***පළිගු*** 29

එකපාරම චුටි අයියා මාව බදාගත්තේ කවුරුහරි මාව එයාගෙන් උදුරගෙන යයි කියලා වගේ.ගෙදර මිනිස්සු දොර කඩන්න හදනවා කියලාවත් මෙයාට ගානක්වත් නෑ.චුටි අයියගෙ අත්වල ග්‍රහණය එන්න එන්න වැඩිවෙනවා මිසක් ලිහිල් වීමක් නෑ.මටත් ඕනෙ උනේ නෑ ඒ තුරුලෙන් ඈත්වෙන්න.ඒ පාර චූටි අයියා මාව තරහෙන් අතෑරියේ එක දිගට රින්ග්ස් යන එයාගේ ෆෝන් එක නිසා.දැන් නන් චුටි අයියට ෆෝන් එක පොලේ ගගන්න තරන් යක්සාවේස වෙලා ඉන්නෙ.ෂුවර් එකට ඔය ආකාශ් අයියා වෙන්නැති මෙයා හිටියෙත් කේන්ති ගිහින් බයවෙලා ඇති කට්ටිය.චුටි ෆෝන් එක ආන්සර් කලේ කතා කරපු එකා මොකා උනත් සුද්ද සිංහලෙන් ජාතිය අමතන ගමන්.මෙයත් පොඩි එකෙක්ට හපන් ඒ මගන ෆෝන් එක ඇද උඩට විසික් කරලා.ඒකට රවලා ගිහින් කාමරේ දොර ඇරියා.ඇතුලට ආව ගමන් ආකාශ් අයියා මාව අල්ලගත්තා.

“තොට මොන යකෙක් වැහිලද *******…?
තෝ නන් මහා වහුකුනෙක් යකෝ.තෝ බැන්නද මේ අහිංසක කෙල්ලට..?”
ආකාශ් අයියගෙ බැනිල්ලට කොල්ලට හිනා.

“මං මොකටද බන් මගෙ කෙල්ලට බනින්නෙ…?
උඹට ඔය තරම් පුප්පන්න තරම් දෙයක් කලේ නෑ මං.”

“පුදුමයි උඹට එච්චර මොලයක් තිබ්බා.ෆොටෝස් ටික දැකලා උඹ මැරෙන්න හැදුව තාලෙට මං හිතුවෙ උඹ සුදු නංගිව ඉතුරු කරන එකක් නෑ කියලා.”

“ඉතුරු කරන්න නෙවෙයි තමයි හිටියේ කොහෙද උඹ මෙතන මල ඇණයක් උනානෙ.”ෂිට් මෙ මෝඩයා ඒක කියපු කැත.

“උඹ ලෑස්ති උනේ වෙඩිමට කලින් හනිමුන් යන්නද ඒවා නන් හදේ මචං.මෙන්න මෙහෙ එන්න නංගි බබා ඔයා මූ ලග හිටියොත් සෑහෙන නරක් වෙනවා.”

“උඹ මහා පාප මිත්‍රයෙක්නෙ බන් මගෙ ගෑනිව ලගට ගන්න දැන් උබෙන් අවසර ගන්නත් ඕනෙද…?”

“උබේ ගෑනි උනේ නෑනේ තවම.උනාට පස්සෙ උඹට ඩිස්ටර්බ් නොකර ඉන්නන් ඒත් දැන් මේ කෙල්ලව බොගෙන් පරිස්සන් කරගත්තෙ නැත්තන් උඹ කොහෙන් නතර වෙයිද දන්නෑ ගස් ඇබලයා.”

මං දෙන්නගෙ කියවිල්ල අහන් හිටියෙ මූණ රතුවෙද්දි.දෙන්නට ඇති තරමක් වචන වලින් ගහාගන්න දීලා මං එලියට ආවා.තව චුට්ටක් මෙතන හිටියොත් මෙයාලා මොනවා කියයිද කියලා හිතාගන්න බැරි නිසා.

පහලට එද්දි නැන්දි ඉස්සරහට ඇවිත් මාව තුරුල් කරගත්තා.

“දන්නවද දෝනි ඔයා තමයි දරුවෝ මේ ගෙදර පහන.හැමදාම අපිත් එක්කම ඉන්න දෝනි.මේ ගෙදර සතුට රැදිලා තියෙන්නෙ ඔයාගෙ අත්දෙකේ රත්තරන්.”

