~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~05 කොටස

සති ගානක් යනතුරු මා උන්නේ මගේ කාමරයට කොටුවය …. සිහින අයියාට ඇමතුමක් දී ඔහුගේ දුක සැප සොයා බැලීමට උවමනා උනිද නිවසේ දුරකතනය පවා අගුළුලා තිබුණි … ඔහුත් මා ගැනම සිතමින් පසුවෙන බව මා හොදාකාරව දැන උන්නෙමි …. ඉතින් මා කල එකම දෙය ඔහු සිහිකරමින් සුසුම් හෙලීම පමණි … තාත්තා එදා සිද්දියෙන් පසුව මා වෙත කාරුණික බැල්මක් වුව හෙලුවා නොවේ …

‘නිකිණි ගෙදර ඉන්නවද ..’
පහල මාලය දෙසින් ඇසුණේ හුරුපුරුදු කටහඩකි …. ඔව් පැමිණ තිබුනේ දිනාරාය … දිය පොදකුදු නොදැක පිපාසිතව උන් මා සිතට දිනාරාගේ කටහඩද සිසිල් දිය දහරක්ම විය ..

‘එන්න ඇතුලට ….දුවලා වාඩිවෙන්න මම නිකිනිට කතා කරන්නම් …’
මම්මා මගේ කාමරය දෙසට එන හඩ ඇසුණත් මා දෑස් පියා නිදා ඉන්නා බවක් හැගවූවෙමි ..

‘බබී ඔයාගේ යාළුවො වාගයක් ඇවිත් … පොඩ්ඩක් ගිහින් කතා කරන්න …

මම්මා දොර අසල සිටගෙන කාමරයට එබී උන්නාය … මා නිදා ඇහැරුන බව හැගෙන සේ යහනින් බිමට බැස්සෙමි …

‘කව්ද මම්මා ඇවිත් තියෙන්නේ …’

මා පැමිණියේ කවුරුද යැයි දැන උන්නත් නොදන්නා බවක් හැගවූවෙමි …

‘ඔයාම ඇවිත් බලන්න ..’

මා මම්මා පසු පස ඇදුනෙමි ….. ඈ මදක් එහාට වෙන්න නතර වෙද්දී යෙහෙලියන් වෙත දිව ගියෙමි …

‘නිකිණි …මොකද බන් උනේ …ටෙක් ආවෙත් නැහැ අපි හිතුවේ කරදරයක් කියලා ඒකයි හොයාගෙන ආවේ ..’

දිනාරා මා දුටු විගස මගේ හිස සිට දෙපතුල දක්වා නෙතු හෙළුවේය ..

‘ මට පොඩි ප්‍රශ්නයක් උනා දිනු …’ මම මම්මා ට නෑසෙන සේ සිහින් හඩින් මිමිණුවෙමි ..

‘මොකක්ද කෙල්ලේ උනේ ..’

‘මගේ ෆෝන් එක තාත්තාට අහු උනා කෙල්ලේ … අයියාටත් කතා කරලා බැන්නා … මගේ ටෙක් ගමනත් නතර කරා …මට පිස්සු වගේ කෙල්ලේ අයියා එක්ක කතා නොකර හුස්ම ගන්නේ නැහැ වගේ දැනෙන්නේ …’

මා නෙතින් ගිලිහුණු කදුලක් දිනාරා මගේ අත අල්ලාගෙන උන් ඇගේ දකුණත මත වැටුණි …

‘දැන් ඔයා මොකක්ද කරන්නේ නිකිණි ..’ මම දැන උන්නෙමි ඈ මා වෙනුවෙන් කිසිවක් කිරීමට නොපැකිලෙන බව …

‘මට උදව්වක් කරපන් කෙල්ලේ .. අපේ ගෙදර ෆෝන් එකත් ලොක් කරලා තියෙන්නේ … ඉන්කමින් කෝල් විතරයි ආන්සර් කරන්න පුළුවන් … තව මැසේජ් බලන්නත් පුළුවන් ’

මා ඇගේ දකුණත මත මගේ අත තබා තද කලෙමි …

‘මොකක්ද කියපන් කරන්න ඕන ..’

‘ සිහින අයියාගේ නම්බර් එක …077 …….. මේකට කෝල් කරලා එයාට කියපන් අපේ ගෙදර නම්බර් එකට උදේම මැසේජ් එකක් දාන්න කියලා ..’

‘අවුලක් වෙන එකක් නැද්ද ..’ දිනාරා උන්නී බියපත්වය ….

‘උදේ පහමාර වෙද්දී මැසේජ් කරන්න කියපන් …ඒ වෙලාවට හැමෝම නිදාගෙන ඉන්නේ … මම උදේම ඇහැරලා පිරිත් දානවා රේඩියෝ එකේ …’

‘මම සිහින අයියාට කතා කරලා කියන්නම් ..පරිස්සමින් කරන දෙයක් කරපන් …’

යෙහෙළින් පැමිණ ගියාට පසු සිතට සහනයක් දැනුනේ සිහින අයියාට පණිවුඩයක් යවා ගැනීමට හැකිවීම නිසාය … මා දනිමි ඔහු මා ගැන කිසිදු තොරතුරක් නොදැන බොහෝ බියෙන් පසු වෙන්න ඇත .. දැන් ඉතින් පුංචි බලාපොරොත්තුවක් ඇත ..ඒ ඔහු මට කෙටි පණිවුඩයක් එවනු ඇතැයි කියාය ..

*****
පෙරදා රැයේ මා නිදා ගත්තේ නැති තරම්ය ..මා බලා උන්නේ අදට එළිවෙන තුරුය …ඒ සිහින අයියාගේ පණිවුඩයක් වුව දැකගැනීමේ පිපාසයෙනි … උදෑසනින් අවදිව මල් කඩා බුදුන් වැද උදෑසන පිරිත් සජ්ජායනාව වාදනය කල මා නෙතු නොපියා බලා උන්නේ සිහින අයියාගේ පණිවුඩය ලැබෙන තුරුය …

‘ මැණික … ගුඩ් මෝර්නින් …’

හරියටම පහ පහුවෙලා විනාඩි තිහට සිහින අයියාගේ පණිවුඩය දුරකථන තිරයේ සටහන් වුනා ..

‘ගුඩ් මෝර්නින් අයියා .. මම ගොඩක් දුකින් ඉන්නේ ඔයාට කතා කරන්න නැතිව ..මේ ගෙදර මාව හිරකරගෙන ඉන්නේ .. ටෙක් යන්නත් නැහැ ….මේ ෆෝන් එකත් ලොක් කරලා තියෙන්නේ ..’

මගේ දුක මා අකුරු කරා ..

‘ඔයාලාගේ තාත්තා අපේ ගෙදර නම්බර් එක හොයාගෙන කෝල් කරලා … අපේ අම්මා අතින් කිය කියා මට බැනලා … මට බයයි මැණික ඔයාව මට නැති වෙයි කියලා …. ’

‘මම ආදරෙයි අයියා ..මොන දේ උනත් මම ඔයාගේ විතරයි …..මට ඕනෑම දෙයක් අත අරින්න පුළුවන් ඒත් ඔයාව නම් බෑ … ’

‘මම ඉන්නවා මැණික ..හැමදාම ඔයාගේ ලගින් ඉන්නවා … ඔයා බය වෙන්න එපා …ඉක්මනින් මේ ප්‍රශ්න විසදෙයි …’

සිහින අයියා මගේ හිත හැදෙන්න බොහෝ දේ කිවේය …. මට ආදරේ බොහෝ ආදරේ බව පැවසිය …ඉතින් මා ඒ ආදරේට තව තවත් වසග වූවෙමි …

දින ගෙවෙද්දී මා සිතට තිබු එකම සැනසීම වුවේ සිහින අයියාගේ කෙටි පණිවුඩ පමණකි …

‘ මැණික …මම හෙට බදුල්ලේ සයිට් එකට යනවා …. ඒ යන ගමන් මම ඔයා බලන්න එනවා …’

හිටිගමන් සිහින අයියාගෙන් ලැබුන පණිවුඩය මා සිතට එක් කලේ මහා සතුටකි …ඔහු එක්වරක් හෝ දැකගැනීම මගේ සිතට සුවයක් විය ….

‘ ඒ උනාට අයියා ඔයාට මෙහෙන් යන එක ගොඩක් අමාරුයි නේ …ඔච්චර ළහ පාරවල් තියාගෙන මෙහෙන් යන්න එපා අයියා ….ඔයා පව් …’

හිතට සතුටක් උනත් ඔහු ගමනේදී විදිය යුතු දුක සිහිවී මා ඔහු වැළකීමට උත්සහ කලෙමි ..

‘කමක් නැහැ රෝසි මට ඔයාව දකින්න ඕනෑම දුකක් විදින්න පුළුවන් …. ’

‘ එහෙනම් මම බලාගෙන ඉන්නවා අයියා ..’
***
එදින පටන් මා උන්නේ ඔහු දැක ගැනීමට ඇගිලි ගනිමිනි ….. ඔහු හමුවිමට නිවසින් පිටව යෑමට ක්‍රමයක් මා සැලසුම් කෙරුවෙමි …

‘මම්මා ….’ මා ආච්චි වෙත ගොස් ඇයට තුරුළු වූවෙමි …

‘මොකද මේ හුරතලේ ….’

‘අනේ මම්මා මට හරි පාළුයි ..’

මා ආච්චිට මගේ දුක කීවෙමි …

‘ම්ම්ම් මේවා ඔයා විහින් කරගත්ත දේවල් …’

‘අනේ මම්මා මම මෙහෙම හිටියොත් …එක්කෝ මට පිස්සු හිතෙයි …නැත්තම් මට මැරෙන්න හිතෙයි ..’

ආච්චි මා දෙස බලා උන්නේ බොහෝ දුකිනි …

‘දැන් මොකද ඔයාට කරන්න ඕන …’

‘මම්මා ..මම ලයිබ්‍රි එකට ගිහින් පොතක් අරගෙන එන්නද …’

‘හා එහෙනම් තාත්තා එන්න ඉස්සර වෙලා එන්න …නැත්තම් මටත් බැනුම් අහන්න වෙයි ..’
ආච්චි අවසර දුන් පසු මා කාමරයට දිව ගියේ කිරිලියක සේය ….
සුදු පාට පසු බිමේ ලා නිල් පැහැති මල් ඉහිරුණු අත් කෙටි ගවුමක් ඇදගත් මා ක්‍රේල් කොණ්ඩය එකට එක්කර උඩට කර පෝනිටේලයක් ලෙස ගැටගසා ගතිමි … කන්නාඩිය ඉදිරියේ මා බොහෝ වෙලාවක් හැඩවුවේ දිගු කලකින් මා දැකීමට එන සිහින අයියාට පේන්න හැඩවෙන්නය ..

‘ මැණික …ඔයා ආවාද වස්තුව …’

සිහින අයියා එනතුරු බලා උන් මා ඉදිරියට ආ ඔහුගේ මුවේ විකසිත සිනාවක් විය …

‘ඔව් අයියා …අයියාට ගොඩක් මහන්සි පාටයි නේ ..’
මා ඔහුගේ අතේ එල්ලුනෙමි …
.
‘ම්ම්ම්ම්ම් මහන්සි තිබ්බා ඔයා දැක්ක ගමන් ඒ මහන්සිය නැතිවුනා …’
ඔහු අවුල්ව තිබු කෙස් රොදක් අතින් හදා ගනිමින් මා සමග ඉදිරියට පිය මැන්නේය ….
‘මම පහු ගිය දවස් ටිකේ ගොඩක් පාලුවෙන් හිටියේ …ඔයාට කතා කරන්න නැතිව ..’
මා ඔහු ඉදිරියේ මගේ දුක වචන කලෙමි …

‘මාත් පාලුවෙන් හිටියේ මැණික…අද ඉදලා එහෙම වෙන්නේ නැහැ …. මේ බලන්න මම ඔයාට ගෙනාපු දේ ..’

ඔහු මා අත තැබුවේ කුඩා පෙට්ටියකි … විගසින් එය විවර කල මා දුටුවේ එහි තිබු ජංගම දුරකථනයයි …අදහන්න මගේ ඇසට කදුලක් නැගුණි ..මේ තරම් ඔහු මට ආදරේ කරනවාද ….

‘අයියා මට එපා …ඔයා පව් .. ‘’
ඔහු අත එවැනි දෙයක් ගැනීමට තරම් මුදලක් නැති බව මා දැන උන්නෙමි …

‘පිස්සි …පිස්සු නැතිව මේක ගන්නවා …මම ඔයාට කතා නොකර ඉන්න බැරි නිසා නේ අමාරුවෙන් හරි මේක ගෙනාවේ …’

ඔහු බලෙන්ම මෙන් මගේ බෑගය තුලට දුරකතනය දමද්දී මා නිහඩව උන්නේ සිත රිදේ යැයි සිතාය ..

‘ඔන්න ෆෝන් එකත් තියෙනවා ..මෙන්න ෆෝන් එකට කාර්ඩ් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ….පරිස්සමට මේ ෆෝන් එක යුස් කරන්න …’

****
ඉතින් ඉන්පසු මට ඔහු හා නිමක් නැතිව කතා කිරීමට හැකිවිය …ඔහු මගේ කියවිල්ලට බෙහෙවින් පෙම් කළේය ..මගේ හිතට දැනෙන දුක සතුට සියල්ලම මා වචන කලේ ඔහු ඉදිරියේය …. මා නිවසින් පිටතට නොයා නිවසේ රැදී ඉද්දි තාත්තා සිතන්න ඇත්තේ මා සියල්ල අමතක කර දමා ඇතැයි කියාය …

සිහින අයියා මසකට වරක් පමණ ඔහුගේ රැකියාවේ කටයුතු සදහා බලංගොඩ නගරය පසු කරගන යා යුතු වූ අතර ඔහු ඒ සෑම විටම කොතරම් පහසු මාර්ග තිබුනද මා දැකීම පිණිස මාගේ නිවස අසලින් වැටි තිබු දුෂ්කර මාර්ගයම තෝරා ගත්තේය … ඉතින් මා කලේ ආච්චිට මුසාවක් පවසා ඔහු බසයේ යන හෝරාවට මාවතට වී බලා සිටීමය …. ඔහුගේ සුදු මුහුණ දැකීම පවා මගේ සිතට සැනසීමක් ගෙනාවේය …

‘ඔයාගේ මුහුණ දකින එකත් ඇති නිකිණි … හම්බ වෙලා කතා බහ කරේ නැහැ කියලා මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ නේ … අපි ඕන තරම් ෆෝන් එකෙන් කතා කරනවා නේ ..’
මා හමුවීමට උවමනා බව කියා අඩන විට ඔහු මගේ හිත පැවසුවේ එවැනි දේ කියාය …

කාලය ගතවී යද්දී මා වඩ වඩාත් සිහින අයියා වෙත බැදුනෙමි … ඒ පණ දෙවෙනි කරය ඔහු වෙනුවෙන් මගේ හුස්ම පොද පුජා කිරීමට උව මා සැදී පැහැදී උන්නෙමි …. සිරකාරියක ලෙස හෝ මා දිවි ගෙවුවා නම් ඒ සිහින අයියාගේ ආදරය වෙනුවෙන්ම පමණි … හමුවුවේ දෙතුන් වතාවක් වුවද අප පෙම් කලේ සංසාරේ පුරාවට පතා එන්නවුන් ලෙසය …..

මතු සම්බන්ධයි …

මෙය සත්‍ය කතාවක් බැවින් මෙහි එන සිදුවීම් පාඨක ඉල්ලීම මත වඩා රසවත් ප්‍රීතිමත් ආකාරයට ගෙතීමට නොහැකි බව දන්වා සිටිමි …. මා කරන සියුම් වැරද්දකින් වුවද මේ කතාවේ කතා නායිකාවට ආසාදාරණයක් සිදුවිය හැකි බැවිනි …. සමාවෙන්න …..මා පළමුවෙන් මෙය පැවසුවේ ඉදිරියේදී කතාව වෙනත්ම පැතිකඩකට යොමු විය හැකි බැවිනි …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *