***පළිගු***  13

“ආකාශ් මගෙ බෝනික්කි කීව්වද මොකද්ද ප්‍රශ්නෙ කියලා.”

ආදිත්‍ය නොයිවසිල්ලෙන් ප්‍රශ්න කරද්දි ආකාශ්ගෙ මූණට දගකාර හිනාවක් ආවේ ආරාද්‍යා කියපුවා මතක්වෙලා.

“ඒක මේ එච්චර දෙයක් නෙවෙයි බන් පොඩි ලව් ෆයිට් එකක්.”

“ලව් ෆයිට් එකක් කාත් එක්කද….?”

ආදිත්‍ය ඇහුවෙ මුලු ලෝකෙම නැතිවෙලා වගේ.අඩන්න ඉන්න පොඩි එකෙක්ගෙ වගෙයි කොල්ලගෙ මූණ.අනේ ඉතින් ඉස්කෝලේම හොල්ලන් ඉන්න මේ වගේ චන්ඩියෙක්.ආකාශ් ට දුක නොහිතුනා නෙවෙයි.ඒත් ආරාද්‍යා කියනවා වගේ මේක විසදන්න වෙන විදිහක් නැති නිසා ආකාශ් ගොතාගත්ත බොරුව එහෙමම කියලා දැම්මා.

“වෙන කාත් එක්කද බන් අර සෙනේශ් කියන එකත් එක්ක.ඌ උඹේ අනාගත මස්සිනා වෙන්නනෙ ලෑස්තිය.”

හිතේ දුකටයි කේන්තියටයි අතමිටි මෙලවෙද්දි කොල්ලා එහෙමම අතින් බිත්තියට ගැහුවා.

“යකෝ උඹට පිස්සු හැදිලද ගොනෝ ඔය අතින් ලේ එනවා නේද මී හරකො නවත්තපන්කො ඕක.”

“කියපන් මගෙ පොඩි එකී එච්චර අඩන්න තරම් අරූ කරලා තියෙන්නෙ මොකද්ද කියලා.මං මරනවා ඌව මගෙ කෙල්ලව අඩවලා තිබ්බොත්.”

කෙල්ලට
“දැන් උඹ තියෙන ඔක්කොම ශක්තිය දාලා බිත්තියට ගැහුවෙ අරූ සුදු නංගිව ඇඩෙව්වටද නැත්තන් ඒකිව උඹට නැති වෙච්ච එකටද….?”

ආදිත්‍ය ආකාශ් දිහා රවලා බලලා උත්තරයක් නොදීම යන්න ගියේ තවමත් අත්වලින් ලේ ගලද්දි.

______________________________________

උඩට වෙලා ඒ සේරම බලන් හිටපු ආරාද්‍යාගෙ ඇස්වල කදුලු පිරුනේ ආදිත්‍ය අතින් ලේ එද්දියි.ආදිත්‍ය ලගට ගිහින් අතට බෙහෙත් දාන්න උවමනා උනත් කෙල්ල අමාරුවෙන් හරි ඉවසන් හිටියේ මේ ලගට ගියොත් වෙන්නෙ තවත් කේන්ති අරං මොකක් හරි හිතුවක්කාර වැඩක් කරගන්න එක කියලා හොදටම දන්න නිසයි.

ආරාද්‍යා කොල්ලගෙ අතට බෙහෙත් දාන්න ගියේ කොල්ලා නිදාගත්තට පස්සෙයි.නැත්තන් කියටවත් චුටි අයියා බෙහෙත් දාන්න ඉඩදෙන්නෙ නැති නිසා.පුංචි එකෙක් වගේ ඇද ලග බිමින් වාඩි වෙලා පරිස්සමට අතට බෙහෙත් දැම්මෙ ආදිත්‍ය ඇහැරෙන්නෙ නැති වෙන්න.කොච්චර චන්ඩියා උනත් මොකද තුවාලෙකට බෙහෙත් ටිකක් දාන්න ගියොත් පොඩි උන්ට අන්තයි.

ආදිත්‍ය උදේ නැගිටලා බලද්දි අතට බෙහෙත් දාලා තියෙනවා දකිද්දි කොල්ලගෙ ඇස්වල කදුලු පිරුනා නොදැක්කත් කොල්ලා දන්නවා මේ විදිහට බෙහෙත් දාන්නෙ කෙල්ල කියලා.

ආදිත්‍ය ඉස්කෝලෙ යන්න ලෑස්ති උනේ.කෙල්ලව තනියම යවන්න තිබ්

හ්ෆ්ඩ්ඩ්බ බය නිසා මිසක් කොල්ලට ඇදෙන් නැගිටින්නවත් හිතක් නෑ.ආරාද්‍යාගෙන් තොරව හුස්මක්වත් ගන්න නොදන්න කොල්ලට කෙල්ලව නැති උනා කියන එක දරාගන්න ශක්තියක් තිබ්බෙ නෑ.

______________________________________

“මොකෝ ආරු අද අප්සට් මූඩ්…?”

සෙනේශ් අහන්නෙ ඊයේ ඉදන් වෙච්ච දේවල් නිසා හෙන ගහපු පොල් ගහක් වගේ තිබ්බ මගේ මූණ හින්දා වෙන්නැති.

“ඇයි සෙනේශ් ඊයේ අර තරම් දෙයක් වෙච්ච වෙලාවෙ ඔයා හිටියෙ නිදියගෙනද….?”

“ඔයාගෙ නැන්දා ගැන මිසක ඔයා ඊයේ කිව්ව චුටි අයියා ගැනවත් ඔය අවුල අපි දන්නෙ නෑනේ.ඔයා කියලා තිබ්බෙත් නෑනෙ.”

“වෙරි සොරි සෙනේශ්.වෙච්ච දේවලුත් එක්ක මං අවුලෙන් ඉන්නෙ සොරි ඔයාට කෑගැහුව එක වැරදියි.”

“ඉට්ස් ඕකේ ආරු.”

“මං ක්ලාස් එකට යනවා සෙනේශ්.”

සෙනේශ් එක්ක කතා කරන්න මූඩ් එකක් නැති නිසාම මං පන්තියට ඇවිත් ඩෙස් එකෙන් ඔලුව තියා ගත්තා.වැඩිවෙලා එහෙම ඉන්න නොලැබුනේ හති දාගෙන පන්තියට දුවන් ආපු මිතුලි නිසා.බයටද මහන්සියට ද මන්දා ඒකිට කතා කරගන්නත් බෑ.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *