සුරඟනක් කඳුළක් සලා 10

දහය කොටස

හෙමි හෙමින් පටන් ගත් පොද වැස්ස මහා වැස්සක් බවට පත් වුයේ බලා ඉද්දීමය .. මම කව්ලුවෙන් එපිට වැස්ස දෙස බලා උන්නෙමි .. මහා වැස්ස කුණාටුවක් බවට පත් වී ගොරව ගොරවා වැස්සේය … කුණාටු සුළගට ඇර දමා තිබු ජනේලයෙන් ආ හිරිකඩ වැස්ස ගතේ වැදීමෙන් ඇති උයේ අමුතුම සිතලකි .. කව්ළුව වසා දැමීමට උව යහනෙන් නැගිට යෑමට මගේ සිතේ තිබුනේ අකමැත්තකි.. යහනේ ඒ මේ අත පෙරළෙමින් උන් මා හට නින්ද ගියේ කිනම් මොහොතේදී ද කියාවත් නිනව්වක් නැත …. උදේ අවදි වන විට ගතට දැනුනේ පුදුමාකාර තෙහෙට්ටුවකි … මම අමාරුව නොතකා අවදි උනෙමි …

මට කවිශ් අය්යා දැක මේ පිළිබව විමසා දැනගත යුතු දේවල් බොහෝ විය …මම කමියුනිකේෂන් එකකට වැදී කව්ශ් අයියාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි … ‘ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත ’ දෙතුන් වරක් ගත්තද එහා පසින් ඇසුනේ එම හඩමය … බලාපොරොත්තු බිදී ගිය මා සිතේ වුයේ හිස් බවකි ..මම පාසල වෙත ගියේ නොයා බැරි කමටය .. භාවනා සමග පිළිසදරක උන් දිනිති මා දැක අත වනා ඇය වෙත මා කැදවිය

‘ සුරංගනා … කොහොමද දැන් ඔලුවේ කැක්කුම අඩුද … ’

‘ දැන් අඩුයි … දිනි …’

‘කොහොමද ක්ලාස් එක සුරංගනා … ’ භාවනා ඇසුවේය .. මට ඊයේ මතක් විය …

‘ අවුලක් නැහැ භාවනා .. හොදයි

‘අවුලක් නැහැ කීවාට නැත්තෙමත් නැහැ .. එක අවුලක් තියෙනවා .. මෙයාගේ සත්‍ය ප්‍රේම brunga රාජයා ඉන්නෙත් ඒ ක්ලාස් එකේම නේ ..’

‘මිලාන්ද …’

‘ ඔව් ඔව් මෑන් තමා ඊයෙත් පොඩි ජරමරයක් කරා ..’ දිනිති භාවනාට එක හුස්මට ඊයේ උන දේවල් කියාගෙන ගියාය ..

‘ ඒක නෙවේ භාවනා ඊයේ මොනාද කලේ ..’ මම හිත තුල ගුලි කරගෙන තිබු ප්‍රශ්නය භාවනා ඉදිරියේ තැබුවෙමි ..

‘ ඊයේ අපි නැන්දිලාගේ ගෙදර ගියානේ … ’ ඇයගේ මුව මත ඇදුනේ මනමාල හිනාවකි

‘ අම්මේ එක කියද්දී මෙයාගේ මුහුණේ තියෙන පෙම් පාට .. සුවර් එකට මස්සිනා පොඩ්ඩ ඉන්න ඇති .. ’

‘අපෝ නැතිව ඒ මෝඩයා හිටියා නේන්නම් … ’

ඇයගේ ඇස් ඔහු ගැන කතා කරද්දී දිලිසෙයි .. හැමදාම මෙන් අදත් එසේමය … දෙවියනේ මගේ හොදම යෙහෙළිය ඔහුට පෙම් කරනවාවත්ද .. මම එසේ සිතන්නට බිය වීමි … ඇයගේ නෙත් තුල මා දුටුවේ ඔහු කෙරේ ප්‍රේමය වත්ද … මට එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උවමනා විය … ඒ මොහොතේ මා දෙවියන් බුදුන්ගෙන් ඉල්ලුවේ එසේ නොවේවා යැයි කියා පමණි … මගේ කවිෂ් අයියා වෙන කෙනෙක් හිමි කරගන්නවා මා බලා ඉන්නේ කෙලෙසද ඒ මගේ හොදම යෙහෙළිය උවත් ඉවසිය නොහැක …පාසල් සීනුව නාද උයේ අපි කවිශ් අය්යා ගැන කතා කරමින් සිටිද්දීය .. කතාව නතර කර දැමු අපි තම තමන්ගේ පන්ති වෙත දිව ගියෙමු ..

පාසලේ දී ඉගෙනීමට මට කිසිම උවමනාවක් නොවිය .. මේ හැම දේකින්ම මිදී මුළු ගැන්වී ඇඩ්මේ උවමනාවක් මා සිත පිඩාවට පත් කර තිබුණි ..

‘ සුරංගනාට මොනා වෙලාද ’

‘ සුරංගනා මොකද ඇස් වල කදුළු පුරෝගෙන ’

‘සුරංගනා ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන් හිතින් විදවන්නේ නැතිව … ’ දිනිතිගේ ප්‍රශ්න වල කෙළවරක් නොමැත … ඇයට කවිශ් අයියා පිලිබදව පැවසුවහොත් ඇය මා ගැන වැරදියට සිතනු ඇත ..

පාසල අවසානයේ භාවනා අප වෙත දිව ආවේය …

‘ මේ කේ සි සි එකේ එක්සිබිෂන් එකක් තියෙනවා යමුද බලන්න .. මට ෆ්‍රී ටිකට් හම්බ උනා මේ ’ ඇය අතතිබු ටිකට අප වෙත පෑවේය //

‘ අනේ මට බෑ ’ මම අකමැත්ත ප්‍රකාශ කලෙමි …

‘ එහෙම කියලා බෑ එන්නම ඕන .. මම නේ කියන්නේ … පොඩි බඩ්ඩක් කියන්නත් තියෙනවා ..’

මම බෑ කියද්දීම දිනිති මා කැමති කරගත්තේ භාවනාගේ හිත රිද්දන්න එපා කියාය .. අපි කේ සි සි එක තුලට පිවිසුනෙමු … පාසල් සිසුන් හා විවිධාකාර මට්ටම් වල පුද්ගලයන්ගෙන් ප්‍රදර්ශන භුමිය පිරි ගොසිනි … භාවනා වට පිට බලයි ..ඇය කවුරු හෝ බලාපොරොත්තු වෙයි ..

‘ කාවද හොයන්නේ …’

‘ මම ආදරේ කරන කෙනා එනවා කිවා .. එයාව බැලුවේ ..’ ඇය වචන බර කළේය .. දිනිති මා දෙසත් මා දිනිති දෙසත් බැලුවෙමු ..

‘ හොර කෙල්ල අපිට කිවෙවත් නැහැ .. ’ මම නෝක්කාඩු කීවෙමි …

‘ අර එන්නේ …’ ඇය දොරටුව වෙත දෑස් යොමු කළේය .. කළු පාට ඩෙනිම් කලිසමක් සහ සුදු පාට ටි ෂර්ට් එකකින් සැරසී පැමිණෙන්නේ කවිශ් අයියා ය .. අදහන්න ඒ උන්නේ මගේ කවිශ් අයියාමය .. මගේ ලෝකය එක වර නැවතුනා නම් හොදය … මට උන් හිටි තැන් අමතකය .. මා ග්‍රමණය වෙනවා .. මා ඉවසා දරා සිටියෙමි .. මගේ පුංචි කාලේ ඉදලාම හොදම යෙහෙළිය එක බත් පත දෙකට බෙදා කෑවේ අපය .. නමුත් දෙවියනේ ආදරේ .. මෙය සිහිනයක් වෙනවා නම් හොදය …

‘ නංගා…’ ඔහු අප දෙස බලා සිනා සුනේය .. ඒ සිනාව ලස්සනය මා හැමදාම වශී වන්නේ ඔහුගේ ඔය හිනාවටය ….

‘ මම හිතුවේ එන එකක් නැහැ කියලා ..’ භාවනා ගේ ස්වරය පෙම්වත්ය …

‘ එහෙම එන්නේ නැතිව ඉන්නේ කොහොමද නංගා කීවාම ..’ මම තිගැස්සුනේ ඔහුගේ මේ වචන වලටය .. ඔහු හදිස්සියෙවත් ඇයට පෙම් කරනවා නම් ..

‘ මගේ හොද අයියා .. ’ භාවනා කවිශ් ගේ අතක එල්ලුණේය .. මා සතු දෙයක් වෙන කෙනෙක් සතු කරගත්තා වැනි ශෝකයක් මා පිඩාවට පත් කළේය ..අනේ අප පෙම් කලාට මට කවදාවත් …ඔබේ අතේ එල්ලී ගමන් යන්නට ලැබී නැත … හිතේ ඇති වුන ආවේගය පිට කිරීමට නොහැකිව මා තැවුනෙමි … මට අතට අහු වෙච්ච දෙයක් පොළොවේ ගසා හෝ මේ ආවේගය පාලනය කර ගැනීමට තිබුනා නම් .. මා තදින් ග්‍රමණය වෙන්නා මෙන් මට දැනුනේය … ඉන් එහාට සිදු උන කිසි දෙයක් මට මතක තිබුනේ නැත ..

තවත් කොටසක් හෙට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *