26

~~~සමනළ වසන්තය~~
26 කොටස
පටන්ගන්නත් කලින්ම අපේ ආදරේ බිදිලා ගියා කියන එක මතක් වෙද්දී හිත රිදුම් දුන්නත් මම හිතාගත්තා ආයේ නම් ඒ මතකයන් හිතට වද්දා ගන්නේ නැහැ කියලා … මට ඕන උනේ මගේ හිතේ දිනිත ගැන තිබ්බ ආදරේ මකලා දාන්න ….
‘Congratulate හිරූ ඊයේ උබලා ඩිබේට් එක දින්නා කියලා දැනගත්තම සතුටටම මාව පිස්සු වැටුනා ..’ පංතියට ගොඩවුන හැටියේම පුජනී ඇවිත් මාව බදාගත්තා හුස්ම ගන්නවත් බැරි තරම් තදට …
‘තෑන්ක්ස් කෙල්ලේ ….. දැන් අහකට වෙයන් ….. මෙහෙම හිටියොත් මාර මැරෙයි බන් හුස්ම ගන්න බැරිවම ..’ මම එහෙම කිව්වාම පුජනී පැත්තට උනා .. …
‘එල කෙල්ලේ නියමයි .. උබලා ආනන්දේ ටීම් එකට කට උත්තර නැතිවෙන්න දින්නා නේ … අපිට හරිම සතුටුයි …. ‘ පංතියේ කෙල්ලෝ ටික ඔක්කොම ඇවිත් කේතකිවයි මාවයි වට කරගෙන විශ් කරන්න පටන් ගත්තා ….
‘මට ගගුන් කිව්වා කට්ටියට මාර ජෙලස්ලු අපි දින්න එක ගැන …’ කේතකි ආඩම්බරෙන් එහෙම කිව්වා ….
‘ඒක තමා අපි කියන්නේ අපිත් එක්ක බෑ කියලා …හුරේ …’ කෙල්ලො ඔක්කොම පංතිය දෙක වෙන්න කෑ ගහද්දි තමා ගීතිකා මිස් පංතියට එබුනේ
‘මොකද මෙතන සිද්ද වෙන්නේ …. අර එහාට ඇහෙනවා මේ ගැහැණු ළමයි කෑ ගහන සද්දේ …’ ගීතිකා මිස් තරවටු කරද්දී කෑ ගැහුව කෙල්ලන්ගේ කටවල් නිකන්ම වැහිලා ගියා …
‘ඊයේ අපේ ඩිබේට් ටීම් එක තරගේ දින්නා නේ මිස් අපි ඒ ගැන කතා කර කර හිටියේ …’ තේජා එහෙම කියද්දී මිස් ගේ මුහුණට හිනාවක් ආවා
‘මට මාලා මිස් කිව්වා …. හිරුෂි හයිලයිට් උනා කියලා …ගුඩ් ..ගුඩ් … ‘’ගීතිකා මිස් කවදාවත් මට හොදක් කියලා නැහැ … කවදාවත් නැතිව මිස්ට මගේ අගේ දැනිලා ….
‘දැක්කද දැන් තමා කාට කාටත් මගේ අගේ තේරිලා තියෙන්නේ …’ මිස් පංතියෙන් එළියට ගියාට පස්සේ මම කෙල්ලන්ට පේන්න මගේ කොලර් එක ඉස්සුවා
*****
‘ඔන්න අද අපිට උබ ගානේ අයිස්ක්‍රීම් ඕනේ තරගේ දින්න සතුටට …’ ඉස්කෝලේ ඇරිලා එළියට බහිද්දිම තෙජාගෙන් රික්වෙස්ට් එකක්
‘උබට අයිස්ක්‍රීම් කන්න හොද නැහැනේ බතලි … ඊට පස්සේ ඕවා කාලා හෙට කියයි මට අයිස්ක්‍රීම් කාලා හෙම්බ්රිස්සාව හැදුනා කියලා ‘’
තේජා පොඩ්ඩක් මහත හින්දා අපි ජෝක් එකට එයාට බතලි කියලා තමා කතා කරේ …
‘අනේ උබ බයවෙන්න එපා ඒ ගැන … මට අද නම් අයිස්ක්‍රීම් ඕනෑමයි …’ හෙම්බිරිස්සාව නෙවේ ක්ෂය රෝගය හැදුනත් අයිස්ක්‍රීම් කන එක නම් නවත්තන්නේ නැති බව මම දැනගෙන හිටියා …
‘ඔව් ඔව් …මටත් ඕන .. මට ඕන ෆලුඩා මැජික් එකක් … ’ පුජනිත් ඉතින් කට කහනවා වගේ තේජාගේ කතාවට එකතු උනා …
‘මුන්ට පෙරේත දානේ දුන්නේ නැත්තම් මට රෑට නින්ද යන එකකුත් නැහැ … ..’ මම ඩබලගෙන් ගැලවෙන්න බැරි නිසාම අයිස් ක්‍රිම් කන්න අරන් දෙන්න කැමති උනා
‘අන්න එහෙම එන්න නංගි ….. ’
අපි තුන්දෙනා කතාකර කරම අයිස්ක්‍රීම් කඩයක් පැත්තට ඇවිදගෙන ගියා ….
‘අක්කි …අක්කි …’ එකපාරම පුංචි එකෙක් මගේ දිහාවට දුවගෙන ඇවිත් නතරවෙද්දී .. අපි තුන්දෙනාම ගමන නවත්තලා එයා දිහා බැලුවා …
‘ඇයි මල්ලියෝ …’
‘අක්කි ඔයාද හිරූ කියන්නේ …’ හරිම හුරතල් විදිහටයි මුහුණත් ඇල කරගෙන කොලු පැංචා එහෙම ඇහුවේ …
‘ඔව් බබෝ මම තමා …’ මම කොලු පැටියා දිහා බලලා එහෙම කියද්දී ඒ ඇස් දිලිසුනේ මිණි කැට දෙකක් වගේ …
‘එහෙනම් පොඩ්ඩක් මුහුණ පාත් කරන්න …’ කොලු පැටියා එහෙම කියද්දී මම තේජායි පුජනීයි දිහාව මාරුවෙන් මාරුවට බැලුවා … උන් දෙන්නා ඇස් වලින් කිව්වේ පාත් වෙයන් කියලා …
‘කෝ ඉතින් …’ පුංචි එකා හුරතල් විදිහට ආයෙම සැරයක් කියද්දී මම මුහුණ එහෙම්ම පාත් කරා …
‘මෙන්න මේක ඔයාට …’ කොලු පැටියා මගේ කම්මුලට කිස් එකක් දුන්නේ මම හිතුවේවත් නැති විදිහට
‘කව්ද බබෝ ඔයා …’ මම ඇස් දෙකත් ලොකු කරගෙන පුංචි එකා දිහා බැලුවා …. ඒ පුංචි මුහුණ එකපාරම මගේ පිටිපස්සේ හිටගෙන හිටිය කෙනෙක් දිහාවට ගියා ….. මම දෙපාරක් හිතන්නේ නැතිව විදුලි වේගෙන් ආපස්සට හැරුනා …. මට වඩා අඩි විස්සක් විතර දුරින් ඉදලා මගේ දිහා බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙවේ දිනිත . …ඒ මුහුණේ තිබ්බේ අසරණ කමක් …
‘එයා තමා ඔයාට උම්මා එකක් දෙන්න කිව්වේ …’ පුංචි එකා එහෙම කියලා දුවගෙන ගිහින් දිනිතගේ අතේ එල්ලුනා …. දිනිත පුංචි එකාව වඩාගත්තාම පොඩි කමට පොඩි එකත් එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා ….
උදේ වෙච්ච සිද්දියට මට මොහොතකට අමතක වෙලා ගිහින් මම එක ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතිව දිනිත දිහාම බලාගෙන හිටියා ගල් ගැහිලා වගේ …
‘ හිරූ …. හිරූ’ පුජනී මගේ උරහිසෙන් අල්ලලා හොලවනකන් මම හිටියේ එයාගෙන් ඇස් අහකට කරන්නේ නැතිවමයි …
‘වරෙන් ගිහින් දිනිතට කතා කරමු …’ තේජා මාවත් ඇදගෙන දිනිත හිටිය තැනට යන්න ලැහැස්ති උනා
‘ඕන නැහැ අපි යමු …’ මගේ ආඩම්බර හිත ඒකට ඉඩ දුන්නේ නැති නිසා දිනිත බලාගෙන ඉදිද්ම මම ආපහු හැරුනා ..
‘ හිරු උබ දිනිතට කැමති නේද …ඇයි උබ ඒක කියන්නේ නැත්තේ …’ මම කොච්චර හැංගුවත් පුජනි මගේ හිතේ දිනිත ගැන තියෙන හැගීම් අදුරගෙන හිටියා කියලා මට තේරුනා …
‘වරෙන් මෙන්න මෙහාට මට කාටවත් ලව් කරන්න ඕන නැහැ …’ මම ඉක්මන් අඩි තියලා එතැනින් ගියේ තේජායි පුජනියි එනවාද කියලාවත් බලන්නේ නැතිව
‘උගුරට හොරා බෙහෙත් බොන්න එපා බන් ..’ පුජනි දුවගෙන ඇවිත් එහෙම කියද්දී මම එයාට උත්තර දෙන්න ගියේ නැහැ … මට ඊට පස්සේ හිනාවෙන්න තියා කතා කරන්නවත් මුඩ් එකක් තිබ්බේ නැහැ …. පුජනීයි තේජායි කතා නොකරම මගේ පස්සේ ඇවිදගෙන එනවා ….
‘මම යනවා පුජා අපි හෙට අයිස්ක්‍රීම් කමු ….’ ටික දුරක් ගිහින් මම එහෙම කිව්වම පුජනී තේජා එක්ක එයාලාගේ බස් හෝල්ට් එක දිහාවට යන්න ගියේ මුහුණත් කළු කරගෙනමයි ….
‘හිරූ මට සමාව දෙන්නම බැරිද …. ‘’ මම හිතුවේවත් නැති විදිහට දිනිත මගේ පස්සෙම ඇවිල්ලා එහෙම ඇහුවේ මම බස් හෝල්ට් එක ලග නතර වෙද්දීමයි …
‘සමාව දෙන්න පුළුවන් ..’ මම එහෙම කියලා කතාව නවත්තලා දිනිතගේ මුහුණ දිහා බලද්දී ඒ මුහුණට ලස්සනම ලස්සන හිනාවක් ආවා …
‘ඒත් හරියට හොයලා බලන්නේ නැතිව මාව සැක කරපු කෙනෙක්ට මම කොහොමද ලංවෙන්නේ ….’ හිනාවකින් පිරිලා ගිය ඒ මුහුණ එක පාරම කළුවෙලා ගියා මගේ කතාව ඇහුවාම …. ටික වෙලාවක් අදහගන්න බැරි විදිහට මගේ දිහා බලාගෙන හිටිය එයා දිග හුස්මක් අරගත්තා
‘මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන් නොදන්න කමට ..ඒ වැරදි පෙන්න පෙන්න ඒ මිනිහාව තලන්නේ නැතිව එක පාරක් සමාව දෙන්න බැරිකමක් නැහැනේ ..’ හරිම අසරණ විදිහට තමා දිනිත එහෙම කිව්වේ
‘ඒත් ඒ කියපු කතාවට මගේ හිත හොදටම රිදුනා ..’ මම එහෙම කියලා එයාගේ මුහුණෙන් ඇස් අහකට ගත්තා …. මට දැනුනා මගේ ඇස් කකියනවා වගේ ….
‘ඔයා දන්නවාද හිරූ එක දවසක් දෙකක් නෙවේ මම ගොඩක් දවස් අනුප එක්ක ඔයා කතා කරකර ඉන්නවා දැක්කා …. ඒ හැම සැරේම මම ගොඩක් විදෙව්වා …. ඔයා ගොඩක් සතුටින් හිටියේ ….. මම හිතුවා ඒ සතුට ලැබෙන්න දීලා සදහටම ඔයාගේ ලෝකෙන් යනවා කියලා ..ඒකයි මම ඔයාව මග ඇරියේ … ඒත් මට ඔයාව නොදැක ඉන්න බැරිඋනා .. ඔයාව අමතක කරන්න බැරිවුනා ….. ඔයාව දකිද්දී ඔයා වෙන කෙනෙක්ට අයිති කියලා මට අමතක වෙලා යනවා … ඔයාට ලංවෙන්න හිතෙනවා …’
දිනිත කටහඩ වෙව්ලනවා ….මට දැනුනා එයා මහා ගොඩක් ආදරේ කරලා කියලා …. දිනිත සදුයි අනුපයි එකට ඉන්නවා දැක්කම කොච්චර දුක් වෙන්න ඇද්ද ..
‘අද උදේ අනුපට ආදරේ කරන්නේ ඔයා නෙවෙයි ඔයා වගේම හැඩරුව තියෙන ඔයාගේ අක්කා කියලා දැනගත්තම මගේ හිතට දැනුන සැනසීම ඔයාට හිතාගන්න පුළුවන්ද … ‘’
කියවාගෙන කියවාගෙන ගිය දිනිත එකපාරම කතාව නවත්තලා මගේ මුහුණට එබිලා එයාගේ ඇස් වලින් මගේ ඇස් දෙක අල්ලා ගත්තා ….ටික වෙලාවක් යනකන් අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් අහක බැලුවේ නැහැ ..
‘මට ඔයාව ඕන හිරූ …..මම පොරොන්දු වෙනවා ….. ඔයාව කවදාවත් අවිශ්වාස කරන්නේ නැහැ කියලා ..එකම එක පාරක් මට මගේ වැරැද්ද හදාගන්න ඉඩ දෙන්න ..’
එයා එහෙම කියද්දී …. සිය දහස් වාරයක් එයා කරපු වැරැද්ද පිලිගද්දී මට එයා වෙනුවෙන් සමාව නොදෙන්න පුළුවන් උනේ නැහැ …
‘මම ඔයා කියන හැම වචනයක්ම විශ්වාස කරන්නම් දිනිත අයියා .. ‘’ එයා හිතුවේවත් නැති වෙලාවක මම ඒ අත උඩින් මගේ අත තිබ්බා … විශ්වාස කරන්න බැරිව වගේ මගේ දිහා බලාගෙන හිටිය දිනිත එයාගේ අනිත් අත මගේ අත උඩින් තියලා තද කරා …
‘හිරූ …. ඔය ඇත්තමයි කියන්න …’ එයා ආපහු එහෙම ඇහුවේ කන් දෙකට ඇහුන දේ තාමත් අදහගන්න බැරිව වගේ …
‘සත්තයි …’ මම ආපහු එහෙම කිව්වාම එයා ඇස් වලිනුත් එක්ක හිනාවෙන්න ගත්තා … මුහුණේ තිබ්බ දුක කොහේ ගියාද නැතිව ….
‘හැමදාමත් මට ආදරේ කරනවාද හිරූ …’ එයා යාන්තම් ඇස් අඩවන් කරලා එහෙම අහද්දී මට හිතුනේ ඒ ඇස් වල කාන්තියට මාව පිච්චෙයි කියලා …
‘ම්ම්ම්ම්ම් මගේ මේ හුස්ම නවතින කන් ඔයාට විතරක් ආදරේ කරන්නම් … ඒක මගේ පොරොන්දුවක් ..’ මම එයාට මුළු හිතින්ම ඒ පොරොන්දුව දුන්නා
‘ඔයාගේ හුස්ම නැවතූන දාට මගෙත් හුස්ම නවතීයි … ඊට පස්සෙත් එන හැම ආත්මයකම මට ආදරේ කරනවාද …’
‘ඔව් මට ආත්ම සීයක් ලැබුනොත් ඒ ආත්ම සියේම ඔයාට ආදරේ කරන්නම් …’ මම ඕනෑවට වඩා දිනිත ලගදි රොමෑන්ටික් උනා …. කොච්ච්ච්ර දග වැඩ කලත් මේ ආදරේ නම් දගකාරකමක් නෙවෙයි …. සදාකාලිකයි කියලා මම දැනගෙන හිටියා ….

මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *