සුරඟනක් කඳුළක් සලා 18

18 කොටස

මට සිහිය ආවේ කවර මොහොතක කෙතරම් වෙලාවට පසුවද කියා මට මතක නැත … මම නෙතු පිය සැලුවෙමි … කීප දෙනෙක් මා වටා සිටින බව මට බොදවී මෙන් පෙනුනේ ය … මම සිදු උන දේ සිහි කිරීමට වැර කලෙමි … . එක වරම මට සිහි වුයේ භාවනාය … සිත ගැහෙන වේගය වැඩි උනා විය හැකිය … ඇය මා තල්ලු කල බව සිහිවී ලොකු කදුළු බින්දුවක් කම්මුල මතට ගලා ගියේය … මම දෑස් නැවත වසා ගත්තෙමි ..

‘ සුරංගනා නංගි ඇස් අරින්න …. ප්ලීස් ..’ ඒ ඇසුනේ කවිශ් අයියාගේ කට හඩය… මම වසා සිටි නෙතු නැවත හෙමි හෙමින් විවර කලෙමි … පෙර වතාවේ බොදව පෙනුණු රුවවල් පැහදිලිවම මා හට පෙනුනේ එවිටය … භාවනාගේ අම්මි තාත්තා සේම කවිශ් අයියා දිනිති සෙනුලිද මා අසල විය .. කවිශ් අයියා මා ඉහ ඉද්දරම වාගේ වාඩි වී බොහෝ සෙනෙහසින් මදෙස බලා සිටියේය … නොසිටියේ භාවනා පමණි … තියුණු වේදනාවක් ලය ඇතුලෙන් පටන් ගෙන මුළු ශරීරය පුරාම පැතිර ගියේය …. මට දුක වේදනාවට අමතරම දිනිති ඇතුළු පිරිසට මුහුණ දිය නොහැකි ලැජ්ජාවකි මා සිතේ තිබුනේ ….

හිස දෙසින් ආවේ මහා වේදනාවකි … මම අත ඉහලට ඔසවා නළල අත ගෑවෙමි … වෙළුම් පටියකින් නලල වෙලා තිබුණි …දෑසට කදුළු ගොඩක් ඉනුවේ ඉබේටමට …. මම නෙතු ඔසවා භාවනාගේ මව දෙස බැලුවෙමි .. ඇය මා දෙස බලා උන්නේ නොපහන් හැගිමකිනි …

‘ ආන්ටි … මට …මට ..’ මට කියා ගන්න ලැබුනේ එපමණකි ..

‘ තවත් මොකුත්ම කියන්න එපා සුරංගනා … භාවනා ඔයාට කොච්චර ආදරේද සහෝදරියෙක්ට වගේ ආදරේ .. ගෙදර ආවේ වෙලේ ඉදලා ඔයා ගැනයි දිනිති ගැනයි මේ කෙල්ල කතා කරන්නේ … ගෙදර විශේෂ කෑමක් හැදුවත් එයා කන්න ඉස්සර වෙලා ඔයාටයි අරන් තිබ්බේ …. ඒ කෙල්ල මොනා කරාටද සුරංගනා ඔයා එයාගෙන් පලිගත්තේ … ඔයා උදුරගන්න හදන්නේ එයාගේ ජිවිතේ … ’ ඇය වේදනාවෙන් කියවයි

‘ නැන්දී … දැන් ඔය ඇති ..’ කවිශ් අයියාගේ හඩේ උයේ ආයාචනයක්

‘ කවිශ් මේ අහපන් උබට හිතන්න තිබුනා නේද .. උබ දන්නවා නේද කෙල්ල උබට පණ ඇරලා ඉන්නේ කියලා … මම හිතුවේ නැහැ පුතා උබ මගේ කෙල්ලට මේ දේ කරයි කියලා …’ ඇය කවිශ් අයියා දෙස බැලුවේ අමනාපයකි …

‘ නැන්දී මේකට වැරදි කාරයා මම මට බනින්න ඇති තරම් …ඒත් මේ අහිංසකිට මොකුත් කියන්න එපා ..’

‘ වසන්ති දැන් ඇති ඔය … දැන් යන්න භාවනාව බලන්න …’ සාමාන්‍යයෙන් නිහඩ පුදගලයෙක් වෙන සෑම් අංකල් භාවනාගේ අම්මට සැර කළා .. ආන්ටි තවත් වචනයක්වත් කියන්නේ නැතිව කාමරෙන් පිටවෙලා ගියේ මගේ හිතට මහා බරක් දීලා … මෙතෙක් වෙලා නිහඩව බලා සිටි දිනිති මා දෙස බලා සිටියේ මහා අනුකම්පාවකින් වගේ …

‘ මොකක්ද සුරංගනා මේ උනේ .. ’ ඇයගේ ඇස් වලින් කදුළු ගොඩක් එලියට පැන්නා

‘ අනේ මට සමාවෙන් න දිනිති …මම මහා පව්කාරියක් ..බලන්න මම නිසා මගේ හොදම යාළුවාටත් දුක් විදින්න වෙලා .. ’

‘ මේක බොරුවක් නේද සුරංගනා ඔයා කවිශ් අයියාට ආදරේ නැහැ නේද … ’

‘ මම ආදරේ කරනවා දිනි කවිශ් අයියාට මහා ගොඩක් … මගේ හිතේ ආදරයක් කියලා හැගීමක් ඇති උනේ කවිශ් අයියා ගැන විතරමයි … ’ දිනිති මගේ දිහා බලාගෙන හිටියේ වේදනාවකින් … එයාට හිතා ගන්න බැරිව ඇති මොනවද කියන්නේ කියලා . .. කවිශ් මහා බරට හුස්මක් පිටකරා ..

‘ අයියා දැන් ඔයා යන්න … දැන් ගොඩක් රෑ වෙලානේ … ’ දිනිති සෙනුලිත් එක්ක කාමරෙන් එලියට ගියේ අපි දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න වගේ ..

‘ මට බෑ මම මෙතනම ඉන්නවා … එලි වෙනකම් ..’ කවිශ් අයියාගේ මුරණ්ඩු උනේ පොඩි ළමයෙක් වගේ ..

‘අනේ අයියා තවත් ප්‍රශ්න ඇති කරන්න එපා … භාවනා ගොඩක් දුකින් ඇත්තේ එයා ගැන බලන්න ..’

‘ මට කවුරුත් බලාගන්න උවමනාවක් නැහැ .. මම ඔයා ලගම ඉන්නවා … ’ එයා වචන වෙනස් කරන පාටක් නැහැ ..අනේ දෙවියනේ භාවනා දුක් විදිනකොට ඔහු ලග මා කෙලෙස සැනසෙම්ද .. විනාඩි කීපයක් ගෙවුනේ කාතාවකින් තොරවය .. මගේ ඇස් වලට කදුළු එබෙන්නේ ඉබේමය . .. ඇස් වලින් පිටවෙලා කොපුලතට වැටෙන කදුළු බිඳුවක් කවිශ් අයියා එයාගේ අතින් පිහලා දැම්මා ..

‘ මේ විදිහට දුක් වෙන්න එපා නංගි … ඔයා පවක් කලේ නැහැ නේ ..ඔයා කලේ ආදරේ කරපු එක විතරයි නේ ..අනික අපි දෙන්නාගේ කැමත්තෙන් අපි දෙන්නා ලන්වුනේ … ඔයා වැරදි කියලා හිතට වද දී ගන්න එපා නංගි..’ එයා මගේ අත අතනොඇරම හිටියේ මාව නැති වෙයි කියලා බයෙන් වහේ

මම ඔහුට ප්‍රති උත්තර නොදී සිටියා … ටික වෙලාවකින් කාමරෙන් එපිට ඉදලා දෙතුන් දෙනෙක් කෑ ගහන අඩන හඩක් ඇහුනා … කවිශ් අයියා අල්ලාගෙන හිටිය මගේ අත අත ඇරලා දාලා එලිය දිවුවා .. භාවනාගේ අම්මා මහා හයියෙන් කෑ ගැහුවා … අතරින් පතර කවිශ් අයියාගේ හඩත් ඇහුනා මගේ හිතට මහා ලොකු බයක් දැනුනේ .. මම පණ නැති දෙපා වලට වාරු අරන් ශබ්දය ඇහෙන දිහාවට හෙමින් ගියා … ඒ කාලගෝට්ටිය ඇහුනේ නම් භාවනාගේ කාමරේ ඇතුලෙන් … හැමෝම කාමරේ ඇතුලේ … මම හෙමින් කාමරේ ඇතුලට එබිලා බැලුවා … භාවනාගේ අම්මා මහා හයියෙන් අඩනවා … කවිශ් අයියාගේ පපුවට ඔලුව තියාගෙන භාවනා අඩනවා .. එයාලා හිටිය තැන පොඩි බෝතලයක් වැටිලා ඒ ඇතුලේ තිබ්බ බෙහෙත් පෙති විසිරිලා තිබුනා ..

‘ අපි මෙතනට එනකොට මෙයා පෙති ටික අතේ තියාගෙන කල්පනා කරනවා .. අපිව දැක්ක ගමන් ඒවා ගිලින්න ගියා .. මම පැනලා අතට ගැහුවා …පස්සේ තමා දැක්කේ ස්ලිපින් ටැබ්ලට් කියලා ..’ සෙනුලි කියෝනවා …. දෙවියනේ මේ මොකද වෙන්නේ මගේ හිත වේදනාවෙන් කිරි ගැහිලා ගියා …

‘ඇයි මගේ දු ඔයා මෙහෙම කරන්නේ …’

‘ මට කවිශ් අයියා නැතිව බැහැ .. ඊට වඩා හොදයි මම මැරෙනවා ..’ භාවනා හයියෙන් අඩනවා

‘ මේ කෙල්ල කවදාවත් මෙහෙම කරන කෙනෙක් නෙවේ … පුතා ඔයා දැන් උත්තරයක් දෙන්න මගේ කෙල්ලට ජිවත් වෙන්න ඉඩ දෙනවද ..ඒ කෙල්ලව මරාගන්නවද කියලා ..’ ආන්ටි කෑ ගහනවා … මගේ කකුල් දෙක වෙව්ලුවේ බයට එතනින් එහාට අඩියක් තියා ගන්න බැරිව මම ගල් ගැහුනා ..මේ හැම දෙයක්ම මම නිසා කියන එක විතරයි මට මතක් උනේ .. භාවනා හයියෙන් අඩනවා … කවිශ් අ අයියා වචනයක්වත් කිවේ නැහැ

‘ පුතා මම කැමති නැහැ මගේ දරුවා අකාලේ ජිවිතේ විනාශ කරගන්නවාට … දැන් ඔයා තමා තීරණේ ගන්න ඕන … මම කැමති නැහැ බලපෑම් කරන්න ඒ උනාට මගේ දරුවා වෙනුවෙන් මට එකෙක් මරලා හරි ඒ දරුවාගේ සතුට ගෙනල්ලා දෙන්න පුළුවන් … ඔව් හොදින් හරි නරකින් හරි මට ඒ දේ කරන්න පුළුවන් …’ ඔහු ඔය කියන්නේ මට අනතුරක් කර හෝ තම දියණියගේ සතුට ගෙන එන බව විය හැක

සෑම් අංකල් ගේ දෙදරන්න කෑ ගහනවා .. ඒ වචන අස්සේ තිබ්බ නපුරු කම ඒ ඇස් දෙකෙන් ගින්දර වගේ පිට උනා … මම කාමරේට තිබබ් කකුල ආයෙම පස්සට තිබ්බා එතන තිබ්බ මල් පෝච්චියක මගේ කකුල වැදිලා ඒක ‘ දඩාස් ’ ගාලා පෙරලිලා කැඩිලා බිදිලා ගියා … ඒ සද්දෙට කට්ටියම මම ඉන්න පැත්ත බැලුවා …. මාව දැකපු සෑම් අංකල් ඔලුවෙන් මට ඇතුලට කතා කළා .. මං පස්සට තිබ්බ කකුල ආපහු ඉස්සරහට තිබ්බා … මල් පෝච්චියෙන් කැඩිලා විසිවෙලා තිබුන විදුරු කෑල්ලක් ද මන්දා මගේ යටි පතුලක ඇනෙනවා වගේ මට දැනුනත් මට ඒ වේදනාව දැනුනේ නැහැ ..

‘ ඔය ළමයත් ආව එක හොදයි …අද මේක විසදගන්න ඕන … කවිශ් මට පොරොන්දු වෙන්න ඕන මේ ළමයා පස්සේ යන්නේ නැහැ කියලා … ඔය ළමයත් පොරොන්දු වෙන්න ඕන භාවනා වෙනුවෙන් කවිශ් අමතක කරනවා කියලා ..’ සෑම් අංකල් ගේ හඩ ගොඩක් නපුරු වෙලා තිබුනේ ..

මැරෙන්න කිවා නම් වහ ටිකක් බොන්න කිවා නම් කරන්න තිබ්බා … ඒත් මගේ කවිශ් අයියා අමතක කරලා මට ජිවත්වෙන්න බැහැ කියලා මට කෑ ගහන්න හිතුනා ..ඒත් දෙවියනේ මම ඒක කියා ගන්න බැරිව ඔලුව බිමට හරවා ගත්තා .. මගේ කවිශ් අයියා මගේ පණ කියලා කියාගන්න පුළුවන් උනා නම් …දෙවියනේ

‘කවිශ් …කියපන් මොකද කියන්නේ උබ … ’ මම කවිශ් අයියා දිහා බැලුවා ..එයා ගොඩක් අසරණ වෙලා කියලා මට පෙනුනා ..එයා මායි භාවනයි අතරින් කෙනෙක් තෝරා ගන්න බැරිව වගේ හිටියේ .. .. මගේ හිත ගිනි ගත්තා ….

‘ කවිශ් …’ සෑම් අංකල් කෑ ගැහුවා ..

‘ පොරොන්දු වෙනවා අංකල් මම පොරොන්දු වෙනවා .. මම භාවනා නංගි මැරී කරනවා …. ඒ හැම දෙයක්ම කරන්නම් සුරංගනා ට මොනවා හරි උනොත් එදාට මම හැම එකාම මරලා මාත් මැරෙනවා ..ඒ අහින්සකිට විතරක් පාඩුවේ ඉන්න දෙන්න ..’ මැලවිලා තිබ්බ භාවනාගේ මුහුණ එළිය වැටුනා මම දැක්කා …දෙවියනේ මගේ ලෝකේ ගින්ගන්න බව දැන දැන භාවනා සිනාසෙන අපුරුව …මම මිහිපිට අපායට වැටිලා පිච්චිලා යනවා වෙන්න ඕනි මෙච්චර වේදනාවකින් මේ ශරීරය වේදනා දෙන්නේ ඒ නිසාම විය යුතුය …

‘ දැන් ඔය ළමයා භාවනාගේ ඔලුවේ අත තියලා පොරොන්දු වෙන්න ඕන .. කවිශ් ගැන හිතන්නේ නැහැ කියලා ..’ අන්කල් ගේ ඇස් වල තිබ්බේ තරවටු කිරීමක් .. මම භාවනා දිහාට ගියා නෙවේ යැවුනා .. රොබෝවක් වගේ ..දිනිති අඩනවා යාන්තමට වගේ මම දැක්කා .. මම ලගට එනකොට භාවනා කවිශ් අයියාට තවත් ලංවුනා ඒ කවිශ් අයියා එයාගේ විතරමයි කියන්න වගේ ….. පොළව පැලි මා ගිල ගත්තා නම් හොදය යනුවෙන් ඒ විනාඩියට මට ලක්ෂවරක් හිතෙන්න ඇත … මම හිස ඔසවා භාවනා දෙස බැලුවෙමි ..ඒ දෑස තුල උයේ කෝපයකි පිළිකුලකි … ඒ මගේ හොදම මිතුරිය භාවනා නම් නොවේ .. ප්‍රේමයෙන් අන්ධවී තම සතුරාව විනාශ කිරීමේ සතුටින් සිටින යුවතියකි … මම අත ඔසවා … භාවනාගේ හිස මත තැබුවෙමි ..

‘ මම ආයේ කවදාවත් කවිශ් අයියා ගැන හිතන්නේ නැහැ භාවනා … මම පොරොන්දු වෙනවා ඔයාට ..’ මම ඔය වචන පිට කරන්න ඇත්තේ අසිහියෙන් වෙන්නට ඇත … නැති නම් මම කෙලස මගේ ආදරය නොමැතිව සිටින්නද … කව්ශ් අයියාගේ නෙතින් කදුලක් වැටෙනවා මම දැක්කා .. භාවනා එයාට තුරුළු උනේ මම ලග ඉන්නවා කියලවත් හිතන්නේ නැතිව වගේ .. ඇයගේ හිතේ ඇත්තේ මා රිදවීමේ කුරිරු ආශාව විය හැකිය ..

ගල් පිළිමයක් වගේ එතන හිටිය මගේ අතින් අල්ලගෙන දිනිති මාව එලියට ඇදගෙන ගියා …. ඇය දුක් වෙනවා විය හැක එකම පෙම්වතෙකු වෙනුවෙන් තමන්ගේ යෙහෙලියන් දෙදෙනා වෙන්වීම ගැන ඇය දුක් වෙනවා ඇත මගේ ඇසින් වැටෙන මේ කදුළු ගැන දුක් වෙනවා ඇත … හිස් දෑසින් අනන්තය දෙස බලා ඉන්නා යෙහෙළිය ගැන දුක් වෙනවා ඇත … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *