සුරඟනක් කඳුළක් සලා 37
37 කොටස
අද නැවත සුරංගනා ඔබට කතාව කියයි
**********
රෑ දිවා ගෙවෙන්නේ ඇසි පිය ගසන ඇසිල්ලෙනි …. රාත්‍රියේ නිවසට පැමිණෙන පහන් උදෑසනම පිටත් වී යන හඩ ඇසේ …. ඔහු නිකමට හෝ එදායින් පසු මා මුනිච්චි වීමට පැමිණියේ නැත ..දිවා රෑ කියා වෙනසක් නොවුනේය … මා මෙහි රැගෙන විත් සතියක් පමණ වන්නට ගෙවෙන්නට ඇත … කාමරයටම සීමාවී තිබු මගේ ලෝකය සෙමින් සෙමින් පුළුල් වෙන්නට විය … මා කැමැත්තෙන් මෙහි රැදී සිටි නිසා ආරක්ෂකයෝ කිසිවෙක් උවමනා නොවිය …. මට රිසිසේ ගේ පුරා ඇවිද යෑමේ නිදහස ලැබී තිබුන නිසා මම කාමරයෙන් පිටත ලෝකය දැකීමට යුහුසුළු වීමි … මහල් දෙකකින් යුතුවූ නිවස පිහිටා තිබුනේ … ගස්කොලවලින් වැසි ගිය … මද අදුරකින් යුතු පරිසරයකය …එහි තිබුනේ ගුප්ත මුසල බවකි .. විශාල තාප්පයකින් වටවී තිබු ගෙවත්ත මැද වසා තිබු ගේට්ටුවකි .. මා කියවා තිබු dracula කතාවක පාලු බංගලාවක් සිහිකළ මෙහි අහල පහල මිනිස් වාසයක් තිබුනාද කියා සැකසහිතය … නිවසේ වත්තේ වැඩට පියදාස නම් මිනිසෙක් සහ කුස්සියේ ඉවුම් පිහුම් වැඩට කුසුමා නම් කාන්තාවක් ඉන්න බව මා දැනගත්තේ පසුවය .. පියදාස යනු නුගත් මිනිසෙකි … එසේම ඔහුද මේ බංගලාවේ තිබු ගුප්ත බව හිමිකරගෙන තිබුනේ කාලයත් සමග වෙන්නට ඇත … මද සිනාවක් හෝ නොපෑ ඔහුගේ එකම රාජකාරිය උනේ උදැල්ලක් ගෙන වත්ත පිටිය සුද්ද කිරීමය .. කුසුමා මැදිවිය පසුකර මහලු විය එළිපත්තේ සිටි කාන්තාවකි වැඩිය කතා බහක් නැති ඇයව දිනක් මා කතාවට අල්ලා ගත්තේ තේ පානය කරන අවස්ථාවේය …
‘ කුසුමා නැන්දා ගොඩක් කල්ද මෙහෙ වැඩට ඇවිත් …’ මම ඇය තේ කෝප්පය තොල ගාමින් ඈ දෙස බැලුවෙමි
‘ ඔව් පුංචි නෝනේ …මාව මෙහෙට ගෙනාවේ පහන් බේබි ගේ තාත්තා සෑම් මහත්තයාගේ තාත්තා තමා .. ඒ කාලේ මම පුංචි කෙලි .. මගේ ජිවිතේ එදා ඉදලා හැම දවසක්ම ගෙවුනේ මේ ගෙදරට තමා ..’ ඇය තම අතීත මතකය සිහි කරේ දත් නැති කටෙන් මහා සිනාවක් පාමිනි ..
‘ කුසුමා නැන්දා බැදලා නැද්ද …’
‘ මේ ගෙදරටම දියවුනා ජිවිතේ නෝනේ …. ආසාවකට කියලා පිරිමි පුළුටක් දකින්න නැහැ මේ ඉසව්වේ … මෙතන ඉදලා අක්කර දහයක් යනකන් සෑම් මහත්තයාට අයිති ඉඩම් තියෙන්නේ මිනිස් වාසයක් තියෙන්නේ ඔය අක්කර දහයෙන් එහා … ඉතින් නෝනේ මම මේ ගේ පහු කරලා මේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ගොහිල්ලා තියෙන්නේ … ’ ඇය කියවන්නේ මතකයේ අනන්තයටම ගිලිය .. මට බියක් ආවේ ඇයිද කියා නොදනිමි …
‘ කුසුමා නැන්දා ඒ කාලේ හැඩට ඉන්න ඇති නේ ..’ මම ඇයගේ නටබුන් උන රූපය දෙස බැලුවෙමි ..
‘ හේ හේ හේ … මේ බලන්නකෝ නෝනේ …’ ඇය තම කම්බායේ තිබු මඩිස්සලය ඇද පින්තුරක් මා වෙත පෑවේය … එහි උන්නේ සැබෑ රුවැත්තියකි .. පන්චකල්‍යානියක් කීම යෙහෙකි … මම විශ්මයෙන් ඇය දෙස බැලුවෙමි
‘ මේ ඉන්නේ නැන්දාද … ’ මම පින්තුරයේ උන් තැනැත්තිය ඈ තුලින් සෙව්වෙමි …
‘ පුංචි නෝනේ ඕක ගත්තේ අපේ සෑම් මහත්තයා ..දවසක් ගෙදර කට්ටිය එක්ක මෙහෙට විනෝද චාරිකාවක් ආව වෙලාවක .. මගේ පණත් හරි ඕකත් හරි … මම ඒ ගෙවුන දවස් දකින්නේ ඔය පින්තුරෙන් .. කවදා හරි මම මැරුණ දවසක මේ පින්තුරේ මාත් එක්කම වලදාන්න කියලා තියෙන්නේ .. ’ ඇය ආදරෙන් එය තම මඩිස්සලයට එය දමා ගත්තේය .. ඉන් පසුව මා දෙසටය නෙතු හෙලු ඇය
‘ කුසුමා නැන්දා පියදාස මාමා ගොඩක් නපුරුද ..’ මම වත්තේ වැඩට සිටි මිනිසා ගැන විමසුවෙමි
‘ ඔය මිනිහා සතෙක් වගේ නෝනේ .. සම්පුර්ණයෙන්ම වල් සතෙක් .. ඔහොම හිටියට හද තියෙන කාලෙට ඔය මිනිහා පිස්සු නටන්න ගන්නවා … ඔය දවස් වලට පිටිපස්සේ තියෙන කාමරේට දාලා ඔය මිනිහා වහලා තියන්නේ … ’ ඇය මා දෙස බැලුවේ පරිස්සම් වෙන්න යන බැල්මකි
‘ එතකොට නැන්දා කවුද එයාව ඒ කාමරේට දාන්නේ .. ’ මම සිතට නැගුන පැනය වචන කලෙමි ..
‘ මම තමා නෝනේ .. ඒ පිස්සුව හැදෙන්න වගේ නම් මිනිහාගේ හැසිරීමෙන් මට දැනෙනවා .. එතකොට මම මිනිහාව කාමරේට දාලා මේ යතුරෙන් දොර ලොක් කරනවා … ’ ඇය ඉනේ ගසාගෙන සිටි ලොකු යතුරක් පෙන්නුවේය … මම බියෙන් සලිත උනෙමි ..
‘ පුංචි නෝනේ …’
‘ කියන්න කුසුමා නැන්දා ..’
‘පුංචි නෝනේ හුරුබුහුටි දරුවෙක් .. මටත් දරුවෙක් හිටියා නම් පුංචි නෝනා වගේ ඉදි … මම මේ තියෙන ඉලව්ව කරලා මේ විදිහට හිටියට මට තාම පනහක් නෑ මයේ හිතේ … ’ එසේ කියූ ඈ නැවත කතාව ඇරබුවේය
‘ පුංචි නෝනේ මෙහෙම කිවා කියලා මන් ගැන වැරදියට හිතන්න එපා … පුලුවන් ඉක්මනට මෙහෙන් යන්න …’
‘ ඇයි නැන්දා එහෙම කිවේ .. ’ මම ඇය දෙස බැලුවේ කුතුහලයෙනි
‘ නෝනේ දන්නවද අපේ පහන් බේබිගේ නංගි භාවනා බේබිගේ මගුල දවසෙම මගුල කැඩිලා දැන් ගෙදරළු ඉන්නේ … මම අහගෙන පහන් බේබි එක්ක අපේ සෑම් මහත්තයා කතා කරනවා ෆෝන් එකෙන් … දැන් මනමාලයා මහත්තයා පුංචි නෝනේ හොයන්වලු …. පහන් බේබි තාම කියලා නැහැ අපේ මහත්තයාට නෝනේ ඉන්නේ මෙහෙ කියලා හදිස්සියේ හරි සෑම් මහත්තයා දැනගෙන මෙහෙ ආවොත් මහා විනාශයක් වෙයි … ’
අනේ දෙවියනේ කවිශ් අයියා ඔයා මොනාවද මේ කරන්නේ මම හිත හදාගෙන මේ විදිහට හරි හිටියේ ඔයා භාවනා එක්ක සතුටින් ඇති කියලා නේද .. මා උමතු වී නොගියා පුදුමය .. මට සියලු දෙනා එකිනෙකා පිලිවෙලින් සිහියට ආවේය .. ඔවුන් සියල්ල මා සොයනවා ඇත … කවිශ් ඔබ පිස්සෙක් මෙන් මා සොයනවා ඇත …. අනේ දෙවියනේ දුරකථන ඇමතුමක් දී මා සුවෙන් ඉන්න බව කීමට හෝ මා උත්සහ නොකිරීම ගැන මා ගැනම මට ඇති උයේ පිළිකුලකි … මෙතරම් දවස් මා හමුනොවුනේ මිය ගොස් කියා ඔවුන් සිතනවා ඇති ..මා කොතරම් ගුණමකු කෙල්ලක්ද …. මේ තරම් මට ආදරේ කරන අය ගැන බිදක් හෝ සෙනෙහෙ නැති ලෙස මා ඔවුන් අමතකර හිටියේ කෙසේද …
‘ පුංචි නෝනේ පුංචි නෝනේ … මේ අඩන්නේ මොකද … ’ කුසුමා මේ ටිකට මා හා බොහෝ සුහද වී ඇත
‘ අනේ නැන්දා මගේ ගෙදර මගේ අප්පච්චි අම්මි මල්ලි මගේ කවිශ් අයියා මගේ නෑයෝ යාළුවො ඔක්කොම මාව හොයනවා ඇති මම මේ විදිහට ඉද්දි එයාලා මම මැරිලා කියලා හිතලා දුක් වෙනවා ඇති ..’ මම මගේම දෑතින් පපුවට ගසා ගත්තෙමි …
‘ ඕක නවත්තන්න නෝනේ … පහන් බේබි දැන් එනවා කිවා ඒ ආවාම අපි මොනවා හරි කරමු ..’
කාමරයට මා ගෙනගොස් ඇරලු කුසුමා නැන්දා මගේ හිත හැදීමට බොහෝ දේ කීවාය … ඇය පිටව ගියේ අඩාදොඩා හෙම්බත්වී සිටි මට නින්ද ගියාට පසුව විය යුතුය …. මා අවදි උනේ රාත්‍රී දහයේ කනිසමට පමණ පහන්ගේ කාරය පැමිණ නවතන හඩිනි …. මම ඇස් අඩක් පියාගෙන දොර තිරය දෙස යොමා සිටියෙමි … දොර තිරය මදක් ඈත් කල පහන් මද වෙලාවක් මා දෙස බලා ඉද … යන්නට ගියේය …. මද වෙලාවකින් රූපවාහිනිය ක්‍රියාත්මක හඩ ඇසුණේය ඒ පහන් විය යුතුය ..මද වෙලාවක් ඇදේ වැතිර සිටි මා හිත ශක්තිමත් කරගෙන නැගිට ගත්තෙමි .. මම සාලයට එබී බැලුවෙමි .. කනප්පුව මත මදක් හිස්වූ මත්පැන් වීදුරුවකි … අතේ සිගරට්ටුවක් ඇතිව සිටි ඔහු ….. කල්පනා ලොවක ගිලි සිටි නිසාදෝ මා අසලට යනතුරුම නොදුටුවේය … නාදුනන පිරිමියා ඉදිරියේ සිත බියෙන් සැලුනද මම සියල්ල වෙනුවෙන් සිත ශක්තිමත් කරගත්තෙමි …
‘ පහන් අයියේ .. ’ හදිස්සියේම මගේ හඩ ඇසීම නිසා ඔහු තිගැස්සී මා දෙස බැලුවේය
‘ මොකද තාම නිදි නැහැ ..’ ඔහු ඇසුවේ සිගරට්ටුව මුව මත රුවා ගෙන දුම් රොදක් පිටකරමිනි
‘ මට නින්ද යන්නේ නැහැ ..’ මම ගැහෙමින් කීවෙමි
‘ ඒ මොකද …’ ඔහුගෙන් පැනයකි
‘ අයියේ මට ගෙදරට කතා කරන්න ඕන ..එයාලා බයවෙලා ඇති … ’මදක් කල්පනා කරමින් සිටි ඔහු .. තම දුරකථනය මා වෙත දිගු කළේය …
වෙලාව රාත්‍රී දොළහ පමණ වෙන්න ඇත … පරිසරය පුරා මුසල නිහඩ බව අතරින් එන නරියෙකුගේ කෑ ගැසීමත් උලමකුගේ දුක් රාවයත් දරාගෙන ඉන්න අපහසුය … මම වෙව්ලන ඇගිලි තුඩු ෆෝන් එකේ අංක අතර එහා මෙහා කලෙමි … දුරකථනය මත සටහන් උනේ කවිශ් අයියාගේ දුරකථන අංකයයි … එහා පසින් දුරකථනය නාද උනේ එකවරක් පමණි .. එහා පසින් ඇහුනේ කවිශ් අයියා ගේ ආදරණිය කතාවයි ..
‘ හෙලෝ කවුද කවුද කතාකරන්නේ …. ’ මම විනාඩියක් දෙකක් ඒ කටහඩින් සවන පුරෝ ගතිමි .. මගේ වචන පිට වුනේ අමාරුවෙනි
‘ මගේ අයියා කවිශ් මගේ රත්තරන් .. ’ එපමණකි කියන්නට ලැබුනේ .. පහන් ඔහු මගේ අතින් දුරකතනය උදුරාගෙන එය පොලවේ ගැසුවේය … ඔය ඔහු පිට කරන්න ඇත්තේ මට පහර දිය නොහැකි තරහාවයි
‘ ගෙදරට කතා කරනවා කියලා කොහෙවත් ඉන්න මිනිහෙක්ට කතා කරන්න ලැජ්ජා නැද්ද තොට ’
ඔහු වීදුරුවේ තිබු මත්පැන් ටික සියල්ල එකවර කටට හලාගත්තේය … ඔහුගේ ඇස් වල තිබුනේ මත්ගතියකි …
‘අනේ මට එයාට එක සැරයක් කතා කරන්න දෙන්න එයා හොදටම බයවෙලා ඇති ..’
‘ඒකාට දැන් ගෑනියෙක් ඉන්නවා උන් දෙන්නාට පාඩුවේ ඉන්න දීපන් .. නැති නම් මම උබව මරලා මාත් මැරෙනවා …’ ඔහුගේ අත් දෙක මගේ දෙසට දිගු කළේය බිය වූ මා අසල තිබු මල් පෝච්චියක් පෙරලාගෙන තරප්පුපෙල දිගේ දිවගොස් කාමරයට වැදී දොරවසා ගත්තෙමි .. මට බිය සිතුනේය .. පෝය දවස්වල්ට සතෙක් වගේ හැසිරෙන පියදාස ගේ සහ පහන් ගේ මුහුණු දෙක ඒ මුළු රැය පුරාම මාව බිය කළේය ….
කවිශ් ඔයාට මම කතා කරනවා ඇහුනා නේද රත්තරන් .. ඔයාට දැන් හිත හදාගන්න පුළුවන් නේ ඔයාගේ සුරංගනා ජීවත්වෙනවා කියලා හරි …. දැන් ඔයාව මට අයිති නැහැ ඒ උනාට මට ඔයාව අමතක කරන්න බැහැ … අපි අපිට අයිති නැති නම් ඇයි රත්තරන් අපි අපිට ආදරේ කලේ .. මම ජීවත්වෙන හැම මොහොතකම ඔයාට ආදරේ කරනවා ….
තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න