****පළිගු **** 09
ආරාද්‍යා කොල්ලට රිද්දන්නත් එක්කම රෑට කන්නත් පල්ලෙහාට නොගිහින් ඉන්නයි හැදුවෙ.ඒත් මූණත් රකුසෙක්ගෙ වගේ හදාගෙන කාමරේට ආව ආදිත්‍ය කෙල්ලව ඇදගෙන පල්ලෙහාට ආවේ කෙල්ලට බැන බැන.
“තමුසෙ බඩගින්නෙ ඉන්නෙ කාට රිද්දන්නද….?
තමුසෙගෙ වැඩ නිසා මේ ගෙදර අනිත් උන්වත් බඩගින්නෙ තියන්නද හදන්නෙ.”
“ඔයා දවල් කිව්වා වගේ මේ ගෙදර අනිත් අය කන්නෙ මගෙ කටින් නෙවෙයිනෙ අයියේ.බෙහෙත් බොන්න ඕනෙ නිසා නැන්දි කොහොමත් කෑම කනවා.උත්තරා ට ඉතින් මං කෑවා නොකෑවා කියලා අවුලක් කොහොමත් නෑනේ.ඔයා ඉතින් මං නොකෑවා කියලා නොකා හිටියේ ඉස්සරනෙ දැන් එහෙම නෑනේ.ඉතින් කවුරුත් බඩගින්නෙ ඉන්නෙ නෑනෙ මං නිසා.මට ඕනෙ නෑ කෑම කන්න මං යනවා.”
එහෙම කියලා යන්න හදද්දි චුටි අයියා මගෙ අතින් ඇදලා අරං එතනම තිබ්බෙ පුටුවෙ වාඩි කෙරෙව්වා.
“පන්ඩිත කතා පැත්තකින් තියලා කනවා.”
මටත් තර්ජනය කරලා එයත් ගොඩ කාලෙකට පස්සෙ කෑම කන්න මේසෙට වාඩි උනා.ඒ සතුටට වෙන්නැති නැන්දගෙ ඇස්වලට කදුලු පිරුනේ.මගෙ කේන්තිය නිවුනෙ ඉබේටමයි.මොකද මං නොකෑවම කැවෙන්නෙ නැත්තෙ මෙයාට කියලා මං දන්නෙම නෑනේ.
______________________________________
මං ස්කූල් යන්න ලෑස්තිවෙලා පහලට බහිද්දි පහලට වෙලා හිටපු ආකාශ් අයියව දැක්කම උන්හිටිතැන් අමතක උනා සතුටට මෙයා ඉතින් මට මගෙම අයියා වගේ තමයි.මං දුවන් ගිහින් කෑගහගෙනම ආකාශ් අයියගෙ අතේ එල්ලුනා.
“ආකාශ් අයියා.කොහෙද ඔයා මෙච්චර දවස් ගිහින් හිටියේ….?”
“මං ටික දවකට වත්තට ගිහින් හිටියෙ සුදු නංගි තාත්තාගෙ වැඩකට.ඔයා ආපහු ආව එක ලොකු දෙයක් පැටියෝ.”
“ඒ ඇයි.”
මාත් ඇහුවා ඉතින් පුලුවන් තරම් හුරතල් වෙලා.ඇයි ඉතිම් මං ආකාශ් අයියගෙ අතේ එල්ලිච්ච වෙලාවෙ ඉදන් මෙයා රවනවනෙ ඉවරයක් නැතුව.ආකාශ් අයියත් දැක්කද කොහෙද මෙයාගෙ රැවිල්ල.
“සුදු නංගි නැතුව මං පාලුවෙන්නෙ හිටියේ.”
ආකාශ් අයියත් ඒක කිව්වා හරි ආදරේ හිතෙන තාලෙට.මෙන්න බොලේ මටත් රවලා මෙයා ගස්සගෙන එලියට ගියපි.ආකාශ් අයියත් මගෙ දිහා ඇහැකුත් ගහලම චුටි අයියගෙ පස්සෙන් ගියා.
චුටි අයියව තවත් කෑගස්සවන්නත් එක්ක ස්කූල් යන ගමන් මායි ආකාශ් අයියයි රටේ නැති දේවල් කියව කියව ගියා අර දෙන්නා කියලා පේන්නෙත් නෑ වගේ.
මතුසම්බන්ධයි