙයිද මන්දා.”

මං අයියගෙ තර්ජනය ගානකට නොගෙනම කියවද්දි තවත් යකා නැග්ගා අයියට.ඒත් ඉතින් මෙයා මට අත උස්සන්නෙ නෑ කියන්න මං දන්නවනෙ.වෙනදා වගේම තමයි මාව පැත්තකට තල්ලු කරලා දාලා එයා යන්න ගියා.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *