සුරඟනක් කඳුළක් සලා 15

15 කොටස

වෙලාව හවස හය පමණ වන්නට ඇත … අහස පුරා ඇදුනු කළු වලාවෝ වැස්සක ලකුණු කියා පෑවේය .. මොහොතින් හෙන ගහමින් මහා වැස්සක් පටන් ගත්තේය .. මට කුඩය ඉහලා ගැනීමට තරම් හෝ හැගීමක් නොවුනේ විය .. මා බොහො වෙලා වැස්සේ තෙමෙමින් ඉන්නට ඇත .. කන ලගින් අකුණක් පුපුරා ගියේය … මේ ජිවය අවසාන වී යනවා නම් හොදය .. එහෙත් පව් කාරියට විදවීමට තව බොහෝ දේ තිබුනා විය හැක .. පාරේ ගමන් කල බොහෝ දෙනා මා දෙස බලමින් ගියේය … ඔවුන් මා පිස්සියක ලෙස සිතනවා ඇත … මට කිසිම හැගීමක් නොදැනුනේය ..

ඉතින් මට අවසානයේ ඉතිරි වෙනු ඇත්තේ දරා ගත නොහැකි වේදනාවක් පමණක්මද ..කවිශ් සහ භාවනා යන දෙදෙනාගෙන් එක් අයකු තෝරාගත යුතුව තිබුණි .. දෙවියනේ මට මගේ ආදරය අහිමි කරගනු නොහැකිය … මගේ කුළුදුල් පෙම . මගේ පියා , මගේ මල්ලි හැරුණු විට පිරිමියෙක් වෙත මා බැදුනේ නම් ඒ මගේ කවිශ් අයියාටය … ඔහු මා නිසා භාවනා ප්‍රතික්ශේප කර ඇත …. එවන් ආදරණිය සෙනෙහසක් අහිමි කරගැනීම පිලිබදව සිතා බලන විට මගේ සිත උමතු වීගෙන ආවේය …ඒ සෙනෙහෙ වෙනුවෙන් පුංචි කාලේ සිට මට උන්න හොදම මිතුරියද අහිමි කර ගත නොහැකිය … මා කවිශ් අයියාට පෙම් බදින බව දැනගතහොත් භාවනා කෙසේ හැසිරෙනු ඇද්ද ..ඇය මට සමාවක් නොදෙනු ඇත … තමන්ගේ හොදම මිතුරිය තමන්ගේ ප්‍රේමය සොරා ගත් බව දැනගත් විට ඇය හට කුමක් සිතේවිද … භාවනා ඇය මට වෛර කරනු ඇත ..එලෙසම දිනිති සෙනුලි වැන්නියන්ද මා පිටිදකිනු ඇත … මට සිතා ගැනීමට නොහැකි විය … මම මහා හයියෙන් කෑ ගසා ඇඩුවෙමි… දෙනෝ දාහක් ගැවසෙන මහා පාර බව බව මට සිහි නොවුනේ විය … මට සිහිය තිබුනේ කවිෂ් හා ඔහුගේ ප්‍රේමය පිලිබදව පමණි … විශ්වාස කරන්න මම ලතෝනි දී දී ඇඩුවෙමි ..

‘ සුරංගනා මේ මොනවද කරන්නේ ..මොකද මෙතැන කරන්නේ මේ මහා වැස්සේ ..’

මිලාන් ඔහු මා අසලය .. මම ගල් ගැසී සිටියෙමි … මට කතාකරන්න උවමනා උවද වචන සියල්ල උගුරේ සිරවී තිබුනේය …

‘ සුරංගනා කතා කරන්න මොකක්ද වෙලා තියෙන්න …. ප්ලීස් සුරංගනා එක වචනයක් කතා කරන්න … ’ මා සමගම ඔහු වැස්සේ තෙමුනේය … ඔහු බොහෝ දේ කිවේය … මගෙන් ඇසුවේය … මගේ කදුළු වැස්ස හා මුසුවී කොපුල් හරහා ගලා ගියද වචන පිට නොවුනේය … වැහි අදුර සමග රාත්‍රී අදුර පැතිර ගියේය …

‘ සුරංගනා මම ඔයාගෙන් ඈත් උනේ ඔයා ඔය විදිහට විදවනවා බලන්න නම් නෙවේ … ඔහොම ඉන්න එපා මට වාවන්නේ නැහැ … අඩලා හරි ඔය දුක ඉවරයක් කරගන්න රත්තරන්.. සාමාන්‍ය විදිහට හැසිරෙන්න ’ ඔහු මා සිටි අයුරු දැක වචන බර කළේය …

ඉන් පසු ඔහු මාව ඇද ඔහුගේ ලයට තුරුළු කරගත්තේය … මම ඒ පපුවේ හිස තියා කෑ ගසා ඇඩුවෙමි …. අදහන්න වෙන පිරිමියෙකුගේ ලයේ මා දැවටී ඇඩුවා කියා සිහිවෙන විට මා පිලිබදව ඇති උයේ පිළිකුලකි …සැනින් ඔහු කෙරෙන් ඈත් උවෙමි … මට දැනුනේ සර්පයෙක් ගත දැවටුන විට ඇති වෙන අපුලයි … ඔහු යලිත් මා ඔහු වෙතට ඇද්දේය …. මා යකින්නක මෙන් ආවේශයෙන් ඔහුව තල්ලු කර දැමුවෙමි … ඔහු වැටුනේ මඩ වලකය ….. ඉහින් කනින් මඩ පෙරාගෙන උන් ඔහු දුටු විට ලය වෙඩරු මෙන් දියවී ගියේය … මා විගසින් පහත් වී ඔහු වෙත අත පෑවෙමි …. මොහොතක් මා දෑස දෙස බලා සිටි ඔහු මා දිගු කල අතේ ඔහුගේ අත තැබුවේය ..

‘ මට සමාවෙන්න මිලාන් මට මොනා උනාද මන්දා …’ මම සමාව අයැදුවෙමි …

‘ කමක් නැහැ මට තේරෙනවා ඔයා කියන දේ … දැන් මම කියන දේ අහනවද ’ මම කුඩා දැරියක මෙන් හිස සෙලවුවෙමි …

‘ අපේ ගෙදර මේ ලග තියෙන්නේ එහෙ ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන ගෙදර යමු ..’ මම ඔහුට අවනත උයේ ඒ අවස්ථාවේ මා ලග සිටි එකම හිතවතා ඔහු නිසාය

මිලාන්ගේ නිවස තිබුනේ දළදා මාලිගය පෙනෙන මානයේය … ඔහු ගේ බයික් එකේ මා නංවාගෙන ඔහු මා නිවට රැගෙන ගියේය …

‘අම්මා …’ ඔහු තම මවට කතා කළේය …

‘ පුතේ දැන්ද ආවේ … ’ මිලාන්ගේ මවගේ දෑස් රැදුනේ මිලාන් පසු පස වෙව්ලමින් උන් මා වෙතය

‘ ඔව් අම්මේ ..මේ මගේ යාලුවෙක් ..සුරන්ගනා එයාට පොඩි කරදරයක් උනා … මම කිවා අපේ ගෙදර ඇවිත් චේන්ජ් එකක් දාගෙන යන්න කියලා …’

‘ ආ ඒකට මොකද පුතේ ….චුටි …..මේ අක්කි ට ඔයාගේ ඇදුමක් දෙන්නකෝ … ’ මිලාන්ගේ මව කතා කරන විට අසල තිබු කාමරයකින් එලියට ආවේ සිහින් යුවතියකි ….ඇය මිලාන්ගේ නැගණිය වෙන්න ඇත … මිලාන්ගේ මව මෙන්ම නැගණිය නිමිනා ද ඉතා සුහදශිලිය …

‘එන්න අක්කි …’ ඇය මා කැදවාගෙන ගියේ ඇගේ කාමරයටය …

‘ අක්කි නේ ද සුරංගනා කියන්නේ ..’ ඇය මා දෙස දගකාර බැල්මක් හෙලුවේය

‘ ඔව් ඔයා කොහොමද දන්නේ …’ මම විමතියෙන් ඈ දෙස බැලුවෙමි .. ඇයගේ දෙතොල් මතට ආවේ ලස්සන සිනාවකි

‘ අනී අක්කියෝ මම ඔයා නොදැන හිටියොත් තමා පුදුම වෙන්න්න ඕනි … අපේ අයියා වචන දහයක් කතා කලොත් ඉතින් නවයක් අක්කි ගැන තමා …’

‘ ඒ මොනාදා …’

‘ දන්නවද අක්කියා … අපේ අයියා තරම් දග කොල්ලෙක් මේ නුවරම ඉන්න නැතිව ඇති ..ඒ තරම් අපේ අයියා දඩබ්බරයෙක් … ඉස්සර පන්තියේ වැරද්දක් කලොත් ඉස්සරලාම අපේ අම්මයි තාත්තයි තමා ඉස්කෝලෙට ගෙන්නන්නේ …. මොකද ඒ වැරැද්දේ කොනක හරි අපේ අයියා හිටියා … ඒ තරම දඩබ්බර අපේ අයියා දන්නවද ඔයා හම්බ උනාට පස්සේ පුදුමාකාර විදිහට තැම්පත් උනා …. දවසක් අපේ අම්මිට ඇවිල්ලා අයියා කිවා අම්මේ මට සුරංගනාවියක් වගේ කෙල්ලක් හම්බ උනා කියලා … එදා අයියා පුදුම සතුටකින් හිටියේ .. ඔයා ගැනමයි කියෙව්වේ … සුරංගනා අරමයි මෙහෙමයි …. ඒ තරම් සතුටකින් හිටිය අපේ අයියා ටික දවසකින් පුදුම විදිහට නිහඩ උනා වෙනදා ගෙදර ආව වෙලේ ඉදලා අයියගේ කටට නිවනක් නැහැ කියෝනව … බට් අක්කි ටික දවසකින් එයා හුගක් නිහඩ උනා වෙනදා හදිස්සියකට ගෙදර නවත්තා ගන්න බැරි අයියා … එයාගේ කාලෙන් වැඩි කොටසක් කාමරේ ඇතුලේ දිය කරලා දැම්මා .. මම දවසක් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා එතකොට එයා කිවේ මොනාද දන්නවද නංගියා මට මගේ ජිවිතේ නැති උනා … මට සුරංගනා නැති උනා කියලා විතරයි ඊට පස්සේ එයා පුංචි එකෙක් වගේ ඇඩුවා …’ හැල්මේ කතාව කියාගෙන ගිය ඈ හුස්ම ගැනීමට මදක් නතර විය … දිගු හුස්මක් ගෙන ඈ මා දෙස බැලිය .. මම ඇසි පියකුදු නොහෙලා බලා උන්නෙමි ..

‘ කියන්න අක්කි අපේ අයියා හොද නැද්ද ..ඒ තරම් ඔයාට ආදරේ කරන මගේ අයියා ඔයාට හොද මදීද අක්කි …’ ඇයගේ නෙත් අග ගොඩ ගැසී තිබු කදුළු බින්දුවක් කම්බුල් සිපගත්තේය …

අනේ ඒ තරම් ආදරයක් ඔහු මා වෙනුවෙන් සිරකරගෙන සිටියාද .. මට දරා ගැනීමට නොහැකි තරම් විය .. පපුව මත මහා ගලක් තැබුවා මෙන් බරකින් ලය පිඩිත විය …

‘ ඔයාගේ අයියා හොදයි නංගි ගොඩක් ගොඩක් හොදයි .. මට මගේ කවිශ් අයියා හම්බ උනේ නැත්නම් මම එයාට ආදරේ කරයි … ඒත් මගේ කවිශ් අයියාට ආදරේ කරන හිතින් වෙන පිරිමියෙක් ගැන හිතන්න බැහැ මට ..’ මම ඉකි බින්දෙමි ..

‘ හරි අක්කි මට තේරෙනවා දැන් නාඩා ඉන්න හොද අක්කි වගේ .. වොෂ් එකක් දාලා මේ ගවුම ඇද ගන්න .. බලන්න තෙමිලා තෙමිලා සීතලේ අල්ලලා ඔයාට ලෙඩක් හැදෙයි .. .’

ඇය මාව කැදවාගෙන ගියේ මිලාන්ගේ කාමරය තුල තිබු නාන කාමරය වෙතය …

‘ අක්කි වොෂ් දාගෙන එන්න මම එන්නම් ….’ඇය මා අතේ තුවායක් තියා කාමරයෙන් පිටව ගියාය ..

කාමරය පුරා මද සුවදකී මම වට පිට බැලුවෙමි ..අදහන්න මේසය මත රාමුකර තබා තිබු පින්තුරය මා පාසල් නිල ඇදුම ඇදන් සිටියදී ක්‍රීඩා තරගයේදී ගත් එකකි ..එහි මා උවමනාවට වඩා සිනාසෙමින් සිටියේය … විශ්වාසකරන්න රිදුනේ හදවතේ ගබුරුම තැනයි … ඔහු මේ තරම් මට පෙම් කරන බවක් මම දැන නොසිටියෙමි ..

මම නාන කාමරයට වැදී වතුර මල ඇර ඇති තරම් ඇඩුවෙමි .. අඩා දොඩා හිත පාලනය කරගත් මා … ඇග දොවා .. නිම්නා විසින් ලබා දුන් ගවුමෙන් සැරසී එලියට පැමිණියෙමි … සාලයේ සෙටියේ වාඩි වී උන් මිලාන් මා දැක දෑස් සිහින් කර බලා මනමාල සිනාවක් පෑවේය .. පෙරලා සිනාවකින් පිළිතුරු දුන් මා ඔහු ඉදිරියේ පුටුවේ වාඩි උනෙමි …

‘ පුංචි කෙල්ලක් වගේ .. ඔහොම ඉද්දි ..’ ඔහුගේ දෑස් ආදරණිය ලෙස මා දෙස බැලුවේය … මම ඒ බැල්ම දරා ගනු නොහැකිව බිම බලා ගත්තෙමි … මගේ දෑසට කදුලක් ඉනුවේ ඉබේමය

‘ සුරංගනා … මට සමාවෙන්න …. ඔයා ඕන දේටයි එපා දේටයි හැම එකටම අඩනවා … මට බයයි මොකුත් කියන්නවත් .. ’ ඔහුගේ හඩ පහත්ය …

‘ඔයා ගෙදරට කෝල් එකක් දෙන්න ..දැන් එනවා කියලලා ..’ වෙලාව රාත්‍රී හත පමණ වන්නට ඇත … මට නිවස සිහි උයේ ඒ මොහොතේය ..අම්මි මෙන්ම අප්පච්චි මල්ලි හොදටම බිය වී ඇතිවා වෙන්නට ඇත .. .මම විගස මිලාන් දුන් දුරකතනයෙන් ඇමතුමක් ගත්තෙමි ..

‘ හෙලෝ ’ එහා පසින් දුරකථනය එසවූයේ මල්ලිය

‘හෙලෝ මල්ලි ’

‘තමුසේ කොහෙද ඉන්නේ මෙතන අම්මි අප්පච්චි බය වෙනවා කියලා දන්නේ නැද්ද …’ මට තවත් වචනයකුදු කතා කරන්න නොදුන් ඔහු කෑ ගැසුවේය

‘ මල්ලි මම යාලුවෙක්ගෙ ගෙදර ඉන්නේ .. ’ මම සෙමින් කීවෙමි … මල්ලි මට වඩා බාල වුවද ඔහු සැර කරන්නේ මහා මිනිසෙකු ලෙසය

‘ මම දැන්ම එන්නම් .. ඔය ඉන්න තැන කියනවා …’ මිලාන්ගේ නිවාස ඇති තැන කීවෙමි …
‘කොහෙවත් යන්න එපා මම දැන් එනවා …. ’ කියූ මල්ලි දඩාස් ගා දුරකථනය තැබුවේය …. මා බිය උනේ අම්මි අප්පච්චි අහිතක් සිතාවි කියායි …

පැය භාගයක් යන්නට මත්තෙන් මල්ලි මිලාන්ගේ නිවස ඉදිරිපිටට පැමිණියේ බයික් එකෙනි … මම නිම්නා ගෙන් සහ අම්මා ගෙන් සමුගෙන ඇද සිටි ඇදුම පිටින් බයික් එක වෙත දිව ගියෙමි … මල්ලි මා දෙස නොබලාම හෙල්මට් එක දිගු කළේය … මම බයික් එකට නැග මිලාන් සහ පිරිස දෙස නෙතු යොමු කලෙමි … මිලාන් බලා උන්නේ දුක් ගත් දෑසිනි ….

අපි ගෙදර යන විට එහි පහන් දල්වා නොතිබුනේය … පාලු කනත්තක් මෙන් නිහඩ ව තිබු නිවසේ ඇතුල් කාමරයකින් ගලා ආවේ අම්මිගේ ඉකි බිදුම් හඩයි ..මම බිම බලාගෙන කාමරය දෙසට පා නැගුවෙමි …

‘ සුරංගනා ….’ අප්පච්චිගේ කට හඩ වෙනදා මෙන් ආදරණිය නැත .. වෙනදා මගේ සුදු දු කියා මා අමතන ඔහු මා නමින් කතා කල පළමු වතාව මේය.. මම නෑසුනා සේ කාමරය දෙසට අඩියක් තැබුවෙමි

‘ සුරංගනා මෙහෙ එනවා … කන් ඇහෙන්නේ නැද්ද ..’ මම බිම බලාගෙන ඔහු ලගට ගියෙමි ..මට අදුරේ ඔහුගේ මුව නොපෙනුණේය

‘ කොහෙද ගියේ මෙච්චර රෑ වෙනකන් … දැන් බලනවා වෙලාව කියද … අම්මි ගිනි අරන් අඩනවා … බෝනික්කියක් වගේ උබව හැදුව හින්දාද මේ … කියපන් .. රෑ පුරා රවුම් ගහන්න උබ කොල්ලෙක්ද ’

ඔහුගේ තරහා නිවෙන පාටක් නැත … අම්මි මා හට සැර කරන මුත් .. අප්පච්චි කිසිදා බනින්නේ නැත .. සැබවින්ම මා වැරදිය … මම අප්පච්චිගේ පාමුල වැටුනෙමි … ඔහු පාමුල වැටුණු මා විලාප දී දී ඇඩුවෙමි .. අප්පච්චිගේ සුදු දු ආදරය නමැති වරදේ පැටලී අතරමන්වී ඇති බව කියනු නොහි මම කෑ ගසා ඇඩුවෙමි .. අඩමින් සිටි මා උරහිසේ අල්ලා සිටවූ අප්පච්චි මගේ හිස බොහෝ සෙමින් පිරිමැද්දේය..

‘ මගේ සුදු දු මට තේරෙනවා උබට ප්‍රශ්නයක් කියලා ..දු ඒක හිතේ තියන් තනියම විදවනවා .. මගේ දු දෙමව්පියන්ගේ එකම සතුට දරුවෝ … දරුවෙක්ගේ සතුට නැති වෙනවා කියන්නේ දෙමව්පියන්ට කිසම සතුටක් නැහැ කියන එක …මගේ දු අම්මිටයි අප්පච්චිටයි පොරොන්දු වෙන්න ඕනි ඔයා වැරදි දෙයක් කරනවා නම් ඒ දේ නවත්තලා දානවා කියලා .. ‘ ඔහු කාරණය නොදැනම මගෙන් පොරොන්දු ගත්තේය …

ඉතීම් මා සියල්ල වෙනුවෙන් එක දෙයක් කල යුතුය …. කවිශ් අයියාගේ ආදරය අමතක කර දැමිය යුතුය .. කවිශ් අයියා තරමට පෙම් කල හැකි කෙනෙක් මා නොදනී ….. කවිශ් අය්යාට සේ කිසිවෙකුට පෙම් කල නොහැක ..ජිවත් වීමට අපහසු උවද කල යුතුව තිබුනේ ඔහු අමතක කිරීම පමණි …. භාවනා සේමා මා පියන්ගේ සැනසීම වෙනුවෙන් මා කල යුතුව තිබුන එකම දෙය කවිශ් අයියා වෙනුවෙන් මා ලයේ ඇති පෙම සගවා ගැනීමය … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *