සුරඟනක් කඳුළක් සලා 27
27 කොටස
මම සිහියත් අසිහියත් අතර කොයි තරම් නම් වෙලාවක් හිටියද කියලා මට මතක නැහැ … ඒ කාලේදී මගේ මතකෙට ආවේ කවිශ් අයියාගේ රූපය විතරමයි … මේ සියල්ලම අමතක වීමට නම් මා උමතු වීම හෝ මේ ලෝකෙන් සමුගැනීම යන දෙකෙන් එකක් විය යුතුමය … මිලාන් ඔහු මගේ හිත හැදීමට උත්සහ කලද මගේ සිත හදා ගැනීමට නොහැකිය ….කවිශ් අයියා මේ විනාශ වෙන්නේ මා නිසාය … ඔහුට විනාශ වීමට දිය යුතු නොවේ .. කෙසේ හෝ ඔහු පෙර සිටි තත්වයට ගැනීම කල යුතුය ….
‘ඔයාට කවිශ්ව බලන්නද දැන් ඕනි …’ මිලාන් පැවසුවේ මා නොකා නොබී බලාගත් අත බලා සිටිනු දැක බැරිම අවස්ථාවේය .. මට වචනයක් හෝ කතා කිරීමට නොහැකි විය … කදුළු කැට ගොඩක් සට සට ගා ඇස් වලින් පහලට ගලා ගියා පමණි … මිලාන් තේරුම් ගන්න ඇත .. මට කවිශ් අයියා මුණ ගැසීමට ඕන බව ඔහු තේරුම් ගන්නට ඇත … අම්මි අප්පච්චි දෙදෙනා මිලාන්ට මා ගෙන යන්න අවසර දුන්නේ මා ඉන්න තත්වයට කිසියම් පිළිසරණක් මේ ගමනින් ලැබෙයි කියා සිතා විය යුතුමය … මට සෑම් අංකල්ගේ තර්ජන ගර්ජන අමතක උවා නොවේ .. මට ජීවත්වෙන්න හෝ මිය යන්න ඔහු කොහේ හෝ සතුටින් සිටීම සෑහේ …හැම දේටම වඩා මට වටින්නේ මගේ කවිශ් අයියා ලස්සනට ජීවත්වෙන එකය ..
මිලාන් බයිසිකලය පැදවූවේ පවනක් බදු වේගයෙනි … මම ඔහුගේ බද වටා දෑත පටලවා දෑස් පියා ගත්තේ එකවර සිතට දැනුනු බිය නිසාය … කවිශ් අයියා නොදැකම මිය යන්න වේයැයි බියකින් හදිසියේ හිත වසාගෙන පැතිර ගොස් ඇති කලේ සිතට බියකි ….
‘ මිලාන් ටිකක් හෙමින් යන්ද ….’ මම මිලාන්ට කිවේ ඉවසන් ඉන්නට බැරිම මොහොතකයි … වචනයක් හෝ නොකී ඔහු වේගය තවත් වැඩිකලා පමණයි ..
‘ අනේ මිලාන් ප්ලීස් හෙමින් යමු …’ මම නැවත වරක් කිවේ ඔහුට ඇසෙන්නට නැතිව ඇති කියා සිතාය
‘ ඇයි බයද මාත් එක්ක ගිහින් මැරෙන්න වෙයි කියලා … ’
‘ මම මැරෙන්න බය නැහැ …ඒත් මම නිසා ඔයාට මොකුත්ම හරි උනොත් ඒක නම් මට ඉවසන්න බැරි වෙයි …’ මම කිවේ හිතට විරුද්ධ දෙයකි … සැබවින්ම මට අවශ්‍ය උනේ කවිශ් දැකීමටය … එකම එක මොහොතකට හෝ ඔහුගේ සුදු මුහුණ දැක ඉන් පසුව මිය ගියත් කම් නැත …
මිලාන් වේගය අඩු කොට ගලහ පාරට බයික් එක දැම්මේය … වෛද්‍ය පීඨයට ගොස් අපි මිලාන්ගේ මිතුරෙක්ගේ අයියා කෙනෙක් වෙන වරුණ අයියා මාර්ගයෙන් කවිශ් අයියා ලැගුම් ගෙන සිටින ස්ථානයේ ලිපිනය සොයාගෙන ගියේ පැනිදෙනියටය … දෙමහල් නිවසක් උන එම නිවස තාප්පයකින් වටවී තිබුනේය … අපි විසල් ගේට්ටුවේ වූ විදුලි සීනුව නාද කෙරුවෙමු … ගේට්ටුව ඇරියේ මැදිවියේ වූ මිනිසෙකි … බුලත් කහට බැදී තිබුණු දත් දේපල දෙතොල් අතරින් විහිදා සිනාසුනු ඔහු …
‘ පුංචි මහත්තයාලා කවුරු හම්බ වෙන්නද … ’ ඔහු හිස ඇලකර අහිංසකව සිනාසුනේය ..
‘ කවිශ් සුර්යබණ්ඩාර ඉන්නේ මෙහෙද ’ මිලාන් ඇසුවේ අර අහිංසක මිනිසා දේට නැබුරු වෙමිනි
‘ආ කවිශ් බේබි මෙහෙ තමා දවස් ගානක් ඉන්නේ …අපේ නෙහාන් බේබිගේ යාලුවෙක් නේ .. අනේ පව් හරි ලස්සන පුංචි මහත්තයා …ඉස්සර මේ ගෙදර ආවාම මුළු ගෙදරම සිරියාවයි … මොනවා උනාද දන්නේ නැහැ එක පාරටම උදේ ඉදන් රෑ වෙනකන් බෝතලේ අතේ … බොනවා බොනවා පුදුම බිමක් බොන්නේ ’ අර මිනිසා කිවේ බොහෝ කම්පාවෙනි .. ඔහුගේ වදන් වලට මගේ පපුව ඇවිලුනේය ඇවිලී ගියේය ..
‘ ගොඩක් දවස් වෙනවද මෙහෙම බොන්න පටන් අරන් …’ මිලාන් ඇසුවේ එම නිවස දෙසට අප ඇවිද යන අතරතුරය
‘ ගොඩක් දවස් නෙවේ මහත්තයා මේ සතියක් තිස්සේ … සිහියක් පතක් නැතිවෙන්නම බිලා ගැහැණු ළමයෙක්ගේ නමක් කියව කියව දොඩවනවා … මේ දවස් දෙක තුනේ ගොඩක් අය ආවා මේ මහත්තයා බලන්න .. මහත්තයාගේ අම්මා ඇවිත් එක්කන් යන්න හැදුවා ඒත් යන්නේ නැහැ … බැහැ කියනවා .. මෙහෙම දුක් විදින්න ඕන ලමයෙක් නෙවේ මේ පුංචි මහත්තයා ..’
ඒ මිනිසා කතා කරේ හදවතින්මය …. අපි කතාවෙන් කතාවන් නිවස දෙසට ඇවිද ආවෙමු … සොදුරු පරිසරයක පිහිටි එම නිවස කලාත්මක ලෙස නිම වී තිබුනේය .. අපි එහි යන විට නිවසේ සියලුම දෙනා රාජකාරි සදහා පිටව ගොස්ය … එළියෙන් පඩිපෙලක් දමා තිබු උඩු මහලට අපි සමග කතා කල ගෙදර වැඩට සිටි බණ්ඩා නම් මිනිසා අප එකතු කරගෙන ගියේය … මගේ පපුව තප්පරයකට සිය දහස් වරක් ගැහෙන්නට ඇත …
‘ මේ කාමරේ තමා කවිශ් බේබි ඉන්නේ … මම කතා කරන්නද ’ බණ්ඩා විසින් එහි තිබු කාමරයක් අපට පෙන්නුවේය
‘එපා .. අපි යන්නම් …’ මම කීවෙමි
‘එහෙනම් මහත්තයා නෝනා එක්ක ගිහින් කතා කරන්න මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම් … ’ බණ්ඩා එසේ කියා නික්ම ගියේය .. මිලාන් කාමරය ඇතුලට යාමට කකුලක් පෙරට තබනු දුටු මම ඔහුගේ අතින් අල්ලා ඔහුව නැවැත්තුවේය
‘මිලාන් ඔයා ඉන්න මම ගිහින් බලලා එන්නම් …’ මම කිවේ මිලාන් දුටු විට කවිශ් කලබල වෙයි කියා සිතුනු නිසාය … මිලාන්ගේ සුදු මුහුණ කළු වී විරූපී වී ගියේ මා ඔහුට මග නැවතීමට කි නිසා විය යුතුය … ඔහු ආපස්සට පයක් තැබුවේය … මම ඔහු දෙස නැවත වරක් නොබලාම කවිෂ් ගේ කාමරයට ඇතුළු උනෙමි …
තැන තැන දැවුණු සිගරට් කොට හා ගිනි කුරු වලින් හැඩි වී තිබුණු කාමරයේ උවේ අපිලිවෙලකි .. ඇදුම් හැම තැනම ගලවා ගුලි කර දමා තිබුනේය … කාමරය තුල උයේ තද මත්පැන් ගදකී …. කාමරයේ පසෙකට වන්නට තිබුණු ඇදක මුනින් අතට වැටි සිටියේය … යහන අසලම තිබු කනප්පුවේ තිබුනේ මත්පැන් බෝතලයකි … අතේ තිබු සිගරට් එක අවසන් ව යන්නට ආසන්නය නමුත් ඔහුට එය අහකට දැමීමට කිසිම උවමනාවක් නැත … මට බිය සිතුනේ ඔහු අත පුච්චාගයි කියාය .. විගස ඔහු අසලට ගිය මම ඔහුගේ අතේ තිබු සිගරට් එක මගේ අතට ගත්තෙමි … දැවුනේ මගේ අතයි.. අතින් දැවිල්ලක් ආවද පපුව ඊට වඩා දැවුණේය …
‘නෙහාන් මචං මගේ සුරංගනා ඕන . … මම යනවා එයාව එක්කන් එන්න යනවා … මට එයාව ඕන මචං මගේ පපුව පැලෙයි මේ දුක ඉවසන්න බැරිව ’ අසිහියෙන් මෙන් දෙඩවූ ඔහු නැගිට යැමට සැරසුනේය ..
‘ කවිශ් අයියා මම ආවා …මේ බලන්න ඔයාගේ සුරංගනා ආවා …. ’ ඔහු මා දෙස මොහොතක් බලා උන්නේ අදුන ගන්න බැරිව මෙනි …
‘ කවිශ් අයියා මම ඔයාගේ සුරංගනා මතක නැද්ද මාව ….’ ඔහු මොහොතක් ගොළු උනේය … ඔහු මෙලෙස විනාශ වෙන්නේ මම නිසා නොවේද … මම ඔහු අසලින්ම යහනේ වාඩිවී ඔහු දෙස බලා උන්නෙමි … මට මා කෙරේ මෙන්ම ඔහු කෙරේද ඇති වෙන්නේ අනුකම්පාවකි .. මම ඔහුගේ මුහුණ දෑතින්ම පිරිමැද්දෙමි .. ඉන් පසුව දෝතින්ම ඔහුව මගේ පපුවට තුරුළු කරගත්තෙමි …. මගේ පපුවට තුරුළු උන ඔහු පොඩි දරුවෙක් වගේ අඩන්න ගත්තේය ….
‘ අඩන්න එපා රත්තරන් …. මම ඉන්නවා නේ ’ කවිශ් ඔහු මගේ පණය .. මට ඔහු නැතිව බැරිය මම ඒ මොහොතේ එය තේරුම් ගත්තෙමි …
‘ කියන්න ඔයා මාව දාලා යන්නේ නැහැ නේද .. මට ඔයා නැතිව ඉන්න බැහැ මගේ නංගි…’ එයාගේ හඩ ඇඩුම්බරය …
‘ මුළු ලෝකෙම එපා කිවත් මම ඔයා දාලා යන්නේ නැහැ .. ඔයා ලගින් ඉන්නවා මැරෙනකම්ම …. ’ මම කිවේ හදවතින්මය
‘ සත්තයි නේද මගේ නංගි මාව විනාශ වෙලා යයි …ඔයා නැති උනොත් .. අපි කොහේ හරි ඈතකට යමු … අපේම ලෝකයක් හදා ගන්න ..’
‘ ඔයා මේ ජරා බිම නවත්තලා … ඉස්සරලා ඉගෙන ගෙන ඉවර වෙන්න .. ඊට පස්සේ ඔයා කතා කරන ඕනෑම වෙලාවක ඔයා එක්ක මම ඕනෑම තැනකට එනවා…’ මම ඔහුට පොරොන්දු දුන්නෙමි … ඔහුගේ ඔලුවේ අත තියා ඔහුට පැවසුවේ හුස්ම ගන්න අවසාන මොහොතේත් ඔහුගේ ලග ඉන්නය …
ඔහු සිහියෙන් මෙන්ම අසිහියෙන්ද බොහෝ දේ කිවේය .. ඔහු බොහෝ සතුටු විය .. කියවා කියවා .. මගේ ඔඩොක්කුවේම ඔහුට නින්ද ගියේය …. මම පහත් වී ආදරෙන් ඔහුගේ නළල් මත හාදුවක් තැවරුවෙමි
තවත් කොටසක් හෙට