සුරඟනක් කඳුළක් සලා 24
24 කොටස
හදවත තුවාලයක් මෙන් රිදුම් දෙමින් තිබුණි මා උමතු නොවුනා පුදුමය … මට කිසිවක්ම මතක තිබුනා නොවේ … මතකයට ආවේ කවිෂ් අයියා සහ භාවනා මා පව්කාරියක කිරීම ගැන පමණක්මය .. මම පාර දිගේ ඔහේ ඇවිද ගියෙමි … පැය කියක් ගෙවුනාද කියාවත් මතක නැත … මට සිහි උනේ මිලා අක්කියි … මම නුවර රෝහල දෙසට ඇවිද ගියෙමි … මම රෝහල අසල ඇති දුරකථන කුටියකින් මිලා අක්කිට ඇමතුමක් ගත්තෙමි …
‘ මිලා අක්කි …’ මගේ හඩ ඉකිබිදුමක් වෙන්නට ඇත …
‘ නංගා ඔයා මේ වෙලාවේ …. ඔයා මේ වෙලාවේ එක්සෑම් හෝල් එකේ ඉන්න ඕනේ … මොකද උනේ කියන්න … ඔයා කොහෙද ඉන්නේ … ’ අද උසස් පෙළ විභාගය මට බව සිහි වුනේ ඇයගේ කතාව ඇසුණු පසුය විට මිලා අක්කි බය වෙන්න ඇත
‘ අක්කි මම හොස්පිටල් එක ලග ඉන්නේ …. ’
‘ ඔයා කොහෙවත්ම යන්න එපා …. මම මේ දැන්ම එනවා …. ඔතනම ඉන්න නංගා …’ මිලා අක්කි ජංගම දුරකථනය සවනේ රදවාගෙන මා අසලටම පැමිණියේය .. මම සිටින දුක්බර විලාසය දුටු විට මිලා අක්කිගෙ දෙනෙත් විසල් විය .. අත ඇරෙන්නට ගිය දුරකථනය ඇය අනිත් අතින් අල්ලා ගත්තේය
‘ නංගා මොකද මේ …. පිස්සියක් වගේ ..’ මගේ අවුල් උන කෙස් රතු වූ දෙනෙත් දුටු ඇය පුදුම වෙන්න ඇත …
‘ අනේ අක්කි …. මගෙන් මොකුත්ම අහන්න එපා …’ මම අක්කිගෙ ලයේ හිස හොවා ගත්තේ මහා පාර කියාවත් නොසිතාය
‘ අඩන්නේ නැතිව ඉන්න … අපි දැන් ඉස්කෝලෙට යමු … අපි ප්රින්සිපල් එක්ක කතා කරලා බලමු මොනාද කරන්න පුළුවන් කියලා …’ ඇය අත් ඔරලෝසුව වෙත නෙත් ඇතිව කිවේය …
‘අනේ අක්කි මට එක්සෑම් කරන්න බැහැ … මට මොකුත්ම මතක නැහැ …’ කඩා හැලෙන කදුළු නිමක් නැත …
‘ නංගා ඔයා මේ විනාශ කරගන්නේ ඔයාගේ ජීවිතය … අම්මි අප්පච්චිගේ හීන කියලා තේරුම් ගන්න …. එක්සෑම් පාස් වෙන්න හරි ෆේල් වෙන්න හරි ඔයා එක්සෑම් ලියන්න ඕන … ’ අක්කි සැරකලේ මගේ මෝඩ කම් වලටය
‘අනේ රත්තරන් අක්කි මට බල කරන්න එපා මට හිත හදාගෙන එක්සෑම් කරන්න බැහැ ..’
‘ඒක ඔයාගේ අවසාන තීරණය නම් මට ඒක නතර කරන්න බැහැ.. මම ඔයාව ගෙදර අරන් යන්නම් … මෙතන ඉන්න මම ලිව් දාලා එන්නම් ..’
ත්රි රෝද රථයක නැගුනු මිලා අක්කි සහ මම නිවස අසලට යන විට සෑම් අන්කල් ට අයත් කාරයක් ගේට්ටුව අසල නවතා තිබෙනු දුර තියාම දුටුවෙමු .. ඔවුන් පැමිණ අම්මිව ගිනි තියන්න ඇත …මට දැනුනේ පුදුමාකාර අපහසුවකි .. ත්රි රෝද රථයෙන් බැස අක්කි මට ඉස්සර විය … මම අක්කිට මුවා වී බිමට ඔරවා ගත්තෙමි … මට කවුරු කවුරු උන්නාද කියාවත් නොපෙනුණේය …
‘ සුරංගනා …’ අප්පච්චිගේ හඩේ කවදාවත් මා අසා නැති තරම් තරහක් පිරි තිබුනේය …සුදු දු කියා ආදරයෙන් කතා කරන ඔහුද අද නපුරු ලෙස මට කතා කරයි ඔහු කවදාවත් මේ තරම් අනාදරයෙන් මා අමතා නැත … අම්මි මට බැන්නත් අප්පච්චි මට කෑ ගසන්නේ ඉතාමත් අඩුවෙනි ….
‘මෙහෙ බලපන් ..’ මම බිමට යොමා සිටි නෙත් එසවුවෙමි … සාලයේ තිබු පුටු සෙටියේ සෑම් අන්කල් , ආන්ටි සේම භාවානා ද වාඩි වී සිටියේය ..භාවනා සිටියේ සුදු ගවුම පිටිනි ..ඇයත් අද විභාගයට මුහුණ නොදෙන්න ඇත …
‘ අප්පච්චි ….’ මම සෙමින් කෙදිරුවෙමි
‘උබ මට පොරොන්දු උනා නේද ඒ ළමයා හම්බ වෙන්නේ නැහැ කියලා … මම හිතුවේ නැහැ උබ උබේ අප්පච්චිට උන පොරොන්දුව කඩයි කියලා …’
‘ මම පොරොන්දුව කැඩුවේ නැහැ අප්පච්චි ..’ මට නිදොස් වෙන්නට උවමනා විය .. කිසිම වරදක් නොකර මා සියලු දෙනාගෙන් මෙලෙස අපවාද ඇසීම ගැන මට මා කෙරේම ඇති උයේ පුදුමාර ආත්මානුකම්පාවකි …
‘ පොරොන්දු කැඩුවේ නැත්තම් අද ඒ ළමයා හම්බ උනේ කොහොමද …. ආ … බලපං මේ උබගේ හොදම් යාලුවා නේද ලැජ්ජා නැද්ද ඔය විදිහේ දෙයක් කරන්න … දන්නවද … මේ ළමයා අඩනවා ඉවරයක් නැතිව …. උබ වගේම කෙල්ලෙක්ගේ ආදරේ උදුර ගන්න තරම් කොහොමද උබ නපුරු උනේ … ’
මම භාවනා දෙස බැලුවෙමි ඇගේ නෙත් කදුළු වලින් පිරි ඇත .. ඒ අසලම ඉන්න සෑම් අන්කල් දෙස බැලීම පවා අපහසුය ..
‘සුරංගනාව තමන්ගේ සහෝදරියක් කියලා හිතුවේ භාවනා … ඔයා එහෙම කලේ ඔයාට එහෙම සැලකුව යාළුවාට භාවනා …’ ඒ කතා කරන්නේ සෑම් අංකල්ය
‘ අපි කවදාවත් භාවනාට තහන්චි දාලා නැහැ යාළුවො වෙන්කරලා ආශ්රය කරන්න කියලා … අපි සුරංගනාව උනත් ආශ්රය කරන්න දුන්නේ මේ ළමයා හොදයි කියලා හිතුව නිසා .. බලන්න අපි ඔයාලා අතර වෙනස කොච්චරක්ද … කවිශ් ළමයා දැක්ක ගමන් දැලේ දා ගත්තේ භාවනා වගේ සැප විදින්න ඕන කියලා හිතුනද සුරන්ගනාට .. අපි ඉල්ලන ගානක් දෙන්නම් කවිෂ් ළමයා අත ඇරලා වෙන අතක් බලා ගන්න …’ ආන්ටි මේ ගරහන්නේ මගේ ප්රේමයටය …. මේ පවසන කතා අහස හෝ පොළව නුහුලනු ඇත … අපි අතර පන්ති පරතරය පවසා මගේ ආදරය මිලදී ගැනීමට ඔවුන් කවුරුන්ද … මගේ මුළු ඇගම ගිනි ගයි … මම දරාගෙන උන්නෙමි
‘ ඔයාලා දරුවෝ හදලා තියෙන විදිහ නම් අන්තිම නරකයි ..දඩාවතේ යන්න දරුවෝ හදලා අනිත් මිනිස්සුන්ට පව් දෙන්න එපා .. ’ ආන්ටි පවසන වදන් දරුණුය .. අම්මි හයියෙන් අඩන්න උනේ සෑම් අන්කල්ගේ හා ආන්ටිගේ කතා අසා ඉන්නට බැරි නිසා විය යුතුය
‘උඹ පලයන් යන්න මෙතනින් … මගේ වැරදි වලට මගේ අම්මිට අප්පච්චිට අපහස කරන උඹ මකබෑවියන් ..’ මට සිහි නොවුනේ ඇය වැඩිහිටියෙක් කියාය … මම දන්න හැම නොහොබිනා වදනක්ම කියා කෑ ගැසුවෙමි …
අම්මි උන් තැනින් නැගිටවිත් මගේ කොණ්ඩා කරලකින් ඇදගෙන ගොස් මා කාමරයට තල්ලු කර දමා දොර වැසුවේය ..
‘ ආයේ එහෙම මේ දේවල් මේ විදිහට වෙන්න බැහැ එහෙම උනොත් මම ගොඩක් නරක මනුස්සයෙක් වෙයි …’ සෑම් අංකල් ගේ ගිගුරුම් දෙන කටහඩ මගේ කාමරය පුරාම රැවූ දුන්නේය ..
‘ මගේ ළමයා ගැන මම බලා ගන්නම් .. කරුණාකරලා මෙතනින් යන්න මිස්ටර් සෑම් … ඔයාට කරන්න පුළුවන් දෙයක් කරලා බලන්න … ’ අප්පච්චිගේ සන්සුන් වුන හඩ තුල උයේ තිර බවකි .. මොහොතකින් කාරය ස්ටාර්ට් කරගෙන යන හඩ ආවේය ..
නිවස තුල වුවේ මුසල නිහඩතාවකි …
මට දරාගන්න බැරි තරම් ආදරයක් මේ පුංචි පපුව ඇතුලේ හිර කරේ ඇයි කවිශ් අයියේ … ඔයා වෙන කෙනෙක්ට අයිති නම් ඇයි මගේ ලෝකෙට ආවේ මගේ අයියේ … මට මගේ දෙමව්පියන්ට මේ තරම් දුකක් දැනෙන බව දන්නවා නම් මම කවදාවත්ම ඔයාව මගේ පුන්චි ලෝකෙට ගන්නේ නැහැ නැහැ මගේ අයියේ .. මට ඔයාව අමතක කරන්නත් බැරි මතක් කරන්නත් බැරි මේ ලෝකේ මම තවත් ජිවත් වෙලා වැඩක් තියෙනවද මගේ අයියේ …
මම තනියෙම මිමිණුවෙමි
මට ඕනේ උනේ සුවදායි නින්දකි… එය සදාකාලික නින්දක් වුවද කම් නැත … අතට අහු උනේ ඊයේ රෑ නින්ද නොයන බව කියා මිලා අක්කිගෙන් ඉල්ලා ගත් නිදි පෙති කීපයකි … මෙයින් එක පෙත්තක් බිලා ටිකක් නිදා ගන්නවා … මම පළමු පෙත්ත මුව තුල රුවා ගත්තෙමි . .. එකක් බිලා බෑ තව ටිකකින් මට ඇහැරෙයි එතකොට මට දරාගන්න බැරි තරම් දුකක් හිතට එයි .. දෙවෙනි පෙත්ත ආයෙමත් මුඛයේ දමාගත්තා … බැහැ බැහැ මට හෙට උදේ හරි ආයෙම ඇහැරෙයි එතකොට මට වේදනාකාරී මතකය ආයෙමත් මතක් වෙයි මට ඒ නපුරු මතකයන් ආයෙම දකින්න ඕන නැහැ ..මම ඒ නිසා මේ ටික ඔක්කොම බොනවා ..
නිදි පෙති සියල්ලම මුඛයේ දැන් ඒවා උගුරෙන් පහලට යන්න ඕන …. මම ලග තිබ්බ වතුර වීදුරුවක් අරන් බීගෙන බීගෙන ගියා .. හෙමින් හෙමින් ඒවා උගුර පසුකරන් ආමාශගත වෙනවා මට දැනෙනවා … තව සුළු වෙලාවකින් සදාකාලික නින්ද …. මම හයියෙන් හිනා උනා .. ඊට පස්සේ මම ඇස් දෙක හෙමින් හෙමින් පියා ගත්තා … මනස සැහැල්ලු වෙනවා වගේ හැගීමක් එක්ක ..අම්මිප් අප්පච්චි මල්ලි කවිශ් අයියා මිලාන් මිලා අක්කි … අඩ සිහියෙන් මීදුමක් වගේ එහා මෙහා උනා …
තවත් කොටසකින් හමුවෙමු