සුරඟනක් කඳුළක් සලා 08
අට කොටස
‘ ගුඩ් මෝර්නින් දිනි …’ මම සිනාසෙමින් පොත් බෑගය පුටුවේ එල්ලුවෙමි
‘මොකද පරක්කු උනේ මම හිතුවේ අදත් නැහැ කියලා ..’ දිනිති මගේ කොණ්ඩා කරලක් අල්ලගෙන ඇද්දේය
‘ ආයි රිදුනා ගෙඹි කෙල්ල උඹට මම ඉදපන් දෙන්න දෙකක් .. ’ මම දිනිති අල්ලගන්න පස්සේ දිවුවෙමි …
‘ අඩෝ අද පිසික්ස් මැඩම් නැහැ …මේ ෆිරියඩ් එක ෆ්‍රී ..’ සෙනුලි කෑ ගසාගෙන දිව ආවේය …
‘ අනේ එහෙමද මචෝ එල නේ … ’ මම ඉදිරියට ඇවිද ගොස් චෝක් කෑල්ලක් අතට ගත්තෙමි …
‘ ළමයි මම දැන් ඔයාලට උගන්වන දේවල් හොදට බලාගන්න ඕනි …’
‘ හොදයි මැඩම්’ කෙල්ලෝ කෑ ගැසුවේය
මම බ්ලැක් බෝර්ඩ් එක දෙසට හැරී රූප සටහනක් ඇන්දෙමි .. මේ තමයි ළමයි අපේ කාන්ති මැඩම් ..’ මම විකාරී රූපය පෙන්නා හදුන්වා දුන්නෙමි … කෙල්ලෝ සද්දයක් නැත ..
‘ චටාස් ..’ පස්ස පැත්තට වැදුන පාරක් නිසා ඇස් වලින් කදුළු පැන්නේය … මම හැරී බැලුවෙමි .. ෆ්‍රී පීරියඩ් එකේ පන්තියට ඒවා ඇත්තේ කාන්ති මැඩම්ය ..
‘ දැන් තමුන් ඔය නැහැදිච්ච වැඩ කරන එක නවත්වන්නෙම නැද්ද ..ආ … අල්ලනවා අත ’ අත්ල පැලෙන්න මෙන් රිදුම් දෙයි ….
‘ කොළයක් අරන් සිය සැරයක් ලියනවා මම වැරදි නොකරමි කියලා …’
මම හිතින් බනිමින් කොලය පුරා මම වැරදි නොකරමි කියා ලීවෙමි .. ..
‘ රිදෙනවද බන් … ’ දිනිති මගේ අත්ල පිරිමදිමින් දුකෙන් මෙන් මා දෙස බැලුවේය
‘නැහැ බන් නිකන් මොනර පිහාටුවකින් පිරිමදිනවා වගේ …’
‘ මේ ඒක නෙවේ සුරංගනා .. අරු ආවනේ මේ දවස් ටිකේම උබව බලන්න’
‘අරු කියන්නේ කව්ද බන් ..’
‘අරු බන් අරු මිලාන් කාරයා ..’
‘ඒ මොකටද …’
‘උබව බලන්න යකෝ … උබ කැමත්ත දුන්නා නිසා එනවා ඇති ..’
‘ඉතින් මට පාන්ද ’
‘ පාන් නෙවේ මොනා උනත් මට කමක් නැහැ ..දැන් උබ මොකද කියන්නේ .. උබ ජෝක් එකටද ඒකාට කැමති කිවේ කිවේ ..’
‘මම ඒක හිතලා කිවේ නැහැ බන් …’ දිනිත් ඕ දෑස් විසල් කර මා දෙස බලා උන්නිය
‘ පිස්සුද බන් … ඕන දෙයක් කියද්දී කල්පනා කරලා කියපන් .. හැමදේම සැහැල්ලුවට හිතන්න එපා ..’
‘ දැන් මට මැරෙන්න කියනවද .. මම ඒකාට කවදාවත් කැමැත්තෙන් හිටියේ නැහැ … කැමති වෙන්නෙත් නැහැ ..’
‘ ඒ උනාට උබ හැමෝම ඉස්සරහා ඌට කැමති කිවා කියලා මතකද ..ඒක මේ මුළු ඉස්කෝලෙම දන්නවා … ’
‘ හරි මමම ඒක ඉවරයක් කරන්නම් …’ මගේ නැහැදුනකම ගැන මටම තරහය ..
මට දිනිතිට කවිෂ් අයියා ගැන කියන්න උවමනා විය ..නමුත් මේ එයට අවස්ථාව නොවේ .. මේ ප්‍රශ්න විසදුනු පසු ඇයටද මේ ගැන පවසන්න මම සිතා ගත්තෙමි …
……………………………………………………………………………………………………………………..
පාසල අවසන් වෙන වෙලාවට නුවර නගරය සුදු පාටින් වැසි යයි … ඒ අතරට එක් වි මාද ඇවිද ගියෙමි …දිනිතිලාගෙන් සමුගෙන මම බෝගම්බර පිටිය ලගට වී තනියම බලා සිටියෙමි … මගේ අදහස උනේ කෙසේ හෝ මිලාන් හමුවී ඔහුට මේ ගැන පහදා දීමයි .. මිලාන් ඔහු පැමිණියේ ඔහුගේ කොලු නඩයත් සමගය .. සුදු යුනිෆෝර්ම් එකට ඔහු හැඩය … ඔහුට කෙල්ලන් වශී නොවුනොත් පුදුමය … ඔහු ඒ තරම් කඩවසම්ය … උසට හරියන මහත …. සුදු මුහුණට වැටුණු දගකාර කොණ්ඩය වශී වෙන සුළුය .. මා දැක ඔහුගේ මුව මත සිනාවක් රැදුනේය … මම ඔහු සහ කවිෂ් අය්යා සැසදීමට උත්සහ කලෙමි … දිනුවේ කවිශ් අයියය … මම අපහසුවෙන් සිනාවක් මුවට නගා ගත්තෙමි … ඔහු කොලු නඩයෙන් වෙන්ව මා වෙත ආවේය ……
‘ සුරංගනාවී මගේ සදක් වගේ පායලා ..’ ඔහු හෙමි හෙමින් මිමිනුවේය …
‘ මට කතා කරන්න ඕන ..’
‘ මම මේ දවස් ටිකේම ඔයා හෙව්වා …අදත් බලලා ඔයාලාගේ ගෙදර එන්න හිටියේ …’
මම දෑස් අයා ඔහු දෙස බැලුවෙමි ..ඔහු දෑස් සිහින් කර මා දෙස අමුතු බැල්මක් හෙලුවේය.. අදහන්න ඔහු සතු උයේ කෙල්ලන් වශී කරගන්නා දෑසකි .. මම මොහොතින් ඒ දෑස් වලින් මා දෑස් මග හැරියෙමි …
‘ පිස්සුද …’ මම සැරෙන් ඇසුවෙමි
‘ ඔව් ඔයාව දැක්ක දවසේ ඉදලා … ’ ඔහු මා දෙස බැලුවේ අර අමුතු බැල්මෙනි ..
‘ හ්ම්ම්ම් විකාර …’ මම තරහා ආ බවක් පෙන්වා ඉවත බැලුවෙමි
‘එන්න අපි මොනා හරි බොන ගමන් කතා කරමු .. ’ ඔහු දෑස් අඩවන් කර මා දෙස බලා සිටි …මට බිය සිතුනේ මා ඒ දෑස් වල තිබු අමුතු කාන්තියටය ..
‘ මට බෑ …මෙතන කතා කරමු ..’ අපි උන්නේ ටොරින්ටන් පාර්ක් එක උඩය
‘ දැන් කියන්න …’ ඔහු මගේ ඇස් දෙකට එබුණේය …
‘ මිලාන් මාත් එක්ක තරහා වෙන්න එපා … මට ඔයාට කැමති වෙන්න විදිහක් නැහැ ..’ මගේ වදන් හමුවේ ඔහුගේ දෙතොලේ තිබු සිහින් සිනාව සැනින් මැකී ගියේය ..
‘ එතකොට එදා කිවේ කැමති කියලා ..’ ඔහු දෑස් ලොකු කරන මා දෙස බලා උන්නේය . මා තිගැස්සුනේ ඔහුගේ වදන් වල තිබු ගැබුරු බවටය .. මම වහා වෙනතක බැලුවෙමි .. ලය ගැහෙන වේගයය වැඩිය ..
‘මම එදා හිතන්නේ නැතිව කිවේ ..සොරි ..’ මම සමාව අයදින දෑසින් ඔහු දෙස බැලුවෙමි …
‘ බලාපොරොත්තු දීලා කැමති නැහැ කීවාම හරිද …ආ කියනවා ..’ ඔහු මගේ අතින් අල්ලගෙන අත තද කළේය .. ඔහුගේ වදන් වල තිබුනේ ආවේගයකි තරහකි …
‘ඌයි රිදෙනවා අත අරින්න මගේ අත ..’ හිත වේගයෙන් ගැහුනේය ඇසට කදුළු ඉනුවේ ඉබේමය ..
‘ මට උත්තරයක් දෙනවා … දැන්ම … ’ ඒ ස්වරය පහත්ය … අන්ත අසරණ වූ යාචකයෙක්ගේ මුහුණේ ඇති හැගීම් ඒ මුහුණේ සැනින් මැවී ඒ ලස්සන මුහුණ කළු වී ගියේය ..
‘ මට යන්න දෙන්න මිලාන් … ’ මට ඇති වුයේ ඔහු ගැන පුදුමාකාර දුකකි … මගේ එක වදනක් නිසා ඔහු කොයි තරම් සිහින මාලිගා තනා ඇතිද .. මගේ නොහික්මුණු කම ගැන මම මටම දොස් පවරා ගත්තෙමි ..
‘යන්න දෙන්නේ නැහැ මට උත්තරයක් දෙනකන් …’ ඔහුගේ වචන දැඩිය
මිනිසුන් එකා දෙන්නා වටවී අප දෙස බලා සිටි .. මට ඇති උයේ පුදුමාකාර ලැජ්ජාවකි .. කෙලෙස හෝ ඔහුගෙන් මිදී පැන යාමේ මහා ඕනෑකමකින් සිත පිරි තිබුනේය …
‘… මම වෙන කෙනෙකුට ආදරේ කරනවා ’ මා දිගු හුස්මක් ගෙන ලය සැහැල්ලු කර ගත්තෙමි .. ඔහුගේ අත ලිහිල් විය … මම ඒ අවසරයෙන් ඔහුගෙන් මිදී ගත්තේය … ඔහු වචනයක්වත් කීමට පෙර .. යන්නම් වත් නොකියා මා දිව ගියෙමි ….බස් නැවතුමට යන තුරු මම ආපසු හැරී නොබලාම ගියෙමි .. හිතේ උයේ මහා කනස්සල්ලකි වේදනාවකි … කියා පැහැදිලි කල නොහැකි හැගීම් ගොන්නක් හදවත ඇතුලත සිට මගේ හිත කෙනිත්තුවේය .. මා නිවසට විගස යහනට වැදී කොට්ටය මුහුණ ගසාගෙන ඇති තරම් ඇඩුවෙමි …. කවිශ් අයියා විසින් සිත පුරා අතුරා ගිය සතුට …මිලාන් විසින් වේදනාවෙන් පුරවා ගොස් තිබුණි ..
තවත් කොටසක් බලාපොරොත්තුවෙන්න ..