02 කොටස

මා සිහින අයියාට කතා කිරීමට ඇබ්බැහි වුවා කිවොත් නිවැරදිය … දිනාරා නැතහොත් සහන් මල්ලිගෙන් ජංගම දුරකථනය ඉල්ලා ගන්නා මා ඔහු වෙනුවෙන් දිනකට විනාඩි ගානක් වෙන් කරගන්න පුරුදු උවේ නිරායාශයෙනි …

‘හෙලෝ …’

සහන් මල්ලිගෙන් දුරකථනය ඉල්ලාගෙන කාමරයට දිවයන මා කාමරයේ දොරගුළුලාගෙන සිහින අයියාට ඇමතුමක් ගන්නෙමි ….

‘මොකද මෙච්චර වෙලා පරක්කු උනේ මෝඩියේ …මම ඔයා කතා කරනකන් බලන් හිටියා ..’
‘මොකද ඉතින් මම කතා කරනකන් බලන් හිටියේ …’
‘ මම තාම කාලා නැහැ …’
‘ඉතින් …’
‘ඔයා කාලද ඉන්නේ … ’
‘තාම නැහැ …. ‘’
‘එහෙනම් ඔයා කන වෙලාවට මට මැසේජ් එකක් දාන්න … අපි දෙන්නා එකටම කමු ..’
ඉතින් කෙදිනකවත් කිසිවෙකු මා වෙනුවෙන් මෙලෙස බලා හිද නැත … හිතට දැනුනේ සතුටකි …කිසිවෙකු නොසලකා නොබලා නොසොයා උන් යුවතියකට මෙවැනි දේවල සිදුවෙද්දී දරාගැනීමට අපහසුය බොහෝ අපහසුය …

‘මේ …’
විනාඩි කීපයක නිහැඩියාව බිද දැමුවේ ඔහුමය ..

‘ම්ම්ම් කියන්න අයියා …’
‘තාමත් ඔයා ඉස්සර වගේමද …. ’

මා තවමත් ඔහු දැක නැත ..ඉතින් ඔහු පවසන්නේ ඔහු මා දැක ඇති බවයි …

‘ඉස්සර වගේ ද කියලා ඇහුවේ …’

‘මට මතකයි ඉස්සර ඔයා ජංගි කොටයක් ඇදගෙන සෙල්ලම් කරනවා …’

‘අනේ යන්න අයියා මම එහෙම සෙල්ලම් කරලා නැහැ …’

‘නැත්තේ නැහැ ඉස්සර සහන් මල්ලිලාගේ ගෙදර එන දවස් වල මම දැකලා තියෙනවා නේ ….අපිත් එක්කත් සෙල්ලම් කරලා තියෙනවා ඔයා …’

මට සිහියට ආවේ එවිටය … සහන් මල්ලි පැවසු පරිදි සිහින අයියා ඔහුගේ අම්මා තාත්තා සහ අක්කා සමගින් කුලියට උන් නිවස පිහිටා තිබුනේ සහන් මල්ලිලාගේ නිවස අසලමය … ඉතින් ඒ පුංචි දවස් වල මා සහන් මල්ලිලාගේ නිවෙසට ගිය විට සෙල්ලම් කල අසල්වැසි ළමුන් අතර ඔහු සිටින්නට ඇත .. කොතරම් සිහි කලත් සිහියට නොනැගුනේ ඔහුගේ හැඩරුවයි ..

‘ඇත්තටම නිකිණි ඔයා කොයි වගේද …. ඉස්සර වාගේ වදුරු ශේප් ද .. ‘’
ඔහු විහිළුවට මෙන් එලෙස පවසා මහා හඩින් සිනාසෙන්න විය ..
‘අනේ යන්න අයියා ..මම මලක් වගේ …හරිද රෝස මලක් වගේ මම ..’
මම ඔහුට නෝක්කාඩු කීවෙමි
‘මම ඔයාට රෝසි කියන්නද එහෙනම් …’
‘ඔයා කැමති එකක් කියන්න අයියා ….හැබැයි මම නම් ඔයාට කියන්නේ සමනළයා කියලා …’
‘ඒ මොකද … මට සමනළයා කියන්නේ …’
‘ අයියා දන්නවාද කාලෙකට අපේ ගෙවල් පහු කරලා සිරිපාදේ වන්දනා කරන්න යනවා සමනල්ලු රෑන් පිටින් …..මම බැල්කනි එකට වෙලා උන් ඈතට ඈතට යනකන් බලාගෙන යනවා … මට හිතෙනවා උන් හරි වාසනාවන්තයි කියලා පුදුම නිදහසක් තියෙන්නේ …. ඉතින් සමනල්ලු දිහා බලාගෙන හිටියාම මට පාළු දැනුනේ නැහැ ….මම ගොඩක් ආසයි සමනල්ලුන්ට….දැන් මගේ හිතේ පාළුව මකන්න ඔයා ඉන්නවා ….. මට හිතෙනවා අර සමනල්ලුන්ට වගේම මම ඔයාට ත් කැමති කියලා ….’

‘ ඒ උනාට නංගි සමහර වේලාවට සමනල්ලුන්ට සිරිපා කරුණා කරන්න හම්බ වෙන්නේ නැහැ ..උන් මගදීම තටු ගැලවිලා මැරිලා වැටෙනවා …..මටත් එහෙම වෙයිද ..’

ඔහු මේ පවසන්නේ කුමක්ද … මම සිතා නැති දුරක් ඔහු ගියේ කෙලෙසද …. කෙදිනකවත් හමු නොවූ කෙනෙක් ගැන ඔවැනි දේවල් සිතන්නේ කෙලෙසද … ඉතින් මට බොහෝ දුර සිතා සිත අවුල් කරගැනීමට උවමනා වුවා නොවේ …

‘ මොනවා කියනවාද මන්දා මම තියනවා අයියා …. පස්සේ කතා කරන්නම්’
දුරකථන ඇමතුම විසන්ධි කල මා කාමරයෙන් එලියට බැස්සේ ගැහෙන සිතුව්ලි වලිනි .. සියුම් ක කිතියකින් මුළු ගතම වෙලෙද්දී මා උන්නේ සිහින ලොවකය …

‘මොකද ළමයෝ මේ උඩ බලාගෙන යන්නේ …තව පොඩ්ඩෙන් මම වැටෙනවා …’
මගේ හැපී වැටෙන්නට ගිය මම්මා මට රැවුවේය …

‘අනේ මම්මා සොරි .. මේ ලයිට් එක ඩිම් වෙලා වගේ තියෙන නිසා ඒ දිහා බලාගෙන ආවේ මම ..’
මා ආච්චිට පැවසුවේ මුසාවකි ..

‘මට නම් එහෙම පේන්නේ නැහැ …. ඔය හොදට එලිය තියෙන්නේ …අනේ මට තේරෙන්නේ නැහැ ළමයෝ ….ඇස් පෙනීම අඩු මගේද ඔය ළමයාගේද කියලා ..’

ආච්චි ඉවතට යන්නේ මට දොස් නගමිනි ,,,

‘සහන් මල්ලි මෙන්න ෆෝන් එක …’
මා දිගු කල දුරකථනය මල්ලි අතට ගත්තේ කට කොනකට සිනාවක් නගා ගනිමිනි ..
‘කාත් එක්කද මල් කැඩුවේ .. ‘’

‘අපිට ඔයාට වගේ මල් කඩන්න කවුරුත් නැහැ …’

‘ ආ ..ඇත්තද ..මම හොයාගන්නම් කෝ …මේ තමුසේ මගේ වැඩේ කලේ නැහැ නේ ..’

‘මොන වැඩේද ….’
‘අර සිහිනයා බයිට් කරන එක ‘’
‘අනේ මට බෑ ඔය පව් වැඩ කරන්න …කවුරු උනත් පව් ඒ කොල්ලා ..’
‘ආ ..මේ මොකද එක පාරම මෙයාගේ මොකක්ද එක උණු වෙලා ඌ ගැන …’
‘එහෙම දෙයක් නැහැ මෝඩයෝ …එනවා අපි වැඩක් කරන්න …. ‘’

මා මල්ලිගේ අතකින් ඇදගෙන ගියේ අම්මාගේ කාමරය වෙතය …

‘මොකද අක්කා කරන්න යන්නේ ලොකු අම්මා දැනගත්තොත් බනි … ’

මා අම්මාගේ අත් බෑගය ඇර මුදල් නෝට්ටුවක් ගන්නා ආකාරය දැක මල්ලි බියපත් දෑසින් බලා උන්නේය …

‘ අනේ මේ මෝඩයා එයා දැනගන්නේ නැහැ .. තමුසේ ගිහින් මට ෆෝන් කාර්ඩ් එකකුයි …. කඩචෝරු ටිකකුයි අරන් එනවාකෝ … ’
මා මල්ලි අත තැබූ පන්සියේ නෝට්ටුව ගෙන ඔහු ගේට්ටුවෙන් ඉගිල්ලෙන්නේ චුරු චුරු ගාමිනි ..

