***පළිගු*** 18
තරහා වැඩි කමටද කොහෙද මගෙ නපුරා ජනේලෙන් එලිය බලාගෙන බාවනා කරනවා යාලු කරගන්නත් එපැයි ඉතින් මං ගිහින් එහෙමම පිටිපස්සෙන් අයියගෙ බෙල්ලෙ එල්ලුනා.මං ආවද කියලා ගානක්වත් නැතුව ඉන්න හැටි විතරක්.මූණත් හපුටු කරගෙන මං ආයෙත් යන්න හැරුනා.කොහෙ යන්නද දඩුකදේ ගැහුවා වගේ චුටි අයියගෙ අත් වලට හිරවෙද්දි.
“ආව් අතාරින්නකො චුටි අයියේ.”
“මොකද්ද කියනවා ආකාශයත් එක්ක තියෙන රහස් කතාව ගිහින් උගේ තුරුල්ලෙම වාඩි උනේ.”
“අපොයි මගෙ ඊරිසියාකාරයා අමුතු රහස් කතාවක් නෑ ඔයාට චුට්ටක් ජෙලස් කරවන්න හිතුනා එච්චරයි.ඕකට මට ඔච්චර රිද්දන්න ඕනෙද….?
මං පව්නෙ අතාරින්නකො අනේ.”
“මාව පිස්සෙක් කරන්න එපා බබා.වෙන එකෙක්ගෙ හුස්මක්වත් ඔයාට වදිනවට මං ආස නෑ ආකාශ් ගැන උනත් ඒ ටිකමයි.ඔයාව නැති කරගන්න බෑ පැටියෝ.”
හපුච්චේ සෙනේශ් මෙහෙ ඇවිත් කරපුවා දන්නවා නන් මෙයා සෙනේශ්ව පනපිටින් වලදානවා.
“ඔය බය ඔයාගෙ හිතින් අයින් කරගන්න අයියේ.මොන දේ උනත් ඔයාට මාව නැති වෙන්නෑ.හරි නන් මේ වෙනකොට ඔයා ඒ ටික තේරුම් අරන් ඉන්න ඕනෙ.ඔයා මෙච්චර මගෙන් ඈත්වෙන්න හදලත් මං ඒකට ඉඩ නොදුන්නෙ ඔයාව දාලා යන්නවත්,තනි කරන්නවත් බලාගෙන නෙවෙයි.”
“දන්නවා පැටියෝ ඔයාගෙ ඔය හිතුවක්කාර ආදරේ තමයි මට මගෙ පාඩුවෙ ඉන්න නොදුන්නෙ.කොච්චර හිත ගල් කරගෙන හිටියත් ඔයාගෙ ආදරේ ලගදි ඒ මොනවත් වලංගු නෑ.ඒක නිසාමයි මට ඔයාව නැති වෙයි කියලා මෙච්චරටම බය.”
“ඒත් මං…………….”
ඉතුරු ටික කියන්න නොදීම චුටි අයියා ආයෙත් මගෙ තොල් වල අයිතිය එයාට පවර ගත්තා.තොල්වලින් පටන් ගත් සිපුම උමතුවක් වෙද්දි කෙල්ලගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ ආදිත්‍යගෙ ඉවසීම චෙක් කරන්න වගේ.ෆෝන් එක ආන්ස්වර් කරන්නවත් චුටි අයියා මාව අතාරින පාටක් නෑ වගේ.තවත් ටිකක් වැඩි වෙච්ච චුටි අයියගෙ ග්‍රහණය නිසා මට හිතුනෙ එහෙමයි.ඒත් ෆෝන් එකත් චුටි අයියට චැලේජ් කරනවද මන්දා ඒක නවතින්නෙත් නෑ.අන්තිමට ෆෝන් එකට බැන චුටි අයියා මාව ඇතෑරියා.චුටි අයියා ෆෝන් එක අතට ගත්තේ ඒක පොලේ ගහන සයිස් එකෙන්.ඒත් ස්ක්‍රීන් එක දිහා බලලා ෆෝන් එක මගෙ අතට දුන්නා.මිතූගෙන් කෝල් එක ඇයි දන්නෑ මේ වෙලාවෙ…?”
“හෙලෝව් මිතූ කියන්න.”
“——————————————————————————“
“මොකක්…..???”
ඒක නන් වෙන්න විදිහක් නෑ මිතූ.ඉට්’ස් ඉම්පොසිබල්.”
“————————————-“
“ඒක කොහොමටවත් වෙන්න විදිහක් නෑ.ඒ මාර පුත්‍රයො ටික හවස ඉදන්ම මෙහෙ ඉන්නෙ.මම හවස ගිහින් සෙනේශ් ව මීට් වෙලත්නෙ ආවේ ඒ එද්දිත් එයාලා ගෙදර.”
“—————————————————-“
“හරි මට කියපන් දැන් සෙනේශ්ට කොහොමද….?”
චුටි අයියා එහෙමම මගෙන් ෆෝන් එක උදුරලා අරන් කනේ තියාගත්තා.
“හෙලෝව් නංගි මොකද්ද වෙලා තියෙන්නෙ කියනවද..?”
“—————————————————————————————–“
“වෙරි සොරි නංගි ඔයාට ලොකු වැරදීමක් ඕක අපේ එවුන්ගෙ වැඩක් නෙවෙයි.අපි කලානන් අපි කලා කියලා පිලිගන්න අපි බයත් නෑ.”
එහෙම කියලා චුටි අයියා එහෙමම කෝල් එක කට් කලා.
“මෙයාලත් නෙවෙයි නන් කවුරු වෙන්න පුලුවන්ද චුටි අයියේ සෙනේශ්ට ගැහුවෙ….?”
“මටත් හිතාගන්න බෑ බබා බලමු පහලට ගිහින් අරුන් එක්ක කතා කරලා.
චුටි අයියයි,මායි පහලට ආව ගමන් හැමෝම හැදුවෙ අපිව බයිට් එකට ගන්න.චුටි අයියගෙ සද්දෙත් එක්ක හැමෝම කටවල් වහා ගත්තා.
“මට කියපන් උඹලගෙන් කවුරු හරි අරූට ගැස්සුවද….?”
“ඌට රිටර්න් එකක් දෙන්න තමයි බන් ඉන්නෙ ඒත් තාම බැරි උනා.ඒකට අපි සෙට් වෙන්න හිටියේ අද රෑට.ඇයි මචං මොකද්ද අවුල…?
නංගි බබා කියනවද ඌට ගහන්න එපා කියලා…?”කසුන් ඒක ඇහුවෙ ටිකක් කොක්කට වගේ.
“එහෙම රෙද්දක් නෙවෙයි බන් ඌට කවුරු හරි ගහලා.ඌ හොස්පිට්ල් එකේලු.”
“මොකක්…?”හැමෝම ඇහුවෙ එක සැරේටම වගේ.ඒ වොයිස් එකෙන්ම හිතා ගන්න පුලුවන් ඒක මෙයාලගෙ වැඩක් නෙවෙයි කියලා.ඒත් කවුද එහෙනන්…???
“කවුද බන් ඒ බලු වැඩේ කරලා තියෙන්නෙ.අපි චුට්ටක් ඌට දෙකක් ගහලා ජොලියක් ගන්න හිතුවා විතරයි.”
______________________________________
සෙනේශ්ව බලන්න හොස්පිට්ල් යන්න හැදුවත් චුටි අයියා යන්න දුන්නෙ නෑ.මුලු ගේම දෙදරන්න කෑ ගහලා ඌව හරි මාව හරි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න කිව්වෙ.මාත් ඉතින් මෙයාව තෝරගත්‍තා වෙන මොනවා කරන්නද.සැරින් සැරේ කෝල් කරලා මිතුලිගෙන් විස්තර අහා ගත්තා.
ෆෝන් එක අතේ තියාගෙනම මට එහෙමම නින්ද ගිහින්.ඇහැරුනේ චුටි අයියා මාව තුරුල් කරගන්නවා දැනිලා.ඇස් අරින්නෙ නැතුවම මං තවත් ටිකක් චුටි අයියට තුරුල් උනා.මට එහෙමම ආපහු නින්ද යන්නැති.මං උදේ නැගිටිද්දිත් චුටි අයියා මාව තුරුල් කරගත්තු ගමන්මයි.පව් එලිවෙනකම්ම මෙතෙන්ට වෙලා ඉදලා.නැගිට ගන්නවත් බෑ මෙයා තුරුල් කරන් ඉන්න විදිහට හරියට කවුරුහරි මාව උදුරගෙන යයි කියලා වගේ.අමාරුවෙන් චුට්ටක් අත්දෙක එහාට මෙහාට කරලා නැගිට ගත්තා.පව් තුවාල රිදෙනවත් ඇති.පොඩි එකාට වගේ රෙද්දත් පෙරවලා මං පහලට ආවා.
මං එද්දි නැන්දා පුටුවකට වෙලා අඩනවා.
“අනේ ඇයි නැන්දි මේ අඩන්නෙ…?”
“ඔයාට පින් දෝනි අවුරුදු ගානකට පස්සෙ මගෙ පුතාව මට ආපහු ගෙනත් දුන්නට දැනුයි ඒ අහිංසකයගෙ හුස්ම වැටෙන්නෙ.මෙච්චර කාලයක් උන්නෙ මැරිලා වගේ.”
“මං එහෙමට කියලා මුකුත් කරේ නෑනේ නැන්දි.ඒ මදිවට අයියා ගුටි කෑවෙත් මං නිසානෙ.”
“ඒ උනාට එයාගෙ මූණට ඔය හිනාව ගේන්න උපද්දවපු මටවත් බැරි උනා මැනික.එයා හිටියේ සේරම අතෑරලා දාලා.”
“ඉතින් එහෙනන් දැන් අඩන්නෙ ඇයි සතුටු වෙන්නනෙ ඕනෙ හරි නන්.කෝ කෝ කදුලු පිහද ගන්න පොඩි බබෙක් වගේ අඩන්නැතුව.,ඔයා ඇඩුවොත් එයත් අප්සට් වෙයි ආයෙත්.අද අපි හැමෝම පන්සල් යන් හවස හාද…?”
“හ්ම්ම් ඒක හොදයි.මෙහෙම හරි මේ දේවල් විසදුන එක හොදයි දෝනි.ඔයා පුතුගෙ ලගින්ම ඉන්න ඔයා තමයි එයාගෙ හැමදේම.”
“ප්‍රොමිස් නැන්දි මොන දේ උනත් එයාව මං කවදාවත් තනි කරන්නෑ.”
මතුසම්බන්ධයි