***පළිගු*** 15
එදා ඒ මනුස්සයට ආරූ කියපු වචනයක් වචනයක් ගානේ මතක් වෙද්දි සෙනේශ් ඇගම පනනැති උනා වගේ එතනම වාඩි උනා.එතකොටමයි නර්ස් කෙනෙක් ඇවිත් ආකාශ්ට කතා කලේ.ආරාද්‍යාත් නැගිටලා එතෙන්ට දිව්වෙ කලබලෙන්.
“අනේ නර්ස් ආදිත්‍ය කොහොමද ඌ හොදින් නේද…?”
“එයාගෙ තුවාල වලට බෙහෙත් දාලා තියෙන්නෙ දැන් ප්‍රශ්නයක් නෑ.ඔයාලගෙන් කාටද පේෂන්ට් බෝනික්කි කියලා කතා කරන්නෙ…?”නර්ස් අහන්නෙ මිතුලියි මායි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.මං ඉස්සරහට ආවෙ ඒ මමයි කියලා වචනයෙන් නොකියා.
“ඔයා ඇතුලට එන්න.අවසිහියෙනුත් එයා හෙව්වෙ ඔයාව.අනිත් අයටත් ඇතුලට යන්න ඒත් ලෙඩාව වැඩිය මහන්සි කරවන්න එපා.”
නර්ස් කියන පමාවට මං දොර ඇරගෙන මං ඇතුලට ගිහින් චුටි අයියගෙ තුවාල ගනන් ගන්නෙත් නැතුවම ගිහින් අයියගෙ බෙල්ල බදාගත්තා.පැත්තකින් ාඅපු හිනා සද්දෙකටයි මං හැරිලා බැලුවෙ.මල ජංජාලයයි.ඩොකා එතනට වෙලා හිනාවෙනවා.චුටි අයියගෙ මූණෙත් තිබ්බෙ දගකාර හිනාවක්.ෂිට් වහා කන්න හිතෙනවා.මං ඇතුලට එද්දි මේ යකා ඉන්නවා නිකමටවත් දැක්කෙ නෑනෙ.
“ඔය දරුවගෙ හුස්ම හිරවෙයි දරුවෝ බෙල්ල චුට්ටක් අතාරින්න.”ඩොකා ඒක කිව්වෙ නෝන්ඩියට වගේ හිනාවෙලා.මාත් ඉතින් ටක් ගාලා බෙල්ල ඇතෑරියා.
“සොරි ඩොක්ටර් ,සොරි චුටි අයියේ.”මං දෙන්නටම සොරි කියලා කිව්වෙ බිම බලාගෙන මූණත් රතු කරන්.
“ආ මේ ඔයාගෙ චුටි අයියද…?
ඒත් මෙයා සිහිය නැතුව ඉද්දිත් ඔයාව හොයපු විදිහටයි,ඔයා ඇවිත් බෙල්ල බදාගත්ත විදිහටයි මං හිතුවෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්නැති කියලා.”ලාවට හිනාවෙන ගමන් ඩොක්ටර් කියද්දි මට හිතුනෙ පොලව පලාගෙන ගිහින් හැංගෙන්න.
හැයි යකූ මේ වගේ නෝන්ඩියක් ජීවිතේටම වෙලා තියෙනවද.ඔක්කොටම හපන් මෙයා මෙච්චර ගුටිකාලා ඔලුවයි,අත පයයි ඔක්කොම බැන්ඩේජ් කරන් ඉන්න ගමනුත් හිනාවෙන ලස්සන.ගහපු එකා මොකා උනත් ගහලා තියෙනවා මදියි.මට දැන් හිතෙන්නෙ එහෙම.ඩොකා කියපුවා ඇහිලද මන්දා ඇතුලට ආව ආකාශ් අයියත් හිනාවෙනවා.දෙන්නටම හිතේ හැටියට රවලා මං එලියට ආවෙ ආකාශ් අයියා මට කතා කරද්දිමයි.
චුටි අයියගෙ තත්වෙ එච්චර අමාරුවක් නැති නිසාම ගෙදර යන්න හිතුවෙ.අයියගෙ ලගටම වෙලා ඉන්න කියලා හිත බල කරත් මෙච්චර කල් එයා මට රිද්දපුවට රිටර්න් එකක් නොදුන්නොත් හිතට මදියි මදියි වගේ නිසා.කොහොමත් පුංචි කාලේ ඉදන් මට තිබ්බෙ එකට එක කරන පුරුද්දක්.
______________________________________
ගෙදර ඇවිත් වොෂ් එකකුත් දාගෙන මං ඇද බදාගත්තා.හොද වෙලාවට මං ගෙදර එද්දි නැන්දි නොහිටියේ.එහෙම උණානන් මගෙ ඇදුමෙ තිබ්බ ලේ ටික දැකලා එයා හාර්ට් ඇටෑක් හදාගන්නවා.ඇදත් බදාගෙන මං කල්පනා කලේ දැන් කොහොමද නැන්දිට චුටි අයියා හොස්පිට්ල් ඉන්නවා කියලා කියන්නෙ කියලා.
මට එහෙමම නින්ද යන්නැති.මට ඇහැරුනේ කවුරු හරි ඉස්සරහා දොරට ගහන සද්දෙට.මං ගිහින් දොර ඇරියේ දොර කඩන්න හදන එකාට හොද දෙකක් කියන්න හිතාගෙන.දොර ලග හිටියේ සෙනේශ්.ඇසුත් රතුවෙලා මේකා අඩලද මන්දා.මාව දැක්ක ගමන් මේකා මාව තුරුල් කරගත්තෙ මං හරියට උගේ බූදලයක් කියලා හිතාගෙන වගේ.
“සෙනේශ් පිස්සු හැදිලද ඔයාට අතාරින්න මාව.”
“ඔව් පිස්සු හැදිලා තමයි මට.තමුසෙ තමයි මට පිස්සු හැදෙව්වෙ.වෙරි සොරි ආරූ මට ඔයාව වෙන කාටවත් දෙන්න බෑ.ඔයා මගේ.මගේ විතරමයි.”
සෙනේශ් මාව තවත් තදින් තුරුල් කරගෙන කියවනවා.මේකට දෙකක් ගහලා පැත්තකට කරන්න පුලුවන් කම තිබ්බත්.මූණ දැක්කම ගහන්න නොහිතුන නිසාම මං කතා කරේ ඉවසීමෙන්.
“සෙනේශ් පිස්සු නටන්නැතිව මාව අතාරින්න.”
“මං අතාරින්නෙ නෑ ආරු.ඔයා මගේ ආදරෙයි මං ගොඩක්.ප්ලීස් මට බෑ ඔයාව නැති කරගන්න.”
“විකාර කරන්න එපා සෙනේශ් එහාට වෙන්න.”
මං එහෙමම සෙනේශ් ව පැත්තකට තල්ලු කරා.
“ඔයාට අත උස්සන්න මට ඉඩතියන්න එපා සෙනේශ් මගෙ හොදම යාලුවා වෙච්ච ඔයාට ගහන්න මං කැමති නෑ.ඔයා දැන් මෙතනින් යන්න.”
“ඔයාට ඔහොම කරන්න බෑ ආරු.ඔයාට ආදරෙයි මං ඒක තේරුන් ගන්න.”
“ඔයා මගේ යාලුවෙක් විතරයි ඔයා ඒක තේරුම් ගන්න සේරටම කලින්.”
මතුසම්බන්ධයි