මගේ අම්මා කිසිදිනෙක මා වෙත ලංවී ඉද නැත …. ඈ දියණියක ලෙස මා තුරුළු කරගෙන උන් දිනක් හෝ මතක නැත …. තම සැමියා ගැනද ඕ සැලකිලිමත් වුවේ නැත …. ඔවුන් ඔවුන්ට පෙම් නොකරන්න ඇත ….

‘ බබී බබී ..’
අම්මගේ කටහඩ ඇහුනේ කාමරය දෙසිනි …. මා හිස වුව නො ඔසවා උන් අයුරින්ම අසුන්ගෙන උන්නෙමි …
.
‘කව්ද මගේ කාමරයට ගියේ .. ’
මා නෑසු කන් ඇතිව ඉද්දි අම්මා අසලටම විත්ය …
‘කන් ඇහෙන්නේ නැද්ද බබී …’

වරක් දෙවරක් කතා කර අවසානයේ ඈ මා දෙස බලා උන්නේ ගිනි පිටවෙන දෑසිනි …

‘නාලිකා මොකද ඔයා මේ කෑ ගහන්නේ ….පාරට ඇහෙනවා ශද්දේ …’

තාත්තා ගෙට පැමිණියේ එවිටය ….
‘අහන්න ඔයාගේ දුවගෙන් ….මගේ කාමරයට ගිහිල්ලා අවුස්සලා දැම්මේ ඇයි කියලා .. පර්ස් එකත් ඇදලා දාලා .. ..’

‘බබී ඇත්තද අම්මා මේ කියන්නේ …’

‘සොරි තාත්තා …’ මම වරද පිලිගතිමි
‘ආයේ එහෙම ඔහොම දේවල් කරන්න එපා …. දැන් යන්න කාමරයට …’

තාත්තා පවසද්දී මා කාමරයට ගියේ අම්මා දෙස නොබලමිනි …කුඩා කාලයේ පටන් ඇය මට හිමි ආදරය නොදුන්නාය .. ඉතින් මා ඇගෙන් ඈත් වෙන්න ඇත්තේ ඒ නිසාය ..

*****
‘අයියා …’

පසුදා උදෑසන මා අවදි වුවේ සාලය දෙසින් අයියාගේ කටහඩ ඇසීම නිසාය … මා රෑ ගවුම පිටින්ම සාලය දෙසට දිව්වෙමි ….
‘අයියා ඔයා ආවාද ….’

පෙරට දිව ගොස් මා අයියාගේ ගෙලේ එල්ලුනෙමි …ඔහු මා මේ දකින්නේ මාස තුනකට පමණ පසුවය …
‘මේ ලගට ඩියුටි ආව ගමන් ඔයාලා බලලා යන්න ඕන කියලා හිතුනා …අදම යන්න ඕන ..’
‘අනේ අයියා අද ඉදලා යන්නකෝ … ’

‘ලබන මාසේ එන්නම් සතියක් විතර නිවාඩු දාලා …’

‘අනේ අයියා …’

‘මම එනවා නේ බබී …..එද්දී ඔයාට මොනවාද ගේන්න ඕන ..’

‘මොකුත් එපා අයියා එන්නකෝ …’

අයියා ආ පයින්ම යන්න ගිය බැවින් හිතට එබුනු සතුට පහව ගියේ නිමේෂයකිනි … .. අයියාට මා බෙහෙවින් ආදරය කලෙමි …අම්මා තාත්තාට වඩා ඔහු මා ලගින්ම හිද මා ගැන සොයා බැලු බැවිනි … ඔහු මා ආරක්ෂා කලේ කුඩා දැරියක ලෙස සීතාය … ඔහුගේ මිතුරෙකුට හෝ ඔහු අප නිවසට ආරාධනා නොකළේ මා නෙත ගැටෙවී යැයි සිතා විය යුතුය …

මා එදින ටෙක් එකට යෑම සදහා සුදානම් උවේ උදාසීන හැගීම් වලිනි …

****

ඒ බක් මාසයයි …. තාත්තා අවුරුද්දට තිලින කල මුදල් මා එකතු කලේ දුරකතනයක් මිලදී ගැනීම සදහාය …. සිහින අයියාට කතා කිරීමට මල්ලිගෙන් සහ දිනාරාගෙන් දුරකථන ඉල්ලා කිරීම හැම දිනකම කල නොහැකි බැවිනි … මුදල් එකතුකරගත් පසු මා මිතුරෙකුගේ මාර්ගයෙන් මටම කියා දුරකතනයක් මිලදී ගතිමි … ඉන්පසු ගෙවුණු හැම දිනකම සියල්ලටම රහසේ මා සිහින අයියා ඇමතුවෙමි ….

මසක් පමණ ඉක්ම ගියේය …. ඉතින් තනිකම විසින් මා සිහින අයියා වෙතට වඩ වඩාත් ලංකරනු ලැබිය …. සිහින ඔහුද මට වඩ වඩාත් ලන්වුනේය ….. ඔහු කරන පුංචිම දෙයක් පවා මට පැවසුවේය …මා ද ඔහුට නොකියා කිසිවක්ම කලේ නැත ..

රාත්‍රීය බොහෝ නිහඩය ….. කාමරයේ දොරගුළු ලාගෙන මා දුරකථනය සවනේ රදවා ගතිමි …..
‘රෝසි …. ‘’ එහා පසින් ඇසුනේ සිහින අයියාගේ ආදරණිය කටහඩයි
‘කියන්න අයියා ..’
‘මට දෙයක් කියන්න තියෙනවා ..’ ඔහු හුස්ම ගන්න හඩ පවා මට හොදින්ම ඇසුණේය
‘මොකක්ද …’
‘මේක කීවාම ඔයා මාත් එක්ක තරහා වෙනවාද …’
‘ නැහැ අයියා ඔයා ඕන දෙයක් මට කියන්න ‘’
‘ නංගි මම ඔයාට ආදරෙයි …ගොඩක් ආදරෙයි …’
මට හුස්ම ගන්න පවා අමතක වී ගියේය …. සැබවින්ම මා ඔහුට පෙම් කලෙමි … මට ලංවූ ප්‍රථම පිටස්තරයා ඔහුය …. ඉතින් මා ඔහුට බොහෝ ලංව උන්නෙමි …නොදැක උනන්ද මා ඔහුට පෙම් කලෙමි ….
‘ ඇයි කතා කරන්නේ නැත්තේ ….මම කිව්වේ වැරදි දෙයක්ද නංගි …’
‘නැහැ අයියා … මට හිතා ගන්න බැරි උනා …මම හිතුවේ මම දකින්නේ හීනයක් කියලා …. ‘’
‘කියන්න ඔයා මට ආදරෙයිද …’
‘මම ආදරෙයි අයියා …’
මම හිත තුල ඇති සිතුවිල්ල ඔහුට නොසගවා පැවසුවෙමි …
‘ගොඩක් ආදරෙයි …නංගි මට ඔයාව බලන්න ඕන ඉක්මනට … ’
‘මටත් ඔයාව දකින්න ඕන අයියා …’
‘මම එන්නද සිකුරාදා …’
‘හා එහෙනම් එදාට ටෙක් එක ලගට එන්න දෙක වෙද්දී … ’

මා පෙම් කිරීමට පටන් ගත්තෙමි ….මා ඔහුට ඕනෑවට වඩා පෙම් කලෙමි …. නොදැක නොබලාම එසේ පෙම් කිරීම ගැන ඔබ මට දොස් කියනු ඇත …. එහෙත් තනිවුන කෙල්ලකට ආදරය බිදුවක් හෝ ලැබුනොත් එය මහා ලෝභ කමින් තුරුළු කරගනු නියතය …මටත් වුවේ එසේය …මගේ තනිවුන ලෝකයේ මා ඔහුට පෙම් කලේ බොහෝ පෙම් කලේ මට ලැබුණු පළමු පිරිමියා …ආදරය ….ඔහුම නිසාය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *