14

~~~සමනල වසන්තය~~~~
14 කොටස
මගෙන් උත්තරයක් ලැබෙනකන් පුජනී කටත් ඇරගෙම බලාගෙන ඉන්නවා .. …..මම යාන්තම් හිනාවෙලා පංතියෙන් එළියට ආවේ කාට හරි අපි කතා කරන දේවල් ඇහෙයි කියලා …
‘දැන්වත් කියපන්කො . ..’ පුජනිට ඉවසිල්ලක් නැහැ උන දේ මොකක්ද කියලා දැනගන්නකන් ..
‘මෙන්න මේකයි සිද්දිය …උදේ මම බස් එකෙන් බැහැලා ඉස්කෝලේ පැත්තට ඇවිදගෙන ආවා …එතකොට එක පුංචි කොලු පැටියෙක් මගේ ඉස්සරහට දුවගෙන ආවා ..’
මම එහෙම කියලා පුජනී දිහා බැලුවා .. ඇස් දෙකත් නළලේ තියාගෙන කෙල්ල මගේ දිහා බලාගෙන ඉන්නවා ….
‘ඉතින් තෙපරබාන්නේ නැතිව කියපන්කෝ ඉක්මනට මොකක්ද උනේ කියලා …’
‘ඊට පස්සේ අර පාර්සල් එක දීලා කිව්වා ඒක මට දෙන්න කිව්වා කියලා ..’ මම සිද්ද උන දේ අකුරක් නෑරම පුජනීට කියලා දැම්මා
‘කව්ද ඒ පාර්සල් එක ඔයාට දෙන්න ඇත්තේ ..’
‘මටත් හිතා ගන්න බැරි ඒ කව්ද කියලානේ ..’
අපි දෙන්නා කොච්චර කල්පනා කරත් ඒ නාදුනන ප්‍රේමවන්තයා ගැන හිතාගන්න අපිට බැරි උනා ..
‘ කව්රු වෙන්න පුළුවන්ද ඇත්තටම ….’
‘ඒක මට හිතාගන්න බැහැ …. එයාම මගේ ඉස්සරහට එයි නේ … එතකන් ඉවසලා ඉමු ..’
‘ ඔව් …. අපි චුට්ටක් ඉවසලා බලමුකෝ …. මිනිහා උබට ආදරෙයි නම් ඉස්සරහට එයි නේ ..’
‘ම්ම්ම්ම්ම් …ඒක නෙවේ උබගේ ප්‍රේමවන්තයා හම්බවුනාද අද ..’ මම එහෙම අහද්දී කෙල්ලගේ මුහුණ කළු පාට වෙලා ගියා …
‘එයා ආවේ නැහැ …. යාළුවෙක් අතේ මැසේජ් එකක් එවලා හවස එන්නම් කියලා … ගිෆ්ට් එක ඒ යාළුවා අතේම යැවුවා …’
ලහිරුව හම්බවෙන්න බලාපොරොත්තු ගොඩක් තියාගෙන හිටිය කෙල්ලගේ හිතට ලොකු වේදනාවක් වෙන්න ඇති කොල්ලාව හම්බ උනේ නැති එක …. අපිට ඒ ගැන වැඩිය කතා කර කර ඉන්න හම්බවුනේ නැහැ ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනා …
ඉන්ටර්වල් එකේදී කෙල්ලෝ හොරාට හොරාට සාක්කු වල හංගාගෙන හිටිය චොකලට් අදින්න ගත්තා …. කොල්ලොන්ගෙන් හම්බ වෙන දේවල් කොහොමත් ඉතින් ගෙදර ගෙනියන්න බැහැනේ ..
‘දිලිනි උබ බලපන් කව්රු හරි එනවා ද කියලා ….. ෆිෆෙට් කෙනෙක් ආවොත් කියපන් ….’ තේජා එයාගේ බෝයිගෙන් හම්බවෙලා තිබ්බ ලොකු චොක්ලට් එක කඩලා පන්තියේ කෙල්ලෝ අතරේ බෙදලා දෙද්දී අනිත් කෙල්ලොන්ගේ ගවුම් සාක්කු වලිනුත් එක එක කෑම වර්ග මතුවෙන්න ගත්තා ….
