සුරඟනක් කඳුළක් සලා 32

32 කොටස

ඔබ අන්සතු බව කිවත් සිත කියන්නේ ඔයා මගේ
සිහිනෙන්වත් සිතන්න බෑ ඔයා මගේ නෙවෙයි කියා
අඩන සිතට මම කිවා අඩන්නෙපා අඩන්නෙපා
අහන්නේ නැහැ මුරණ්ඩු සිත ඔයා මගේ නෙවෙයි කියා

ඉස්සර ඔබ අත අල්ලන් මා ගිය ඒ මල් පාරේ
ඔබ යනවා ඇයත් එක්ක මතක නැතිව වගේ මාව
රිදෙන්නේ ඇයි මේ හදවත ඔයා යද්දී ඇයත් එක්ක
කියා දෙන්න මා හට ඔබ එකම වරක් ඇවිත් මා වෙත

සුරංගනා

*****************************************

මම රැයේ සදට දුක කීවෙමි … සංසාරය පුරාම පතාගෙන ආ යමක් මගෙන් ගිලිහුනා වැනි හැගීමකින් මා වියරු නොවැටුන පමණි … කවිශ් ඔබ මගේ හදවතේම කොටසකි … යමෙක්ට හදවතක් නොමැතිව ජිවත් විය හැකිද .. නොහැකිය … මට ඔබ නොමැති හෙටක් ගැන සිතීමට හෝ නොහැකිය … ඔබ නොමැතිව මගේ ගෙවෙන හෙට දින සද නොමැති රැය මෙන් අදුරු වෙනු ඇත … මට යලිත් පසන් විය ඔබ නැතිව මට ඉදිරියට එකදු පයක් හෝ තැබිය නොහැකි බව වටහා ගතිමි ..

දිනිති දුරකතනයෙන් මා අමතා ගෙන මාගේ හිත හැදීමට බොහෝ දේ කීවාය … ඇයට දුක් වෙන්න ඕනෑ තරම් කාරණා ඇත … තමන්ගේ හොදම යෙහෙලියන් දෙදෙනාගේ විරසකව එකම පෙම්වතෙකුට පෙම් කිරීමත් එක යෙහෙලියක් ඉන් පරාජ වී ජීවිතය වරදා ගැනීමත් ඇයට දරා ගැනීමට නොහැකි වන්නට ඇත ..

‘සුරංගනා ආදරේ කියන්නේ ජිවිතේ නෙවෙයි තේරුම් ගනින් ජිවිතේ ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා උබ විදවනවා වැඩි සුරංගනා ඔය පුංචි වයසට උබ ගොඩක් විදවනවා …’ ඇය දුරකතනයෙන් මා ඇමතු වෙලාවට මා හිත හැදීමට නොයෙක් දේ කියන්නීය ….
‘ මගේ මුළු ජිවිතයටම වැඩිය මම කවිශ් අයියාට ආදරේ දිනි ..එයා අමතක කරන්න හැදුවා දිනි .. මම මගේ හිතට තහංචි දැම්මා .. ඒ උනාට මට කරන්න පුළුවන් උනේ නැහැ …. උනේ මම තවත් එයා ගැන හිතන එක විතරමයි ’

‘ මට තේරෙනවා සුරංගනා ආදරයක් ලේසියෙන් හිතකින් මරන්න බැහැ ..ඒ උනාට ඒ ආදරේ උබව විනාශ කරනවා නම් අමාරුවෙන් හරි ඒක අමතක කරපන් …’

‘ මට කවදාවත් එහෙම කරන්න බැරි වෙයි භාවනා මට ජිවත් වෙන්න හරි මැරෙන්න හරි එයාගේ ආදරේ ඕනෑ ..’ මම කිවේ හිතට දැනුනු දේය…. සැබෑව නම් ඔහු වෙනුවෙන් මට ජිවත් වීමට මෙන්ම ජීවිතය නැති කරගැනීමටද හැකියාව ඇත යන්නය …

‘ මේ අහපන් සුරංගනා .. එයාට පුළුවන් උනා නම් එහෙම උබව අමතක කරලා වෙඩින් එකට ඩේට් ෆික්ස් කරගෙන රෙඩ් වෙන්න උබට පුළුවන් වෙන්න ඕනි උබට ආදරේ නැති හින්දා නේ එහෙම කරන්නේ කියලා එයාව අමතක කරලා දාන්න … අනික එයා දන්නවා උබ එක සැරයක් මැරෙන්න ගියා කියලා ඔය ඉලව් ලව් එක නිසා …’

‘එහෙම කියන්න එපා දිනි මට ඉස් ඉස්සෙල්ලම ආදරයක් කියලා හැගීමක් ආවේ එයා ගැන ….. ඉතීම් මම එයා මොන දේ කරත් එයාව අමතක කරන්නේ කොහොමද ..’

දිනිති ඇය වරෙක මට බැන වැදී තවත් විටක මගේ හිත හැදීමට නොයෙක් දේවල් කියන්නීය .. ඉඩ ලැබූ ව්ගස ඇය මා සොයා එන්නී මගේ කාන්සිය නැති කිරීමට නොයෙක් දේවල් කලාය .. ඇය ඉතින් තවත් කිසිදු දිනක සෙනුලි හා මා දැකීමට නාවාය .. ඒ ඇය මා රිදවයි යන බියෙන් විය යුතුය … ඇය නියමාකාර මිතුරියක් උවාය …. සතුටේදී සතුටු වෙන්නටත් දුකේදී දුක් වෙන්නටත් ඇය මා අසලින්ම සිටියාය ..

‘ සුරංගනා සෝෂල් ඩේ එකට යමු නේද …’ ඇය දිනක කතා කරමින් සිටියදී හදිස්සියේ මා වෙතින් විමසුවාය

‘ කවදද තියෙන්නේ ..’

‘ මේ තර්ටි ෆස්ට් තියෙන්නේ .. ’

‘ අනේ මට ඔවාගේ ගිහිල්ලා සතුටු වෙන්න හිතක් නැහැ … අනික භාවනාත් එයි … ’

‘මතකද සුරංගනා ඉස්සර අපි ඉස්කෝලේ දෙවනත් වෙන්න කෑ ගහලා නටනවා .. අපි තරම් පිස්සු නැටුවේ නැහැ කවුරුත්ම …. අපි කොච්චර පිස්සු නැටුවත් අපේ ඉස්කෝලෙට ආදරේ කළා ගොඩක් මතකද අපි අපේ ඉස්කෝලේ වෙනුවෙන් වලි වලට පැටලුනා … ඒ තරම් ආදරේ කරපු ඉස්කෝලෙ තියෙන අපේ අන්තිම සමුගැනීමේ පාටියටත් යන්න බැරි තරම් එපා උනාද ..’

ඇය පවසන සියල්ල ඇත්තය … අපි අපේ මව් දෙවැනිව පාසල් මෑණියට ආදරය කෙරුවෙමු …. ඒ තරම් සෙනෙහසක් පෑ විදු මෑණියගෙන් සමු නොගෙනම වෙන්වීම කොතරම් වැරදිද …. කුඩා කාලේ සිට මා හා උන් මිතුරියන් … මගේ ගුරු මෑණි පියවරුන්ගෙන් සමුගැනීම කල යුතුමය .. අවසානයේ මා සෝෂල් එක සදහා යෑමට එකග උනෙමි …

*************************************

මා සැරසුනේ ක්‍රීම් පැහැති ඔසරියකිනි …. අම්මි මා හැඩ කෙරුවේ ය ….. මම හැඩවැඩ වී කැඩපතට එබුනෙම් .. බොහෝ කාලෙකින් මා රුව කැඩපතින් බැලුවේ අදය … මා වෙනදාටත් වඩා හැඩට පෙනුනත් උන්නාට වඩා බොහෝ සේ කෙට්ටු වී ගොස් ඇත …… අම්මි මා දෙස ආදරයෙන් බැලුවේය …

‘ මගේ පුංචි කෙල්ලගේ ලස්සන ’ අම්මි මා හිස සිම්බේ අනන්ත දරු පෙමිනි

‘ ඉන්න නංගා මම ඔයාව ස්කුල් එක ලගින් දාන්නම් …’ මිලා අක්කි කීවාය

මිලා අක්කි ඇයටම කියා කාර් එකක් මිලදී ගත්තේ මේ ලගදිය … මම සතුටු උයේ කිසිම කරදරයක් නැතිව පාසල ලගට ඇය සමගම යා හැකි හෙයිනි …

‘ නංගා ඔයා ෆන්සන් එක ඉවර වෙද්දී කියන්න මම ඔයාව ගන්නම් කොහොමත් හවස් වෙයි නේ ඉවර වෙද්දී …’ මිලා අක්කි කිවේ මා රථයෙන් බැස යන්නට යන වේලාවේය

**********************************

උත්සව ශාලාව තුල සිටි යුවතියන් දෙව්ලියන් මෙන් සැරසී පැමිණ ඇත මේකප් තට්ටු පිට තට්ටු උලා පැමිණි සිටි සමහර යුවතියන් වෙතින් දිස් උයේ වෙනදා නොදුටු රූමත් බවකි ..

‘ සුරංගනා අම්මේ කෙල්ලේ උබ ආවාද … ’ සෙනුලි ඉදිරියට පැන මා වැළදගත්තීය
‘ මේකිගේ ලස්සන බලන්නකෝ … ’ අපර්ණා මා දෙස බලා උන්නේ ඊර්ෂ්‍යාවෙන් මෙනි ..මේකප් තට්ටු උලාගෙන ඉන්නා ඇය වැන්නියන්ට වඩා මා කැපී පෙනීම ඊට හේතු වන්නට ඇත ..

‘උබ දැන්ද ආවේ …ආව් කෙල්ලේ උබේ ලස්සන උඩරට මැණිකේ වගේ …’ දිනිති කොහේදෝ සිට අප අතරට කඩා පැන්නිය .. ඇයද ඔසරියකින් හැඩවැඩ වී පැමිණ ඇත …

‘ ඉතින් මම විතරක් නෙවේ ඔයාලා ඔක්කොම අද වෙනදාට වඩා ගොඩක් ලස්සනයි .. ’

‘ වරෙන් අපි ඩාන්ස් කරන්න යමු …. ’ දිනිති මාවත් ඇදගෙනම ඩාන්සින් කරන කෙල්ලන් අතරට වැදුනාය …මට නටන්නට හිතක් නොතිබුනද … මා තාලයට පාද තැබුවේ කිසියම් කෙනෙක් විසින් නටවන ලද රූකඩයක් ලෙසටය …

‘දිනි අන්න භාවනා ඇවිත් ඔයාව හොයනවා … ’ අපර්ණා පැමිණ හඩ නගා පැවසුවාය … මගේ කකුල් දෙක වෙව්ලුවේ ඇය මා දුටු විට කෙලෙස හැසිරේ දැයි සිතාය …

‘ මම ඉක්මනින් එන්නම් .. උබ ඩාන්ස් කරපන් කෙල්ලේ ..’ ඇය මා වෙතින් දිව ගියේය .. ඇයට මා වෙනුවෙන් භාවනාව අතහැරිය නොහැක .. මට ඩාන්ස් කිරීමට කිසිම හිතක් නැත … මම නටමින් සිටි යුවතියන් වෙතින් ඉවත්වී අසල තිබු පුටුවක අසුන් ගත්තෙමි ..
මම වටපිට බැලුවෙමි … ඔව්න් මා නෙත් ඉදිරියේය …රූමත් යුවතියන් අතරට දෙව්ලියක් ආවා සේ ඇය බබලමින් උන්නාය … ඇයගේ රුමත් භාවය ඕනෑම කෙනෙකු වශීකරවන සුළු විය … මගේ නෙතු ඇය අසල නතර වී මොහොතක් දෙකක් ඒ දෙසම බලා ඉන්නට ඇත .. ඇය මාගේ කවිශ් අයියාගේ අනාගත බිරිදය …. හිත අස්සෙන් වේදනාවක් පැතිරී ගියේ නිමේෂයකිනි … මම වේගයෙන් ඇසි පිය ගසා නැවත වරක් ඈ දෙස බැලුවෙමි … භාවනා මා ඇයට අසු උනේ ඒ මොහොතේය … ලස්සනට තිබු ඇගේ මුහුණ මා දැක අදුරු වී ගියේය … ඔව්න් කතා කරන දේවල් මට ඇසේ … මම නොඇසුනා සේ ඉන්නට උත්සහ කලෙමි

‘ අපේ වෙඩින් එකට එනවා නේද … සෙනු … උබලා ඔක්කොටම අද මම කාර්ඩ් දෙන්නත් එක්ක ආවේ … ’ ඇය සිතා මතාම ඔය දේවල් කරන්නේ මා රිදවීමට විය යුතුය

‘ අනිවා බන් උබගේ වෙඩින් එකට එන්නේ නැතිව කොහොමද … ’

‘දිනි ඔන්න බැහැ කියන්න බැහැ බ්‍රයිඩ්ස් මේඩ් උබ තමා හරිද ..’ ඇය කිවේ දිනිති දෙස බලමිනි ..

මට ඉස්සර දවස් සිහි උනේ ඇසට කදුලක් ගෙන දෙමිනි …මතකය හරි නම් අපි එවකට සිටියේ දහය වසරේ විය යුතුය …අපි තිදෙනා එදා උන්නේ වැව රවුමේ තිබු ගල් බන්කුවක වාඩි වී වැව රවුමේ වීඩියෝ පොටෝස් ගන්නා මනාල යුවලක් දෙස බලමිනි

‘ ඔන්න කවදා හරි මගේ බ්‍රයිඩ් මෙඩ්ස් ලට උබලා දෙන්නා එන්න ඕන .. ’ භාවනා කිවේ වරින් වර අප දෙදෙනා දෙස බලමිනි ..

‘ ඔන්න මට නම් බැහැ ….’ මම කිවේ විහිළුවටය

‘ ඒ මොකද බැරි ….මම තරහයි … එහෙනම් මම බදින්නේ නැහැ ..’ භාවනා ඇයට එය විහිළුවක් උයේ නැත ඇයට මා කි දේ විහිළුවක් උයේ නැත

‘ මේකනේ භාවනා මම එහෙම කිවේ … දැන් මම ඔයාට වැඩිය ලස්සනට එදා ඉද්දි ඔයාගේ මනමාලයාට ඔයාව එපා කියලා හිතිලා මාව උස්සගෙන ගියොත් ඔයා පව් නේ .. ’ එසේ කි මම හයියෙන් සිනාසුනෙමි

‘ උබට මම … දෙනවා දෙකක් …’ කි ඇය හයියෙන් මගේ කණ මිරිකුවේ ..ඒ සුන්දර විහිලුවට හයියෙන සිනා සෙමිනි …

ඒ අතීතය සුන්දරය … ඇසට කදුලක් ආවේ ඒ විහිලුව සිහිවී ය ….

සිනාසෙමින් විහිළුවෙන් පටන්ගත් උත්සවය අවසාන උනේ කෙල්ලන්ගේ කදුළු වලිනි ….සියලු දෙනාටම දමා යන්නට බැරි මතකයන් මහමායාවේ තිබුනේය … … අවුරුදු දහතුනක් සිනාසුනු කෙළිදෙලෙන් ගතකල විදු බිමට අපි කොතරම් ආදරේ කළාදැයි සිතුනේ ඒ අවසාන මොහොතේය .. අපි සියලු දෙනා ඇස් වල කදුළු පුරවා අවසන් වරට විදු මෑණියන්ට ආචාර කෙරුවෙමු …

භාවනා කෙල්ලන්ට තම වෙඩින් කාර්ඩ් එක බෙදනු මම වරින් වර දුටුවෙමි … ඇය සතුටෙන් සිනාසෙයි … ඒ ඇය පැතු ඒ ආදරය ඇයටම ලැබුණු නිසා විය යුතුය … මිතුරියන් සියලු දෙනාට කාර්ඩ් බෙදු ඇය අවසානයේ මා අසලට විත් නතර විය ….

‘ මට ඔයාගෙන් ඉල්ලන්න එකම එක දෙයක් තියෙනවා .. ’

‘ කියන්න භාවනා ..’

‘සුරංගනා ආයේ කවදාවත් ඔයා මගේ කවිශ් අයියාව හම්බ වෙන්න එපා .. එයා දැන් හැම දෙයක්ම අමතක කරලා ඉන්නේ .. ආපහු එයාගේ ජිවිතේට ඇවිත් එයාව විනාශ කරන්න එපා …’

‘ භාවනා ඔයාට තවත් කියන්න දෙයක් තියෙනවාද ..’ මට විලාප දී දී අඩන්නට සිතුනේය .. නමුත් මගේ උගුර සහ ඇස් වියලි තිබෙන්නට ඇත …

‘ මට කියන්න තියෙන්නේ ඔයාට අපි දෙන්නා අතරට ආයේ එන්න එපා කියලා … තව මාසෙකට පස්සේ එයා මගේම වෙනවා … ’ භාවනාට උල් පිහියකින් ඇන මාව මරන්නට තිබුනා නොවේද …. ඇයගේ වදන් වලින් මා පණපිටින් මරණිය වේදනාවක් ලබන බව ඇය දන්නවානම් කවදාවත් ඇය මෙලෙස පවසනු නැත ..

කවිශ් ඔබ හා මා මුලින්ම බැදුනේ කොන්දේසි විරහිතවය .. අප අතර ගිවිසුම් පොරොන්දු තිබුනේ නැත … මා ඔබට ආදරේ කලේ මගේම කරගන්න සිතා නොව … නමුත් ඔබ පසුව මට බලාපොරොත්තු දුන්නේය …මගේම වෙන බව කිවේය ..දරාගැනීමට නොහැකි ඔය දේවල් සිහිවෙද්දිය …

‘මම ආයේ කවදාවත් ඔයාලා දිහා හැරිලාවත් බලන්නේ නැහැ භාවනා… ඒ අතීතේ මම තිබ්බේ නැහැ කියලා හිතන්නම් … මම කවිශ් අයියාට ගොඩක් ආදරේ භාවනා … මම මට වඩා ආදරේ එයාට .. ඔයාට දැනෙන්නේ නැහැ භාවනා …. මගේ ආදරේ …….. ඒත් මම යන්නම් සදහටම ..එයා මාව අමතක කරා නම් මම ආයේ කවදාවත් එයාට මාව මතක් කරලා දෙන්නේ නැහැ ….’ මම භාවනාගේ දෙපා අසල වැටුනෙමි ….

‘මගේ කවිශ් අයියාව බලාගන්න භාවනා …. එයා ට මම ගොඩක් ආදරේ … ’ මම වැළපුනෙමි … යෙහෙලියන් අප වටා රොක් උනේ සිදු වෙන්නේ කුමක් දැයි නොදැනය …

‘ ඔයා විහිළුවක් වෙන්නද යන්නේ … පිස්සු නටන්න එපා සුරංගනා පිස්සියක් වගේ කෑ ගහන්න තියා ගත්තා මෙතන …. ’ ඇයට මගේ වේදනාව නොදැනුනා විය යුතුය ….ඇය සිතක් නැත්තියක ලෙස එලෙස කියන්නේ ඒ නිසාමය … කොහේදෝ සිට දිනිති එතනට කඩා පැන්නේ ඔය වෙලේ ය … ඇය දකින්න ඇත මා භාවනා ඉදිරියේ දනින් වැටි සිතන අයුරු ද දැක ඇයගේ මුහුණ වේදනාවෙන් පිරි ගියාය

‘ භාවනා උබට පිස්සුද …. තුවාලයක් තියෙනවා කියලා දැන දැන ඒක පාරන්නේ උබට එකෙන් මොන සතුටක් ලැබෙන්වටද… බලපං උබගේ හොදම යාලුවා නේද මේ උබ ඉස්සරහා වැටිලා ඉන්නේ. … ’ ඇය මා ගේ අතින් අල්ලා මා නැගිට්ටේව්වේය ….

‘ මම මෙයාට කිවේ අපෙන් ඈත් වෙලා ඉන්න කියලා මම මොනවා කරනනද මෙයා මෙහෙම හැසිරුනාට …’ භාවනා නිදොස් වෙන්නට දැගලුවේය

‘උබ පලයන් මෙතනින් යන්න …’ දිනිති භාවනාට රැවුවාය භාවනා මා දෙස තවත් වරක් කෝපයෙන් බලා යන්න ගියාය …

**********************************

අපිට අපි නැති උනේ ඇයි මගේ කවිශ් අයියේ …. ඔයා මට නැති උනා කියලා මේ හිත පිළිගන්නේ නැහැ මගේ කවිෂ් අයියේ … මම ඔයාට ගොඩක් ආදරේ … ඒ ආදරේ නැති වෙන්නේ නැහැ මගේ අයියේ … මම මැරුණත් මගේ ආදරේ ඔයාට මගේ අයියේ …ඔයා තව ටික දවසකින් වෙන කෙනෙක්ගේ වෙයි ……ඒක මට දරාගන්න බැහැ රත්තරන් අයියේ ….
අනේ බුදු සාධු මට මේ හැම දෙයක්ම අමතක කරන්න ශක්තිය දෙන්න ..

මම දළදා කරඩුව අභියස කොතෙක් වෙලා උන්නාද කියා මතක නැත ..මම හිතේ දුක ඉවර වෙනකන් බුදු සාධුට කීවෙමි ….

‘ හෙට තවත් කොටසක් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *