සුරඟනක් කඳුළක් සලා 39

39 කොටස

ඒ නිවසේ ගතකල හැම දිනක්ම සීතල බියකින් හිත හිරිවැට්ටවු දිනයන්ය … පහන් මා ලගින් ඉන්නට උත්සහ කලේ කුමන අදහසකින්ද කියා නොදනිතත් මා ඔහු අසලින්ම ඉන්නට උතසහ කලේ නිවසේ තිබු හිත හිරිවට්ටන අද්භූත ස්වභාවය නිසාය … ඔහු ලගින් ඉද්දි හිතට නොදැනුනන බිය ඔහු නැතිවිට දැනුණේය … කවිශ් අයියා මෙන්ම නිවසේ අය ලග නැති පාළුව කාන්සිය තදින්ම දැනුනත් මට කීමට කෙනෙකු සිටියේ නැත … කුසුමා නැන්දා උවද මා සමග වැඩිපුර කතාවකට නාවේ කිසියම් බියකින් මෙනි … කවිශ් මම දනිමි ඔබ මා සොයන බව … මා ඉන්න තැන මාද නොදැන ඉන්න කල ඔබ කෙලෙස මා ඉන්නා ඉසවුව ගැන දැනගන්නද ..මම හිතින් බොහෝ විදවමි .. කටට දා ගන්න බත් පිඩක් උගුර තුලට උව ගන්නට බැරි තරම් මට ආහාර අප්‍රසන්න වී තිබුනේය … .. මේ ජිවිතේ ගෙවෙන අවසාන දින කීපය නම් මට සතුටුය .. මන්ද මට ජීවිතය තිත්ත වී ඇති බැවිනි …

එදා මා බිය වීමෙන් පසු මම තරප්පු පෙළ තරණය කර මා සිටි කාමරයට යෑමට පවා මා බිය වුවා පමණක් නිවා මා එහි නොගියෙමි .. එදා සිට මගේ නවාතැන වුවේ පහන්ගේ කාමරයයි … පහන් එයට ඉඩ දී සාලයේ ඇති සෝපාවේ රාත්‍රී කාලය ගතකළේය ..මේ දින කීපයේදී සිදු උන වැදගත්ම දෙය උනේ පහන් හා මා අතර යම්කිසි සුහදතාවක් ගොඩනැගීමයි … ඔහු උදැසන නිවසින් පිටත් උයේ මා දැකගැනීමෙන් අනතුරුව සේම වෙනදා මෙන් රෑ මැදියම තෙක් නොයිද හවස හය හත වෙන විට නිවසට පැමිණියේ මා තනිවිමට බිය බව ඉවෙන් දැනගත්තා මෙනි .. අපි අතර කතාවක් නොවුවද ඔහු නිවසේ සිටින විට සිතට බියක් නොදැනේ … හරියට අප්පච්චි ලග ඉන්නාක් මෙන් හැගීමක් දැනේ ..

ඒ දිනයේද පහන් නිවසට පැමිණියේ සවස හයට පමණය .. මා දැක වචනයක් දොඩා ඔහු වොශ් එකක් දමා ගැනීමට යැයි පවසා ගියේය .. යහනේ ඇලවී සිටි මට එහෙම්ම නින්ද ගොස් තිබුණි …. පහන් සාලයේ ඉද කාත් සමගදෝ කතා කරයි .. ඔහුගේ උස් කටහඩ නිසා මට හිතුනේ එයාට තරහා ගිහින් කියලා මම එයා කතා කරන දිහාවට කන්දුන්නා …

‘ අප්පච්චි … මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න .. නංගි ට කියන්න කවිශ් එක්ක කතා කරලා මේ දේවල් විසදා ගන්න කියලා එයාලා දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් … අපිට මේ දේවල් වලට අත දාන්න බැහැනේ ..’ පහන් කතා කරන්නේ කවිශ් අයියා සමග විය යුතුය … එහා පස උන් තැනැත්තා කියන දේට ඔහු සවන් දෙනවා විය යුතුය ..මද වෙලාවකින් ඔහු නැවත කතා කළේය .

‘අප්පච්චි ඔහොම කීවාට ඒ ගැහැණු ළමයාගේ වැරද්දක් නැහැ නේ …කවිශ් තමා ඔය ප්‍රශ්නේ විසදා ගන්න ඕනි .. ඒ ගැහැණු ළමයා හොයලා මරලා දැම්මා කියලා මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ නේ ..’ ඔහු කේන්තියෙන් කෑ ගසයි .. සාකච්චාව මා ගැන විය යුතුය ..කෙසේ උවත් මට පැහැදිලි උනේ මා මෙහි ඉන්න බව සෑම් අන්කල් නොදන්නා බවත් … ඔහු මා මරා දැමීමට සොයන බවත්ය ….

‘ හරි අප්පච්චි මම දැන්ම එන්නම් …අපි කවිශ් ගේ ගෙදර ගිහින් මේ ප්‍රශ්නේ දෙකින් එකක් විසදාගෙන එමු .. ’ එසේ කියා විනාඩි ගානකට පසු පහන්ගේ කාරය පණ ගන්වන හඩ ඇසුණේය ..මට නොකියා ඔහු කොහි යන්නට ඇතිද . .. දැන් රාත්‍රී හත පමණ වෙන්න ඇත … නිවසේ කිසිම හැල හොල්මනක් නොමැත .. මම මේ නිහඩතාවයට බියවෙමි … මට කුසුමා නැන්දා හොයා යන්නට සිත්විය .. නමුත් මේ විසල් ගෙදර කොයිබක ඈ සොයා යම්ද … මම හිත එකග කර දෑස් වසා මෛත්‍රී භාවනාව වැඩුවෙමි …

මම කොයිතරම් වෙලා එලෙස උන්නද කියා නොදනිමි … මා දෑස් ඇර බලන විට හුළං කව්ළුවලින් ගලා ආ සද කිරණින් මුළු කාමරයම ආලෝකමත් වී තිබුණි .. මම දින දර්ශනය මත නෙත නතර කලෙමි … අද දිනය පුරපෝය දිනය බවට රතුපාට ඉලක්කම මත කහ පාටට තිබු බෝලය මත තිබු අකුරු පෙළ කියා පෑවේය … කුසුමා නැන්දා කියූ යමක් සිහිවී දෑත් දෙපා බියෙන් වෙවුලා ගියේය .. ඉදිකටු තුඩක් හෝ වැටෙන හඩක් නොමැති රාත්‍රියේ ඒ නිහඩතාව මගේ බිය දෙගුණ කළේය .. තවත් පැයක් දෙකක් කිසිම හැල හොල්මනක් නොමැතිව ගෙවී ගියේය .. මට ඒ ගෙවෙන හැම තප්පරයකම මගේ අම්මි අප්පච්චි කවිශ් අයියා සිහි නොවුවා නොවේ .. මම පහන් එනු ඇතැයි සිතා සිත සනසා ගන්න උත්සහ කලද ඔහු එන පාටක් නැත .. එක වරම දැල්වෙමින් තිබු විදුලි බුබුළු සියල්ල නිවී ගියේය .. මෙවන් වෙලාවක විදුලිය විසන්දි වීම මට හයියෙන් හුස්ම ගන්නවත් බියක් දැනිණි ….සද එලිය නිසා අදුර මැකීගියත් හිත බියෙන් ගිනිගෙන තිබුණි

වෙලාව රෑ මැදියම වෙන්නට ඇත බකමුණේක්ගේ හුම් හුම් නාදය පැතිර ගිය නිමේෂයක එකවරම හිත හිරිවට්ටන හු හඩක් නැගුනේය .. හු හඩ ආවේ නිවස අභ්‍යන්තරයෙනි ….. එය ගැහැණියක ගේ හු හඩකි .. මහා හඩ්න් භාණ්ඩ පොලවේ ගහන හඩක් ඒ සමගින් නැගී ආවේය .. අනේ දෙවියනේ … ඒ කවුද … මෙහි සිටින එකම ගැහැණිය කුසුමා නැන්දාය ඇයට අනතුරක් සිදු උනාද .. අනේ දෙවියනේ දවසක් හරි මට ආදරෙන් කතා කරපු ඒ කාන්තාව කරදරයකින් සිටිද්දී මම මෙලෙස නොඇසුනා සේ කාමරයක් තුල සුරක්ෂි ත ලෙස සිටින්නේ කෙලෙසද .. මම අතපත ගා ඉටිපන්දමක් සොයාගෙන ගිනිකුරක් ගසා එය දැල්වුවෙමි .. වෙලාවේ හැටියට මෙය අදුර මැද කණාමැදිරි එළියකි …

මම ගැහෙන දෙපා කාමරයෙන් පිටතට තබා හෙමි හෙමින් ඇතුල් ගේ තුලට පිය නැගුවෙමි … එහි පෙලට තිබු කාමර පෙලේ පළමු කාමරයේ නොවසා තිබු දොර මම තල්ලු කර හැරියෙමි .. තද අදුරින් වැසි තිබුණු ඒ කාමරය තුලට ඉටිපන්දම් එලිය අල්ලා මම විපරම් කලත් මට කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකිවිය … ඉන්පසුව දෙවන තෙවන සිවුවන කාමරවලත් කිසිම වෙනසක් නොවුනේය …. මම නැවත පහන්ගේ කාමරය දෙසට යන්නට හැරුනා පමණි නැවතත් අර භයානක හු හඩ පරිසරයේ තිබු නිහඩතාව වසාගෙන පැතිර ගියේය ..එය නම් හරියටම ඇසුනේ කාමර පෙලේ තිබු අවසාන කාමරය තුලිනි …. කාමරය යගුල් දමා යතුරු පුවරුවේ යතුර එල්ලා තිබුනේය .. මම මොහොතක් නැවතී ඇතුලත ශබ්ධ වලට කන් යොමා සිටියෙමි …

‘ මාව බේරාගන්න … මාව බේරාගන්න … අනේ මාව බේරාගන්න ..’ ඒ සියුම් කටහඩ කුසුමේ නැන්දාගෙය … අනේ දෙවියනේ කවුද මේ විදිහට ඇයව මේ කාමරය තුල සිරකර දැමුවේ .. මොන තිරිසන් වැඩක් ද මේ .. මම යතුරු පුවරුවේ තිබුණු යතුර ගෙන දොර අගුල් ඇර කාමරය ඇතුලට පියවර දෙක තුනක් ගොස් කුසුමේ නැන්දා සෙවුවෙමි …. නොවේ ඇය එහි මම කාමරය පුරාම විමසුම් බැල්මක් හෙලා … කාමරය තුල යකඩ පොල්ලක් දමා ඇහිරු තවත් කාමරයකි …මම සෙමින් යකඩ පොල්ල ඔසවා කාමරයේ දොර ඇරියෙමි … එකවරම මා ඉදිරියේ එදා රාත්‍රියේ සදළු තලේ සිටි මා දෙස බලා උන් පුද්ගලයා දර්ශනය විය ..කළුම කළු ලෝගුවක් ඇදසිටි හෙතෙම මුහුණේ උවේ වියරු බැල්මකි .. ඒ වියරු බැල්මට යටින් දෙවියනේ මේ මා ඉදිරියේ ඉදින්නේ ඇය නොවේද ..කුසුමේ නැන්දා මා සිහිනෙන් හෝ එලෙස දකින්නට නොසිතු ඒ අවිහිංසක ගැහැණිය ගේ මේ තිරිසන් ස්වභාවය …. අදහන්න මට හුස්ම ගැනීමට පවා ඒ මොහොතේ අමතක වෙන්න ඇත .. මම මොහොතක් ඇය දෙසම බලා උන්නෙමි …… කොණ්ඩය අවුල් වී තිබුණි කට ඇරී කට දෙපැත්තෙන් ඛේටය බේරෙමින් තිබුනේය … ඇස් වල තිබුනේ යක්ෂ පෙනුමකි …. මම පෙරට තිබු පය ආපස්සට තිබ්බෙත් ඇය මා වෙත කඩාගෙන පැන්නෙත් එකම විටදී වාගෙය …

ඇයට හසු උනේ මගේ ගෙල වෙන්නට ඇත .. මම උගුර යටින් බෙරිහන් දුන්නෙමි … මේ අක්කර ගානක් පාලු භුමියේ මගේ පිහිටට කවුරුන් එයිද …. කාට මගේ කටහඩ ඇහෙයිද .. සිටින්නේ අමු තිරිසන් වල් සතුන් හා තිරිසන් ආත්මයන් පමණි …. ඇගේ දෑත් වල තිබුනේ යකඩ ශක්තියකි …. තව ස්වල්ප මොහොතකින් මා මාරයා තුරුලේය … ඇය මගේ ශරීරය දෙපසින් දෙපා විහිදා මගේ පපුව මත වාඩිවීනි … මට දැනුනේ මහා බරකි … මගේ ගෙල මදින් මද සිර කල ඈ නිහඩතාවය දෙදරවා යවමින් මහා හඩින් සිනා සැලුවේය .. මට අප්පච්චි අම්මි මල්ලි මිලා අක්කි මිලාන් පහන් අවසානයේ මගේ ආත්මගත සෙනෙහස කවිෂ් අයියා පිලිවෙලින් මතකයට නගා ගත්තේය . . මට සමාවෙන්න … මම හිතින් එයාලාගෙන් සමාව ඉල්ලුවා …

‘ යක්ෂනියේ ඔය ගැහැණු ළමයා අත ඇරපන් යෝදියේ ..’ හදිස්සියේ පැමිණ ඇත්තේ පියදාස මාමා ය … ඔහු මේ ගෝරනාඩුව ඇසෙන්නට ඇත .. ඔහු අප වෙත පැන අර යක්ෂ ආත්මය අදින්නට තැත් කළේය … නොවේ ඇගේ ශක්තිය ඔහුගේ ශක්තිය පරයා නැගී ඇත … ඔහුට අසුවෙන්න ඇත්තේ දොරට තබා තිබු යකඩ පොල්ලය ඔහු එය උස් කරනු මට යාන්තමට පෙනුනේය පහත් උනේ ඇගේ ඔලුව මතය …ඒ ඇසිල්ලෙන් ඇගේ ග්‍රහණය ලිහිල් වී ගියේය ….

‘ නෝනේ යන්න කාමරයට ..’

පියදාස මාමා මා ඇද එලියට දැම්මේ ය .. මම දිවගොස් පහන්ගේ කාමරයට වැදී දොර අගුලු දමා ගත්තෙමි …. දෙවියනේ කුසුමා නැන්දා මා මොන තරම් මුලාවක දැම්මාද … ඇය පැවසු දේවල් මොන තරම් මුසාද මම ඇය ඇදහුවෙමි විශ්වාශ කලෙමි .. නමුත් ඇය මා බොරුවෙන් මුලා කර දැමුවේ කෙලෙසද ….
ඒ ගෙවුනේ පාන්දර යාමයාය …. මම හෙම්බත් වී උන්නෙමි …. අවුරුදු දහනවයක යුවතියකට මේ දේවල් දරා ගැනීමට නොහැකිය … දෙවියනේ … මා මේ වයසට නොදැකිය නොයුතු දේවල් දැක්කෙමි … මම වේදනාවේන් කෙදිරි ගෑවෙමි …. කුසුමේ නැන්දාගේ පහර දීම නිසා ගතින් මෙන්ම ඇගේ දරුණු ග්‍රහණය නිසා ගෙල පෙදෙසින්ද නැගුනේ දරා ගැනීමට නොහැකියාකාර රිදුමකි … මම ගෙල පෙදෙස අතගා ගත්තෙමි …. මුළු ශරිරයම දහඩියෙන් තෙත්වී ඇදුම් ඇගටම ඇලි ඇත ….

පෙර දා මුළු රැයම තප්පරයක් හෝ ඇසිපිය උනා නොවේ … උදෑසන යාමේ යාන්තමට නින්ද යාගෙන එන විට වේගයෙන් ආ රියක් වත්තේ නවත්වන හඩින් මා තිගැස්සී අවදි උනෙමි .. ඒ පහන්ගේ රිය නම් නොවේ දෙවියනේ මේ වෙලාවේ මෙහි පැමිණියේ කවුරුන්ද … මොහොතකින් රළු හඩික් නගා පා වහන් පැලදී කෙනෙකු සාලය හරහා ඇතුල් ගෙට පිවිසෙන හඩ නැගී ආවේය…..

තව කොටසක් බලාපොරොත්තු වෙන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *