සුරඟනක් කඳුළක් සලා 04
හතර කොටස
පෙර දා රැය පුරා මා නෙතට නින්දක් නොමැති විය .. ඔහු සිහිනෙන් පවා පැමිණ මා සිත අවුල් කළේය ….මා කැඩපතින් මා දෙස බොහෝ වෙලා බලා ඉන්න උනෙමි … පෙරදා පිරිමියෙකු වෙනුවෙන් පළමු වරට මේ හද ගැස්ම වැඩිවිය … ඔහු මා දෙස එක වරක්වත් උවමනාවෙන් නොබැලුවේය නමුදු මා සිත සිත ඔහු සොයා නිරතුරු ඉගිලේ … දිනක් භාවනා ඔහු ගැන පැවසුවා මට යාන්තමට මෙන් මතකය … ඔහු ඉගෙන ගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛදය පීඨයේ පළමු වසරේ බව කිවා මතකය .. මට ඔහු බැලීමට උවමනා විය … සිත ඔහු වෙනුවෙන් උමතු උයේ කවදා දැයි නොදනිමි …. කෙල්ලක කොල්ලෙක් පසු පස යාම සම්මතයට විරුද්ධය .. නමුදු මා ගත්තේ ඉක්මන් තීරණයකි … ඩෙනිම් කලිසමකින් හා ටි ෂර්ට් එකකින් සැරසුණු මා ගෙයින් එලියට බැස්සේ ලයිබ්‍රි එකට යන බව කියාය … කවදාවත් බොරුවක් නොකී සුදු අප්පච්චිගේ සුදු දු … කොල්ලෙක් වෙනුවෙන් බොරුවක් කියා එළිය ට බැස්සා කියා කවුරු කිවත් අප්පච්චි විශ්වාස නොකරනු ඇත … ඒත් සිදු උයේ එයයි ..
අපේ ලොකු නැන්දාගේ ලොකු දුව මධාරා අක්කි ඉගෙන ගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛදය පීඨයේ ය … මට හදිස්සියේ ඇයව සිහිවිය … ඔහු දැක ගැනීමේ එකම මග මධු අක්කිව මුණ ගැසීම නියාවෙන් කැම්පස් එකට යාමය …
මේ බිමේ කොහේ හෝ ඔහු ඇති මම තදින් හුස්මක් ගත්තෙමි … මේ හමන සුලගේද ඔහුගේ සුවද තැවරී ඇති … මම ඒ හුස්මක් ගෙන ලය පුරෝගත්තෙමි …
‘මධු අක්කි …’
‘ඇයි නංගෝ හදිස්සියේ ’
‘මට ඔයාව බලන්න හිතුනා ..’ මම බොරුවක් කීවෙමි ..ඇත්තෙන්ම මගේ එකම බලාපොරොත්තුව උනේ ඔහුව දැක ගැනීමය .. අක්කිගෙ මුව සිනාවකින් විකසිත විය … අක්කි සමග කතාවේ යෙදී උන්නද මා නෙත ඔහුගේ රුව සොයා ඇදී යයි … අවසානයේ මා නෙත ජය ගත්තේය ..කොලු රෑනක් සමග ඔහු උන්නේය … සුදු මුහුණ … දැක ගන්න මා පැමිණි බව ඔහු දන්නේ නම් ..
‘අක්කි මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා කතා කරලා එන්නද ..’
‘කව්ද ’ අක්කිගෙ ඇසේ ඇදුනේ පුදුමයකි ..
‘ අර අයියා ..කවිෂ් ’
‘ආ ඔයා කතා කරලා එන්න …’ මා දිව ගියෙමි … නුපුරුදු බිමක මා ඔහු සොයා දිව ගියෙමි …
‘ කවිෂ් අයියා ..’ මා ඔහුගේ අතක එල්ලුනෙමි .. එක දවසක් දැක පුරුදු පුද්ගලයෙකු වෙත දිව ගොස් ඔහුගේ යාළුවන් ඉදිරියේ ඔහුගේ අතේ එල්ලීමට තරම් මා අසංවර උයේ කෙලෙසද ..මටම පුදුමය .. ඔහු දෑස් විසල් කර මා දෙස බලා මා අල්ලාගත් ඒ අත ගසා දැමුවේය ..
‘ පිස්සුද ..’ ඔහු නිල් පාට දෑස් හීනි කරගෙන තරවටු බැල්මක් හෙලුවේය …
‘ අයියේ මම සුරංගනා භාවනාගේ යාලුවා ’
‘ කවුරු උනත් කොල්ලෙක්ගේ අතේ එල්ලෙන්න ලැජජාව කියලා දෙයක් ගෑවිලා නැද්ද .. කෙල්ලක් උනාම ඉන්න ඕන හැදිච්ච විදිහට ’ ඔහු කියාගෙන ගියේය .. මම ඒ නිල් පාට ඇස් දෙක බලාගෙනම උන්නෙමි .. කොලු රැල හුවක් තිබ්බේය ..
‘නංගා පිස්සුද … එනවා යන්න … සොරි කවිෂ් … ’ අක්කි කොහේදෝ සිට දිව විත් තිබුණි …සමාව අයදින බැල්මක් ඔහු දෙසට හෙලා මගේ අතින් අල්ලාගත්තේය ..
මධු අක්කි කැම්පස් එකෙන් එලියට බැස්සේ වදනකුදු නොදොඩාය .. පේස්ට්‍රි ෂොප් එකක් වෙත මා කැදවාගෙන ගිය අක්කි .. පුටුවක මා හිදුවා .. මා දෙස බලා උන්නේය …
‘ සුදු නංගා මේ ඔයාද … කවිෂ් ඔයාව දන්නේ කවදා ඉදන්ද .. ඇයි මෙහෙම හැසිරෙන්නේ ඔයා තාම පුංචි කෙල්ලක් ….දන්නවද ඔයාගේ අප්පච්චි මේ ගැන දැනගත්තොත් නොමැරී මැරෙයි … කියන්න ඔයාගේ හිතේ තියෙන දේවල් ..’
‘අක්කි මම එයාව දැකලා එක දවසයි … අනේ මගේ අක්කියෝ ඇයිද මන්දා මට හැම වෙලේම එයාව මතක් වෙනවා .. එයාව දැක්ක දවසේ ඉදලා ඔයාගේ සුදු නංගිට නින්දක් නැහැ හරියට … මට එයාව හොයාගෙන යන්න හිතෙනවා ’ ඇය මොහොතක් මා දෙස බලා උන්නේය … පසුව හඩ අවදි කළේය ..
‘ මගේ නංගෝ මේ අහන්න .. ඔයා තාම චුටි අවුරුදු 16 යි .. තාම ඔයා ලෝකය දැකලා නැහැ … ලෝකය ගැන දන්නේ නැහැ … කවිෂ් එයාට අවුරුදු 22 ක් ඇති .. එයා ඔයා වගේ පුංචි එකෙක් ගැන හිතන්නේ නැහැ … අනික ඔයා ඉගෙන ගන්නවා .. අම්මි අප්පච්චි ඔයා ගැන මහමෙරක් තරමට බලාපොරොත්තු තියන් නේද ඉන්නේ … ඒ හිත් වල හීන විනාශ කරන්න පුලුවන්ද ඔයාට … කියන්න පුලුවන්ද .. ඔයාගේ සුදු අප්පච්චිගේ හීන මරන්න …කියන්න පුලුවන්ද බැරිද …’
මම නොදොඩා සිටියෙමි ..
‘ උත්තර දෙන්න නංගා පුලුවන්ද බැරිද …’ මම ඒ ප්‍රශ්නයට කෙලෙස උත්තර දෙම්ද ..මගේ අප්පච්චි පුංචි කාලේ මා අසනීප උනාම රැය පුරා අවදි වී මා ලගින් ඉද මා හිස පිරි මැද මා නිදි කරේ සෙනෙහසි න් මට කතන්දර කියලා දුන්නේ මගේ අප්පච්චිය … පුංචි සීරීමක් හෝ මට සිදු උනොත් එදාට රිදුනේ මට නොව ඔහුටය .. ඉතින් මා කෙලෙසක ඔහුගේ හිනාව උදුරා ගම්ද .. කෙලෙසක හෝ කවිෂ් ඔහු අමතක කර පෙර මෙන් සිටිය යුතුය .. අකීකරු මා සිත කීකරු කරගත යුතුය …
‘ බැහැ මගේ අක්කි මට බැහැ කවදාවත් මට එහෙම කරන්න බැහැ ’
‘ මට පොරොන්දු වෙන්න නංගා ආයේ කවදාවත් කවිෂ් හම්බ වෙන්නේ වත් එයා ගැන හිතන්නේ වත් නැහැ කියලා ’ ඇය බලෙන්ම මගේ අත ගෙන ඇයගේ හිස මත රදවා ගත්තේය ..
‘ ප්‍රොමිස් අක්කි …’ මා ඇයගේ හිස මත අත තබා දිවුරුවෙමි ..ඉතින් ආයේ කවදාවත් මගේ හිරිමල් පෙම් සිහිනයේ කුමරු මට මුණ නොගැසෙනු ඇත … මුණ ගැසුනද ඔහු දෙස නොබලා නොදැක්කා සිටින ලෙස අක්කි මාගෙන් පොරොන්දු ගත්තේය … පෙම් කරන්නටත් ප්‍රථම මා පෙම අහිමි කර ගත්තෙමි ..
අක්කි මා නිවසටම ඇරලවා ගියේය .. මා සිත දැඩි කරගෙන සිටියෙමි .. ටික කාලෙකින් ඔහු අමතක කර දැමු මා
වෙතින් පෙර සිටි දගකාර යුවතිය මතු විය .. සැබැවින් සිදු වුයේ මා ඔහු අමතක කර දැමුවා නොව යටි සිතේ ඔහු සගවා ගත්තා පමණක්මය ..
කාලය ගෙවී ගියා නොව බලා සිටියදී ඉගිල ගියා ය … සාමානය පෙළ මා සමත් වුයේ උසස් ලෙසය .. ඉන්පසු උසස් පෙළ මා විද්‍යා අංශයෙන් කරගෙන යාමට සිතුවේ .ඒ කවදා හෝ වෛද්‍ය අංශය හැදෑරීමේ බලාපොරොත්තුවෙනි