‘අද නම් මත්වෙන්න චොකලට් කෑවා … හැමදාම ආදරවන්තයන්ගේ දවසක් උනා නම් කියලා හිතෙනවා නේද සදු ….’ දක්ෂි ලොකු චොකලට් කෑල්ලක් කටේ දාගන්න ගමන් සදු දිහා බලනවා …සදුගේ හොර හිනාව නම් මට අල්ලන්නෙම නැහැ … මොකක් හරි හොරයක් තියෙනවා දෙන්නාගේ ….
‘ උබට විකාර දක්ෂි …’ සදූ බයවෙලා වගේ එතැනින් පැනගත්තේ දක්ෂි දිහාවට තරවටු බැල්මක් දාගෙනමයි .. … මගේ සහෝදරිගේත් මේ ලගදි මොකක් නමුත් ලොකු වෙනසක් තියෙනවා ..
‘මිස් ලයිට් එනවෝ ….’ දිලිනි මහා හයියෙන් බෙරිහන් දිගනම පංතිය ඇතුලට දුවගෙන ආවා ….
‘මොන ලයිට් එකක්ද බන් …උබ කියන්නේ සන් ලයිට් ගැනද ….’ මම එහෙම කියන ගමන් තේජා අතේ තිබ්බ චොකලට් එක උදුරා ගත්තා …
‘..ඕක හංගා ගනින් ….’ දිලිනිට කතා කරගන්නත් බැහැ ගොත ගහනවා …
‘හිරුෂි …. මොකක්ද ඔය අතේ තියෙන්නේ …’ මගේ පිටිපස්සේන් ඇහුනේ දීප්ති මිස් ගේ කන්කළු මනහර සුමධුර සුගායනාව තමයි … දැනුයි මට තේරුනේ මිස් ලයිට් කියන්නේ දීප්ති මිස්ට කියලා …..
‘චෝ …චොකලට් මිස් …මිස් කෑල්ලක් කනවාද …. ‘’ චොකලට් එක මිස් දිහාවට දික් කරලා මම එහෙම කිව්වාම මිස්ගේ ඇස් වලින් ගින්දර පිටවෙනවා මකරෙක් වගේ …
‘කොහෙන්ද තොපිට මේ චොකලට් … ‘’ දීප්ති මිස් තරහා ගියාම ගිනි මකරෙක් වගේ තමා …
‘කා …කඩෙන් …කඩෙන් ගත්තා … ‘
‘මට පේනවා කඩෙන් අරන් කියලා … දැන්ම කොල්ලෝ හොයාගත්තාද උබලා .. ඇටෙන් පොත්තෙන් එද්දිම කොල්ලෝ හොයාගනිල්ලා …. එතකොට ඉස්කෝලෙන් අවුට් උන ගමන් පැනලා යන්න පුළුවන් නේ …. අදට මම උබලා අත අරිනවා …හැබැයි කෙල්ලනේ ..උබලා කොල්ලෝ එක්ක කතා කර කර ඉදලා මට අහුවෙන්න එපා …’
දීප්ති මිස් යන්න ගියේ අපිට තර්ජනය කරගෙනමයි ..
‘හම්මේ දැනුයි මගේ ඇගට …ලේ චුට්ටක් ඉනුවේ ….’’ එහෙම කියන ගමන් මම ඉතුරු වෙලා තිබ්බ චොකලට් කෑල්ලත් කටට දාගත්තා ..
******
සදූට ඉස්කෝලෙන් පස්සේ රොටරි එකේ ක්ලාස් තිබුන නිසා මම පුජනී එක්ක නුගේගොඩ ටවුන් එක පැත්තට ඇවිදගෙන ආවා …
‘අද වහින්න වගේ නේ …….’ පුජනි අහස දිහා බලලා එහෙම කියද්දී මමත් ඒ දිහා බැලුවා … මුළු අහසම කළු වලාකුළු වලින් පිරිලා …තව පැයක් යන්න කලින් වැස්සක් එනවා ෂුවර් ..
‘අද කුඩේ ගෙනාවෙත් නැහැ මම …බස් එකට නගිනකන් පායාලා තිබ්බොත් හොදයි …’
‘ හිරූ ලහිරු ඇවිල්ලා මම ගිහින් කතා කරලා එන්නද ….’ ඈත ඉදන්ම අපි එන දිහා බලාගෙන හිටපු ලහිරුව පෙන්නලා හිරූ හරි ලස්සනට හිනාවුනා ..
‘හරි හරි උබ පලයන් ….. ඔන්න මම ගෙදර යනවා …වැස්සොත් එහෙම මට නාන්න වෙයි ’ පුජනීට ටටා බායි කියලා මම බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ගියේ බිම බලාගෙනමයි ….
‘අක්කි …… ඔයා හිරුෂිද …’ පුංචි කෙල්ලක් මගේ අතකින් අල්ලා ගාත්තා කොහෙද ඉදලා දුවගෙන ඇවිත් …
‘ඔව් …. මම තමා හිරුෂි කියන්නේ …’
‘මේක ඔයාට …’ අතේ තිබ්බ රෝසමල මගේ අතේ තියලා කෙල්ල දුවගෙන ගියේ මට වචනයක්වත් කියන්න ඉඩ දෙන්නේ නැතිවමයි .. කව්ද මේ මට එක එක දේවල් එවන කෙනා …. මම එහෙම හිතන ගමන් වටපිට බැලුවා … කිසි කෙනෙක් පේන්න නැහැ ….
‘කව්ද මේවා එවන්නේ මට …’ මම තනියම එහෙම කියන ගමන් බස් හෝල්ට් එක පැත්තට හෙමින් හෙමින් අඩිය තිබ්බා …එක පාරටම මහා හයියෙන් ගොරවන ගමන් වහින්න පටන් ගත්තේ මම බස් හෝල්ට් එකට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දීමයි … අද නම් හොදටම නාන්න තමා වෙන්නේ …
‘මේ කුඩේ ඔයාට ….’ මගේ වයසේම වගේ පිරිමි ලමයෙක් දුවගෙන ඇවිත් කුඩයක් දික්කරා … වේලාවේ හැටියට මේ කුඩේ ගන්න එක මගේ නුවනට හුරු …. මම කුඩේ අතට අරන් ඒක දිග ඇරලා කුඩේ දුන්න පිරිමි ළමයා දිහා බැලුවේ ස්තුති කරන්න හිතාගෙනයි … ඒ පමාවට පිරිමි ළමයා අතුරු දහන් …මේ මොන මංගල්‍යයක්ද දෙවියනේ … අද උදේ ඉදලා සිද්ද වෙන්නේ පුදුම දේවල් නේ …. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ ….
මම බස් හෝල්ට් එකට යන ගමන් හතර පැත්තම බැලුවේ අර පිරිමි ලමයාගේ ඇස් දෙක හොයාගන්න ඕන උන නිසා ….. මට ඒ පිරිමි ළමයාගෙන් අහන්න දාහක් දේවල් තිබුනා .. ඒත් ඉතින් කොච්චර හෙව්වත් ඒ පිරිමි ළමයා පේන්න හිටියේ නැහැ ….
වැස්ස නිසාද කොහෙද පැය භාගයක් විතර බලාගෙන හිටියත් බස් එකක් නැහැ …. මේ අකල් වැස්ස නම් නවතින පාටක් පේන්න නැහැ ..අදින් පස්සේ ඉතින් මේ වැස්ස නවතින්නේ නැති වෙයි මාසයක් විතර යනකන් ….. වැස්සේ ඉස්කෝලේ එනවා කියන එක තරම් අප්‍රසන්න වැඩක් මට තවත් නැහැ … වැහි දවස් වලට බොරු ලෙඩක් දාලා දවසක් දෙකක් ගෙදර නතර වෙන එක මගේ සිරිතක් වෙලා තිබ්බේ ..
කල්පනා කර කර පාර දිහා බලාගෙන හිටිය මගේ හිතේ එක එක පාට මල් පිපෙන්න ගත්තේ දිනිතව දැකලා ….. එයා යාළුවො ගොඩක් එක්ක බස් හෝල්ට් එක පැත්තට එනවා … මට එයා ඉස්සරහට දුවගෙන ගිහිල්ලා එයත් එක්ක කතා කරන්න ඕන උනත් මම ඉවසගෙන හිටියේ එයා මාව ගණන් ගන්නේ නැති බව හොදටම දැනගෙන හිටිය නිසා …
‘මාව හොදටම තෙමුනා …’ දිනිත එයාගේ සාක්කුවෙන් ලොකු ලේන්සුවක් අරන් ඔළුව පිහිනවා
එකම එක සැරයක් එයා මගේ දිහා බැලුවා නම් …එකම සැරයක් …හිනාවෙන්න එපා එකම එක සැරයක් මගේ දිහා බලන්න …මම එයා දිහාම බලාගෙන එහෙම හිතුවා … එකපාරම එයා මගේ දිහා බැලුවේ වැරදිලාද කොහෙද .. ..මාව දැකලත් එයා කලේ දැක්කේ නැහැ වගේ අහක බලන එකයි …
උලමා …. ඔයා නම් උලමෙක් තමා … මාව දැකලත් එකම එක පාරක් හිනාවෙන්න ඕන කියලා ඔයාට හිතෙන්නේ නැද්ද …
මම විනාඩි ගානක් එයා දිහා බලාගෙන එක එක දේවල් කල්පනා කළා …
‘ මම අදනේ දන්නේ දිනිත දිහා බලාගෙන අනිමිසලෝචන පුජාව කරන්න පුළුවන්ද කියලා …’ මම එකපාරම ගැස්සිලා ගියේ දිනිතගේ යාලුවෙක් එහෙම කියලා බස් හෝල්ට් එක දෙක වෙන්න කෑ ගැහුව නිසා …
‘මු දිහා බලාගෙන ඉතින් අපි නම් කරන්නේ පිළිකුල් භාවනාව …. ‘’ තවත් එකෙක් එහෙම කියද්දී මගේ මුළු මුහුණම ලැජ්ජාවෙන් රතුවෙලා ගියා ..
‘ අඩෝ මගේ මුහුණට අපහස කරන්න එපා හරිද …කෙල්ලෝ හරි කැමති මගේ මේ මුහුණට .’ දිනිත යාළුවාට එහෙම කියන ගමන් මගේ දිහා හොර බැල්මක් දාද්දීම තමා අපේ බස් එක හෝල්ට් එකේ නතර කලේ … බස් එකේ වැඩි සෙනගක් හිටියේ නැති නිසා කොහොම හරි මට ඇතුලට රිංගා ගන්න පුළුවන් උනා ….
මම බස් එකේ ඉස්සරහා නවතිද්දී දිනිත නැවතුනේ බස් එකේ අන්තිම හරියේ …. දිනිත මට ඇත්තටම කැමති නැද්ද පුළුවන් හැමවෙලේම එයා මාව මග අරින්නේ ඇයි මේ විදිහට …මට හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ඔළුව ඇතුලේ ඉදලා වද දෙනවා ….
ඊලග හෝල්ට් එකෙන් ඉස්කෝලේ ළමයි ගොඩක් බස් එකට නැග්ග නිසා මට පිටිපස්සේ හිටිය එයාව පේන්නෙම නැතිව ගියා …. ගෙදර ලග බස් හෝල්ට් එකෙන් බස් එකෙන් බැහැලා මම බස් එක ඇතුලට එබුනේ දිනිතව හොයන්න …
‘හු හු ..හු ….. කාවද නංගි හොයන්නේ ….ඔයාගේ මොනවා හරි නැතිවුනාද ..’ බස් එකේ හිටිය කොල්ලෝ ඔක්කොම හු කියන්න පටන් ගද්දි මම ආපහු බලන්නේ නැතිවම ගේට් එක ඇරගෙන ඇතුළට ගියා …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *