සුරඟනක් කඳුළක් සලා 11

එකොළහ කොටස

මම සෙමින් දෑස් ඇරියෙමි .. හිස ඇතුලෙන් දැනුනු වේදනාව දරාගැනීමට අපහසුය … සේලයින් දීම සදහා අතේ ගසා තිබු කැනියුලා වලින් දැනුන වේදනාව නිසා මගේ වේදනාව දෙගුණ තෙගුණ විය … මම සෙමින් කෙදිරි ගෑවෙමි .. නර්ස් ඇදුමෙන් සැරසුණු සිහින් යුවතියක් කාමරේ දොර විවර කරගෙන ඇතුලට පිවිසුණේය ..

‘ ඔයා දැන්ද ඇහැරුනේ … මේ බෙහෙත් ටික බොන්නකෝ …’ ඇය මා අත පෙති කීපයක් තැබුවේය …

‘මම මේ කොහෙද ඉන්නේ .. ’

‘ ඔයා මේ ඉන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක …’ ඇය නුවර ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක නමක් පැවසුවේය

‘ ඔයා පැය දෙකක් විතර සිහිය නැතිව හිටියේ … ඔයාගේ යාළුවො එළියේ ඉන්නවා ඉන්න මම එන්න කියන්නම් ’ මම බෙහෙත් පෙති දෙක අපහසුවෙන් ගිල දැමුවෙමි …. පෙතිවල තිත්ත රසය දිවට එක්කලේ අප්‍රසන්න බවකි ..

නර්ස් පිටව ගිය දොරින් පිළිවලින් දිනිති , භාවනා සහ කවිශ් අයියා යන අය මතුවිය
..
දිනිති හිස අද්දරට පැමිණ බොහෝ සෙමින් මගේ හිස අත ගෑවේය …. මම දෑස් තදින් වසා ගත්තෙමි ..මම සිදු උන දේ සිහි කිරීමට වෑයම් කලෙමි ..මට මොනවත් සිහිඋයේ නොවේ ..

‘ මට මොනාද උනේ .. දිනි …’ මම දිනිති දෙස බලා විමසුවෙමි …

‘ ඔයා එක පාරම කලන්තේ දාලා වැටුනා … අපි ගොඩක් බය උනා … ඉතින් ඒ වෙලාවේම කවිෂ් අයියාගේ වාහනේ ඔයාව දාගෙන මෙහෙට ගෙනාවා .. මේ හොස්පිටල් එකේ ඉන්න කවිශ් අයියාගේ යාලු ඩොක්ටර් කෙනෙක් … ඔයාව චෙක් කළා ඔයාට උණ වැඩිවෙලා එකසිය ගානට .. ඒ අයියා කිවා ඔයාව ඇඩ්මිට් කරන්න කියලා .. අපි ගොඩක් බය වෙලා හිටියේ .. කවිශ් අයියා ගැටබේ පන්සලට ගිහින් භාරයකුත් වෙලා ආවේ .. ’

මගේ දෑස් වල කදුළු පිරුණේ ඉබේටමය ..

‘ අනේ ඔයාලට ගොඩක් පින් ..’

‘ අපි ඔයාලගේ අම්මිට කතා කරලා කිවා දැන් … අප්පච්චි එක්ක දැන් එනවා කිවා .. ’

කවිශ් අයියා මුහුණ කලුකරගෙන බලාගෙන උන්නේය .. මා හා වදනකුදු නොදෙඩිමට තරම් ඔහු නපුරු වී තිබුණි ..

‘ ඉන්න මම ඩොක්ටර් දිමාල් එක්ක එන්නම් ..’ භාවානා ට පැවසු ඔහු ප්‍රති උත්තරයක් ලැබෙන්නට මත්තෙන් පිටව ගියේය ..මොහොතින් කවිශ් අයියා පැමිණියේ වෛද්‍යවරයා සමගය … වෛද්‍යවරයා මා පරික්ෂා කළේය

‘මචං දිමාල් කොහොමද දැන් ලෙඩාට ..’ කවිශ් අය්යාගේ හැඩි දැඩි ස්වරය වෙනුවට ගලා ආවේ අන්ත අසරණ උන මිනිසෙකුගේ කට හඩකි ..

‘ දැන් නම් උණ බැහැලා තියෙන්නේ .. දවසකින් දෙකකින් හොදටම හොද වෙයි ..’ ඩොක්ටර් දිමාල් මා දෙස බලා දෙතොල සිනාවකින් හැඩ කළේය

අම්මි අප්පච්චි සමග පැමිණියේ ඊටත් විනාඩි විස්සකට පමණ පසුය .. අම්මි මා වෙත දිව විත් මා තුරුළු කරගෙන මගේ හිස සෙනෙහසින් සිම්බේය .. මම ඇගේ ලය මත මගේ හිස හොවා ගත්තෙමි … ඒ තුරුලේ මට දැනුනේ අනන්ත රැකවරණයයි …

‘ මගේ දරුවෝ මොකද මේ උනේ ..’ අම්මිගේ ඇස් දෙකේ කදුළු දෝරේ ගලයි

‘මට දැන් හොදයි අම්මි … ’ අප්පච්චි පිටුපසින් විත් මා හිස පිරිමදි ..

‘ දූගේ කේන්දරේ බලපුවම කිවා දුට මේ අවුරුදු දෙක තුනේ ගොඩක් අපල තියෙනවා කියලා …’ අම්මි අප්පච්චි දෙස බලමින් මිමිනුවේය

‘මාලති ඔය දේවල් හිතලා අවුල් වෙන්න එපා .. ’ අප්පච්චිගේ මුහුණේ පුරා ඇදි ඇත්තේද අනියන බියකි .. ඔවුන් දෙදෙනා එන මග පුරා මා පිළිබදව කතා කරන්න ඇත අම්මි අප්පච්චිගේ හිත හදන්නට ඇත … ඔවුන් දෙදෙනාගේ සෙනෙහස නම් පුදුමාකාරය .. අම්මි අප්පච්චි හා බැදුණු පසු අම්මි අප්පච්චිද අප්පච්චි විසින් අම්මිවද කිසිදා රිදවා නැත .. මටද උවමනා වුවේ ඒයාකාර සෙනෙහසකි ..

‘ මේ දරුවෝ දැන් යන්න රෑ වෙනවා නේ .. ’ අම්මි පසෙක සිට මා දෙස බලා ඉන්නා මගේ මිතුරියන් සහ කවිශ් අයියා දෙස බලමින් පැවසුවේය

‘ කවුද මේ පුතා …’ අප්පච්චි බැලුවේ කවිශ් අයියා දෙසය

‘ අංකල් මේ භාවනාගේ අයියා .. මේ අයියාගේ වාහනේ තමා සුරංගනාව හොස්පිටල් එකට එක්කන් ආවේ ’ දිනිති ඉස්සර විය … අප්පච්චිගේ ස්තුතිපුර්වක බැල්මක් ඔහු දෙසට හෙලුවේය

‘ බොහොම ස්තුති පුතා කරපු උදව්වට … මේ තමා මගේ පණ ටික ..’ අප්පච්චිගේ හඩ වේදනාත්මකය

‘ ඉටිස් ඕකේ අන්කල් … ’ කවිශ් අයියා විනීතව හිස නැමුවේ ය …

‘ මේ කෙල්ලව තනියම දාලා යන්නේ කොහොමද විමල් .. අපි ..’

‘ ආන්ටි බය වෙන්න මම අදුරන අක්කා කෙනෙක් අද නයිට් ඩියුටි මම සුරංගනාව බලන්න කියන්නම් …’

‘පුතාට කොහොම ස්තුති කරන්නද මන්දා ..’

කවිෂ් අය්යා පිටව ගියේ මා දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළමිනි … ඉතින් මට කෑ ගසා කියන්නට සිතුනි අනේ අයියේ මට අනුකම්පාව එපා මට ඕනි ඔයාගේ ආදරේ ව්තරයි …

අම්මි සුප් එකක් පොවා මා හිස සිබ පිටව ගියේ පසුදා නැවත පසුදා උදේම එන බව පවසා පිටව ගියේ මා තනිකර යෑම පිලිබදව ඉතා දුකිනි ..

………………………………………………………………………………………………………………………

ඈතින් ඇසෙන රැහැයියෙකුගේ දුක් නාදය වරින් වර රැයේ නිහඩතාව බිදගෙන පැතිර යයි . … මම සිවිලිමේ එල්ලී තිබෙන විදුලි පංකාව දෙස බලාගෙන උන්නෙමි … මා නිවසින් පිටව තනිව ගෙවන පළමු රැය මෙයයි .. මට මහා තනිකමක් දැනුනේය … විටෙක ඇහෙන රෝගියෙකුගේ විලාප හඩ මා සිතට එක් කලේ බියකි … දෑස් පියවිගෙන එන විට කුමක් හෝ විකාරයක් ඔලුවට විත් නින්ද හොරා ගයි .. ..

මම කවිශ් අයියා සිහි කෙරුවෙමි … ඔහු මගේ ආත්මයටම බද්ද වී හමාරය ඉතින් ඔහුගෙන් වෙන් වී ගෙවීමක් සිතන්නට හෝ නොහැක … මම දෑස් අඩවන් කරගෙන සිටියෙමි .. වෙලාව දහයට ආසන්න වෙන්න ඇත …සෙමින් දොර විවර වී කවුරුන් හෝ ඇතුලට පිවිසුණේය .. මම දෑස් විවර කරන්න බිය වීමි … පැමිණි පුද්ගලයා මා අසලටම පැමිණෙන්න ඇත .. මම කෑ ගැසීමට මුව විවර කලෙමි පැමිණි පුද්ගලයාගේ අතින් මගේ මුව වැසි ගියේය … මම ඇස් ඇර බැලුවෙමි … අදහන්න මා අසල උන්නේ ඔහුයි .. මගේ කවිෂ් අයියයි ..මට හුස්ම ගන්නද අමතක වෙන්න ඇත උගුර අස්සේ වචන හිරවෙන්න ඇත .. කවිෂ් අයියා මා අසලින් යහනේ අසුන් ගත්තේය මම ඒ උරහිසේ හිස හොවා ගත්තෙමි .. මගේ මුවින් සිහින් හඩින් ඉකි බිදුමක් පිටවිය .කවිෂ් අයියාගේ අකීකරු අතැගිලි මගේ හිස පුරා ගමන් කළේය …

‘ මොකද මේ අඩන්නේ …. දැන් මම ඉන්නවනේ .. ’ ඔහු මගේ දෙස ආදරයෙන් බලයි

‘ඇයි ඔයා ආපහු ආවේ ….’

‘ මට ඔයාව දාලා යන්න හිතුනේ නැහැ … මට හිතුනා ඔයා බය වෙලා ඇති කියලා … පිස්සි .. මම දිමාල් එක්ක කතා කරලා අමාරුවෙන් කැමති කරගත්තා රෑට ඔයා ලගින් ඉන්න ’

මම ඔහු දෙස නෝක්කාඩු බැල්මක් හෙලුවෙමි .. මට භාවනා සිහි වී මගේ මුව සෝකයෙන් පිරි ගියේය ..

‘ මොකද මේ මුහුණ නරක් කරගත්තේ ..’ මම යලිත් දෑස්වල පුරෝ ගත්තෙමි

‘ කියන්න මේ අත මගේ විතරමයි නේද … ’ මම ඔහුගේ දෑත මගේ ලය මත තබා ගත්තෙමි ..

‘ සත්තයි … මම ඔයාගේ විතරමයි …’ ඔහුගේ නෙතු වල වුයේ මා කෙරේ උපන් පෙමි ..ඒ රැයේ ඔහුගේ ඇස් වල උයේ පිරිසිදු ප්‍රේමය පමණි ..

‘ ඔයා ගැන භාවනා බලාපොරොත්තු තියන් ඉන්නේ …’ මගේ හිසට වදදුන් ප්‍රශ්නය එලියට දැම්මෙමි

‘ මම දන්නේ නැහැ .. එයා මගේ නංගි විතරමයි .. පුංචි කාලේ මට නංගියෙක් නැති නිසා මම එයාවයි නංගි කරගත්තේ .. මගේ හිතේ එයා ගැන තියෙන්නේ මගේ පුංචි නංගි කියන හැගීම විතරමයි ..’

‘ඒ උනාට එයා මට වඩා ලස්සනයි … ඔයාගේ හිත එයාට ගියොත් …’

‘ මේ මුළු ලෝකෙන්ම මට ලස්සනට පේන්නේ ඔයා විතරමයි මගේ නංගි..’

‘ සත්තයි කියන්න ..’ ඔහු මගේ හිසේ අත තියා දිවුරුම් දුන්නේය .. ඉන් පසුව මා නළලතේ ඔහුගේ මුව තබා හාදුවක් තැවරුවේය….’ මට ඒ උණුසුම ගෙනාවේ රාගයක් නොව අසිමාන්තික නිරාමිෂ සුවයකි …. ඉතීම් ඒ ආදරය තියාගෙන මට මියැදෙන්න උව හැකිය .. ඒ තරම් ආරක්ෂාවක් ආදරයක් මට ලැබුනේ අප්පච්චිගෙන් හැරුණු විට කවිශ් අයියාගෙන් පමණක්මය ..

ඔහු ඔහුගේ උකුලේ හිස හොවා ගත්තෙමි … ඔහු ඇසිපිය නොහෙලා මා දෙස ආදරයෙන් බලා උන්නේය … මට නින්ද ගියේ කුමන මොහොතකද කියාවත් මතක නැත .. ඔහු මුළු රැයම අවදිව මා දෙස බලා ඉන්නට ඇත . පසුදා මා අවදි වන විට ඔහු කොලයක සටහනක් ලියා තියා පිටව ගොස් තිබුණි ..

මගේ පණ
‘ ඔයා මුව පැටියෙක් වගේ නිදාගෙන ඉද්දි ඔයාව ඇහැරවන්න ලෝභ හිතුනා … මම දැන් යනවා … ඔයාගේ අම්මිලා දැන් එනවා ඇති .. දවල්ට ඔයාව බලන්න එන්නම් ..’
ඔයාගේම කවිශ්

මම කොළ කැබැල්ල ආදරයෙන් සිම්බෙමි එයින් ගලා ආවේ ඔහු ලගින් හමා එන පර්පියුම් සුවදය ..

තවත් කොටසක් බලාපොරොත්තු වෙන් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *