සුරඟනක් කඳුළක් සලා 05
සුරඟනක් කඳුළක් සලා
පස්වන කොටස
උසස් පෙළට මා සමග දිනිති විද්‍යා විෂයන්ද භාවනා කළා විෂයන්ද හැදෑරීමට තීරනය කිරීම නිසා පළමු වසරේ සිට එකට ඉගෙන ගත් අපි තිදෙනා මෙසේ වෙන්වීම හෝ අප තිදෙනාට දරා ගැනීමට අපහසු විය .. භාවනාට වඩාත් අපහසු උයේ අපත් සමග අමනාපයෙන් උන් මයුරි ගිම්හානි වැන්නියන් සමග එකම පන්තියේ ඉන්නට ලැබීමය … ඇය වෙනත් විෂය ධාරාවක් හැදෑරුවද …. ලද විවේකයකදී අප සොයා තිදෙනා පැමිණ පිස්සුවක් නැටීම සුපුරුදු පරිදිම සිදු විය …
මේ දිනවල මහමායාවේ සුන්දරම කාලයයි … පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග ඇරබීම නිසා කෙල්ලන් සියලු දෙනා ක්‍රීඩාශීලි විය .. සංඝමිත්තා , යසෝදරා ,ප්‍රජාපති, මායා නිවාසවල සිසුවියෝ ජවයෙන් යුතුව තම නිවාසය ජයග්‍රහණය කරවීම සදහා කැපවී සිටියේය .. මා සංඝමිත්තා නිවාසය නියෝජනය කල අතර … භාවනා සහ දිනිති නියෝජනය කලේ මායා නිවාසයයි ..ස්පෝර්ට් මීට් එක දිනට පෙර දින අපි බෝගම්බර පිටියට එක්වී නිවාස සැරසිලි කෙරුවෙමි … සංගමිත්තා නිවාසය නිල් පාටින් සැරසුවෙමි .. අපි රස කතා කියමින් සිනා සුනෙමු … යෙහෙලියන් දෙදෙනා වෙනත් නිවාස වලට අයිති උන නිසා පාළුවක් දැනුනද ඔවුන් ඇස් මානයේ නිසා ලද ඇසිල්ලෙන් ඔවුන් සොයා ඉගිල මා ගියෙමි …අපි නිවාස සැරසීමේ කටයුතු වලින් හෙම්බත් වී සිටියෙමු ..
‘ ආ දැන් කට්ටිය කුල් ඩ්‍රින්ක් එකක් බිලා පොඩ්ඩක් රෙස්ට් කරලා එන්න ..’ ඒ අපේ හවුස් එක භාරව කටයුතු කරන නයනි මැඩම්ය
අපි කැන්ටිම දෙසට ගියෙමු ..
‘ මේ හෙට රාජන් එකේ මිලාන්ලාගේ සෙට් එක එනවා කිවා ස්පොර්ට් මිට් බලන්න …’ ඒ සෙනුලි ය ..
‘ අපෝ උබටත් ඉතින් රාජන් එකේ කොල්ලෝ කිවොත් ඇති …’ මම සෙනුලිට විරිත්තුවේය
‘ අපි මොකෝ කරන්නේ උබලාට කොල්ලෝ අරහන් කියලා ..’ සෙනුලි පරාජය භාර නොගෙන එකට එක කිවේය ..
‘අපෝ බලන්නම කොල්ලෝ නේ … හැලි වදුරෝ වගේ …’
‘ මිලන්ලගේ සෙට් එකේ ඉන්න කොල්ලෝ නිකන් ඇක්ටර්ලා වගේ .. ’
‘ අනේ අපි දැකලා නැති ඇක්ටර් ලා … ඒක තමා පේමට් එකේ කණු පොලිස් ඩියුටි එක කරන්නේ .. රස්තියාදු කාරයෝ .. ’ මම පැවසුවෙමි … සැවොම මහා හඩින් සිනා සුනේය ..
‘ අන්න භාවනායි දිනිතියි කට්ටිය මේ පැත්තට එනවා ’ ඔවුන් මායා නිවාසයේ කෙල්ලෝ රැසක් සමග අප මැදට කඩාගෙන පැන්නේය ..
‘ මොකද මේ කට්ටිය හිනා වෙන්නේ අන්න අරහෙට ඇහෙනවා ..’ දිනිති මගේ අතින් අල්ලා ගත්තේය
‘ නැහැ මෙන්න මෙයා කියනවා රාජන් එකේ ඇක්ටර් ලා එනවා කියලා හෙට ස්පෝර්ට් මිට් එක බලන්න ..’ මම සෙනුලිට විරිත්තමින් කීවෙමි
‘ මාර නළුවා තමා මිලාන් ගේ යාලුවා කව්ද අර ඉන්නේ හැම වෙලේම කෙල්ලෝ පස්සේ යන සහන් මම දැක්කා ඊයෙත් ගුඩ් ෂෙඩ් එකේ ඉන්නවා අර හයිස්කූල් එකේ නැට්ටුක්කරියන්ට පැණිය දාගෙන ’ දිනිගේ කතාව ඇසු සැනින් සෙනුලිගේ කතා පෙට්ටිය වැසුනේය ..
‘ මේ ඒක නෙවේ හෙට මචං අපේ කවි අයියා එනවා කිවා යාළුවො එක්ක ස්පෝර්ට් මිට් බලන්න ’ භාවනාගේ ඇස් දිළිසුනේය
කවි ….. කවි මගේ සවන් තුල ඒ නම දහස් වර නිම්නාද වෙන්න ඇත … හදේ සොහොන් කල මතකය ආයෙමත් හුස්මක් අයදිනවා මෙන් මගේ හද රිදුම් දුන්නේය … කවිෂ් ඔහුගේ නම නොඇසෙන්නට මගේ කන් අගුල් වැටි තිබුනා නම් හොදය … ඔහුගේ නම ඇසු පමණින් මගේ හදවත තුල ගැස්මක් හට ගයි .. සිත නොදැන උන්නේ ඒ ඔහු කෙරේ ඇති ප්‍රේමය නිසාද කියා පමණි .. අමතක කල මතකය … හදේ ඇතිව මියගිය පළමු පෙම් සිතුවිල්ල මට අමතක කල නොහැකිය .. කෙලෙස හෝ ඔහු ගැන සිතීම නතර කල යුතුය .. මම මගේ සිතට තරවටු කරගත්තෙමි
‘ ආ ඒක තමා භාවනාගේ මුහුණ දිලිසෙන්නේ … ආයිස් මස්සිනා පොඩ්ඩනේ කවි අයියා කියන්නේ ’ ඒ දිනිතිය
‘ මේකිගේ මොකක් හරි හොරයක් තියෙනවා .. බලපන්කො මනමාල විදිහට හිනා වෙන විදිහ ..’ සෙනුලි ඇයව කිචි කැව්වේය …
‘අනේ අත ඇරපන් මෝඩි එහෙම දෙයක් නැහැ ..’ හැමෝම ඔහු අරබයා ඇයට විහිලු කරයි .. සිනා නොවුනේ මා පමණක්ම වෙන්න ඇත .. භාවනා ඇය මේ විහිළු වලට අකමැත්තක් නැතිවා මෙනි .. මා බෑගය අතට ගත්තෙමි .. කාටවත් නොකියාම මම මගට බැස්සෙමි … මට සිත සන්සුන් කර ගැනීමට උවමනා විය .. අකීකරු සිතට කිකරු කරගැනීමට තරමට මා සිත දියුණු කරගෙන නොතිබුනේය … මා ඔහේ ඇවිද ගියෙමි … පාරවල් දිගේ ඔහේ ඇවිද ගියෙමි … කළුවර වැටුනේ කොයි වේලාවේද මට නොදැනුනි .. පිටුපසින් පැමිණි පුද්ගලයෙක් මගේ අත ග්‍රහනයට ගන්නවා දැනුනි ..මට බියක් දැනුනි …
‘ නංගා ’ ඒ සදැස් අයියා ය …
‘ අයියේ …’
‘ ඔයා කොහෙද මේ ..යන්නේ …’ මම වට පිට බැලුවෙමි … මා පේරාදෙණිය පාරේ ඉස්සරහට ඇවිද ගෙන ඇවිත් තිබුණි .. හරියටම කියනවා නම් ඝටිකාරාමය ලගටම මා පයින්ම ඇවිත් ඇත … මට පන්සල් ආවා කියා කියන්න සිහියට ආවේය …
‘ පන්සල් ආවා අයියේ …ඔයා කොහෙද ’ මම අයියා දෙස බැලුවෙමි … ඔහු පසු පස ලැජ්ජාශීලි තරුනියෙකි ..
‘ නංගා මේ මගේ ගර්ල් සචි …. අපි පොඩ්ඩක් කතා කරන්න ගාර්ඩ්න් එකට ගියා .. ’ මම ඇයට සුහද සිනාවක් පෑවෙමි … ඇයද ලැජ්ජාශීලි ලෙස සිනා සුනේය ..
‘ නංගා දැන් ගෙදර යන්න බලන්න කියද වෙලාව කියලා … අම්මිලා බය වෙලා ඇති …’ අම්මිලා පමණක් නොව මා යෙහෙලියන්ද බිය වී ඉන්නවා විය යුතුය … ඔවුන් මා පිළිබද මොනා සිතනවා ඇතිද ..
‘ අයියේ ෆෝන් එක දෙන්නකෝ ..’ මම ඔහුගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන අම්මිට කෝල් එකක් දී බස් නැති නිසා පරක්කු වෙන බව කීවෙමි … දිනිතිට ඇමතුමක් ගෙන නොකියා ඒම ගැන සමාව අයැදිමි…
කවිෂ් ඔහු මා සිතින් මකා දැමිය නොහැකි තරමට හදවත හොරා ගත්තේ කවදා දැයි නොදනිමි… මා දැන සිටියේ ඔහු මගේ හදවත රිද්දන අමුතුම හැගීමක් බව පමණි …