සුරඟනක් කඳුළක් සලා 40
40 කොටස
‘පියදාස පියදාස …’
ඒ ගොරහැඩි කටහඩ ගේ දෙදරන තරමට ප්‍රබලය … ඒ හඩ හුරුපුරුදුය …මම ඒ කවුරුන්දැයි සිහිකිරීමට වේර දැරුවෙමි… සිහි උයේය මා හට ඔහු කවුරුන්ද යැයි කියා . … සෑම් අන්කල් භාවනාගේ හා පහන්ගේ පියා … ඔහුට පෙර දා රැයේ සිදුවීම ආරංචි වෙන්නට ඇත … තකහනියක් ඔහු පැමිණෙන්න ඇත්තේ කුමක් සිදු වී දැයි බැලීමට විය යුතුය ..
‘ මේ එනවා අපේ මහත්තයා ….’ ගේ ඇතුලින් පියදාසගේ හඩ ගලා ආවේය
‘ පියදාස මොකද දැන් උනේ …’ ඔහු මහා හඩින් ගිගිරුම් දෙයි
‘ අපේ මහත්තයා … ඊයේ රාත්‍රියේ …. කුසුමා ආවේශ උනා නොවෑ ….’ ඔහු පවසන්නේ තැතිගත් ස්වරයෙනි ..මම ඔවුන් අතර දෙබසට සවන් යොමු කලෙමි
‘ඊයේ පුරහද පායන බව දන්නේ නැද්ද .. කාමරේට දාලා දොර වැහුවේ නැද්ද …’
‘ වෙනදා වගේම පෝය නිසා මම ඒ ඇත්තිව දාලා දොර වහලා තමා තිබ්බේ …ඒත් …’ ඔහු කතාව නතර කලේය
‘ඒත් ඒත් ගාන්නේ .. තෙපරබාන්නේ නැතිව කියපන් මොකද උනේ කියලා ..’
‘ අනේ අපේ මහත්තයා මේවා කියලාත් බෑ නොකීයාත් බෑ නොවෑ ..’
‘පියදාස මාව කේන්ති කරන්නේ නැතිව කියාපන් මොකක්ද උනේ කියලා ’
‘අපේ බේබි මහත්තයා මෙහෙට ගෙනැල්ලා ඉන්න පුංචි නෝනා ගිහිල්ලා කුසුමේ කෑ ගහන්නේ මොකට කියලා බලන්ට .. කාමරේ දොර ඇරලා බලද්දිම ආවේශවෙලා හිටපු කුසුමා ඒ නෝනේගේ ඇගට කඩා පැනලා බෙල්ල මිරිකලා … මම කෑ මොර දෙන්නේ කවුද කියලා බලන්ට ගිහින් දොර ඇරලා බැලින්නම් … මෙන්න මේ යක්ශනී නෝනේගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා … පමම ඇදලා දාන්ට බැලුවා කොහේ ගල් පිළිමයක් වගේ … නෝනේගේ හුස්ම පොද යයි කියලා හිතලා මම දොරට තියලා තිබ්බ යකඩ පොල්ලෙන් කුසුමෙට ගැහුවා .. ඒ වැටුන පාර මේකිට තාම සිහිය ආවේ නෑ නොවෑ … අපේ මහත්තයා ..’ පියදාස කියාගෙන කියාගෙන යයි …. මගේ සිත බියකින් පිරි ගියේය … හදිසියේ හෝ ඔහු ඇවිදින් මගේ කාමරේ දොර අරින ලෙස කිවොත් මම නම් දොර නොඅරිමි .. එහෙත් ඔහු දොර කඩා දැමුවහොත්
‘ කව්ද ඔය කියන පුංචි නෝනේ ..කෝ දැන් ඒ කෙල්ල …’ ඔහුගේ මුවෙන් පිටවුයේ ප්‍රශ්නයකි ඒ කියන්නේ ඔහු මා මෙහි බව නොදන්නේද … පහන් සැවොටම රහසින්ද මා මෙහි සගවා සිටින්නේ
‘ පහන් බේබිගේ කාමරේ ඉන්නේ ඒ නෝනේ ..’ ඔහු සියල්ල හෙළි කර ඇත …දැන් කුමකින් කුමක් සිදුවේද ..
‘ හොදයි ඒ කව්ද කියලා පස්සේ බලමු දැන් ගිහින් දාපන් කුසුමෙව වාහනේට ඉස්පිරිතාලෙට ගිහින් දාමු … මේ ගෑනිට මොනවා වෙලාද මන්දා … ’
තවත් සුළු මොහොතකින් ඔවුන් වාහනය පනගන්වා ගෙන යන හඩ නැගුනේය … සිතට සැහැල්ලුවක් දැනුනේ ඒ සදයි .. දෙවියනේ පහන් හෝ ලග ඉන්නවා නම් සිතට බයක් නැත … ඊයේ සවස පිටවී ගිය ඔහු තවමත් පැමිණියේ නැත … සෑම් අන්කල් නැවත විත් මා හට කුමක් කරනු ඇතිද මගේ හිත අනියන බියකින් පිරි ගියේය . .. මේ නිවසින් පැන යා යුතුය .. කොහේ හෝ … මම සෙමින් කාමරයේ දොර විවර කර ගත්තෙමි … නිවස තුල කිසිදු හැල හොල්මනක් නොමැත … මම සෙමින් පා තබා දොර දෙසට ගියෙමි … මම දොර අරින්නට වැර කලෙමි … දෙවියනේ දොර අගුල් දමා ඇත .. මම කුස්සියේ දොර වෙත ගොස් එය ඇරීමට උත්සහ කලෙමි ..එයද තදින් වසා දොරගුළු දමා තිබුණි … දෙවියනේ දැන් ඉතින් කුමක් සිදුවේද …. මේ හොල්මන් බංගලාවේ මා පමණක් තනිවී ඇත … මම නැවත කාමරයට ගොස් දොරගුළු දමා ගත්තෙමි … කොයි මොහොතක හෝ ඔවුන් පැමිණෙනු ඇත .. ඉතින් මා කෙලෙසක ඔවුනට මුහුණ දෙම්ද …
**************
වෙනදා ඉබි ගමනින් යන වෙලාවද අද ගෙවෙන්නේ ඉතා වේගයෙනි .. වෙලාව ගෙවී නොයා නවතිනවා නම් හොදය …. මම ඇසිපිය නොහෙලා පිටතට කන්යොමා අසා උන්නෙමි … රාත්‍රී අදුර කවුළුවෙන් විත් කාමරය වසාගෙන පැතුරුනේය.. සදවතිය පිදි සද කිරණ ගලා ආවේය .. එකවරම වාහනයක් පැමිණ ගේ ඉදිරිපිට තිරිංග ගැසුවේය .. ඉන්පසුව උදේ පැමිණි අර සපත්තු හඩ තරප්පු පෙළ පසුකරගෙන ගියේය .. ඒ සෑම් අන්කල් විය යුතුය … ඊට පැය ගානකට පසු පහන්ගේ කාරය එන හඩත් ඔහු ගෙට ගොඩවෙන හඩත් ආවේය මම ඔරලෝසුව දෙස බැලුවෙමි …… වෙලාව රාත්‍රී එකොළහද පසු වී ඇත .. ඊයේ සිට කුස නිරාහාර බැවින් තද කුසගින්නක් දැනුනද මම දරා උන්නෙමි … පහන් ගෙට උවා පමණි
‘ පහන් මෙහෙ වරෙන් ..’ සෑම් අන්කල්ගේ හඩ ආවේ තරප්පු පෙළ දෙසිනි
‘අප්පච්චි කොයී වේලාවේද ආවේ ’ පහන් ඔහු සෑම් දැක පුදුම වී ඇති බවකි පෙනුනේ …මට සිතුනේ සෑම් අන්කල් කිසිවක් තවමත් පහන්ගෙන් විමසා නැති බවකි..
‘ මම ආවේ උදේ …අර කුසුමා ගෑනි ආවේශ වෙලා ඊයේ … දැන් ඉස්සරලා මට කියාපන් උබ මෙහෙ එනවා කියලා කොහෙද ගියේ … ’
‘අප්පච්චි මම කවිශ් හම්බ වෙන්න ගියේ ..’
‘ කවිශ් කැමැති උනා නංගි එක්ක දිගටම ඉන්න …. දැන් ඉතින් ප්‍රශ්න ඔක්කොම ඉවරයි ..’
‘ හරි දැන් ඒක ඉවරයි කියමු … උබ අපිට හොරෙන් කව්ද මෙහෙ තියාගෙන ඉන්න කෙල්ල ..ඊයේ දන්නවද වෙලා තියෙන දේ කුසුමා ඒ කෙල්ලව මරන්න ගිහින් තියෙනව ..පියදාස කුසුමාගේ ඔළුවට යකඩ පොල්ලකින් ගහලා බේරාගෙන තියෙන්නේ … අද ඒ ගෑනිව ඉස්පිරිතාලෙ නැවැත්තුවා … තාම සිහිය ඇවිල්ලා නැහැ ’ පහන්ගේ නිහඩතාවෙන් පෙනුනේ ඔහු කිසිවක් කීමට මැලිවන බවකි
‘ අප්පච්චි …. මට සමාවෙන්න ඒ කාමරේ ඉන්නේ සුරංගනා ….’ ඔහු එකවැරම කියා දැමුවේ .. ඔහු ඒ අවස්ථාවේ කියා ගැනීමට කුමක්වත් නැති නිසා වියයුතුය
‘ පහන් …’ ඔහු මහා හඩින් කෑ ගැසුවේ ය … වීදුරුවක් බිම වැටි බිදී යන හඩ ආවේය ..
‘ අප්පච්චි මට කරන්න දෙයක් තිබ්බේ නැහැ .. මම සුරංගනා හැන්ගුවේ ඒ නිසා … ’
‘ කෝ ඒ කෙල්ල .. එක්කන් වරෙන් …’ සෑම් අංකල් ගිගිරුවේය ..සුළු මොහොතකට පසු පහන් මගේ කාමරේ දෙසට ඇවිදගෙන ආවේය .. සෙමින් කාමරේ දොරට තට්ටු කළේය …
‘සුරංගනා කාමරේ දොර අරින්න …’ මම නිහඩවම උන්නෙමි ….
‘ සුරංගනා .. නංගි… මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා .. හොද ළමයා වගේ මේ දොර අරින්න … ’ ඉතින් මා දනිමි මා දොර නෑරියොත් දොර පියන් කඩා හෝ මා එලියට ගන්න බව …. ඉතින් මා පහන් ඇදහුවෙමි … මම දොර ඇරියේ පහන්ගේ කීම විශ්වාස කරය .. ඔහු මා ලගින් ඉදි කියාය …
පහන් ඔහුගේ දෑසේ උවේ මහා දුකකි .. අප ඉදිරියේ සෑම් අන්කල් පුටුවක වාඩි උන්නේය .. හෙතෙම මා දෙස බැලුවේය … මෙහි ආ දවසේ සිට මාසයකට ආසන්න කාලයක් අද වනවිට මා ඇන්දේ මේ ගවුම බැවින් එහි පෙනුම අවලස්සන වෙන්නට ඇත .. සෑම් අන්කල් එක එල්ලේ මා දෙස බලා උන් අතර මම ඔහුගේ දෑස මග හැර බිමට ඔරවා ගත්තෙමි …
‘ පහන් අද මට මේ දෙකින් එකක් විසදා ගන්න ඕනි … මේ කෙල්ල ජීවත්වෙනවා කියන්නේ මගේ කෙල්ලගේ සතුට නැතිවෙනවා කියන එක … අද මේකිව මෙතනම ඉවරයක් කරලා දාන්න ඕන ..’ සෑම් අංකල් පිට කලේ පහන් හෝ මා අසන්නට සිතා සිටි දෙයක් නොව ….
‘අප්පච්චි මේ කෙල්ලට මොනවත් කරන්න එපා .. මට කවිශ් පොරොන්දු උනා ආයෙම මෙයා එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ කියලා …. සුරංගනා ට යන්න දෙන්න … සුරංගනා උනත් ආයෙම කවිශ් ලගට යන එකක් නැහැ … ‘ පහන්ගේ හඩ බැගෑපත්වී ඇත …
‘ පහන් උබ මට උගන්වන්න එපා … මම දන්නවා මුන් වගේ දුප්පත් කෙල්ලොන්ගේ හැටි … පෝසත් කොල්ලෙක් දැක්ක ගමන් අල්ල ගන්නවා .. මේකිව ඉවරයක් කරේ නැති නම් මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ ..’
සෑම් අන්කල් අප දෙදෙනා දෙසට පැමිණියේ ය … ඉන්පසුව මා ඉදිරියේ සිට ගත්තේය … මා දෙස තවත් මොහොතක් බලා සිටියේය ..
‘අප්පච්චි මම අප්පච්චිගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමක් විතරයි .. සුරන්ගනාට පාඩුවේ ඉන්න දෙන්න … එයාට මොකුත් උනොත් .. අප්පච්චිට අප්පච්චිගේ පුතා නැහැ .. ’ පහන් නිවුන නමුත් දැඩි හඩින් කියා සිටියේය … සෑම් අන්කල් ඔහු කි කිසිවක් ගණන් ගත්තේ නැත …
මට කිසිම හැගීමක් දැනීමක් උවා නොවේ … මම ඔහේ සිදුවන්නකට ඉඩදී බලා උන්නෙමි … කවිශ් අයියා නැතිව ජිවත් වීමට වඩා මිය යෑම යෙහෙකි ..
‘ කෙල්ලේ උබ භාවනාට ලොකු දුකක් දුන්නේ .. උබට ඒ දුක ටිකක් හරි දැනෙන්න ඕන … උබ චුට්ට චුට්ට විදවලා මැරෙන්න ඕනි ..’ ඔහුගේ මුවගේ කුරිරු සිනාවකි ..
‘මාව මරපන් එක පාරින් මාව මරලා දාපන් .. උබලා ඔක්කොම එකතුවෙලා මට මේ ලෝකේ ජීවත්වෙන එක එපා කරා ..දැන් මට ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි ..’ මම වියරු හඩින් සිනාසුනෙමි … පහන් බියවී වාගේ බලා උන්නේය
සෑම් අන්කල් කලිසම් සාක්කුවට අත දමා එහි තිබු තුවක්කුවක් එලියට ගත්තේය ..
‘එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්න පුලුවන්ද උබට ….ටිකෙන් ටික විදවලා මැරෙන්න ඕන …’ සෑම් අන්කල් තුවක්කුව මගේ හිසට තිබ්බේය … නැවත පපුවට එල්ල කළේය ….
‘කොහෙටද ඉස්සරලා වෙඩි තියන්නේ …. ‘ ඔහු මගේ කකුල දෙස නෙතු හෙලා කකුල දෙසට තුවක්කුව එල්ල කළේය .. ‘ ඉස්සරලා දුවන්න බැරි වෙන්න කකුලට තියමු’ … ඔහු මාගේ කකුල දෙසට තුවක්කුව එල්ල කළේය ….. එකවරම උණ්ඩයක් නිකුත් විය මා සිතුවේ මාගේ ජිවය එතනින් ඉවරයි කියාය .. නොවේ එලෙසට උවේ … පහන් මා ඉවතට තල්ලු කර දමා තුවක්කුව උදුරා ගන්නට ඉදිරියට පැන්නේය …. ඔහු පියාගෙන් තුවක්කුව උදුරා ගන්නට වෙර දරයි සෑම් මා දෙසට් තුවක්කුව එල්ල කරන්න වෙර දරයි
‘සුරංගනා දුවන්න …මෙහෙන් පැනලා යන්න ….’ පහන් මා දෙස බලා කෑ ගැසුවේය .. මා ඔහේ බලා උන්නෙමි …
‘ සුරංගනා ඔයා වෙනුවෙන් නෙවේ .. ඔයාගේ අම්මා අප්පච්චි වෙනුවෙන් ඔයාගේ ජිවිතේ බේරාගෙන මෙහෙන් යන්න …’ ඔහු කිවේ සැබෑවී මගේ අම්මි අප්පච්චි වෙනුවෙන් හෝ මා දිවි රැක ගත යුතුය … මම පණ කලදක් නැති ශරීර කුඩුවට දිරිගෙන එලියට පැන්නෙමි …. පසුව හැකි වේගයෙන් ගේට්ටුව දෙසට දිව ගියෙමි .. ගේට්ටුව භාගෙට විවර කර තිබුනේය .. මම එයින් එලියට දිවුවේමි …
මේ මහා රාත්‍රියේ කාත් කවුරුවත් නොදන්නා නාදුනන පෙදෙසක මා මෙලෙස කොයි යන්නද කියා නොදැන මහා පාරේ ඉදිරියටම මම දිවුවෙමි .. දසතින් කැලෑ වැදී ඇති භුමියේ …කිසිම මිනිස් ජීවියෙක් නම් නැතිව ඇති .ඉන්නවා නම් ඒ තිරිසන් ආත්මයන් පමණක් වෙන්නට ඇති ….. මට හුස්ම ගන්න උව අමතක වී තිබෙන්නට ඇත … මම මදක් නැවතී හයියෙන් හුස්මක් හෙලුවෙමි …. නිරාහාරව සිට ගතට කිසිම ප්‍රාණයක් නැත … මට ක්ලාන්ත ගතියක් දැනුනේය … මට උන්නේ කොහෙද කියාවත් සිතීමට තරම් සිහියක් උවේ නැත … මම උන් තැනම මහා පාරේ ඉදගත්තෙමි … ඈතින් වාහනයක හඩක් යාන්තමට වගේ ඇසුණේ සිහියත් අසිහියත් අතර මා විකල් තත්වයකට පත්වීගෙන එද්දීය ..
හෙටත් හමුවෙමු…..