සුරඟනක් කඳුළක් සලා 06

හය කොටස

රාත්‍රිය අපුරුය පෝ දා ආසන්න නිසා සද පායා කවුළුවේ හිඩැස් අතරින් ගලා ආ සද කිරණින් මුළු කාමරයම එලිය වැටි ඇත …. හිතේ උයේ පහදා කිව නොහැකි තරම් සිතුවිලි රාශියකි .. මම කොට්ටය බදාගෙන යහනේ ඒ මේ අත පෙරලුනෙමි ….. ඔහු හෙට ස්පෝර්ට් මිට් නැරබීම සදහා පැමිණෙනු ඇත .. අවසාන වරට ඔහු හමුවී අවුරුද්දකට වැඩිය … මම ඔහුගේ මුහුණ මවා ගැනීමට උත්සහා කලෙමි .. මට ඔහු අද ඊයේ දැක්කා මතකය .. ඒ මුහුණේ හැම රේකාවක්ම මගේ මනසේ කාවැදී ඇත … ඉතින් මධු අක්කිට දුන් පොරොන්දුව මට අමතක විය … ඒත් මොහොතින් සිහි උයේ අප්පච්චි සහ අම්මිය … මම හිතට තරවටු කර දෑස් තදින් පියා ගත්තෙමි.. කෙසේ හෝ ඉගෙනීම අවසන් වනතුරු ආදරයක් ගැන සිතීමවත් නොකරන්න මම සිහියේ තබා ගත්තෙමි … රැය ගෙවුනේ නින්දත් නොනින්දත් අතරය ..
මා අවදි උයේ .. පෙර දින වල මෙන් ප්‍රබෝදයකින් නොවේ …අම්මි මාගේ වෙනසක් දකින්න ඇත

‘සුදු දු මොකද මේ මුහුණ එල්ලගෙන උදේ පාන්දරම ..’

‘ නැහැ අම්මි ඇගට කිසිම ෆිට් එකක් නැහැ ..’

‘ බෙහෙත් ටිකක් ගෙන්න යමුද මගේ දු ..’

‘ එපා අම්මි තව ටිකකින් හරි යයි … උදේ හත වෙද්දී එන්න කියලා කිවා අම්මි බෝගම්බර ග්‍රවුන්ඩ් එකට ’

මම කඩ් මුඩියේ සුදු ගවුම ඇද කොණ්ඩය කරල් දෙකකට ගොතා ගත්තෙමි .. මම කැඩපතින් පෙනෙන මා දෙසම බලා උන්නෙමි … ඉස්සරට වඩා මම ලස්සන වෙලා කියා අම්මි හැම වෙලේම පවසන කතාව ඇත්ත වෙන්න ඇත .. කැඩපතින් පෙනුනේ පිරිපුන් රුවැති යුවතියකි …

බෝගම්බර පිටිය සුදු මල් ඇතිරිල්ලක් දැමුවා මෙන් ධවල පැහැයෙන් දිලුනේය .. මුළු පිටියම යුවතියන්ගෙන් පිරි ඇත .. පිට්ටනිය වටේම දෙමව්පියන්ගෙන් සහ අවට පාසල් වල සිසුන්ගෙන් පිරි ඇත පිරිමි සිසුන් නම් කවදාවත් ගැහැණු පාසලක ක්‍රීඩා තරගයක් මග හරින්නේ නැත .. කෙල්ලන්ද කොල්ලන්ගේ මේ පැමිණීමට ඉතාමත් කැමැතිය .. කොලු කමට ඔවුන් කරන විහිලු තහළු වලට අකමැති බව පෙන්නුවද හිත යටින් කොල්ලන්ගේ මේ විහිලු තහළු වලට කෙල්ලන් ඉතා කැමතිය ..

‘ සුරංගනා අර බලන්නකෝ මිලාන්ලා ඇවිල්ලා … බලන්නකෝ අනේ සෙට් එකම ඇවිත් … ’ සෙනුලි ඇය විකාරෙන් මෙන් කියවයි ..ඇයට කොල්ලෙක් කිවොත් ඇතිය ..

‘ අනේ මේ උබට පිස්සුද විකාර කරන්න එපා මැඩම් කෙනෙක්ට ඇහුනොත් හොදට තියෙයි ..’

මුළු ක්‍රීඩාංගනයම නිල් රතු කහ සහ කොළ පැහැයන්ගෙන් අලංකාර වී තිබුනේය . එකින් එක ක්‍රීඩා තරග නිමා වෙයි .. දිවා හිරුගේ රශ්මිය නොතකා සිසුවියෝ ක්‍රීඩා පිටිය මැදට පැන ක්‍රීඩා කරයි ..දිනිති සහ භාවනා මායා නිවාසයේ වැඩ කටයුතු වලය … පෙර දින මා ඔවුන් මග හැර ගියාට පසු මා හිත තුල උයේ චකිතයකි .. දිනිති මා දැක භාවනාද ඇදගෙන දිව ආවේය ..

‘කොහෙද ඊයේ ගියේ හදිස්සියේ .. කියන්නේවත් නැතිව ..’

‘ මට හදිස්සි වැඩක් මතක් වෙලා ගියා ..සොරි …’ මම අහිංසකව සිනා සුනෙමි

‘ හරි හරි .. උදේ ඉදන් අපි ඔයාව හෙවුවනේ …. දැක්කේ නැහැ … එන්නකෝ අපේ අම්මිලා ඇවිත් ඉන්නවා කතා කරලා එමු …’ භාවනා මාවත් ඇදගෙන නරබන්නන් රැදී සිටින ප්‍රදේශයට ගියේය ..

‘ අම්මි .. කෝ අයියලා ’ භාවනා අම්මිගෙන් විමසමින් වටපිට බැලුවේය ..

‘ අර පැත්තට ගියා යාලුවෙක් හම්බ වෙලා ..’

‘ ඉන්න මම හොයන් එන්නම් ’ ඇය දිනිති හා මා සමග සෙනග අතරින් ඔහු සොයා ගියේය ..

ඔහු තවත් පිරිමි ළමයෙක් සමග බර කතාවකය .. මම ඇවිද ගියාද පාව ගියාද කියා මතක නැත .. භාවනා දැක ඔහුගේ මුව සිනාවෙන් පිරි ගියේය …මම දිනිතිට මුවාවීමි … මට උවමනා උවේ කවිශ් අයියාගේ දෑසට ලක් නොවී ඉන්නය … කවිශ් අයියා මා දැක තිගැස්සෙනවා මා දෑස් කොනින් දුටුවෙමි …
මම ඔහුව ගණන් නොගෙන ඉන්න තැත් කෙරුවෙමි .. ඔවුන් සිනා සෙමින් කතා කරයි … මම බුම්මාගෙන සිටියෙමි … වෙනදා ගිරවියක මෙන් දොඩමලු වෙන සුරංගනා ගේ නිහඩ බව දිනිතිට හෝ භාවනාට ප්‍රශ්නයක් වීමට දිය නොහැක ..

‘ සුරංගනා ’ මම හඩ ඇසුණු දෙස හැරී බැලුවෙමි … මිලාන් සහ ඔහුගේ සගයෙක් මා දිහා බලා ඉදි .. වෙනදා නම් මම ඔවුන් සමග කතා කරනු තියා බලන්නේවත් නැත … මට ඇති වුයේ කුරිරු චේතනාවකි .. කවිශ් ඉදිරියේ තවත් කොල්ලෙක් සමග කතා කර ඔහු රිදවීමේ ආසාවකි …මිලාන් යනු ධර්මරාජ විදුහලේ දගකාරම පිරිමි ළමයාය … නුවර බාලිකාවන් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය .. මිලාන් ට තමන්ගේ පෙම පුද කිරීමට ඕනෑම කෙල්ලක් කැමති .. ඔහුගේ කඩවසම් රුව නිසාමය ..

