***පළිගු*** 26
හැමෝම ගෙදර තැන් තැන්වලට වැටිලා හූල්ලනවා එක මූණක හිනාවක් නෑ ඊයේ ඉදන්.මෙයාලගෙ හිනාව ආපහු ගෙනත් දෙන්න මොනවා කරන්න ඕනෙද කියලා තේරෙන්නෑ.මං අසරණ විදිහට ආකාශ් අයියා දිහා බැලුවෙ එයාටවත් අයිඩියා එකක් තියෙනවද කියලා දැනගන්න.එයාගෙ මූණත් තියෙන්නෙ කඩවෙච්ච බලාපොරොත්තු තොගයක්.ඒ කියන්නෙ මටම තමයි මොනවා හරි කරන්න වෙන්නෙ.ඒත් කරන්න ඕනෙ මොනවද කියන එකයි ප්‍රශ්නෙ.ඔය තියෙන්නෙ අයිඩියාවක්.මං හිටපු තැනින් නැගිටලා ගිහින් අඩි දෙකතුනක් ඉස්සරහට ගිහින් චුට්ටක් හයියෙන් කෑගහලා බොරුවට කකුල අල්ලන් එතනම වාඩි උනා.ඔය තියෙන්නෙ රගපෑම අති උත්කෘෂ්ඨයි,විලිලැජ්ජයි.නැන්දියි,චුටි අයියයි විතරක් නෙවෙයි බයවෙච්ච පාරට ආකාශ් අයියත් මං ලගට දුවන් ආවා.
“බබා මැනික මොකද උනේ පැටියෝ…?”
“දෝනි ඇයි දරුවෝ මොකද උනේ…?”පව් දෙයියනේ හැමෝම බයවෙලා.චුටි අයියගෙ මූණ අඩන්න ඉන්න පොඩි එකෙක් වගේ.අනේ සොරි මගේ අයියගෙ මෙහෙම බොරු කරන්නෙ ඔයාලා ඔය ඉන්න දුකෙන් ඔයාලව එලියට ඇදලා ගන්න විතරයි.සොරි හොදේ..මං ඒ ටික කිව්වෙ හිතින්.
“ක…..කකුල උලුක් උනා.”මං ඉතින් මූණත් බෙරි කරගෙන ඇස්වලටත් කදුලු අරගෙන එහෙම කිව්වා.ඔය මහා බබාද මොකද්ද එකා ගෑනු ළමයින්ට හැටහතර මායම් කියලා ජාතියක් දීලා තියෙන්නෙ මේ වගේ අවස්ථාවලට පාවිච්චි කරන්නලු.මාත් ඉතින් මොකටද ඕවා පුස්කන්න අරින්නෙ කියලා එයින් දෙක තුනක් පාවිච්චි කරලා බැලුවා.
චුටි අයියා මාව අත්දෙකෙන් ම උස්සන් ගිහින් කාමරේ ඇද උඩින් තියලා කකුල අතගාන්න ගත්තා.මං කකුල ඇදලා ගත්තෙ චුටි අයියට රවලා මයි.
“ඇයි පැටියෝ කෝ දෙන්න මං ඔය කකුල චුට්ටක් අතගාන්න.රිදෙනවනෙ ඕක.”
“ඕනෙ නැති වැඩ කරන්නැතුව අයින් වෙන්න චුටි අයියේ ඔයාට කියලා කකුල අතගාවගන්න එක මොන පව් වැඩක්ද…?”
“පිස්සි මොන බණ පොතේද එහෙම තියෙන්නෙ මෙන්න මෙහෙ දෙනවා ඔය කකුල.”පව් චුටි අයියා දැන් නන් ඇස්වලට කදුලු ආවේ ඇත්තටම.මට මෙච්චර ආදරයක්…?
කවදාහරි මට මොනවා හරි උනොත් වෙන්නෙ ඒ ඔයාගෙ ආදරේ දරාගන්න බැරුව.
මෙච්චර වෙලා මලගේකට හරියන්න මූණූ ටික ටික හදාගෙන බුම්මගෙන හිටපු අය දැන් වයින් වෙලා වගේ අනේකවිධ බාම් ජාති ගෙනල්ලා කකුලෙ ගානවයි ,උණුවතුර වලින් කකුල තවනවයි ඉවරයක් නෑ.චුටි අයියා තප්පරයක්වත් මගේ ලගින් නැගිටින්නෑ.ඒ මදිවට නැන්දි අනේකවිධ ජාති හදලා ගෙනත් කවනවා.හරියට අතපය හතරම කැඩිලා වගේ.දැන් නන් මේක දුර ගියා වැඩියි.තුන් දෙනාටම කතා කරලා වැඩේ තේරුම් කෙරුවට පස්සෙ නැන්දියි,ආකාශ් අයියයි නන් හිනාවෙන්න ගත්තා ඒත් චුටි අයියගෙ මූණෙ නන් තිබ්බෙ අබ කිලෝ දහයක් විතර දැම්මත් පුපුරලා යන සයිස් එකක්.අපි දෙන්නටම ඕනෙ දෙයක් විසදගන්න දිලා නැන්දියි,ආකාශ් අයියයි එලියට ගියා.දැන් ඉතින් මං ඉදලා ඉවරයි.
“මොකද්ද ඒ කරපු විකාරෙ කියනවා.දන්නවද මං කොච්චර බය උනාද කියලා.තමුසෙට රිදුනයි කියලා හිතුනට වඩා දහස් ගුණයක් මට රිදුනා තමුසෙට රිදෙනවා කියලා හිතෙද්දි.ඔයා මගෙ ආදරේ විහිලුවට අරන්ද බබා.”
“ඉතින් ඔයාලා දුකෙන් හිටපු නිසානෙ ඔයාලගෙ මූඩ් එක වෙනස් කරන්න එහෙම කලේ.”ඇස්වලින් ඉබේම කදුලු ගලද්දි ඒ ටික කියලා මං චුටි අයියගෙ බෙල්ල බදාගත්තා තවත් නන් බනින්න එපා කියන්න වගේ.වෙනදා වගේම මං තුරුල් උනාම චූටි අයියගෙ කේන්තිය නිවිලා ගියා.මාව තවත් තදින් තුරුල් කරගෙන මුලූ මූණම සිපගත්තේ පිස්සුවෙන් වගේ.එයා එහෙමම මගෙ දෙතොල් වලට වලට ලං වෙද්දි මං මූණ අහකට ගත්තේ තරහින්.චුටි අයියා ඇයි කියලා ඇහුවෙ ඇස්වලින්.
“ඉස්සෙල්ලා අඩනකන් බැනලා ඉවර වෙලා දැන් එනවා මෙතන නලවන්න.මං තරහම තරහයි හොදම නෑ ඔයා.”
මගෙ හුරතල් කියවිල්ලට හිනාවෙවී චුටි අයියා මාව ලගට ඇදලා ගත්තේ මට හෙල්ලෙන්නවත් බැරිවෙන්න තදින් මාව තුරුල් කරගෙන.දගලන්නත් බෑනේ මෙයාගෙ තුවාල පෑරුනොත් එහෙම.මං ඉතින් සංසුන් වෙලා අයියට ඉඩ දීලා ඇස්පියාගත්තා.
මතුසම්බන්ධයි