සුරඟනක් කඳුළක් සලා 28

28 කොටස

හෝරාවක් පමණ ගෙවී යන්නට ඇත .. මම කව්ළුව තුලින් අහස දෙසට නෙතු යොමු කලෙමි .. ලස්සනට තිබ්බ නිල් අහස එක වරම අදුරු වලාවන්ගෙන් පිරි ගියේය ….. හෙනයක් පිපිරුවේ වැස්සක් ලග එන බවට අනාවැකි කියමිනි … හෙමි හෙමින් සුළං වැස්සක්ව ආරම්භ උන පොද වැස්ස මහා වැස්සක් බවට පත් උනේ බලාගෙන ඉද්දි වාගෙය .. කවිශ් අයියා පොඩි දරුවෙක් මවගේ උකුලේ නිදන්නාක් මෙන් මගේ උකුලේ නිදයි … ඔහුගේ මුහුණේ මද සිනාවකි … මම ආදරෙන් ඔහුගේ මුහුණ දෙසම බලා උන්නෙමි .. කොතරම් වෙලාවක් ඒ මුහුණ දෙස බලා උන්නත් ඇති වෙන්නේ නැත … මම කවිශ් අයියාට ආත්ම ගානක් මේ විදිහට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ඇති ඒකනේ මම මේ තරම් දේවල් වෙද්දීත් එයාවම හොයාගෙන එයා ලගට එන්නේ ….

එක පාරටම මහා හයියෙන් හෙන කීපයක් එක දිගට පිපිරුවා ඒත් එක්කම කුණාටු වැස්සක් ඇදහැලෙන්න ගත්තා … එක පාරම ආපු වැහි කුණාටුව නිසා විවර කරලා තිබ්බ කව්ළුවෙන් ආපු වැහි දිය ගොඩක් කවිශ් අයියාවයි මාවයි තෙමලා දැම්මා … මම හෙමින් කවිශ් අයියාගේ ඔලුව උස්සලා කොට්ටයක් උඩ තියලා.. විවර කරලා තිබ්බ කවුළුව ලගට ගියා …මම කවුළුවේ එක පියනක් අල්ලලා වහන ගමන් කාමරයෙන් පිටත බැලුවා … දෙවියනේ මගේ පපුව හෝස් ගාලා පත්තු උනා … විශ්වාශ කරන්න මහා වැස්සේ තෙමි තෙමි ඔහු බලාගෙන හිටියා .. මිලාන් ඔහු හෙන ගහන වැස්සේ මා වෙනුවෙන් බලා උන්නා … කවිශ් නිසා මට ඔහුව අමතකම වෙලා ගිහින් තිබ්බේ මට මන් ගැනම ආව තරහකින් මගේ හිත පිරිලා ගියා …පැය ගානක් තෙමි තෙමි මා වෙනුවෙන් හිටිය එයා ගැන මට ඇති උනේ දයාවක් අනුකම්පාවක් …

මම කවිශ් අයියා දිහා බැලුවා මට සමාවෙන්න අයියේ මට මේ වෙලාවේ ඔයා දාලා යන්න වෙනවා …ඒ උනාට මම ආයෙම එනවා මගේ රත්තරන් අයියා … මම කදුළු පිරුණු ඇස් වලින් කවිශ් අයියා දිහා මොහොතක් බලාගෙන හිටියා .. මට එයාව දාලා යන්න ලෝභ හිතුනත් … මට ඒ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ … මම තරප්පු පෙළ දිගේ දුවගෙන දුවගෙන ගියා පය පැටලිලා වැටෙන්න ගියත් මම බිත්තිය අල්ලාගෙන නොවැටී හිටියා … මම පල්ලෙහාට යද්දී බණ්ඩා මාමා කම්මුලක අතක් තියාගෙන බලාගෙන ඉන්නවා මිලාන් දිහා ..

‘ පුංචි නෝනා මම පුංචි මහත්තයා එන්න කීවා තෙමෙන්නේ නැතිව ඒත් ආවේ නැහැ .. .. ඇහුනේ නැහැ වගේ ඔහේ ඉන්නවා … ’ බණ්ඩා මාමා කම්පාවෙන් වගේ බලාගෙන ඉන්නවා …

මම එනවා දැකලා මිලාන් මහා වැස්සේම බයික් එකට නැගලා බයික් එක පණ ගැන්වුවා … හරියට ඔහුට මෙතනින් ඉක්මනට පලා යන්න ඕනෑ වගේ

‘ මාමේ අපි ගිහින් එන්නම් කවිශ් අයියාට කියන්න මම ආපහු එනවා කියලා ..’ බණ්ඩා මාමා අහිංසක විදිහට හිනාවුනා .. මම බණ්ඩාගේ මාමාගේ අතට මගේ පුංචි පර්ස් එක දිග ඇරලා රුපියල් දාහක් දුන්නා … එයා ඒක ගන්න අදිමදි කරනවා ..

‘ අනේ පුංචි නෝනා මට සල්ලි එපා … ’

‘ අනේ මාමේ ඕක තියාගන්න නරක හිතකින් නෙවේ දෙන්නේ … මගේ කවිශ් අයියාව හොදට බලා ගන්න මාමේ ..’

‘ වැස්ස පායනකන් ඉදලා ගියා නම් හොදයි නේද පාරවල් ලිස්සනවා මේ වැස්සේ .. ’

මිලාන් අහක බලාගෙනම හෝන් එක දිගට නාද කරනවා බලාගෙන ඉන්න බැරිම තැන මම බණ්ඩා මාමාට හිනාවකින් සංග්‍රහා කරලා ගිහින් බයික් එකට නැග්ගා …

මොරසුරන මහා වර්ෂාවේ .. මිලාන් බයික් එක පදවාගෙන ගියේ එකම වචනයකුදු නොදොඩාය …. මහා වැස්ස කියා නැත ඔහුට ජීවිතය ගැන කිසිම ආසාවක් නැතිවද මන්දා මෙහෙම හැසිරෙන්නේ … මම වැස්සට තෙමිලා මගේ ඇදුම් ඇගටම ඇලිලා සීතලට මාව වෙව්ලනවා .. මිලාන් නිකමට හෝ හැරි මා දෙස බැලුවා නොවේ … වැසි අදුරට රාතී‍්‍ර අදුර එක්වී තිත්තම තිත්ත කලුවරකින් පරිසරය වේලි ඇති මොහොතක අපි නිවසට ගොඩ උනෙමු .. අම්මි අප්පච්චි මල්ලි සේම මිලා අක්කිද උන්නේ මග බලාගෙනය ..

‘ මොකද දරුවෝ මෙච්චර වෙලා ගියේ … අපි බඩේ ගින්දරේ හිටියේ කෝල් එකක් දෙන්න බැරිද .. ’

‘ බයික් එකේ කොහොමද මේ මහා වැස්සේ ආවේ … මොනවා හරි උනා නම් … සුදු දු ඔයාගේ හිතුවක්කාර වැඩ නිසා මේ ළමයාට මොනා හරි උනා නම් ’අම්මි එක දිගට දොස් දෙවොල් තබයි ..

‘ අංකල් සුරන්ගනාට මොනවත් කියන්න එපා මම එයාව එක්කන් ආවේ මට සමාවෙන්න එයාට බනින්න එපා …’ මිලාන් මා රැක ගැනීමට මෙන් අප්පච්චි දෙස බලමින් පැවසුවේය …

‘ දැන් දෙන්නාම වොෂ් දාගන්න ගිහිල්ලා ..ලෙඩ වෙයි බලන්න ඔයාලා දෙන්නා තෙමිච්චි කුකුලෝ වගේ ’ මිලාන්ගේ අතට ටවල් එකක් දෙමින් මිලා අක්කි කීවාය ..

මිලාන් ඔහු කවිශ් අයියා බලා එන අතරතුර හෝ ගෙදරට ආ පසු මා සමග වචනයක් හෝ දෙඩුවේ නැත .. මට දුක හිතුනේ මම නිසා ඔහු තමන්ගේ සතුට ගැන හෝ නොසිතා කවිශ් අයියා මා බැලීමට රැගෙන ගොස් තිබියදීත් මම ඔහු ගැන සැලකීමත් නොවී සිටීම ගැනය …. මට හිල්ලුනේය … මම නාන කාමරයට වැදීලා ෂවර් එක ඇරියා .. ගලා ගෙන ආපු වතුර එක්ක කදුළු බින්දු දියවෙලා පහලට ගලාගෙන ගියා .. මම ඉවර වෙනකන් ඉකි ගහ ගහා ඇඩුවා .. දුක අවසන්ව ගියා නොවේ මම කදුළු නවත්වා ගත්තෙමි ….. මම තවත් පැයකින් පමණ නාන කාමරයෙන් එලියට බැස්සෙමි …

‘ පුතා අද මෙහෙ නවතින්න ..බලන්න වැස්ස පායන පාටකුත් නැහැ නේ …’ අම්මි මිලාන් නවතා ගැනීමට සැරසෙනවා විය යුතුය

‘ ඔව් පුතා දැන් රෑත් වෙලා …. දැන් යන්න එපා … අපේ පුතාගේ කාමරේ ඉන්න පුළුවන්නේ …ගෙදරට කෝල් එකක් දීලා කියන්න අද එන්නේ නැහැ කියලා … ’ අප්පච්චි ඔහුගෙන් ඉල්ලීමක් නොව අණ කිරීමක් කළේය

ඔහු අපේ ගෙදර නවතින්න කැමති වෙන්න ඇත …. සියළු දෙනාම සතුටු සාම්චියේ යෙදෙන හඩ සාලයෙන් එයි ..මම සැහැල්ලු ගවුමකින් සැරසී වරලස ලිහා පිටමත හෙලාගෙන ඔවුන් කතා කර කර ඉන්න දෙසට ගියෙමි .. හිනාවෙමින් කතා කරමින් සිටි මිලාන් එක වර කතාව නැවැත්තුවේ මා එනු දැක විය යුතුය .. මම ඔහු ඉදිරියේ තිබු පුටුවේ වාඩි වී මිලාන් වෙත සිනාවක් පෑවෙමි …. ඔහු මගේ දෑස මග හැර වෙනතකට දෑස් යොමු කළේය …. ඔහුට මා සමග අමනාප වීමට ඕනෑ තරම් කරුණු ඇත ….

‘ මිලාන් පුතා කෑම කාලා ඉමු නේද … ’ අම්මි මටත් වඩා මිලාන්ට ආදරේ වෙලා වගේය …

‘ ආන්ටි කන්න බෑ වගේ ඇගට අමාරුයි වගේ …. මම ටිකක් නිදාගන්නද …’

‘ හා එහෙනම් ටිකක් නිදා ගන්න …. මම පුතාට සුප් එකක් වත් හදලා තියන්නම් …’

‘ අයියා එහෙනම් මගේ ඇදේ නිදා ගන්න …’ මල්ලි ඔහුට ඇරයුම් කළේය … ඔහු මා දෙස වරක් හෝ නොබලා නොදොඩම මල්ලිගේ කාමරය දෙසට ගියේය .. මට දුක හිතුනත් මම දරාගෙන හිටියා …
…………………………………………………………………………………………………………………..

ඒ රැයේ මොහොතක් හෝ මට නින්ද ගියේ නැහැ … වෙලාව රාත්‍රී දොළහ පමණ වෙන්න ඇත … මට කවිශ් අයියාවත් මිලාන්වත් වරින් වර සිහියට නැගුනා …. කවිෂ් ඔහු ඇහැරෙන්න ඇති .. මාව සොයනවා ඇති ..මට කවිශ් අයියාව මතක් වෙලා රෑ මැදම දුරකතනය දෙස ට ඇවිදගෙන ගියා …. මම කවිශ් අයියාගේ ජංගම දුරකථනට ඇමතුමක් ගත්තා …ටික වෙලාවක් නාද උනාට පස්සේ එහා පැත්තෙන් කවිශ් අයියා දුරකථනය ට සම්බන්ධ උනා …

‘ හෙලෝ …’ ඔහුගේ හඩ නිදිබරයි

‘හෙලෝ අයියා මම සුරංගනා …’ මම රහසින් ඔහුට කතා කළා ..

‘ මගේ නංගි … ඔයා මට ඔයාව මතක් උනා විතරයි … ඔයාව කන්ටැක් කරග්නන් විදිහක් නැතිව මම ගොඩක් බයෙන් හිටියේ .. මට ඇහැරෙද්දි මට මතක් උනා නිදා ගද්දි ඔයා මගේ ලග හිටියා කියලා .. මම හිතුවා ඒක හීනයක් වෙන්න ඇති කියලා … බණ්ඩා ඇවිත් කිවා ලස්සන පුංචි නෝනා කෙනෙක් ඇවිත් ගොඩක් වෙලා මගේ ලග ඉදලා වැස්සේම යන්න ගියා කියලා .. මට එතකොට හිතුනා ඒක ඇත්ත කියලා … ’

‘මම ඔයාව දාලා ආවේ හිතකින් නෙවේ මගේ අයියේ … ’

‘ දන්නවද එදා හොස්පිටල් එකේ ඉදලා ඔයා මාව එලෙව්වම මට මේ මුළු ලෝකෙම තිත්ත උනා … හැම තප්පරයකම ඔයාව මතක් උනා ඔයාව අමතක කරලා විනාඩියක්වත් ඉන්න බැරි නිසා මම බොන්න පටන් ගත්තා … සිහිය නැති වෙනකන්ම බිවාම ඔක්කොම හරි … හැම දේම අමතකයි .’

‘ ආයේ බීවොත් බලා ගමු ..මම කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ නේ … ’

‘ ඔයා ලග ඉන්නවා නම් මට මොකුත්ම එපා … මම ආයේ බොන්නේ නැහැ ප්‍රොමිස් ….’

‘ ආදරෙයි අයියේ මහා ගොඩක් ….දැන් ඉතින් හොද ළමයා වගේ නිදා ගන්න …’

‘ උම්මා … මාත් ආදරෙයි … බුදු සරණයි මගේ මැණික ….’ මම දුරකතන තැබුවේ සැහැල්ලු සිතිනි …. ඔහුගේ ආදරය ලග මා කිරිල්ලියක මෙන් සැහැල්ලුය . .. මම දුරකතය තියා කාමරය දෙසට යන්නට හැරුනෙමි …මල්ලිගේ කාමරය දෙසින් කෙනෙකු අමාරුවෙන් මෙන් කරන කෙදිරිල්ලක හඩක් නිසා මම ඒ දෙසට යෑමට හැරුනෙමි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *