***පළිගු*** 14
(සෙනේශ් ,ආදිත්‍ය ගෙන් ගුටි කනකන් බලන් හිටපු හැමෝටම ගොඩක් සිදෙයි ඈ.)
***පළිගු*** 14
“අ…අර ආදිත්‍ය අයියා….ආදිත්‍ය අයියා….අර අරලිය ගහ ලග……..”
“හරී ආදි අයියා ඝහ ලග මොකද ඉතින් කියපන්කො ගොත ගහන්නැතුව.”
මේකිගෙන් ඕක අහගන්න ගියොත් හෙට එලිවෙනවා.ඕන දෙයක් කියලා මං ඒකිව එතනම දාලා දිව්වෙ චුටි අයියා සෙනේශ්ට ගහනවා වත්ද කියලා බයේ.අරලිය ගහ තිබුනෙ ඉස්කෝලේ එහා කෙරවලේම වගේ මං එතනට යද්දිත් ඉස්කෝලේ ඔක්කොම එතනට වටවෙලා.මං කට්ටියගෙන් ඉඩ අරං ඉස්සරහට ගියෙත් අමාරුවෙන්.
චුටි අයියගෙන් ගුටිකන සෙනේශ්ව දකින්න බලාපොරොත්තු උනත් දැක්ක දේ නිසා මට දැනුනෙ කලන්තෙ හැදෙන්න වගේ.මුලු ඇගම ලේ වලින් වැහිලා එතන වැටිලා හිටියේ චුටි අයියා.ආකාශ් අයියා වතුර ඉහ ඉහ චුටි අයියට සිහිය ගන්න දගනවා.
මට දැනුනේ මගෙ හුස්ම ටික නතර උනා වගේ.මං ලග හිටපු උත්තරා වත් තල්ලු කරගෙන ගිහින් චුටි අයියා ලග දනගහාගත්තා.චුටි අයියව මගෙ උකුල උඩට ගත්තෙ අඩ අඩ.චුටි අයියගෙ යාලුවො වගේම අනිත් හැමෝමත් බලන් හිටියේ හුස්ම හිරවෙලා වගේ.
“අනේ ඇස් අරින්නකො චුටි අයියේ මාව බය නොකර.මේ බලන්න ඔයාගෙ බෝනික්කි අඩනවා.ඔයා කැමති නෑ නේද ඒකට..?
එහෙනන් ඇස් අරින්න ප්ලීස්.”
මං අඩ අඩම අයියව තුරුල් කරන් අඩද්දි යාන්තම් අයියා කෙදිරි ගෑවා.අයියගෙ එහෙමම මගේ ඉනවටේ තද වෙද්දි මං අයියව තවත් තුරුල් කරගත්තා.
“අ…අනේ ආකාශ් අයියා අපි චුටි අයියව හොස්පිට්ල් ගෙනියමු ප්ලීස් අනේ.”
“ඉන්න බබා බය නොවී අරුන් ගියා වෙහිකල් එකක් ගේන්න.ඔයාගෙ ආදරේ තියෙනකන් මූට මුකුත් වෙන්නෙ නෑ ඩෝන්ට් වොරි.
මචං මූව උස්සපන් යකෝ ගල්වෙලා වගේ බලන් ඉන්නැතුව.”
චුටි අයියගෙ යාලුවො විතරක් නෙවෙයි අනිත් හැමෝමත් මගේ හැසිරීමත්,ආකාශ් අයියා කියපු දේවලුත් නිසා ෆුල් හොල්මන් වෙලා හිටියේ.මාත් එහෙමම චුටි අයියත් එක්කම යන්න හදද්දි සෙනේශ් ඇවිත් මගෙ අතින් අල්ලලා මාව නවත්ත ගත්තා.ඒ ඇස්වල පුදුමය වගේම ලොකු දුකකුත් මං දැක්කා.ඒත් මේ වෙලාවෙ ඔය හැමදේටම වැඩිය මට මගෙ චුටි අයියගෙ ජිවිතේ.මං සෙනේශ් ගෙ අතගසලා දාලා එහෙමම දිව්වෙ වාහනේ ලගට.අනිත් හැමෝම කට ඇරන් බලන් ඉද්දි ආකාශ් අයියා කතා කරා.
“කමක් නෑ බබා ඔයත් එන්න යන්න.”
කියන පරක්කුවෙන් කාර් එකට නැගලා මම චුටි අයියව ආයෙත් මගෙ උකුලට ගත්තා.
‘අනේ ඔයාට මොනාවත් වෙන්නෙ චූටි අයියේ ඔයාගෙ බෝනික්කි ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ.ඔයාව බෑ එහෙම මාව තනියම දාලා යන්න.’
ආරාද්‍යා අඩාඅඩාම කොල්ලවත් කොල්ලවත් තුරුල් කරන් හිතුවා.කොල්ලව හොස්පිට්ල් එකට ගෙනාවට පස්සෙයි කෙල්ල ආකාශ් ලගට ගියේ.
“අයියේ කොහොමද දෙයක් උනේ.කරාටි බ්ලැක් බෙල්ට් තියෙන මගෙ චුටි අයියට අත උස්සන්න තරන් හිටපු එකා කවුද…?”
කෙල්ල ඇහුවෙ ඇස්වල කේන්තිය උතුරද්දි යි.
“උනේ කොහොමද මොකද්ද කියලා අපිත් හරියටම දන්නෙ නෑ බබා.මූ තනියමනෙ ඒ පැත්තට ගියේ අපි හොයාගනිද්දිත් ඌ ඔහොම වැටිලා හිටියේ.ඔයාට වගේම මටත් හිතා ගන්න බෑ මූට ගහන්න තරම් වෙච්ච එකා මොකාද කියලා.”
“ආකාශ් අයියේ…….”
“ඔයා කියන්න හදන දේ දන්නවා බබා.ඩෝන්ට් වොරි කොහොමත් මුගේ ලේ හොල්ලපු එකාව අපි ඉතුරු කරන්නෙ නෑ.”
______________________________________
ගෙවිච්ච පැය දෙක තුන මට දැනුනෙ පැය දෙක තුනක් වගේ.කවුරුහරි මගෙ ලගින් ඇවිත් හිටගන්නවා වගේ දැනුනත් ඔලුව උස්සලා බලන්න තරම් මට සිහියක්වත්,උවමනාවක්වත් මට තිබ්බෙ නෑ.ඒත් වැඩිවෙලා එහෙම ඉන්න නොලැබුනේ ආපු කෙනා කවුරු උනත් මාව නැගිට්ටවගෙන මාළු කෑල්ලක් වගේ හොල්ලන්න ගත්ත නිසා.මාව අල්ලගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි සෙනේශ්.
“කතා කරනවා ආරු තමුසෙට මොකද්ද ආදිත්‍ය කියන එකත් එක්ක තියෙන සම්බන්ධෙ ඌව තුරුල් කරන් අඩන්න තරම්….?”
“සෙනේශ් අතෑරපන් ඔය පොඩි එකීව මං මේ අන්තිම හොදින් කියන්නෙ.”
“උඹ පැත්තකට වෙයන් ආකාශ් මට අද ආරුගෙන් හැමදේම දැනගන්න ඕනේ.”
“ඔය තරම් බොරුවට කෑගහන්න එපා සෙනේශ් ආදිත්‍ය කියන්නෙ මගෙ චුටි අයියා.”
චුටි අයියගෙ යාලුවන්ගෙ වගේම සෙනේශ් ගෙත් කට ඇරුනා ඒක ඇහුවම.ආරාද්‍යාගෙ උරිස් වල තිබ්බ සෙනේශ්ගෙ අත් තවත් තද උනා.කොල්ලට මතක් උනේ එදා චූටි අයියා නිසා කියලා මහා පාර මැද්දේ අර මනුස්සයෙක්ට කෑගහපු එක.
“ඌ ඔයාගෙ චුටි අයියා විතරක්මද ආරු…?”
සෙනේශ් ඇහුවෙ කෑගහලා වගේ.
ආරාද්‍යාට හිතාගන්න බෑ එකපාර මේ සෙනේශ්ට හැදිච්ච පිස්සුව මොකද්ද කියලා.ඒත් කෙල්ල උත්තර දුන්නා.
“ආදිත්‍ය කියන්නෙ මගෙ චුටි අයියා විතරක් නෙවෙයි මගෙ මුලු ජීවිතේම එයා තමයි.”
කෙල්ලගෙ උරිස්වල තිබ්බ සෙනේශ්ගෙ අත් පහලට වැටුනේ ඉබේටමයි.
මතුසම්බන්ධයි