‘ මිලාන් ’ මම සුහද ලෙස සිනා සුනෙමි … දිනිති පුදුමයෙන් මෙන් බලා උන්නාය .. ඇයට පුදුම සිතෙන්නට ඇත්තේ කවදාවත් හොදක් නොකී පුද්ගලයෙක්ට මා කතා කිරීම වන්නට ඇත ..

‘ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන ..’

‘ මොනවද …’ මම සිනාවක් මුවට නගා ගත්තෙමි … සියලු දෙනාම බලා උන්නේ අප දෙස වන්නට ඇත

‘ මම ඔයාට ගොඩක් කැමති ඔයා මට කැමතිද …’ මම හඩ නගා සිනාසුනෙමි ..

‘ මම කැමති …’ මම කිවා නොව මට කියා වුනේය .. මට උවමනාව තිබුනේ … කවිශ් රිදවීමේ කුරිරු ආශාවක් පමණි ….මම මිලාන්ට කැමති කිවේ කිසිම හැගීමකින් නම් නොවේ … කවිශ් ගේ මුහුණ අදුරුවෙනවා මා බලාගෙනය … දිනිති මෙන්ම භාවනාද බිය වී මෙන් බලා උන්නේය …

‘ මම යනවා භාවනා නංගි …’ කවිශ් හිටිගමන් පිටව ගියේය …

‘ අයියේ . ’ භාවනා කෑ ගසනවා මට අසුනේය … නමුත් ඔහු ආපසු හැරී නොබලාම යන්න ගියේය … මට ඔහු රිදවුවා කියා සතුටක් ඇතිවී පසුව ඇති උයේ වේදනාවකි …. මම සිහිනෙන්වත් සිතා නොසිටි පිරිමියෙක්ට කැමති කීම ගැන මටම පුදුමය .. මිලාන් ඔහු මහත් සතුටිනි … මම ඔහුට යනවත් නොකියා දිනිතිවත් ඇදගෙන පිට්ටනිය දෙසට දිව ගියෙමි …

‘ උඹ ට පිස්සුද බන් … ’ දිනිතිගේ පළමු පැනය එයයි …
‘ මොකද උඹ කවදාවත් කැමැත්තක් නොතිබ්බ මනුස්සයෙක්ට කැමති කිවේ … අමු කැවිලා ද ..’

‘ඇත්තටම සුරංගනා මොකද මේ වෙලා තියෙන්නේ කියපන් මට … ’ ඒ භාවනාය

‘ මම දන්නේ නැහැ ..’ ඒ මගේ පිළිතුරයි .. කවිශ් ඔහු රිදවීම සදහා මා එලෙස කල බව කියන්නේ කෙසේද ..

සුරංගනා රාජන් එකේ මිලාන්ට කැමැත්ත දුන්න බව මුළු බාලිකාවම දැන් දන්නවා විය හැක .. ඔවුන් මා දෙස බලන්නේ අමුතුවටය .. කෙල්ලන් ඔක්කොම ට්‍රයි කරන මිලාන් මට කැමති වීම ඔවුන්ට පුදුමයක් වෙන්න ඇත ..

‘ අක්කි අන්න නයනි මැඩම් ඔයාට කතා කරනවා ’ චුටි නංගෙක් පැමිණ මගේ අතේ එල්ලුණේය …

‘මම යනවා ..’ මම යෙහෙලියන් දෙදෙනාගෙන් වෙන් වී හවුස් එක වෙත ඇවිද ගියෙමි ..

මිලාන් ගේ කරදරකාරී බැල්ම මා වෙතම යොමු වී තිබුණි … ඉතින් ආයේ මට ඔහු මග අරින්න බැරි වෙයි යන අනියන බිය මගේ හිතේ හොල්මන් කළේය ..

තවත් කොටසක් ඉදිරියට … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *