***පළිගු*** 22
ආකාශ් අයියලෙ ගෙදර ඇවිත් මං අහපු දැකපු දේවල් විස්තර කලේ හීනෙන් වගේ.එකපාර වෙච්ච දේවල් නිසා මං හිටියේ අවුලෙන්.
“මං ඔයාට එදා කිව්වනෙ සුදු නංගි අන්කල් කරපු දේට මොකක් හරි සාධාරණ හේතුවක් ඇති කියලා.”
“මට කරන්න ඕනෙ දෙයක් හිතාගන්න බෑ ආකාශ් අයියේ එදා මං මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ චුටි අයියගෙයි,නැන්දිගෙයි පැත්තෙන් විතරයි.ඒත් දැන් මේ දේවල් නිසා හැමදේම අවුල් වෙලා වගේ.මං මොකද කරන්න ඕනෙ.”
“සුදු නංගි ඔහොම අවුල් වෙන්න එපා බබා.ඔයා ඔහොම අවුල් උනොත් අරූව කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද.අනික කොහොම උනත් අපිට මේක ආදිත්‍යටයි,ආන්ටිටයි කියන්නම වෙනවා.එයාලගෙ හිතේ තියෙන වැරදි වැටහීම අයින් කරන්න ඕනෙ නංගි.ගොඩක් වෙලාවට එහෙම කලොත් මේ හැමදේම තිබ්බට වැඩිය හොදට විසදෙයි.”
“ඊටකලින් මේ ගැන මාමත් එක්ක කතා කරන්න ඕනෙ මට.මේකේ ඇත්ත නැත්‍ත මට එයාගෙ කටින්ම අහන්න ඕනෙ.”
“බබා එහෙනන් හිරූගෙ කාමරේට ගිහින් එයාගෙන් ඇදුමක් ඉල්ලන් චේන්ජ් කරගන්න ස්කූල් යුනිෆෝර්ම් කොහෙවත් යන්න බෑනේ.මාත් යුනිෆෝර්ම් චේන්ජ් කරලා එන්නන් අපි එහෙ යමු.”
“හරි අයියේ.ඒත් ඔයාටත් කරදරයි නේද අපි නිසා.”
“අනේ පලයන් කෙල්ලෙ යන්න මගෙන් ගුටි නොකා.මෙච්චර කාලයක් උඹලගෙයි,මගෙයි කියලා වෙන් කරලනෙ හැම මගුලම කෙරුවෙ.”
“සොරි ආකාශ් අයියේ කේන්ති ගන්න එපා ඉතින්.”
“බොරු බටර් නොගා ගිහින් ඇදගෙන එනවා පිස්සි.”
______________________________________
ගේ ලගට ආවත් මට ඇතුලට යන්න හිතුනෙ නැ.
“මට මේ ගෙදරට පය තියන්න හිතෙන්නෑ ආකාශ් අයියේ ඔයා ගිහින් මාමාට එලියට එන්න කියන්න.”
“ඒත් නංගි බබා….”ආකාශ් අයියට ඉතිරි ටික සම්පූර්ණ කරන්න නොදීම ඇහුනෙ හුරුපුරුදු කටහඩක්.
“ගේ ඇතුලට නෑවිත් ඔතනම ඉන්න හදන්නෙ තාමත් ඔයා අපිත් එක්ක තරහින්ද නංගි බබා….?”
කටහඩ ආපු පැත්ත හැරිලා බලපු ආකාශ් අයියගෙත් ඇස් ලොකු උනා.එහෙමම මගෙ ලගට ඇවිත් මෙයා අතින් අල්ලගත්තෙ මාව එයාට ලියලා දිලා වගේ.
“ආකාශ් මල්ලි එන්න ගෙට.”ආකාශ් අයියටත් අඩගහලා මෙයා මාවත් ඇදන් ගෙට ගියා.
“අම්මා…අප්පච්ච….
ඉක්මනට පහලට එන්න මෙන්න ඔයාලගෙ වස්තුව ඇවිත්.”මෙයා මුලු ගේම දෙදරන්න කෑගන්නෙ හරියට පොඩි එකෙක් වගේනෙ.මං ආවාට මේ තරම් සතුටක් ඇයි…?
මාමායි,එයාගෙ වයිෆුයි දෙන්නම පහලට ආවේ ඇස්වල කදුලු පුරවගෙන.ඉස්සෙල්ලාම ඇවිත් මාමා මාව තුරුල් කරගත්තා.
“දැන්වත් මට සමාව දෙනවද දෝනි.මං වැරැද්දක් කලේ නෑ පුතේ.”
“හිතලා නොකලත් වැරැද්දක් උනානෙ මාමේ.ඔයාට තිබ්බා ආච්චි අම්මා කියන දේ නාහා කෙලින් තීරණයක් ගන්න.දැන් කී දෙනෙක් දුක් විදිනවද ඔයා එදා කෙලින් තීරණයක් නොගත්ත නිසා.”
“පේනවා නේද සදමාලි මගෙ චූටි කොච්ච් කරලගෙ කතාව.
වැරැද්ද මගෙ තමයි දෝනි සමාවෙන්න මැනික.”
“දුව මටත් සමාවෙන්න ඔයාගෙ නැන්දිටයි ,අයියට රිද්දන්න ඕන උනේ නෑ මට.”
මොනවා කතා කරන්නද මන්දා හැමෝම එක පෙලට සමාව ඉල්ලනවා.ඔය කියන සමාව බිම වැටිලා වත් තිබුණා නන් ඇහිදලා මෙයාලට දීලා දාන්න තිබුනා.මං කතා නොකරන නිසා ආයෙත් එයාලම කතා කරන්න පටන් ගත්තා.
“මං දන්නවා දුව ඔයාගෙ හිතේ කවදාවත් මට නැන්දගෙ තැන හිමි වෙන්නෙ නෑ කියලා.මට ඔයා වෛර නොකලොත් විතරක් ඇති දෝනි.”
“ඔයා අඩන්න එපා අම්මා මේ නපුරිගෙ හිත උණුවෙන්නෙ එයාගෙ නැන්දයි,චුටි අයියයි ඇඩුවොත් විතරයි.අපි එයාගෙ කවුරුවත් නෙවෙයිනෙ.”
ඒ කතාවට නන් මං බැලුවෙ රවලා.ඇයි යකූ මොකෙක්ගෙ හරි කදුලු දකින්න බැරි මගෙ හිත ගල් කියලද දන්නෙනෑ මේ ගස් ගෙම්බා හිතන් ඉන්නෙ.අඩන බබෙක් වෙච්ච මේ ඉලව් හිත නිසා තමයි කොයි වෙලේ හරි මං ලෝක ලෙඩක් දාගන්නෙ හැම එකාටම අනුකම්පා කරන්න ගිහින්.
“දැක්කද අම්මා රවන හැටි.මෙයා ඉතින් ආදරේ චුටිට විතරනෙ අපි මොක්කුද…?”
“ඔය බෙලෙක්ක කට වහාගත්තොත් හොදයි මගෙන් ගුටි නොකා.අයියා කියලා බලන්නෑ තව වචනයක් හරි කිව්වොත් එහෙම.”
ආකාශ් අයියටත් හිනා මගෙ කතාවට.හැමෝටම තේරෙන්න ඇති ඒක කිව්ව තාලෙන්ම මං ඩවුන් කියලා.මාමා ඇවිත් චුටි කාලේ වගේම මාව තුරුල් කරගත්තා.
මතුසම්බන්ධයි