සුරඟනක් කඳුළක් සලා 30

30 කොටස

අම්මි අප්පච්චි නැති මොහොතක් බලා මම දිනපතාම නොවරදවා කවිශ් අයියාට දුරකතනයෙන් ඇමතුවෙමි … ඔහු පියවි තත්වයට පැමිණි සිටි හෙයින් මා සිටියේ බොහෝ සැහැල්ලුවෙනි .. ආදරේ හරි ලස්සනට ගලා ගියේ සුන්දර දින අතීතයට එකතු කරමිනි .. අප හමු නොවුනද අපේ ආදරේ අඩුවක් සිදු උනෙම නැත … උයේ ඔහු තව තවත් මගේ හිතේ ලැගුම් ගැනීම පමණකි …

දිනක් දුරකතන සංවාදයක් අතරතුර මම කවිශ් අයියාගෙන් භාවනා ගැන විමසුවෙමි …

‘ අයියේ …මේ අහන්නකො ….’

‘ කියන්න මැණික ..’

‘භාවනා දැන් මොනවද කියන්නේ’

‘එයා දැන් වැඩිය මාත් එක්ක කතා නැහැ ….ඒත් ඉදලා හිටලා අපේ ගෙදර ඇවිත් යනවා මම දකිනවා …’ ඔහු කතාව මග හැරීමට ඕනෑවට එපාවට මෙන් පවසයි … කිසි විටෙක භාවනා පිලිබදව මා හා දෙඩීමට ඔහු කැමති උයේ නැත .. හේතුව නොදනිත්තත් මා හිත හදා ගත්තේ කවිශ් අයියාගේ ආදරේ මහමෙරක් තරමට විශ්වාශ කලහෙයිනි ..

‘ එයා මගෙන් ඔයාව උදුරගයිද අයියේ …’ මම සිතට වදදෙන ප්‍රශ්නයක් ඔහුට ඉදිරිපත් කෙරුවෙමි

‘ කවුරු මොනවා කිවත් මොනවා කලත් ඔයාව මගෙන් ඈත් කරන්න ඔය කාටවත් බැහැ මම ඔයාගේ විතරමයි ..’ කවිශ් අයියා මගේ හිත හැදුවේ පොරොන්දු දෙමිනි …

ඉතින් ඔහුගේ වදන් මා ඇදහුවෙමි … මටත් වඩා මම ඔහුව විශ්වාස කෙරුවෙමි …

…………………………………………………………………………………………………………………………………………

පෙර දිනක අසනීප වීමෙන් පසු සිදු උන සිද්දිය නිසා මට නොකියාම නික්ම ගිය මිලාංගෙන් කිසිදු ආරංචියක් නැත … දින කීපයක්ම ඔහුගේ නිවසේ දුරකතනයට ඇමතුම් කීපයක් ගත්තද දුරකතය සම්බන්ධ කල නොහැකි යනුවෙන් පවසයි …. මට බිය සිතුනේ ඔහුට හා ඔහුගේ නිවැසියන්ට කිසියම් කරදරයක් සිදුවී ඇතැයි කියාය … මට ඒ තරම් උදව් කල ඔහු ගැන නොතකා නොබලා සිටීම ගැන මම මටම දොස් තබා ගත්තෙමි .. මල්ලිට සොයා බලන ලෙස පැවසිය නොහැක මන්ද ඔහු මේ දින වල සාමාන්‍ය පෙළ විභාගය සදහා සුදානමි වන හෙයිනි ….. මම ඒ ඉරිදා උදෑසනම අවදි වීමි ….. ඉරිදා දිනයක් නිසා නිවසේ සියලු දෙනා තවම නින්දේය ….. මම ඩෙනිම් කලිසමක් ඇද ගැලපෙන ටීෂර්ට් එකකින්ද සැරසුනෙමි …. කොළ කෑල්ලක යාලුවෙක් හමුවීමට යන බව ලියා කෑම මේසය මත තිබු මල් පෝච්චිය ඒ මත තැබූ මා කාටත් හොරා මම මගට බැස්සේ අද ඉරිදා මිලාන් බ්‍රිටිස් කවුන්සිල් හි ඉංග්‍රීසි පන්ති යන බව මතක් වීම නිසා ඔහු හමු වී සිදු වී ඇත්තේ කීම දැයි විමසීමටය ..

බස් එකෙන් බැස කොටුගොඩැල්ල විදියට පැමිණි මම ළමා පුස්තකාලය ලග නැවතී පෙර මග බැලුවෙමි …. මා මෙසේ පැමිණියාට ක්ලාස් එක ආරම්භ වෙන වෙලාවක් හෝ නොදැන සිටියෙමි …. පැයෙන් පැය ගෙවී ගොස් මද්දහන එලබුනේය ….. කාස්ටක අවුවෙන් මුළු ශරිරයම පිච්චෙන්නාක් මෙන් දැනේ ….මට බලා සිටම එපාවී ඇත …. අවසානයේ බලාපොරොත්තු අතහැර සිටි අවසාන මොහොතේ මිලාන් පොත් බෑගයක් එල්ලාගෙන බිමට යොමා ගත් නෙතින් ඈතින් එනු දුටුවෙමි … ඔහු මොහොතින් මා පසු කර ගියේය .. මම විගසින් ගොස් ඔහු පසු පස වැටුනෙමි …

‘ පොලවේ තියෙන වැලි කැට ගණන් කරනවද … ’ මම ඔහුගේ සවනට ලංවී පැවසුවෙමි …. එකවරම ගැස්සී ගිය ඔහු මා දෙස හැරී බැලුවේය … හදිසියේම මා දැක ඔහු පුදුම විය … ඔහුගේ මුහුණේ වුවේ ද බැරෑරුම් කමකි … මට බිය සිතුනේ ඔහු ප්‍රශ්නයකද කියාය ..

‘අහසේ තියෙන තරු ගණන් කරන්න පුලුවන්ද …. ’ ඔහු මා දෙස බලා ඇසුවේය

‘බැහැනේ …’ මම හිස ඇලකර සිනාසුනෙමි …

‘ එහෙනම් කොහොමද පොලවේ වැලි කැට ගණන් කරන්නේ .. ’

‘ හරි සර් මම මැටි ප්‍රශ්න අහන්නේ .. කෝ ඉතින් ඔයාගේ මුහුණේ හිනාවක්වත් නැහැ නේ ..’ මම ඔහුගේ සිනාවක් නැති මුහුණ දෙස බැලුවේ ඔහුව තේරුම්ගන්න උත්සහ කරමිනි

‘ මේ දවස් වල ගෙදර ප්‍රශ්න සුරංගනා ..’ ඔහු කිවේ ලොකු බරක් ඔලුව මත පැටවූ කෙනෙක් මෙනි

‘අපි සෝයා එකට යමුද ……කතා කරන්න පොඩ්ඩක් …. ’

‘ හ්ම්ම්ම්ම් යමු …. ’
‘ මම බය උනා මිලාන් ඔයාලාගේ ගෙදරටත් කෝල් කළා ෆෝන් වැඩ කලේ නැහැ .. ’ මම පඩි පෙලේ අවසන් පඩියට පය තැබුවෙමි ….

‘එන්න මෙතන වාඩිවෙන්න මම අයිස්ක්‍රීම් අරන් එන්නම් … ’ ඔහු මා වාඩි උන පසුව ගොස් අයිස් කෝන් දෙකක් රැගෙන ආවේය

‘ අපේ අප්පච්චිගේ වැඩ තහනමි කළා සුරංගනා …. ’ මිලාන්ගේ පියා රාජකාරි කලේ රජයේ කාර්යාලයක ප්‍රධාන ලිපිකරු ලෙසය …

‘ මොකක්ද වෙලා තියෙන්නේ ….’

‘ වෙන කෙනෙක් කරපු වැරැද්දකට අප්පච්චිගේ අහු වෙලා තියෙන්නේ . .. පස්සේ වැඩ තහනම් කරලා …. මේ දවස් ටිකේම එහෙට මෙහෙට දුවනවා අප්පච්චි එක්ක .. අප්පච්චිගේ වැඩ නැවතිලා මේ ටික දවසට ගෙදර ප්‍රශ්න වැඩි උනා … මට බයයි සුරංගනා .. අපේ අප්පච්චිගේ ජොබ් එක නැති උනොත් මොනා වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ…’ මිලාන් දුක ඉවරවෙනකන් එයාගේ දුක වචන කළා .. මම ඔහුගේ දුක අසා උන්නෙමි …

‘ මිලාන් අප්පච්චි වරදක් කරලා නැහැ නේ එයාට ඉක්මනින් ජොබ් එක හම්බවෙයි බලන්නකෝ ..මේ හැමදෙයක්ම හරියයි ඉස්සර වගේම … ‘ මම ඔහුව සැනසුවෙමි

‘ සුරංගනා ඔයා නිසා මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා …. පහු ගිය ටිකේ මම විදවපු හැටි දන්නේ මම විතරමයි ..’ මිලාන් මගේ දිහා බලලා හිනා උනේ හිතේ බර සැහැල්ලු උන නිසාවෙනි …

‘ඕනෑම දේකට ඕනෑම වෙලාවක මම ඔයා ලග ඉන්නවා … ’ මම ඔහුගේ අත මත මගේ අත තබා තර කලෙමි

‘ඔයාට පිං සුරංගනා … ’ එයා පව් කියලා හිත කිවා එයා මගෙන් හොයන ආදරේ මට දෙන්න බැරි උනාට එයාට ඕනෑම වෙලාවක යාලුවෙක් විදිහට මට පිහිට වෙන්න පුළුවන් … අපි කොච්චර වෙලා කතා කර කර හිටියද කියලා දන්නේ නැහැ වෙලාව අපිටත් හොරෙන් ගෙවිලා ගිහින් තිබුනේ … මිලානුයි මායි කතාකර කරම සෝයා අවන්හලේ පිය ගැට පෙළ බැහැගෙන ආවා … එක පයක් නුහුරට ගිහින් මම වැටෙන්න යද්දී .. මිලාන් එයාගේ අතින් මාව අල්ලාගෙන ඇදලා ගත්තා වැටෙන්න දෙන්නේ නැතිව … තප්පර කීපයක් යනකන් මිලාන් මගේ අත අරින්න අමතක වෙලා වගේ හිටියා ..

‘ සුරංගනා …’ ඒ හඩේ තිබ්බ ආවේගයට කෝපයට මාව තිගැස්සිලා ගියා .. … කවිශ් අයියා … ඔහු සෝයා එකේ පියගැට පෙළ පාමුල හිටගෙන මාව අළු කරන්න තරම් බැල්මකින් කෝපයෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා .. මම බය උන පාර මගේ කකුල් දෙක පණ නැතිවෙලා ගියා … එයා අඩියට දෙකට අපි හිටිය තැනට ආවා …එයාගේ පිටිපස්සේ භාවනා ඉන්නවා දැක්කේ මම තවත් විනාඩි කීපයකට පසුව … භාවනා ගේ මුහුණේ කුරිරු බවක්ද සමච්චල් සහගත බවක්ද තිබුනා ….
‘ උබට ලැජ්ජා නැද්ද යකෝ කොල්ලොන්ගේ අත්වල එල්ලිලා කඩවල් ගානේ යන්න … ’ කවිශ් ඔහු කවමදාකවත් මට ඒ වගේ කේන්තියෙන් නම් කතා කරලා නැහැ ….එයාගේ මුහුණ නපුරු වෙලා තිබ්බා පුදුම විදිහට

‘ අයියා මිනිස්සු බලනවා කෑ ගහන්න එපා …’ මම කවිෂ් අයියා ලගට ගිහින් එයාගේ අතක එල්ලුනා ..එයා මම එල්ලුන අත ගසලා දැම්මා .. මගේ හිත පිච්චිලා යනවා වගේ මට දැනුනේ
‘ කෑ ගහන්න එපා කියන්නේ තෝ කොල්ලෝ එක්ක රවුම් ගහ ගහ … පත්තිනි අම්මා වෙන්න එනවද ආ කියපන් මට … ’ එයාගේ අත එකපාරට මගේ බෙල්ල ලග නැවතුනා … මට සිදු උනේ මොනවාද කියලා හිතා ගන්න බැරි උනා මගේ කවිශ් අයියා නම් වෙන්න බෑ මේ ඉන්නේ වෙනස්ම කෙනෙක් … එයාගේ අත්වලට හිර වෙච්ච මගේ බෙල්ල දඩු අඩුවකට අහු උනා වගේ රිදුම් දුන්නා ..හුස්ම හිරවෙන්න යනවා වගේ මට දැනුනා … ඇස් දෙකේ කදුළු අස්සෙන් එයාගේ රූපය බොදවෙලා යනවා වගේ පෙනුනේ … මොහු කෙසේවත් මගේ ආදරණිය කවිශ් අයියා නම් වීමට බැරිය … ඔහු මේ තරම් නපුරු පිරිමියෙක් නොවේ …

‘ කවිශ් අතඇරපන් එයාව … අතඇරපන් … ඔය කෙල්ලව මරන්නද යන්නේ …’ මිලාන් පැනලා මාව බේරගන්න කවිශ් අයියාව පැත්තකට තල්ලු කරා … පැත්තකට විසි වෙලා ගියත් විගසින් කවිශ් අයියා කොටියෙක් වගේ මිලාන්ගේ ඇගට පනිනවා මට බොදවෙලා වගේ පෙනුනා ..කවිශ් එයාගේ මුළු ශක්තියම දාලා මිලාන්ට පහර දෙනවා … එක පාරම මිලාන් විසිවෙලා ගිහින් පේමට් එක උඩ වැටුනා … මිලාන්ගේ ඇගට පැන්න කවිෂ් නවත්වන්නේ නැතිව මිලාන්ට පහර දෙනවා … මට බය හිතුනා මිලානට මොනා හරි වෙයි කියලා . මගේ හිත කිවේ මිලාන්ට උදව් කරන්න කියලා . ….මම අමාරුවෙන් එයා ලගට ගියා …මම එයා ලගට ගිහින් බැගෑපත් උනා

‘ අනේ කවිශ් අයියා මිලාන්ව අත අරින්න ..එයා වැරද්දක් කරලා නැහැ … කරන දෙයක් මට කරන්න …’ මම එයාගෙන් ඉල්ලුවා …එයා ඇහෙන්නේ නැහැ වගේ තිරිසන් විදිහට මිලාන්ට පහර දෙනවා … මිලාන්ගේ නහයෙන් කටෙන් ලේ එනවා … මිලාන්ට මොනා හරි වෙයි කියලා එක පරම ආව බය නිසා කොහේ ඉදන් ආව ශක්තියක්ද මන්දා මම කවිශ් අයියාව පැත්තකට තල්ලු කරලා දැම්මා . … භාවනා එයා ලගට දුවගෙන එනවා මම ඇස් කොනින් දැක්කා … මට ඒ වෙලාවේ කවිශ් ගැන දැනුනේ තරහක් පිළිකුලක් … මේ තරම් ආදරේ කරන මාව අවිශ්වාශ කරන්න පුළුවන් එයාට පුළුවන් උනා කියලා හිතා ගන්න බැරි තරම් …

මම අමාරුවෙන් මිලානව නැගිට්ටුවා ගත්තා …. ඊට පස්සේ පාරේ ආව ත්‍රිවිල් එකකට අත දාලා නවත්තලා මිලාන් ඒකට නංගවා ගත්තා …. මිලාන් වේදනාවෙන් මිරිකිලා ඉන්නවා දකිද්දී නම් මට කවිශ් අයියා ගැන කියා ගන්න බැරි තරහක් හිතට ආවේ …මිලාන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක එයාට මම නිසා කරදරයක් වීම නම් පුදුම විදිහට මගේ හිත රිද්දලා තිබ්බා … මට එයා ගැන කවදාවත් ඇති උනේ නැති අනුකම්පාවක් ඇති උනේ …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *