සුරඟනක් කඳුළක් සලා 17

17 කොටස
ඉතින් මා ඉන්පසු කවිශ් අයියා මුණ නොගැසි ඉන්නට උත්සහ කලෙමි .. දින ගෙවෙද්දී ..ඔහු මා මුණ ගැසීමට වරින් වර උත්සහ කලද මා ඔහු මග ඇර සිටීමට පරිස්සම් වීමි .. ශරීරයේ ලේ ඇට මිදුළක් පාසා ඔහු කෙරේ පෙම පැතිරුනේ කවදාද කියා නොදනිම් .. නමුත් ඔහු මගේ ජීවයේ කොටසක්ම වී තිබු බව පමණක් මා දැන උන්නෙමි …මම මනසින් බොහෝ විදවමින් සිටියෙමි … ඉතින් ඉන් පසුව මා වෙනස් උනේ බලා ඉද්දීම වාගෙය … ඉස්සර කෑ ගහලා හිනා උන … උඩ පනිමින් නටපු සුරංගනා වෙනුවට මා දෙස බලන අය දකින්නට ඇත්තේ අමුතුම සුරංගනා කෙනෙකි …. මම සංවර අහිංසක යුවතියක් වීමි …. ඉස්සර අම්මිට ඕනි උනේ මා මෙලෙස සංවර යුවතියක් වෙනු දැකීමටය …මා උවමනාවට වඩා සංවර වුවාදෝ සිතෙන්නේ අම්මි බිය ගත් දෑසින් මා දෙස බලා ඉන්නවා දකින විටය .. ..

මා පාසල් ගියේ නොයා බැරි කමටය .. එදින දින ගානකට පසුව භාවනා පාසල් පැමිණ සිටියාය … ඇය ඉස්සර දවස් වල වගේ ලස්සනට සිනා වෙමින් සිටියේය .. ..

‘ සුරංගනා ඔන්න මම ඉස්කෝලේ ආවා …’ ඇය ඉස්සරට වඩා ලස්සනට සිනා වෙමින් උන්නාය

‘ අනේ ෂෝයි කෙල්ලේ … අපි පාලුවෙන් හිටියේ ..’ මම භාවනා වැළද ගත්තා

‘ උබ සතුටින් නේද කෙල්ලේ …’

‘ ඔව් ගොඩක් සුරංගනා …ඊයේ කවිශ් අයියා ආවා …එයා කිවා දැන්ම මොකුත් එයාට කියන්න බැහැ ඉගෙන ගෙන ඉවර වෙලා තීරණයක් ගමු කියලා … ඉතින් එයා මගෙන් පොරොන්දුවක් ගත්තා ඉස්කෝලේ යන්න කියලා … මට අයියා කියන දෙයක් අහක දාන්න බැහැ …’ මටත් හොරා මගේ ඇහැට උනපු කදුළු බින්දුවක් මම වැටෙන්න නොදී හොරෙන්ම ලේන්සුවෙන් පිහලා දැම්මා

‘බය වෙන්න එපා භාවනා කවිශ් අයියා අනිවා කැමති වෙයි … ’ සෙනුලි භාවනාගේ මුහුණට එබුනා .. මට හයියෙන් අඩන්න හිතුනත් මම හිත පාලනය කරගත්තා

‘ ඔව් භාවනා කවිශ් අයියා ඔයාට ආදරේ වෙයි … ’ මම හිත තද කරගෙන භාවනාට කියලා දැම්මා

‘ ඔව් මම දන්නවා මම ආදරේ කරන තරමටම එයා මට ආදරේ වෙයි .. එයා තමා මගේ පණ …’ භාවනා කවිශ් අයියා ගැන කතා කරනකොට ඒ මුහුණ කවිශ් අයියා ගැන ආදරෙන් පිරිලා තිබුනා … මට කෑ ගහලා අඩන්න හිතුනා මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කවිශ් අයියා මගේ මගේ විතරමයි කියලා කියන්න හිතුනා … හිත කිවේ අඩපන් අඩපන් කියලා … ඒත් මම මගේ ගැහැණු සිතට ඉඩ දුන්නේ නැහැ .. මට මතක් උනේ … කවිශ් අයියා අයිති මට නෙවේ ඒ අයිතිය උපතින්ම හිමි වෙලා තියෙන්නේ භාවනාට කියලා …

මම අඩන හිත හදා ගත්තේ බොහොම අමාරුවෙන් … දහසක් දේවල් හිතේ තිබ්බත් මට ඒවා කියා ගන්න පුළුවන් කමක් නැහැ ..

………………………………………………………………………………………………………………………………………………

දින ගෙවීලා ගියේ හිතේ තිබු තුවාලයේ වේදනාව අඩු කරමින් … උසස් පෙළ විභාගය ලංවෙමින් තිබුනේ .. ඒ වෙනකොට මම හැම දෙයක්ම අමතක කරලා පාඩම් කරන්න හිත හදාගෙන හිටියේ … භාවනා කිවේ එයාට තනියම පාඩම් කරන්න බැරි නිසා එයාලගේ ගෙදර ඇවිත් කට්ටියම පාඩම් කරමු කියලා …. ඒ නිසා ඒ සෙනසුරාදා අපි පාඩම් කරන්න භාවනාගේ ගෙදර ගියා ..සෙනුලි මම දිනිතිත් අපි තුන් දෙනා ත්‍රිවිල් එකක නැගලා බහිරව කන්දේ භාවනාලගේ ගෙදර ලගින් බහිද්දී හවස හතරට විතර ඇති … අපි යද්දී ගේ ඇතුලෙන් හතර පස් දෙනෙක් මහා හඩින් හිනාවෙනවා ඇහුනා … අපි භාවනාගේ ගෙදර බෙල් එක ගහද්දි එලියට ආවේ … පෙර දවසක අපි මෙහෙ එද්දී අර හිටිය වැඩකාර ගැහැණු ළමයා ..

‘ ආ මේ චුටි බේබිගේ යාළුවො නේද … එන්න නෝනා ඇතුලට …. ’ වැඩකාර කෙල්ල අපිට ඇතුලට එන්න කියලා ඉස්සර උනා … අපි පහල මාලේ සාලේ දිහාවට ඇවිදගෙන යද්දී … එතන වාඩි වෙලා කතා කර කර හිටියේ භාවානාගේ පවුලේ අය ..ඔවුන් අතර ඉන්න කවිශ් අයියාව මම දැක්කේ අන්තිමටම … ඉතින් මට හිතුනා මෙහෙ ආවා මෝඩ කම කියලා … භාවනා වාඩිවෙලා හිටියේ කවිශ් අයියා වාඩි වෙලා හිටිය පුටු ඇන්දේ … ඔවුන් දෙන්නා ලංවෙලා වැඩි කියලා හිතට දැනුනත් මම හිත හදා ගත්තා කවිශ් අයියා මගේ නෙවේ කියලා .. කවිශ් අයියා මාව දැක්කාම ඒ මුහුණේ ඇති උන වේදනාව මම හොදටම දැක්කා ..ඒ වේදනාව මැදිනුත් එයා යාන්තමට හිනා උනා … මට ඔහු දැකීමෙන් පරණ තුවාලයේ වේදනාව අලුත් වෙනවා වගේ දැනුනා

‘ ආනේ ඔයාලා ආවාද .. මම බලාගෙන හිටියේ … එන්න එන්න වාඩිවෙන්න …’ භාවනා අපිව දැකලා හිනාවකින් දෙතොල හැඩ කරගත්තා ..

‘ දු කිවා දුලා එනවා කියලා පාඩම් කරන්න … දැන් ඉතින් අයියට වද දුන්නා ඇති මේ දුලා එක්ක ගිහින් පාඩම් කරන්න ලැහැස්ති වෙන්න … ’

‘අනේ අම්මි … අද අයියා එනවා කියලා දන්නවා නම් පාඩම් කරන්න එන්න කියන්නෙත් නැහැ .. දැන් මොනා කරන්නද ඉතින් … ඔන්න අම්මි අයියාට අද යන්න දෙන්න එපා එහෙනම් ..’ භාවනා නහයෙන් අඩන්න පටන් ගත්තා

‘ හරි හරි අයියා අද යන්නේ නැහැ … ’ භාවනාගේ අම්මා කිවේ කවිශ් අයියා දිහා බලාගෙන

‘ ඉන්නවා නේද අයියා ..’ භාවනා අම්මා කියන දේ පිළිගන්නේ නැතිව කවිශ් දිහා බැලුවා

‘ ඉන්නම් ’

කවිශ් අයියාගේ ඇස් හැම වෙලේම මගේ ලග නැවතිලා කියලා මම දැක්කා ..ඒ උනාට ඒ බැල්මට මම ගොඩක් බය උනා …. ඉක්මනට මෙතනින් පැන ගන්න තියේ නම් හොදයි කියලා තමයි මට හිතුනේ … කට්ටියම කලේ ඒ හවස් වරුවම පාඩම් කරපු එක …. කොහොම හරි කට්ටියම පාඩම් කරලා රෑ කෑම ගන්න අටට විතර පහලට බැස්සා .. කවිශ් අයියා ගිටියේ ටීවී බල බලා .. එයා දැක්ක ගමන් භාවනා කවිෂ් අයියා දිහාවට දුවගෙන ගියා … අපි කට්ටිය ඇවිත් කෑම මේසෙන් වාඩි වෙලා කෑම කෑවා … කවිශ් අයියා මග අරින එක නම් ගොඩක් අමාරු වෙලා තිබුනේ … එකම එක සැරයක් වත් එයා දිහා නොබලන්න මම පරිස්සම් උනා .. එයාගේ ඇස් වලා වේදනවා දකින්න මම බය උනා …. කෑම කාලා ඉවරවෙලා කට්ටියම ටීවී එක ලග වාඩි උනත් මම ඔලුවේ කැක්කුමයි කියලා උඩට ගියා …

භාවනාලගේ නිවසේ ඉහල මාලයේ ඉදලා බලද්දී මුළු නුවරම පෙන්වා .. ඈතින් පේන දළදා මාලිගාව දකිනකොට හිත පුදුම විදිහට නිවෙනවා . … විදුලි බල්බ වලින් මුළු නුවරම ආලෝකමත් වෙලා තිබ්බේ මම වශී වෙලා වගේ ඒ දිහා බලන් හිටියා …. සිතල සිතල සුළගක් ඇවිල්ලා මගේ ඇගේ දැවටිලා ඇගේ හිරිගඩු පිපුනා .. මම පරිසරයේ ලස්සනින් වශී වෙලා ඒ දිහා බලන් හිටියේ … එක පාරටම සිතල අතක පහසක් මගේ උරහිසට දැනිලා මම ගැස්සිලා ගිහින් හැරිලා බැලුවා …දෙවියනේ අදහන්න මා ලගින් හිටගෙන සිටියේ කවිශ් අයියයි … .. මම සීතලට වඩා බයට ගල් ගැහුනා … කවිශ් මා සොයා පැමිණ තිබුනා

‘ නංගි ….’ ඔහු වරක් නොව දෙවරක් තුන් වරක් කතා කළා … මම ඇහෙන්නේ නැති විදිහට හිටියා

‘ මේ අහන්න මම කියන දේ එක පාරක් ….’ ඔහුගේ හඩ ඇතුලේ තිබ්බේ බැගෑපත් කමක් .. මම නෑසුණු ලෙසින් කාමරය දිහාවට යන්න හැරුනා … එයා මගේ අතින් තද කරලා අල්ලලා මාව නවත්වා ගත්තා

‘ මාව මරාගන්නද ඕන ..’

‘ මට යන්න දෙන්න අයියේ … ඇයි මට වද දෙන්නේ ඔයාට භාවනා ඉන්නවා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න …’ මගේ ස්වරයට ඉකි බිදිමකුත් එකතු වෙලා තිබුන .. මට මන් ගැනම මහා ආත්මානුකමපාවක් දැනුනා …

‘ එහෙම යන්න දෙන්න නෙවේ මේ අත අල්ලා ගත්තේ .. හැමදාම මගේ ලග තියා ගන්න …’ එහෙම කියලා කවිශ් එයා ලගට මාව ඇදලා ගත්තා .. මම නිකන්ම එයා ලගට ඇදිලා ගියා එයා මාව ලංකරගෙන එයාගේ පපුවට මගේ මුහුණ තද කරගත්තා …ඒ පපුවෙන් ගලා ගෙන ආවේ හිත පිස්සු වට්ටන සුවදක් .. මොහොතකට මට අමතක උනා එයා මගේ නෙවෙයි කියලා .. මම ඒ පපුවේ ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගත්තා ..හෙමින් මගේ නළලට පාත් වෙලා එයා හරි ආදරෙන් මගේ නළල සිප ගත්තා …ටික වෙලාවකින් ඒ දෙතොල් වල පහස දැනුනේ මගේ කම්මුල් වලට .. මට හිතා ගන්න බැහැ මට මොනාද උනේ කියලා ..ඒ උණුහුම ලග මම පුසී පැටියෙක් වගේ ගුලි ගැහුනා ….

‘ ආදරෙයි පැටියෝ …’ එහෙම කියලා කවිශ් අයියා එයාගේ ග්‍රහණය තද කළා …මම සිහින් හඩින් ඉකි බින්දා

‘ අනේ මට යන්න දෙන්න අයියා ….’

‘ මම කවදාවත් ඔයාට යන්න දෙන්නේ නැහැ නංගි .. මට ඔයා නැතිව ඉන්න බැහැ …’

‘ දෙයියම්පා අයියේ මම ආදරේ ඔයාට අයියේ … ඒත් අයියේ මම ගොඩක් අසරණයි .. මට භාවනාවයි ඔයාවයි දෙන්නගෙන් එක්කෙනයි අයියේ තෝරා ගන්න පුළුවන් ’

සත්තයි මට ඇඩුනා හයියෙන් .. ඒ සෙනෙහස දරාගන්න බැරි මොහොතක මම හයියෙන් ඇඩුවා … මම මගේ කවිශ් අයියා නැති හෙටක් ගැන හිතන්නවත් බැහැ කියලා විතරමයි මේ හිතට දැනුන එකම එක සිතුවිල්ල උනේ

‘සුරංගනා …’ හෙනයක් ගහන්න වගේ එක පාරටම ආවේ භාවනාගේ කට හඩ…ඒ ස්වරය කෝපයෙන් පිරිලා තිබ්බා … එයා මගේ ලගට අඩියට දෙකට ලංවුනා … මගේ ලගට ආව එයා මගේ දිහා ඇස් දෙක ලොකු කරලා බැලුවා .. කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලනවා වගේ එයා මා දිහා බලන් හිටියේ … ඇයගේ දෑස් වල තිබුනේ මා මරා දැමීමට තරම් කුරිරු වේදවනා වක් බව නම් මම දැක්කා… මම කවිශ් අයියාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මට ඒකට ඉඩ දුන්නේ නැහැ .. ටික වෙලාවකින් භාවනා ගේ අත තිබුනේ මගේ කම්බුලක … මගේ කන් වලින් තරු විසි වෙනවා වගේ තමා මට දැනුනේ

‘ භාවනා නවත්තනවා ඕක … ඇයි මේ ළමයට ගහන්නේ … මට ගහනවා එයාට වද දෙන්න එපා ’ අයියා මාව පිටි පස්සට කළා ..

‘ ඇයි ඔයාට අමාරුද … අයියේ .. ඔයා මාව රැවට්ටුවා අයියේ … මම ජිවත් වෙන්නේ කොහොමද දැන් .. සුරංගනා මම හිතුවේ නැහැ ඔයා ඔය වගේ දෙයක් කරයි කියලා …. කවිෂ් අයියා ආදරේ කරන්නේ වෙන කෙල්ලක්ට කීවාට මම හිතුවේ නැහැ ඒ ඔයා කියලා … ඇයි සුරංගනා ඔයා ආදරේ කරන්න එයාම තෝරා ගත්තේ ….. මගේ ආදරේම තෝරාගත්තේ ඇයි කියලා කියන්න …’ භාවනා නොනවත්වා කියවනවා

‘ මට සමාවෙන්න භාවනා … ’

තවත් යමක් මට කියන්න නොදුන් භාවනා සිතා ගත නොහැකි නිමේෂයකදී මා තල්ලු කර දැමුවේය .. පසෙකට විසි උන මගේ ඔලුව මොකක්දෝ දෙයක වදිනවා වගේ මට දැනුනා .. සිදු උයේ කුමක්ද කියා මට වැටහුනේම නැත … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *