සුරඟනක් කඳුළක් සලා 03
තුන කොටස
දිනිති කටකාරය ඇය ඕනෑම කෙනෙක් සමග කට ගහගෙන යයි .. මාත් ඈට නොදෙවෙනිය … මේ හේතුව නිසාම අවට පාසල් වල සිසුන් අතර ද අප තිදෙනා ජනප්රියය … භාවනා අහිංසකය ඇය අප තනියෙන් සිතා මතා දගකාර කම් නොකලද අප කරන ඕනෑම වැඩක් සදහා ඇය සහභාගී වේ … පාසලේදී ගෙවන හැම නිමේෂයකම අප ගෙවන්නේ කෙලි දෙලෙනි
ඒ සෙනසුරාදා යෙදී තිබුණු භාවනාගේ උපන්දින සාදය සදහා භාවනා විසින් පාසලේ යෙහෙලියන් කීප දෙනෙක්ටද ආරාධනා කර තිබුණි …
මම රෝස පාට ගවුමක් ඇද කොණ්ඩය පිට දිගට විහිදා හලෙමි …. කැඩපතින් පෙනෙන මා රුව සුන්දරය .. මම මගේ රුවට සිනා සුනෙමි … පෙර දින පැවති වර්ෂාව නිසා මාවත පුරා මඩ වලවල්ය .. මා යෙහෙලියන් එනතුරු ක්ලොක් ටවර් එක අසල ඇති මල්ලිකා ස්ටුඩියෝ එක ලග රැදී බලා සිටියෙම් … උදේ දහයට මෙතනට එන බව කි කිසිවෙක් තවම පැමිණ නැත … මම හිතින් බනිමින් මග බලා උන්නෙමි. රේල් පාර ලගින් පොලිසිය දෙසට යාමට පැමිණි රථයක රෝදයක් මා සිටි තැන තිබු මඩ වලක වැටුනේ නොසිතු මොහොතකය .. එහි තිබු වතුරෙන් මා නෑවී ගියේය … ඉදිරියට ගිය රථය රිවස් කර මා අසල නවතා ශටර් එක පහත් කල අතර ඒ තුලින් මතු උයේ කඩවසම් තරුණයෙකුගේ මුහුණකි …කවිෂ් සුරියබණ්ඩාර මා නෙත ගැටුනේ ඔයාකාරයෙනි …අදත් මා පසු තැවෙමි එදා දුටු ඔහුගේ රුව මට මුණ නොගැසි තිබුනා නම් හොදය … ඔහුගේ නිල් පාට සිහින් නෙත් මා වෙත යොමු වී තිබු අතර .. මොහොතකින් මා ඒ සුන්දරත්වයේ අතරමන් උනෙමි .. කොතරම් වෙලා ගත උවා දැයි නොදැනුනි ..ඔහුගේ බැල්ම දරාගත නොහැකිව මම බිම බලා ගත්තෙමි .. පළමුවෙන් කතා කලේ ඔහුය ..
‘සොරි නංගි …’ ඔහු කිවේ තෙමි උන් මා දෙස බලමිනි … මම නෙතු ඔසවා ඔහු දෙස බැලුවෙමි
‘ හ්ම්ම්ම් පේන්නේ නැද්ද වතුර වලක් තියෙනවා කියලා පාරේ ..’ මම සැරෙන් කීවෙමි …
‘ දැක්කේ නැති නිසා නේ එහෙම උනේ … සොරි කිවා නේ දැන් …’ ඔහු දුකෙන් මෙන් මා දෙස බලා සිටියේය
‘ හ්ම්ම්ම් සොරි කීවාම ලේසිනෙ වැරදි වැඩ කරලා සොරි කිවම ඔක්කොම හරිද …’ වෙන පිරිමියෙකු හා නම් මම මෙතරම් දොඩමලු නොවෙමි .. නොතේරේ .. මා කුමට ඔහු හා මෙලෙස කතා කරන්නේ දැයි .. මට ඔහු හා දොඩමලු වීමේ ආශාව නිසා මම මෙලෙස ඔහුට එකට එක කීවෙමි ..
‘ඔයා නම් මහා පණ්ඩිත කෙල්ලක් ඕන දෙයක් කරගන්නවා ’ ඔහු මුහුණ රතු කරගෙන වාහනය ස්ටාර්ට් කරගෙන යන්න ගියේය ..
අපෝ මහා ආඩම්බර කාරයෙක් … මගේ හිතේ පළමු වරට මොකක්දෝ නුහුරු හැගීමක් ඒ නුහුරු ඇස් දෙක නිසා ඇති උන බව නම් සත්තය ..කෙල්ලෝ ටික පැමිණෙන විට තවත් විනාඩි දහයක් පමණ ගෙවී ගොස් තිබුණි .. කට්ටියම හැඩ වැඩ වී පැමිණ තිබුණි …
‘ මොකෝ සුරංගනා උනේ …’ දිනිති මා දැක ඇස් දෙක ලොකු කළේය ….
‘ කොහේදෝ යන පල මෝඩයෙක් වතුර වලට කාර් එක දැම්මා නේ .. බලන්නකෝ මම ඉවරයි … ’ මගේ ස්වරය ඇඩුම් බරය ..
‘ දැන් ඉතින් මොනා කරන්නද ත්රි විල් එකක වත් යමු …’ ඒ සෙහාරාය
භාවනාගේ නිවස පිහිටා තිබුනේ බහිරවකන්දේය …. ඒ පරිසරය ඉතා සොදුරුය .. භාවනාගේ නිවස අසලට ගොස් බලන විට මුළු නුවරම දර්ශනය වෙයි .. එම ස්ථානය ඉතාම මනහරය .. ඇයගේ පියා ධනවත් ව්යාපාරකයෙකි .. ඔවුන්ගේ දෙමහල් නිවස ඉදිරිපිට වාහන කීපයක් නතර කර තිබුණි … අර මා වතුර වලින් නැහැවුව තරුණයාගේ රථයද ඒ අතර තිබුනේය .. අපි නිවස තුලට ඇවිද ගියෙමි .. භාවනා අප දැක පෙර මගට දිව ආවේය …
‘ වෙල් කම් මයි ස්වීට් හෝම් ’
‘මෙනි හැපී රිටන්ස් ඔෆ් ද ඩේ ’
‘ තෑන්ක්ස් ඩාලින් ’ ඇය මා වැළදගත්තේ ආදරණිය ලෙසය ..
සාදයට සහභාගී වී සිටියේ ඇයගේ පවුලේ නෑ හිතවතුන් කීපදෙනෙක් සහ පාසල් යෙහෙලියන් වන අප පමණි …
‘නංගා ’ පිටු පසින් ගලා ආ ස්වරය ඉතා හුරුය … මා පිටුපස හරි බැලුවෙමි … අර මා වතුර වලින් නෑව් තරුණයා ඔහුය … ඉතින් ඔහු භාවනා ගේ නෑදෑ මිතුරෙකු වෙන්න ඇත …
‘කවිශ් අයියා ඔයා කොයි වෙලාවේද ආවේ …. කෝ නැන්දා එහෙම ආවේ නැද්ද ’ භාවනා දිව ගොස් ඔහුගේ අතේ එල්ලුණේය ..ඔහුගේ මුව සිනාවකින් විකසිත විය … ඒ සිනාව හිත මන්මත් කරවන සුළුය..
‘ හැපී බර්ත්ඩේ නංගා …. අම්මිලා රෑ වෙලා එනවා කිවා ’ ඔහු ඇයගේ කම්මුලකට හාදුවක් දුන්නේය ..
‘තෑන්ක්ස් අයියා ..අයියා එන්නකෝ මේ මගේ යාළුවො ..සුරංගනා , දිනිති, සෙනුලි ’ ඇය පිළිවලින් අපව හදුන්වා දුන්නාය
‘මේ මගේ නැන්දාගේ පුතා කවිශ් ’
‘ හෙලෝ ’ ඔහු ආඩම්බර හිනාවක් පෑවේය ..
‘කෝ අයියා මගේ ගිෆ්ට් එක ’
‘ඉන්න දෙන්නම් කාර් එකේ තියෙනවා
‘ අපි යමු එහෙනම් එන්නකෝ …’ අහිංසක භාවනා ඔහු අභියස නොසන්සුන්ය … ඇය ගේ දෑස ඔහු අභියසදී මිනි කැට මෙන් දිළිසුනේය … ඔවුන් දෙදෙනා කාරය දෙසට ඇවිද යන හැටි අප බලා සිටියෙමු … ඇය ඔහුගේ නෑනාය ඇයට ඔහු ගැන ලොකු අයිතියක් ඇති බව පෙන්වීමට මෙන් හැසිරුණේය …
භාවනාගේ මල්ලි සමග එක්ව කවිෂ් අයියා සිටියේ දිගු පිලිසදරකය … මාගේ නොසන්සුන් දෑස් නිතරම ඔවුන් දෙසට යොමුවේ… සමහර විට ඔහු දෙසට යොමුවන මා දෑස ඔහු කෙරෙන් ඈත් කරගත නොහැකිව මම ඔහේ බලා සිටියෙමි … කවදාවත් නොදැනුනු සියුම් කම්පනයක් මා ගත පුරා ඇදී යයි … එය කුමක් දැයි මා හට නොතේරේ … කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් නොදැනුනු අමුතුම වේදනාවක් ශරීරය පුරා පැතිර යයි .. නොදැනුනේ .. ඒ හැගීම කුමක්ද යැයි කියා පමණක්ය …
භාවනාගේ නිවසේ රැදුන කාලය පුරාම මගේ නෙත දිවේ ඔහු වෙතය … සිත නොසන්සුන් වුවත් මා සිත සන්සුන් කරගත්තෙමි … භාවනා ඔහු අසල නිතර ගැවසේ .. කාටත් වඩා ඔහුගේ අයිතිය ඇයටයි ..මම සිතට තරවටු කෙරුවෙමි …අකීකරු නෙතු කිකරු කරගත්තෙමි ..
මා ඔහු දෙස බලා උන්නද ඔහු නිකමට හෝ මා දෙස නොබැලුවේය … මට හිල්ලුනේය ..අනිත් යෙහෙළියන්ට මගේ වෙනස තේරේවි යැයි බියකි මා සිත තුල උයේ …