“මං ඔයාලව දාලා කොහෙ යන්නද නැන්දි.ඔයාලට කරදර කරකර ඔයාලත් එක්කම ඉන්නවා.ඔන්න ඊටපස්සෙ මගෙන් කරදරයි කියලා එලවන්න නන් බෑ හරිද…”මං එහෙම කිව්වෙ කදුලු ඇවිත් තිබ්බ නැන්දිගෙ මූණට හිනාවක් ගේන්න.

______________________________________________

මං චුටි අයියවත් ඇදගෙන සෙනේශ්ගෙ ගෙදර ආවේ අමාරුවෙන්.සෑහෙන ගේමක් දීලා තමයි මෙයාව කැමති කරගත්තෙ.සෑහෙන්න උම්මා තොගයක් දෙන්න උනා පගාවට😍😘😘😘😘😘.ඕ යෑස් ඊටපස්සෙ තමයි කැමති උනේ.

මාව දැක්කා විතරයි සෙනේශ්ගෙ මූණට ආවේ ලස්සන හිනාවක් වැඩේ කියන්නෙ චුටි අයියව දැකලා ඒ හිනාව චුට්ටක් වත් අඩු නොවෙච්ච එක.

“ආරූ එන්න වාඩිවෙන්න.ආදිත්‍ය මචං උඹත් ඇවිත් වාඩිවෙයන්.”

හෑ😮😮 මට ඒ ඇහුනෙ ඇත්තටම සෙනේශ් කියපුවමද….?
මන් ඇස් ලොකු කරලා බලද්දි සෙනේශ්ට හිනා.

“ඔයා නන් හොදම නෑ අරූ හොදම යාලුවව බලන්න එන්න මෙච්චර දවසක් ගියානෙ.ඔහොම තමයි ඉතින් හරි ගියාම.”

“එහෙම දෙයක් නෙවෙයි සෙනේශ් වෙච්ච අලකලංචි හැටියට කිසිම දේකට වෙලාවක් තිබ්බෙ නෑ. කොටින්ම දැන් මාසයක් විතර අපි කවුරුවත් ඉස්කෝලේ ගියෙත් නෑ.”සෙනේශ් කිසි දෙයක් නොවුනා වගේ කියාගෙන යද්දි පුදුමයෙන් උනත් මං උත්තර දුන්නා.

“ඇස්දෙක ඔය තරම් ලොකු කරන්න එපා ඇහේ ටීක් බෝල දෙක බිමට වැටෙයි.හරි හරි හිටපිය මං සේරම පැහැදිලි කරන්නන්.ආදිත්‍ය ඉස්සෙල්ලම උඹ සමාවෙයන් මචං මගේ අතින් වෙච්ච කරදර වලට.ආයෙත් මගෙන් උඹලට කරදරයක් වෙන්නෑ.දන්නවද ආරු මං හිතුවා මිතුලිව උබේ නෑනා කරොත් හොදයි කියලා.”

“ඔ…ඔය ඇත්තමද සෙනේශ්….?
ඕ නෝ.මයි කන්ඩ්‍රැජුලේෂන්ස්.මට කියන්න වචන නෑ.ගොඩක් සතුටුයි සෙනේශ්.”

“ඔව් ඉතින් බොට සතුටු ඇති මගේ කරදරෙන් ගැලවිච්ච එකට නෙහ්…?”

“නැතුව ඒකට සතුටුයි නේන්නම්.හැබැයි ඊටවැඩිය සතුටුයි තොපි දෙන්නාවත් අපේ බෝට්ටුවටම ඇදගන්න ලැබිච්ච එකට නේද චුටි අයියේ….?”

“අහෝ වේදනාවක් බන් උඹත් මං වැටිච්ච වලේ වැටුනා නෙහ්….?
දැන් ඉතින් මැරෙනකම්ම නිදහසක් නෑ මචං.”සෙනේශ් යි,චුටි එක පැත්තකට වෙලා ඒ ගමන.මාව පල් කරලා හිනාවෙන හැටි විතරක්.

“චුටි අයියේ …..😣😣😣
අයි විල් කිල් යු….🔫🔫🔫

මතුසම්බන්ධයි

අවසාන කොටස බලාපොරොත්තු වන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *