සුරඟනක් කඳුළක් සලා 13
13 කොටස
හිතේ තිබුනේ පැහදිලි කල නොහැකි තරම කලකිරීමකි … නොකා නොබී දින ගානක් බලාගත් අත බලා සිටීම පමණක්මය මා දැන් උන්නේ … කදුළු සලා අවසානයේ මම සිත හදා ගත්තෙමි .. කවිශ් අයියා නැතිව බැරිය .. ඔහු මට නපුරු කම් කලද මට ඔහු අමතක කල නොහැක … මම සිතට පරාජය වීමි .. කවිශ් අයියා දැක ගැනීමේ මහා ආසාවකින් සිත පෙලුනේය … නිවසේ කවුරුත් නොසිටි මොහොතක මම දුරකතනයෙන් කවිශ් අයියාට ඇමතුමක් ගත්තෙමි …. දෙතුන් පාරක් නාද වීමෙන් පසුව එහා පසින් දුරකතය එසවූයේ කවිෂ් අයියය ..
‘හෙලෝ … ’ ඔහුගේ ස්වරය ගැබුරුය…. මම ලය ගැබුරින් හුස්මක් ගත්තෙමි
‘හෙලෝ අයියා … මම කතා කරන්නේ ..’ මම සෙමින් කෙදිරි ගැවෙමි
‘දන්නවා … මොකද මාව මතක් උනේ …’
‘ ඔයාව අමතක උනේ කොයි වෙලේද කියලා අහන්න මගේ අයියේ … මට උත්තර දෙන්න ලේසි වෙයි ..’
‘ තමුසේ මහා චපල කෙල්ලක් … නැත්තම් එදා අරුට එන්න කියයිද …’ එහා පස උන්නේ මගේ කවි අයියා නොව නපුරු මිනිසෙකි . … මම සෙමින් ඉකි බින්දෙමි ….
‘ ඇයි අයියේ මගේ ආදරේ අවිශ්වාශ කරන්නේ … මම ආදරේ කරන්නේ ඔයාට විතරයි නේද …’
‘ මට සමාවෙන්න … මට මාව පාලනය කරගන්න බැරි උනා සත්තයි …’ ඔහුගේ ස්වරය සෙමින් නිවුණේ විය..මම නොදොඩා උන්නෙමි
‘ නංගි…. කතා කරන්න .. මට මේ දැන්ම ඔයාව බලන්න ඕන මම එන්නද … ’
‘ හා ..’ මට සිතා නොබලා කියා දැම්මෙමි …
අම්මි ගෙදර එයි කියා සිහි වුයේ පසුවය … මට ඔහු හමුවේ මුළු ලෝකය අමතක වෙන බව පමණක්ය සැබෑව උයේ .. පැයක් යන්නට ඇත ගේට්ටුව අසල නතර කෙරුවේ කවි අයියාහේ කාරයයි … මම ගේට්ටුව අසලට දුවගෙන ගියෙමි … කවි අයියා මා දෙස බලාගෙන උන්නේය …
‘ නගින්න …’ කවිශ් අයියාගේ අණට මා කීකරු උයේ රොබෝවක් විලසටය .. කවි අයියා කාරය ඉස්සරහට පදවාගෙන ගියේය … මා උන්නේ ගෙදරට අදින කොට ගවුමක් පිටින් බව මට මතක් උනේ ටික වෙලාවකට පසුය … කවි අයියාට හිනා ගියේ මා උන්න අපුරුවටය …
‘ ඔහොම අදින්න එපා … කවුරු හරි දැක්කොත් උස්සගෙන යයි … ’ ඔහු තරහා අමතක කර දමා තිබුනේය ඔහු පාලු පාරකට කාරය හරවා එය නතර කළේය
‘ මාව උස්සගෙන යන්නේ නැහැ කවුරුත් … මේ මෝඩයා තමා උස්සගෙන ගියොත් .. ’
‘ උස්සගෙන යනවා තමා … හැබයි තව ටික කාලෙකින් ..එතකන් පරිස්සමට ඉන්නවා කියලා පොරොන්දු වෙන්න’ මම ඔහුගේ හිසේ අත තියා දිවුරුවෙමි ..
‘ අයියේ එදා … හොස්පිටල් එකේදී උන දේවල් සිද්ද උන දේවල් වලට මම වැරදි කාරයා නෙවේ ..’ මට ඕනේ උනේ වැරදි වැටහීම නැති කර දැමීමටය … ඔහු මගේ මුව මත දබරැගිල්ල තබා මා නිහඩ කළේය
‘ ආයේ කවදාවත් ඒ දවස මතක් කරන්න එපා … මම කැමති නැහැ ඒ දේවල් කතා කරන්න වත් ..’
‘ අයියේ ප්ලීස් …’
‘එපා කීවානේ දැන් ….’ ඔහුගේ හඩ සැර පරුෂය ..
‘ හරි අයියේ ආයේ කවදාවත් පරණ දේවල් කතා කරන්නේ නැහැ ..’ මම ඔහු දෙස ආදරයෙන් බැලුවෙමි
‘ඔහොම බලන්න එපා සුරංගනා මට ඔයාව නැතිව බැරි වෙයි … මාව පිස්සු වට්ටන්නේ ඔයාගේ ඇස් දෙක තමා .. ’
ඔහු බොහෝ දේ දොඩා මහා හුගක් ආදරය දී මා මගට ඇරලවා යන්නට ගියේය … අනේ ඒ ආදරය නැති ව මට ජිවත් විය නොහැක ..අම්මි බලා උන්නේ කම්පාවෙනි … මා නිවසේ ජනෙල් දොරවල් ඇර දමා ගිය බව සිහි උයේ දැන්ය ..
‘ කොහෙද ගියේ … මොනවා වෙලාද සුරංගනා මේ …කියපන් …’ අම්මි කෑ ගැහුවේ මා දැකය
‘ අම්මි මම මේ ලගට ගියේ …’
‘ සුරංගනා මේ ලගදි ඉදන් උබ බොහොම වෙනස් …. ඉස්සර ඔහොම නැහැ .. මොකද වෙලා තියෙන්නේ ම ගේ දරුවෝ …’
අම්මි කෑ ගසා අවසානයේ හඩා වැටුනේය … මට පව්ය …මට සමාවක් නැත …කෙලෙස නම් මා පවසම්ද … මා පෙමින් බැදී ඇති බවක් … ඔවුන්ගේ සිහින අමු අමුවේ විනාශ කල නොහැක .. මම නොදොඩා කාමරයට වැදුනෙමි … යහනේ වැතිරී කොට්ටය සපාගෙන මා ඉකිබින්දේ අම්මිට ඇසි තවත් ඔවුන් අඩවනු බැරි හෙයිනි .. දිනය පුරාවට මම එලි පහලියට නොගියෙමි ….
අම්මි අප්පච්චි සමග එදින රැය පුරාවට කතා කලේ මා පිළිබද විය යුතු ය … අම්මි සුසුම් හෙලන්නට ඇත්තේ මා පිළිබද දුකෙන් විය යුතුය
……………………………………………………………………………………………………………………………………………….
දින ගානකට පසු මා පාසල් යෑමට සුදානම් උයෙමි … අම්මි බලා උන්නේ කම්පාවෙනි …
‘ සුදු දු ජිවිතේ අවුල් කරගන්න එපා …. මගේ ඇස් දෙක ඔයයි මල්ලියි …’.. ඇගේ දෙපා නමදින විට ඇය මා සිටුවා තුරුළු කරගත්තේය
මට පාසල් බසය මග ඇරුන නිසා මම දිවගෙන ගොස් පුද්ගලික බසයකට ගොඩ උනෙමි …
‘ මොකද ළමයෝ මේ ..ෆුට් බෝර්ඩ් එකේ ඉන්නේ නැතිව ඇතුලට යන්න …’ කොන්දා කෑ ගැසුවේ ය
‘ මං පොල් පටවා මෙන් තිබුණු බස් රථයට අමාරුවෙන් ගොඩ උනෙමි …’
‘ සුරංගනා ….’ පිටුපසින් ගලා ආ කට හඩ මිලාන්ගේය
‘ ගුඩ් මෝර්නින් ..’
‘ ගුඩ් මෝර්නින් ….’
‘ අදද ඉස්කෝලේ යන්නේ ලෙඩ හොද උනාට පස්සේ ..’
‘ ඔව් …’ මම වචනෙකින් පමණක් ප්‍රති උත්තර දුන්නෙමි
‘ දැන් හොදටම හොදද .. ’ මිනිසුන් තෙරපෙන බස් රියේ මා රැක ගැනීමට මෙන් ඔහු ඉඩක් හදා දුන්නේය .. මම ඔහු දෙස නොබලා ඉන්නට තැත් කලෙමි …
‘ඔව් …’ මම බැල්මක් හෝ ඔහුට නොදී යලි යලිත් උත්තර දුන්නෙමි
‘මාත් එක්ක තරහා වෙලාද …මම නිසානේ එදා අර විදිහට ප්‍රශ්නයක් උනේ .. ඔයා ආදරේ කරනවා කිවේ … කවිෂ් ටද ..’
‘ ඔව් ….’
‘සුරංගනා මේක ඔව් නෑ බෑ තරගයක් නෙවේ .. ’ ඔහුගේ සිත රිදෙන්න ඇත .
‘ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ….’ මම සැරෙන් කීවෙමි
‘ අපිට යාළුවො වෙන්න බැරිද සුරංගනා … ’ ඔහු ඉතා දුක්බරව කෙදිරුවේය
‘ බැරි වෙයි …’ මම දුෂ්ට උනෙමි … මට උවමනා උවේ හැකි තරම් ඔහුගෙන් ඈත් වී සිටීමටය
‘ සුරංගනා නපුරු වෙලා … ’ ඔහු මගේ ඇස් දෙක ග්‍රහණය කර ගැනීමට උත්සහ කළේය … මම ඔහුට ජය නොදුන්නේමි
‘ නපුරු වෙන්න වෙලා …’ මගේ උත්තරය සැර වැඩි වෙන්න ඇත … ඔහු මුහුණ අදුරු කරගත්තේය
‘ ඔයාට නපුරු වෙන්න බැහැ සුරංගනා … ඔයා නපුරු කම් කරන්න මට ඒත් ඔයා නපුරු නැහැ … මම දන්නවා .. ’
තව දුරටත් මෙතන සිටීමෙන් සිදු වන්නේ ඔහුගේ සිත රිදවීමට සිදුවීම පමණි …
‘ එක්ස්කියුස් මි මට බහින්න ඕනෙ … ’ ඔහු තිගැස්සුණු නෙතින් මා දෙස බලා උන්නේය
‘ ඉස්කෝලෙට තව දුරයි නේ …’
‘ ඒ උනාට මට බහින්න ඕනි …’
‘ ඉතුරු ටික යන්නේ කොහොමද …’
‘කොහොම හරි …’
‘ මම නිසා නම් බහින්නේ … ඔයා ඉන්න මම යන්නම් … ’ එක වරම බෙල් එක නාද කල ඔහු බසයෙන් බැස ගියේය .. පපුවට දැනුනේ නුහුරු බරකි . මිලාන් ඔහුගේ හැගීම්බර දෙනෙත මට වද දුන්නේය .. මම බසයෙන් බැස්සේ තිබුනාටත් වඩා ප්‍රශ්න ගොන්නක් හිස රුවාගෙනය
තවත් කොටසක් හෙට