***පළිගු*** 16
මොනවා කරන්නද කියලා නොතේරෙන තරමට හිත අතරමං වෙලා.සෙනේශ් මට මේ තරන් ආදරේ කරන්න හේතුවක් මටම හිතාගන්න බෑ.මං කවදාවත් එහෙම දෙයක් ගැන හිතුවෙවත් නෑ.වැඩිවෙලා හිත හිත ඉන්න උනේ නෑ උත්තරා ගින්න දීලද කොහෙද නැන්දගෙ කෑගැහිල්ල සාලෙන් ඇහුනෙ.
“අනේ සුදු දුව මගෙ දරුවා හොදින්ද රත්තරන්….?”
“කලබල වෙන්න එපා නැන්දි චුටි අයියට එච්චර අමාරු නෑ.”
“ඔයා කොහොමද කියන්නෙ ආදිත්‍යට අමාරු නෑ කියලා ඔයා නිසා තමයි මේ සේරම තමුසෙ දන්නවද මගෙ ආදිත්‍යට ගහලා තියෙන්නෙ අර සෙනේශ් කියන එකා කියලා.”
“සුදු දුව ඇත්තද මේ අක්කි කියන්නෙ…..?”
“මං දන්නෑ නැන්දි.ඒත් මං ඒක එයාගෙන්ම දැනගෙන එන්නන්.”
නැන්දා යන්නෙපා කියලා කෑගහද්දිම මං එලියට බැස්සෙ ඇත්ත දැනගන්න එක ඒ තරම් හදිස්සි නිසා.හිතේ තිබ්බ තරහට ආවාට මොකද සෙනේශ්ගෙ ගෙදර අයට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා.
“මේ දරුවා කාවද හොයන්නෙ….?”
“ආන්ටි මේ සෙනේශ්ගෙ ගෙදරද….?”
“ආ ඔව් එන්න දරුවෝ ගෙට පුතා ඉන්නවා.මේ ආරාද්‍යා දුවද….?”
“ආ….ආන්ටි කොහොමද මගෙ නම දන්නෙ….?”
“පුතාගෙ කටේ මේ දවස්වල තියෙන්නෙම ඔයාගෙ නම දරුවෝ.”සෙනේශ්ගෙ අම්මා හිනාවෙලා කියද්දි මට දැනුනේ උගුරෙ මොනවා හරි හිර උනා වගේ.
“පුතා මේ බලන්න ආරාද්‍යා දුව ඇවිත්.”ආන්ටි එතනම ඉදන් සෙනේශ්ට කතා කරා.
“බබාට උඩට එන්න කියන්න අම්මා මං වැඩක්.”
සෙනේශ් උත්තර දුන්න තාලෙට මගෙත් ඇස් ලොකු උනා.ඇයි යකූ මං කවද්ද මෙයාගෙ බබා උනේ.අනික අම්මා ඉන්නවා කියලවත් ගානක් නැතුව ඒක කියපු ලස්සන.
“යන්න දුව උඩට එයා ඔය මොකක් හරි වැඩක ඇත්තෙ.”ආන්ටිත් කිව්ව නිසා මං ඉතින් උඩට ඇවිත් කාමරේ දොරට තට්ටු කලා.
ආරු ඔය තරම් හයියෙන් දොර කඩන්න හදන්නෙපා බබා.මගෙ කාමරේ දොර ඔයාට ඕන වෙලේක ඇරිලා.
මේකටනන් අද අමු කැවිලද කොහෙද කියවන්නෙම විකාර.මාත් ඉතින් ඇතුලට ගියා ආපු එකේ ඇත්ත දැනගෙනම යන්න ඕනෙ නිසා.වැඩක් කියලා හිතුවට කොහෙද මේ යකා ඇද බදාගත්තු ගමන්නෙ.
“මොකද වැඩක් කියලා බොරු කිව්වෙ…?”
“එහෙම නොකලා නන් ඔයා මගෙ කාමරේට එන්නෙ නෑනෙ බබා.”
“මේ බබා කියන්න එපා මං ඔයාගෙ බබා නෙවෙයිනෙ.”
“එහෙනන් පැටියෝ කියලද කියන්න ඕනෙ ම්ම්ම්….?
නැත්තන් අර ආදිත්‍ය වගේ බෝනික්කි කියන්නද ම්ම්ම්…..?”
“ඔය මුකුත් කියන්න ඕනෙ නෑ.වෙනදා වගේ නම කිව්වම ඇති.”
“ඒක කරන්න බෑනෙ මැනික යාලුවට කතා කරනවා වගේ කෙල්ලට කතා කරන්න බෑනේ.”
“සෙනේශ් ඔයාගෙ ඔලුව කොහෙ හරි වැදිලද ඔය අදහස ඔයාගෙ ඔලුවෙන් අයින් කරගන්න මං ආදරේ කරන්නෙ චුටි අයියට විතරයි ඒක වෙනස් වෙන්නෙ නෑ මගෙ හුස්ම වැටෙනකන්.ප්ලීස් ට්‍රයි ටු අන්ඩර්ස්ටෑන්ඩ්.මට ඔයා එක්ක තරහා වෙන්න,රණ්ඩු කරන්න ඕනෙ නෑ ප්ලීස් ඉස්සර හිටපු මගෙ හොදම යාලුවව මට ආපහු දෙන්න.”
“ඒකට පරක්කු වැඩියි බබා මං ඔයාට ආදරේ කරනවා ගොඩක්.”
“ආදරේ කියන්නෙ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි සෙනේශ්.අනික ඔය සේරම පැත්තකින් තියලා මට කියන්න මගෙ චුටි අයියට ගැහුවෙ ඔයාද….?”
“ඔයාගෙ කවුරුවත් ගැන නන් මං දන්නෑ බබා.ඒත් ආදිත්‍ය කියන එකාට ගැහුවෙ මං තමයි.”
ඒක ඇහුනා විතරයි මට යකා නැග්ගා.මගෙ අත එහෙමම සෙනේශ්ගෙ කම්මුලට ගියේ හිතේ තිබ්බ තරහටමයි.
“මගෙ චුටි අයියගෙ ඇගේ ලේ හෙලෙව්වට මං කවදාවත් තමුසෙට සමාවක් දෙන්නෑ සෙනේශ් නෙවර්.තමුසෙ හින්දයි අද මගෙ අහිංසකයා හොස්පිට්ල් එකේ ඇදක් උඩ විදවන්නෙ.”
මගෙ ඇස්වල කදුලු පිරුනෙ චුටි අයියා හිටපු හැටි මතක් වෙලා.
“තමුසෙට ඔච්චරටම දුකයිද ඌ ගුටි කාපු එකට…..?
මේක මතක තියාගන්නවා ආරු තමුසෙගෙ මහා ලොකු චුටි අයියා වගේ මං චන්ඩියෙක් නෙවෙයි ඒත් තමුසෙව මගේ කරගන්න මං ඌව මරන්න උනත් දෙපාරක් හිතන්නෑ.”
“තමුසෙට චුටි අයියට අත තියන්න වෙන්නෙ මාව මැරුවට පස්සෙයි සෙනේශ්.”
තරහෙන් ඒ ටික කියලා දාපු මං ඇන්ටි දිහා බලන්නෙවත් නැතුව එලියට බැස්සා.
______________________________________
“අරූව බලන්න මේ වෙලාවෙ එලියට යන්න තරම් වෙච්ච උවමනාව මොකද්ද කියනවා.”
ගෙට ගොඩවෙනකොටම ඇහිච්ච තරහා පිරිච්ච කට හඩ නිසා මං බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.ඇයි යකූ අච්චර තුවාල වෙලා සතියකින් මෙහා ඩිස්චාර්ජ් නොකරන තරම් වෙච්ච චුටි ගෙදර ආවේ කොහොමද කියලයි මට හිතාගන්න බැරි.
පරණ රණ්ඩු වලට රිටර්න් එක දෙන එක පැත්තකින් තියලා මං එහෙමම ගිහින් චුටි අයියගෙ බෙල්ල බදාගත්තා.ඊටපස්සෙ ඇහුනෙ සාලෙ දෙදරන්න තරම් කෑගැහිල්ලක්.
හපොයි දෙයියනේ චුටි අයියගෙ අපත යාලුවො ටිකත් මෙහෙද.දැන් ඉතින් වසලා හමාරයි.ලැජ්ජාව කෝටියයි.හිනාවෙවීම චුටි අයියත් මාව තව ටිකක් තුරුල් කරගත්තා.
“නංගි බබෝ මූ දොස්තරයවත් පිස්සු වට්ටලා බලෙන් ඩිස්චාර්ජ් කරවගත්තේ ඔයාලෙ තුරුලට වෙලා ඉන්න තමයි හැබැයි එහෙම කියලා දෙනෝදහක් ඉස්සරහා ඔහොම තුරුල් වෙලා අපේ සූටි හිත් මෙව්වා කරන්න එපා යකෝ.අපිත් නරක් වෙනවා.”
ආකාශ් අයියා කියපුවට මං තවත් රතු උනා.චුටි අයියා එතනම ඉද්දි මං උඩට ආවෙ තවත් හිටියානන් උන් ටික එකතුවෙලා මාව බයිට් එකට ගන්න නිසා.
මං කාමරේට ඇවිත් චේන්ජ් කරගන්න හදද්දිම චුටි අයියා ඇවිත් එහෙමම මාව තුරුල් කරගත්තා.
මතුසම්බන්ධයි