සුරඟනක් කඳුළක් සලා 16
16 කොටස
කාමරය තුල තිබුනේ තිත්ත කළුවරකි … නිවසේ එකම එක විදුලි බුබුලක්වත් නොදැල්උනේය … මම කාමරය තුලට වී කවුළුවෙන් ඈත ඝන අදුර දෙස නෙත් යොමාගෙන සිටියෙමි… හවස මහා හයියෙන් පටන්ගත් වැස්ස ඒ ආකාරයටම එක දිගටම අකුණු ගහ ගහ වැස්සේය … ඒ අකුණු වලට වඩා මට බිය සිතුනේ කවිශ් අයියා නැතිව කෙලෙස නම් ඉන්නේද යන්නයි ….කවිශ් ඔහු මගේ ආත්මය හා බද්ද වී හමාරයි ….ඔහු මගේ ආත්මය යි … ඉතින් ආත්මයක් නොමැති ප්‍රාණයක් ලෙස මා ජිවත් වන්නේ කෙලෙසද …
කෙලෙස හෝ හිත හදා ගත යුතුය යන සිතුවිල්ල හදවතේ තිබුනත් ඒ කෙසේද යන්න මගේ හිතට වැටහුනේ නැත .. ඊට පසුදා පාසල් ගියේ කිරීමට කිසිවක් නැති නිසාත් .. මා පියන් රිදවීමට නොහැකි නිසාත්ය .. සුදු නිල ඇදුම ඇදගත් මා පොත් බෑගය කරේ එල්ලාගෙන කැඩපතට එබුනෙමි …. එහි උන්නේ ඊයේ සිටි දගකාර යුවතිය නොව … අඩා දොඩා හෙම්බත් වී වැහැරී ගිය කෙල්ලකි … අම්මි සාලයේ පුටුවක වාඩි වී උන්නාය … අම්මිගේ දෙපා මුල වැටි ඇයට වැද අවසර ගත් මා එලියට බැස්සෙමි ..
දිනිති මා දැක පන්තියෙන් එලියට ආවාය ..
‘ ගුඩ් මෝර්නින් මොකද මේ මුහුණ රතු කරගෙන …’ දිනිති ඉදිමි රතුවී ඇති මගේ මුහුණ දෙස පුදුමයෙන් බලා උන්නාය
‘මොකුත් නැහැ බන් … ’
‘ උබ මට කියන්නේ නැද්ද … මම හැමදාම කියනවා ප්‍රශ්නයක් තියෙද්දී කාට හරි කියලා දාපන් කියලා ..උබ ඉස්සර ඔය විදිහ නෙවෙයි .. අනේ මන්දා උබ එන්න එන්නම ගුප්තයි බන් … ’ මම ඇය කියන දේවල් නොතැකුවෙමි
‘ භාවනා ආවේ නැද්ද අද ඉස්කෝලේ …’ මම ඇයගේ කතාව නොසකා හරිමින් ඇසුවෙමි
‘ මම ඊයේ ඒකිට කතා කළා .. භාවනා කියන්නේ කවිශ් අයියා එයාට හරි උත්තරයක් දෙනකන් එයා ඉස්කෝලේ එන්නේ නැහැ කියලා … ’
‘පිස්සු නටනවා භාවනත් …’
‘ ඒකි මාර විදිහට කවිශ් අයියට ආදරේ කරනවා සුරංගනා .. අනේ මන්දා .. ඒ ආදරේ නැතිව මම හිතන් නැහැ භාවනාට ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලාවත් ’ මගේ හිස ගිනි ගන්නේ එවන් කතා වලටය …
භාවනාට කවිශ් අයියාගෙන් තොර ලොවක් නැත .. ඇය ඔහුට පණ මෙන් ආදරය කරයි .. ඔහු නොමැතිව ඇයට ජිවිතයක් නොමැති නම් මම ඒ දෙදෙනා අතරින් ඉවත්විය යුතුය .. මට ඔවුන් දෙදෙනා අතර තුන් වැන්නෙක් වී ඇයගේ ජීවිතය විනාශ කළහොත් කෙදිනකවත් මට මා හට සමාවක් දිය නොහැකි වනු ඇත ..
…………………………………………………………………………………………………………………………………………
‘කවිශ් අයියා මට ඔයා හම්බ වෙන්න ඕන මේ දැන්ම ..’ මම දුරකථන කුටියට පහේ කාසියක් දැමුවෙමි
‘ ඉන්න මම ඉන්නේ ටවුන් එකේ … මම එන්නම් ඔයා කොහෙද ඉන්නේ ..’
‘ මම ඉන්නම් ජෝයි බෝට් එක ලග .. ඉක්මනට එන්න ..’ මම දුරකථන ය තැබුවේ ඔහුට ඉක්මනින් පැමිණෙන ලෙස පවසාය
පාසල් ඇරෙන වෙලාව නිසා වැව රවුම පුරාම පාසල් සිසුන්ගෙන් පිරි තිබුනේය .. මම අසල තිබු බංකුවක අසුන් ගත්තෙම් .. විනාඩි දහයක් ගෙවෙන්නට ඇත ..
‘සුරංගනා ඔයා ඇවිත් ගොඩක් වෙලාද ’ කවිෂ් අයියා මා අසලින්ම අසුන් ගත්තේය
‘ එච්චර වෙලා නැහැ මම දැන් අයියා ආවේ …. ’ අඩා ඉදිමි තිබු මුහුණ ඔහුගෙන් සගවා ගැනීමට මම ඉවත බලා ගත්තෙමි
‘මොනවද කියන්න තියෙනවා කිවේ දැන් ..’ මට මද හසරැල්ලක් මැවෙන්නට ඇත … ඔහු මා දෙස නෙත් විකසිත කර නැවත බැලුවේය
‘ ගොඩක් දේවල් කියන්න තියෙනවා අයියේ … ඒත් මට ඒ හැම දේම එකින් එක ඔයා ඉස්සරහා පෙළ ගස්සලා කියන්න ශක්තියක් නැහැ .. මම කෙටියෙන් කියන්නම් අයියේ .. ’ මගේ හඩ බොහෝ ශාන්ත වෙන්න ඇත ..කවිශ් අයියා නුහුරු ලෙස මා දෙස බැලුවේය … ඔහු පුදුම වෙන්න ඇත්තේ මගේ නුපුරුදු මේ ශාන්ත කමටය … මම ඇහැට ඉනු කදුලක් පිස දැමුවෙමි
‘ මොකක්ද ….සුරංගනා කියන්න මට බය හිතෙනවා ඔයා ඔහොම ඉද්දි …’ හිත කලබල උනේ ඔහු එලෙස බියවෙනවා දකිද්දීය …
‘දන්නවද අයියේ … භාවනාට ඔයා නැතිව ජීවත්වෙන්න බැරි වෙයි ….ඔයා එයාව බදින්න බෑ කිවා කියලා එයා පුදුම විදිහට විදොනවා …. මට බයයි එයා ජිවිතේට කරදරයක් කරයි කියලා ..එහෙම උනොත් මගේ අයියේ මට ජිවත් වෙන්න බැරි වෙයි සත්තයි ..’ මම කියාගෙන ගොස් මදකට නතර වී ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි .. ඒ මුහුණ වේදනාව නිසා කළු වී විරූපී වී ගොස් තිබුණි ..
‘ එයාගේ හැම සිතුවිල්ලකම ඉන්නේ ඔයා … පුංචි කාලේ ඉදලා ඔයාට ආදරේ කරන්න විතරමයි එයා දැනගෙන ඉදලා තියෙන්නේ එහෙම ආදරයක් නැති කරන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න මගේ අයියා …’ ඔහුගේ මුහුණ රතු වී දහඩියෙන් නැහැවී ගොස් තිබුනේය .. ඒ මුහුණ දුටු විට රිදෙන්නේ ලයේ ගබුරුම තැනයි ..
‘ එකම එක දෙයක් විතරක් කියන්න සුරංගනා ….’ ඔහු දෑස් අඩවන් කර මා දෙස බැලුවේය
‘මොකක්ද …’
‘ ඔයාට මන් නැතිව හුස්ම ගන්නවත් පුලුවන්ද නංගි මට ඒක විතරක් කියන්න ..එහෙම කරන්න පුලුවන්නම් මේ මම දැන්ම ඔයාගේ ජීවිතෙන් යනවා .. කවදාවත් ඔයාට පේන්න එන්නේ නැහැ ..’
කෙලෙසද මා ඔහු නැතිව ජිවත් වෙන්නේ … නොහැකිය ඔහු නොමැතිව හුස්ම ගැනීමට නොහැකිය මට …මේ පිටවෙන හැම හුස්මකම ඔයාගේ නම ලියවිලා … මට එහෙම කියන්න ඕන උනත් මගේ මුවින් ඒ දේ පිටකරන්න බැහැ මම අසරණයි මගේ අයියේ ..
මම වැවට එපිටින් පෙනෙන දළදා මාලිගාව දිහා බැලුවා ..අනේ බුදු සාධු මට ශක්තිය දෙන්න මගේ කවිශ් අයියා නැතිව ජිවත් වෙන්න මම හිතින් එකම එක පැතුමක් පැතුවා …
‘ මට පුළුවන් මට ඔයාව හම්බ වෙලා තාම චුටි කාලයයි … අමතක කරන්න බැරි තරම් මහා ලොකු දෙයක් අපි අතර උනේ නැහැ නේ .. ’ මම නපුරු විදිහට කියලා දැම්මා ..කවිශ් අයියා ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා …
‘ සුරංගනා ඔය ඇත්තමද කිවේ .. මේ මගේ සුරංගනා නෙවේ ……. එයා කවදාවත් කියන්නේ නැහැ මන් නැතිව ජීවත්වෙන්න පුළුවන් කියලා … ’ ඔහුගේ ස්වරයේ උවේ පුදුමයකි …
තවදුරටත් එහි රැදී සිටියහොත් සිදුවන්නේ අමාරුවෙන් හදාගෙන ශක්තිමත් කරගෙන තිබු හිත දියවී යාම පමණි .. මම තවත් වදනකුදු නොදොඩා නැගී සිටියෙමි ..
‘ මම යනවා අයියේ …’
‘ සුරංගනා එපා … ’ ඔහු මගේ අතින් අල්ලා ගත්තා ..මම ඒ අත ඉවත් කරලා ඉස්සරහට දුවගෙන ගියා .. පාරේ සිටි කිසිම කෙනෙක් මම දැක්කේ නැහැ .. මට සිහිය තිබ්බේ කවිශ් අයියාව නැති කර ගත්තා කියලා විතරමයි .. වැව රවුමෙන් බැහැලා මම පාර ක්‍රොස් කරන්න යන්නේ කියලවත් මතක තිබුනේ නැහැ ..ඉස්සරහට ආව බයික් එකක් මගේ ඇගේ වැදිලා මාව විසි වෙලා ගිහින් පැත්තකට වැටුනා .. මට ක්ලාන්ත ගතියක් දැනුනා ..
‘සුරංගනා ..සුරංගනා .. ’ කවිශ් අයියා වතුර බෝතලකුත් අතේ තියාගෙන මගේ මුහුණට එබීගෙන හිටියා … දණහිස මෙන්ම වැලමිට ලගින් සිරීම් නිසා එන වේදනවා දරා ගැනීමට නොහැකිය
‘ පොඩ්ඩක් මෙයා බලා ගන්න …මම කාර් එක අරන් එන්නම් ..’ එතන හිටිය මැදිවියේ කාන්තාවකට එහෙම කියලා ..එයා කාර් පාර්ක් එක පැත්තට දිව්වා … විනාඩියකින් විතර කවිශ් අයියා කාර් එක මගේ ඉස්සරහා නැවැත්තුවා ..
‘ නගින්න ..’ කවිශ් අයියා මගේ දිහා බැලුවා
‘ මම බස් එකේ යන්නම් ..’ මම මුරණ්ඩු වෙන්න බැලුවා
‘ සුරංගනා මුරණ්ඩු වෙන්න එපා මෙතන මිනිස්සු බලන් ඉන්නවා … අනික ඔයා ඉන්නේ යුනිෆෝර්ම් එක පිටින් … මගෙන් මොකුත් අහගන්නේ නැතිව නගිනවා කාර් එකට ..’ කවිශ් අයියා මගේ මුරණ්ඩු කම ඉස්සරහා නපුරු උනා .. එයාගේ ඒ නපුරු කම ඉස්සරහා එයාට කීකරු නොවී ඉන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ .. මම පිටි පස්සේ සීට් එකට නගින්න හැදුවත් එයා ඒකට ඉඩ නොදී එයා ලගින්ම මාව වාඩි කරගත්තා … කාර් එක මාතලේ පාරට දාලා ඉස්සරහට යන ගමන් එයා මගේ දිහා අනුකම්පාවෙන් බැලුවා …
‘ මේ අහන්න නංගි …. මට භාවනා මගේ නංගි වගේ එදත් මම ඔයාට ඒක කිවා …එයා ගැන ඉන් එහාට දෙයක් මම හිතන්නේ නැහැ මට එහෙම හිතන්න ඕනිත් නැහැ .. ’ මම ඔහේ බුම්මගෙන එයා කියන දේවල් අහගෙන හිටියා
‘ඔයා ට දැනෙනකොට එයා ඔයාට ආදරෙයි කියලා …ඔයාට තිබුනා නේද එයාට තේරුම් කරලා දෙන්න …ඔයා මෙච්චර කල් කට වහගෙන හිටියේ එයා ඔයාගෙත් හිතේ පුංචියට හරි හිටිය නිසා නේද .’ නිහඩ ය ඔහු ඒ කියන්නේ ඔහුගේ හිතේ ඇය හිටියා කියන එක නේද ..
‘ කියන්න අයියේ කියන්න මට දැනගන්න ඕනි …’ මම ඔහුගේ කමිසයෙන් අල්ලලා අද්දා …
‘ ඔව් ඔව් ඉස්සර මම නොදන්න කාලේ මම හිතුවේ ඒ ආදරේ කියලා ඒත් මට ඔයාව හම්බ උනාට පස්සෙයි මම තේරුම් ගත්තේ ඒ ආදරේ නෙවෙයි නිකම්ම නිකන් බැදීමක් කියලා ..ඔයා හම්බ උනාට පස්සේ මට තේරුනා ආදරේ කියන්නේ වෙනස් දෙයක් කියලා ’ ඔහු ආවේගයෙන් මෙන් කියවයි ..
‘ඇයි අයියේ ඔයා එහෙම කලේ … ඇයි කියන්න … ඔයා ඉස්සරලාම මට කිවා නම් එයා ගැන හිතුවා කියලා මම කවදාවත් ඔයාට ලන්වෙන්නේ නැහැ අයියේ …ඇයි මට මෙහෙම කලේ …’ ඔහු වාහනය අයිනකට කරලා නැවැත්තුවා
‘ මට සමාවෙන්න … මම එයාට බලාපොරොත්තු දුන්නා වැරදි … මට සමාවෙන්න .. මන් ආදරේ කරන්නේ ඔයාට විතරයි …’
‘ ඇයි ඇයි ඇයි කියන්න මට ඒ ඇයි කියලා ..’ මම අත් දෙකෙන්ම ඔහුගේ පපුවට පහර දුන්නා ..
‘ නංගි මේ අහන්න ..’
‘ තවත් මොකුත්ම මට අහන්න බැහැ අයියා මාව මෙතනින් බස්සවන්න … මම යන්නම් …’ මම දිගු හුස්මක් ගත්තෙමි
‘ පිස්සු නටන්න එපා … මම ඔයාව ඇරලවන්නම් ගෙදරට ’ ඔහුගේ හඩ බැගෑපත්ය .. බයික් එකට හැපී වැටීම නිසා සිරි වේදනා ගේන තුවාල වලට වඩා සිත රිදීම නිසා ඇති උන වේදනාව වැඩිය …මට දුකක් ඇති උනේ මා ගැනමය .. පපුව පිච්චෙන්නේ මා භාවනාගේ ආදරය උදුරා ගත්තා යැයි සිහිවෙන විටය .
කවිශ් අයියා ක්‍රියාත්මක කල රේඩියෝවෙන් කවිශ කවිරාජ් ගේ මා ආසම කල සින්දුවක රාවය ගලා ආවේය ..ඔය ගීතයට මා ආස උනේ ලගදිය … මගේ ලය පිච්චි ගියේ ඉබේමය … කවිශ අයියාට හා මගේ ජිවිතේ කතාව නොවේද මේ ගීතයේ අරුතම වී ඇත්තේ .. වේලි තිබුණු කදුළු අලුත් වන්නේ ඉබේමය
හමුවෙනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි
නොලැබෙනා බව දැන දැනයි
අයාලේ ගිය හීන අතරේ ගොඩ ගසා මහා වේදනා
මම විතරද පෙම් කරන්නේ ආත්මයම පරදුවට තියා
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මම රත්තරනේ දැන නැතුව ඉන්නට බැහැ ඔයා
තෙතමනේ ඇති පපුව ගැබුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනේහෙන්
පුංච් වෙනසක්වත් එපා
කවිශ් අයියා නොයෙක් දේ කියන්න ඇත නමුත් මට ඒ එක දෙයක්වත් නොඇසුනේය .. ඔහු මා අපේ ගෙර ලගින් බස්සන තුරු තවත් වචනයක් හෝ මා හට ඔහු හා දෙඩීමට තරම් සවියක් නොවිය … යන්නම් හෝ නොකියා මා ගෙදර දෙසට දිවෙමි … භාවනාගේ ආදරය සොරකම් කරගත් මා ගැන මට ඇති උයේ පිළිකුලකි … කියා පැහැදිලි කල නොහැකි සිතුවිලි ගොන්නක් මගේ සිත අවුල් කර තිබුණි …