28

~~~සමනල වසන්තය~~~
28 කොටස
‘හිරූ මොකක්ද ඔයා ගෝල්ෆේස් ඇදගෙන යන්නේ …’ අල්මාරිය දිහා බලාගෙන සදූ බර කල්පනාවක ..
‘ඉන්නවා මම තෝරන්න ඇදුමක් …’ සදුව පැත්තකට තල්ලු කරගෙන මම අල්මාරිය ඇතුලට එබුනා … අපි දෙන්නාට හැමදාම අම්මාගෙනුයි අප්පච්චිගෙනුයි හම්බවෙන්නේ එක විදිහේ ඇදුම්නේ …දෙන්නටම අදින්න එකම විදිහේ ඩෙනිම් දෙකකුයි ටිෂර්ටුයි තෝරාගෙන සදුගේ ඇදුම එයා දිහාවට විසිකලා …
ඇදුම් ඇදලා ඉවර වේලා කන්නාඩියෙන් බලද්දී මම දැක්කේ මගේ රූපෙම ප්‍රතිබිම්බ දෙකක් …සදුයි මායි ඒ තරම් එක සමානයි …. ගෙදරින් පිටදී අපි දෙන්නව එක තැනකදී කවුරු හරි දැක්කොත් සදු කවුද හිරූ කවුද කියලා කාටවත්ම අදුරගන්න බැරි වෙනවා ..
‘මෙන්න ඔයාලා දෙන්නාට මම ගානේ සරුංගල් ….’
හවස ගෝල්ෆේස් යන්න ලැහැස්ති වෙලා එළියට බහිද්දී නිදුකයියා සරුංගල් දෙකකුත් උස්සන් අපි ඉස්සරහට ආවේ ලොකු සතුටකින් ….
‘එතකොට අයියාට සරුංගලයක් නැහැ නේ ..’ සදූ කට කහනවාට වගේ එහෙම ඇහුවේ
‘මට ඕන නැහැ …. මේවා මම හැදුවේ ඔයාලාට ..’ ගෙදර ආව වෙලාවේ ඉදලා කාමරේ අස්සට රිංගාගෙන මෙයා කරන්න ඇත්තේ මේක තමා ….. නිදුකයියා අපි වෙනුවෙන් ඕනෑවට වඩා දේවල් කරන එක මගේ හිතට හරි නැහැ වගේ …
‘ ඔන්න මට නම් ඕවා උස්සගෙන බස් වල යන්න බෑ … ’ එහෙම කියන ගමන් මම එළියට බහිද්දී නිදුකයියාගේ මුහුණ කළු වෙලා ඇදවෙලා ගියා …මෙච්චර මහන්සි වෙලා සරුංගලයක් හදලා දීලාත් මම ගණන් ගත්තේ නැති උනාම එයාට මොනවා හිතෙන්න ඇතිද ….
‘ඔයාලා බස් එකේ යන්න ඕන නෑ ත්‍රිවිල් එකක් හයර් කරගෙන යන්න .. ..’ මගේ කතාව ඇහිලාද කොහෙද අම්මා එළියට ඇවිත් මිදුලේ හිටගෙන හිටිය මට රවලා අයියා අතට සල්ලි වාගයක් දුන්නා ..
‘පුතා මෙයාලා මොනවා හරි ඉල්ලුවොත් අරන් දෙන්න …. හිරූ සදූ අයියාට වද දෙන්නේ නැතිව පරිස්සමින් ගිහින් එන්න එහෙනම් ..’
අපි ගේට්ටුවෙන් එළියට එද්දී අම්මා එහෙම කිව්වේ සදූ කොහොම වෙතත් හිරු කොහොමද කියලා දන්න නිසා වෙන්න ඕන …
මුළු ගෝල්ෆේස් පිට්ටනියම එක එක වයසේ අයගෙන් පිරිලා . …. ගොඩක් ළමයිගේ අත්වල සරුංගල් … මම සදූවත් ඇදගෙන පිට්ටනියට දුවද්දී නිදුකයියාත් සරුංගල් දෙක අරන් අපි දෙන්නා පස්සේ දුවගෙන ආවා ..
‘ශා ….මාර හුලගක් නේ … ’ පිට්ටනිය අයිනට දුවගෙන ගිහින් මම අත්දෙකම දෙපැත්තට විහිදවා ගත්තා
‘ ඉගිල්ලෙන්න හදනවාද හිරු මෙහෙ එන්න සරුංගල් යවන්න…’ නිදුකයියයි සදුයි දෙන්නා එකතුවෙලා සරුංගල් යවන්න ලැහැස්ති වෙනවා …
‘කෝ දෙන්න මගේ සරුංගල් එක …’ නිදුකයියා අතේ තිබ්බ සරුංගලේ උදුරාගෙන මම මුහුද පැත්තට දුවලා ගියා ..
සුළන් පාර සැර නිසා සරුංගලේ ලස්සනට උඩ යනවා …
‘බලන්න සදු මගේ සරුංගල් එක ඔයාගේ එක පහු කරගෙන ගියා ….’ එකපාරම හිතට ආපු සතුටට උඩ පැන්න පාර අතේ තිබ්බ සරුංගලේ නුල මගේ අතින් අතෑරිලා ගියා ….
‘අනේ මගේ සරුංගල් එක අපරාදේ …’ හිතට ආපු දුක නිසා මගේ මුහුණ කලුවෙලා යද්දී නිදුකයියා සරුංගල් එක පස්සේ දුවන්න ගත්තත් සරුංගලේ අල්ලා ගන්න බැරිව ගියා ….
‘ඉන්න මම වෙන එකක් අරන් දෙන්නම් ..’ නිදුකයියා සරුංගල් හොයාගන යන්න කියලා ලැහැස්ති උනා
‘එපා අයියා … මට දැන් ඇති සෙල්ලන් කළා ….’ එහෙම කියලා මම පැත්තකට යද්දී නිදුකයියා සදු දිහාවට ඇවිදගෙන ගියා …
මුහුදු වෙරළ දිහාවට ඇවිදගෙන ගිහින් ඒ දිහා බලාගෙන මම ගොඩක් වේලා ඉන්න ඇති … එකපාරම ඉස්සරහා වැල්ල දිගේ ඇවිදගෙන ආවේ දැකලා පුරුදු මුහුණක් නිසා මම ඕනෑකමින් ඒ දිහා බැලුවා ….හීනයක් කියලා අමතක කරලා දැම්ම අර මිනි මැරුම මගේ ඇස් ඉස්සරහාම කරපු මිනීමරුවා තමා ඒ හිටියේ …… එයා පස්සේ අර මැර සහායකයෝ ටිකත් ඉන්නවා ….. මම ටක් ගාලා පැත්තකට හැරිලා අහක බලාගත්තේ හදිසියේවත් මැරයෝ ටික මාව අදුරගයි කියලා ….
මිනිස්සු ටික මාව පහු කරලා ගිය හැටියේ මම නිදුකයියා හිටිය තැනට දුවගෙන ගියා ….මට ඒ වෙලාවේ ඕන වෙලා තිබ්බේ කාගේ හරි ආරක්ෂාවක් ….
‘හිරූ මොකද බයවෙලා ..’ නිදුකයියා මගේ මුහුණ දැක්ක ගමන් එකසිය ගානට බයවෙලා …
‘අනේ අයියා අපි ඉක්මනට මෙතනින් යමු …මට ගොඩක් බයයි ..’ මගේ කටහඩ වෙව්ලනවා බයටම ..
‘හරි දැන් ඉස්සරලා කියන්න මොකක්ද උනේ කියලා ..’
‘ කියන දේ අහලා මාව එක්ක යන්න නැති නම් මම යනවා යන්න ..’ මම එයා ලගින් දුවන්න ලැහැස්ති උනාම නිදුකයියා මගේ අත තද කරලා අල්ලා ගත්තා . සදු සරුංගලේ යවන එක නවත්තලා මගේ දිහා කටත් ඇරන් බලාගෙන හිටියේ උන දේ මොකක්ද කියලා හිතාගන්න බැරිව වෙන්න ඕන ..
‘හරි අපි එන්නම් යමු …’
මම හිතාගෙන හිටියේ එදා මම ටවුන් එක මැද්දේ දැක්කේ හීනයක් කියලා . …ඒ උනාට ඒක හීනයක් නෙවෙයි ඇත්තක් …. ගෙදරට යනකන්ම මට අර මිනීමැරුම් සිද්දිය මැවී මැවී පෙනුනා …
නිදුකයියා කොච්චර ඇහුවත් මම කිසිම දෙයක් නොකියා හිටියේ කතා කරගන්නවත් මගේ හිතට ෆිට් එකක් තිබ්බේ නැති නිසා ..
‘මොකද මේ ඉක්මනින් ආවේ …’ අපි ගිහින් ඒ ගමනම ආපහු ආව නිසා අම්මා පුදුමෙන් වගේ ඉස්සරහට ආවේ අපි ත්‍රිව්ල් එකෙන් බහිද්දීමයි …
‘අම්මා …’ මම දුවගෙන ගිහින් අම්මාට තුරුළු උනාම මට හයියෙන් ඇඩුනා
‘ඇයි හිරු මේ අඩන්නේ .. ‘’
‘අර මිනීමරුවා මම අද දැක්කා අම්මා …ඒ මිනිහා මගේ ඉස්සරහින් ඇවිදගෙන ගියා …’ සිද්ද උන දේ අම්මාට කියන ගමන් මම හෙමින් ඇඩුවා ..
‘හිරු ඔයා ඕක මතක නැති කරලා දාන්න .. ඒක ඇත්ත උනත් අපි කොහොමද ඒ මිනි මැරුම ඔප්පු කරන්නේ ..ඒ නිසා මේ හිටියා වගේ ඔයා ඒක හිනයක් කියලා අමතක කරන්න …..’
අම්මා මට ගොඩක් දේවල් කියලා දුන්නා … ඒ මිනි මැරුම ඇත්තක් උනත් … මට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ නේ … අම්මා කිව්ව දේවල් ඇත්ත ….
*******
මම ගොඩක් අමාරුවෙන් ඉස්සරලා දවසේ උන දේවල් අමතක කරලා ඉස්කෝලේ යන්න ලැහැස්ති උනේ දිනිතව දකින්න ඕන නිසා ….
‘ආ … තොටළඟ සුමනා කොහොමද ….’ දිනිත මාව දැක්ක ගමන් එහෙම ඇහුවේ ඇස් පුංචි කරලා බලන ගමන්මයි …. මට හිනාවෙන්න ඕන උනත් හිනාවක් මගේ මුහුණට ගෙන්න ගන්න ලෙහෙසි උනේ නැහැ ..
‘මොකද මේ උරුලෑ මුහුණ වෙනදා වගේ නැත්තේ …..කතාවකුත් නැහැ නේ මගේ කතා පෙට්ටිය ’
‘උරුලැවී කිවා මට ….’ බස් එකේ ජනේලෙන් ඇතුලට ආපු හුළං පාර නිසා අවුල්වෙන කොන්ඩේ අතින් හදන ගමන් මම එයා දිහා බැලුවේ නෝක්කාඩු බැල්මකින් ..
‘ඉතින් ඔයා උරුලෑවී නේ මගේ ….’
‘ඉස්සරලාම කියනවාද මට ඔය උරුලැවී කියන එකා මොනවගේ සතෙක්ද කියලා …’
‘මම දැකලත් නැහැ හලෝ ..’
‘එහෙනම් උරුලැවී කිව්වේ …’
‘ ආදරේට නේ …’ දිනිත ලොකු ආදරේකින් මගේ දිහා බලද්දී මම සපත්තු වලින් ඉස්සිලා පිළිවෙලට පීරලා තිබ්බ එයාගේ කොන්ඩේ අවුල් කරලා දැම්මා ….
‘පිස්සියක් මහා …’
‘ආදර පිස්සියක් …’ මම එහෙම කියද්දී දිනිත මං අවුල් කරලා දැම්ම කොන්ඩේ ආපහු පිළිවෙලට එයාගේ අතින් හැදුවා ..
නුගේගොඩ ටවුන් එක දකිද්දී මට මතක් උනේ අර මැරයාව …ඒ මිනිහා කරපු මිනි මැරුම ……
‘මොකද මේ මුහුණ ආයෙම මැලවිලා ගිහින් ….’ මම ආයෙම මුහුණ වෙනස් කරගත්තාම දිනිත මගේ මුහුණ දිහා උවමනාවෙන් බැලුවා
‘හිතට හරි නෑ අයියා ….’
‘ඒ මොකද ..’
‘අර …අර … මිනීමරුවා මම ඊයේ ගෝල්ෆේස් එකේ දැක්කා ..’
‘මොනවා ..’
‘ඔව් …එයා මගේ ඉස්සරහින් ඇවිදගෙන ගියා …’ මම ඊයේ දැක්ක දේවල් එයාට කිව්වාම දිනිත මුහුණ බර කරගත්තා …
‘හිරූ ඔයා ආයේ එහෙම තනියම කොහෙවත් යන්නේ නැහැ හරිද .. මට දැන් ඔයා ගැන බයයි ’ දිනිත එහෙම කිව්වේ හරිම සීරියස් විදිහට …. එයා උනත් එදා මම මිනීමැරුමක් දැක්කා කිව්වම බොරුවක් කියලනේ හිතුවේ …දැන් එයාට හිතෙනවා ඇති ඒ කිව්ව කතාව ඇත්ත කියලා …..
‘අර මිනීමැරුම ගැන කාටවත් මොකුත් කියන්න එපා ….ඔය ලොකු ලොකු මැරයන්ට දේශපාලන සම්බන්ධකම් තියනවා …. එයාලා මොන වැරැද්ද කරත් බේරෙනවා … ඒ නිසා ඔයා ඒ මිනීමැරුම අමතක කරලාම දාන්න …’
දිනිත අයියා එහෙම කියද්දී මම ඔළුව වනලා එයා කිව්ව දේවල් පිළිගත්තා ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *