නුබේ පතිනියයි මා විසිහයවන දිගහැරුම
විවර උනු දොරෙන් එලියට ආවේ වෙන කවුරුත් නොව ඒ ශයිනියි
“තමුන් ..තමුන් මොකද මෙහෙ..”ශයිනි ඇසුවේ කෝපයෙන්
“මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ..”
“මාත් එක්ක මොනව කතා කරන්නද..මට තමුන් එක්ක කතාවක් නෑ..”
“ඒත් මට තියනව…දේව් ගැන මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..”
“දේව් ගැන…”
“ඔව්..අපි පොඩ්ඩක් එලියට යමුද..”
“එලියට මොකද..මගෙ ගෙදර ඉදන්ම කතා කරගන්න පුලුවන්..”
“බැහැ..මම බඩු වගයක් ගන්නවා කියලා ආවේ..ඒ නිසා ඒව ගන්නත් ඕනෙ..අපි එලියට ගිහින් කතා කරමු..”
මොහොතක් කල්පනා කල ශයිනි.
“ඔහොම පොඩ්ඩක් ඉන්නවා මම චේන්ජ් එකක් දාගන එන්නම්..ඇවිත් ඉදගන්නව..”
“ඕකෙ..තෑන්ක්ස්..”
වන්දනා ඇවිත් සෝෆා එකට බරවෙද්දී ශයිනි උඩු මහලට ගියා..ඒ ක්ශනිකයෙන් වන්දනා සාලයේ කෙලවර වන්නට තිබූ ජනේලය හැරියේ ගයාන් කියූ ලෙසයි
විනාඩි කිහිපයකට පසු ශයිනි ආවා
“හරි අපි යමු..”
“හ්ම්ම්.”
ඈතට වෙන්න කාරය නවතා සිටි ගයාන් ඔවුන් දෙදනා පිටත් වෙන අයුරු දැක
“නියමයි නංගා..ඔහොම යමන්..ශයිනි දැන් බලාගනින් උබට වෙන දේ..”යැයි සිතින් සිතුවා
හරි දැන් කියනවා තමුන්ට මොනවද මාත් එක්ක කතා කරන්න ඕනෙ..”ශයිනි එසේ පැවසුවේ ෆලූඩා බොන ගමන්
“ශයිනි මට ඔයයි දේව් ගැන දැනගන්න ඕනේ”
“මායි දේව් ගැන තමුන් හොදටම දන්නවනෙ. දේව් කියන්නෙ මගෙ බෝයි ෆ්රෙන්ඩ්..”
“ඒත් මම එයාගෙ කසාද ගෑනි”
වන්දනා පවසන විට ශයිනි හයියෙන් සිනාසුනි
“කසාද ගෑනි..තමුන් දේව්ගේ කසාද ගෑනි වෙන්නෙ නමට විතරයි..කොටින්ම කියනවනම් දේව්ගෙයි තමුන්ගෙයි කිසිම රිලේශන් ශිප් එකක් නෑනේ..දේව් තමුන්ව කිස් කරලවත් තියනවද..වන්දනා ආ.කියනවා ඉතින්”
“නෑ..”
“ඒකනෙ අයිසේ කියන්නෙ..දේව් ආදරේ මට තමුන්ට නෙමෙ..”
“එහෙනම්.ඇයි ඔයා දේව්ව මැරි කරේ නැත්තේ”
“අර මහ උන් ඒකට කැමති උනේ නෑ..මාව මැරි කරොත් දේව්ට කිසිම දෙයක් දෙන්නෑ කීවා..ඒකයි දේව් තමුන්ව මැරි කරේ..බට්..දැන් දේව්ගේ දේපල එයාට ලැබිලා තියෙන්නෙ..ඒ නිසා මේ මැරේජ් එක දේව් ඉක්මනින්ම ක්ලෝස් කරලා දාවි”
“ඔයා එතකොට ආදරේ දේව්ට නෙමේ එයාගෙ සල්ලි වලට නේද ශයිනි ආ..”
ඒක තමුන්ට අදාල නෑ…ජීවත් වෙන්න සල්ලි ඕනේ…දේව්ට මගෙන් තොර ලෝකයක් නෑ..අන්න ඒක නිසා තමුන් දේව්ගෙන් ඩිවෝස් වෙනව..”ශයිනි පවසද්දී වන්දනාගේ දුරකතනය නාද වුනි
“හෙලෝ..”
“නංගා..වැඩේ සක්සස්..දැන් ඔය හෝන්තුව ලගින් වරෙන්..මම fashion bag එක ගාව..”
“හා.”
“සොරි ශයිනි මට දැන් යන්න වෙනව..”වන්දනා නැගී සිටිද්දී
“ඉතින් යනව..තමුන්ට කොහොමත් දේව්ව මගෙන් වෙන් කරන්න බෑ.”
“ශයිනි..ඔයා දෙයක් තේරුම් අරන් නෑ..මම දේව්ගේ කසාද ගෑනි..ඔයා එයාගෙ අනියම් බිරිද..මම දන්නවා ඔයා එයාට ලන් වෙලා ඉන්නෙ සල්ලි වලට කියල..ශයිනි එක දෙයක් මතක තියාගන්න මගෙ මහත්තයව මගෙන් වෙන් කරන්න ඔයාට බෑ..දේව් මට දැන් ආදරේ නෑ තමයි..ඒත් මම එයාට ආදරෙයි..මට මගෙ ආදරේ ගැන විශ්වාසයි..බායි යන්නම්.”එසෙ පැවසූ වන්දනා එතනින් ඉවත් වුනේ ශයිනි කෝපයෙන් බලාසිටිද්දී
වන්දනා තමුන් නටනවා වැඩී…මම බලාගන්න තමුන් ගැන..”
කාරයට නැගි වන්දනා
“අයියා මොකෝ උනේ..”
“මේ ගයියා වැඩක් කරොත් ආයෙ මොනවද..කිරි ගහට ඇන්නා වගේ තමයි…”
“මොකුත් ප්රශ්නයක් උනේ නැනේ.කවුරුත් දැක්කෙ නෑනේ”
“නෑ…නෑ..වැඩේ තිතටම දුන්නා..දැන් අපිට බලාගන්න පුලුවන් ශයිනි කියන්නෙ කවුද කියල..”
“ගුඩ්..”.
“ගෑනි මොකෝ කියන්නෙ..”
“දේව් එයාගෙලු..මගෙ නෙමේලු..ඕව තමයි..”
“අනේ ඔය හුත්…අර අපේ පොල් බූරුවව හොදට අන්දගන”
“හ්ම්ම් ..”
අයියා අපි දැන් අපේ ගෙදර යමු..දේව් බැරිවෙලාවත් ආවොත් එහෙම..”
“හ්ම්..යමු..”
පුතා තේ එකක් බිලා යන්නකෝ”
“අනේ බෑ ඇන්ටි මටත් හවස මීටින් එකක්..දේව් ගොඩාක් බිසී..එකයි මම නංගාව දාන්න ආවෙ මම යන්නම්.”
“හා පුතේ එහෙනම් පරිස්සමින් යන්න..”
“හරි මම යනව අංකල්..නංගා යන්නම් බන්.”..
“හරි අයියෙ..බුදුසරණයි..”
ගයාන් පිටත් වූ පසු තිලකා වන්දනා දෙසට හැරී
“පුතේ ඇයි දේව් පුතා නාවෙ .”
“දේව්ට හොදටම වැඩ අම්මා..අද උදේ ඉදන් මීටින්..එයාමයි කීවෙ ගයාන් අයියා එක්ක යන්න කියල..”
“හ්ම්..ඒක මිසක්..මම හිතුවා දෙන්න අතර ප්රශ්නයක්වත්ද කියල.”
“අනේ නෑ අම්මා..මොන ප්රශ්නද..දේව් හරිම හොදයි අම්මා..මට හරි ආදරෙයි..”
“දැන් දවස් කීයක් ඉන්නවද දූ”සුමනෙ අසද්දී
“මම හෙට උදේම යන්න ඕනෙ අප්පච්චී”
“අනේ ඇයි දුවෙ ඒ “
“හෙට රෑට අම්මලා දඹදිව යනවා..දේව් විතරනේ ගෙදර. “
“හ්ම්..”
තම පියා අසලට ගිය වන්දනා ඔහු අසලින් හිස ඔහුගේ ඔඩොක්කුවෙන් හිස තබා
“මම ආයෙ ඉන්න එන්නම් අප්පච්චී…මට ඔයාලව ගොඩක් මතක්වෙනවා..”
තම දියනියගේ හිස අතගෑ සුමනෙ
“අපිටත් පුතේ. ඔයා සතුටින් ඉන්නවනම් ඒ ඇති”
“මම ගොඩාක් සතුටින් අප්පච්චී..අප්පච්චි කොන්දට තෙල් ගෑවද..”
“ඔව් අම්මා උදේ ගෑව..දූ ගිහින් පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න.මහන්සිත් ඇතිනෙ”
“හා..”
දේව් නිවසට ආවත් ඔහුට වෙනදා මෙන් නොව මහ තනිකමක් දැනුනි
“වන්දනා නැතුව ගේම පාලුයි නේද සුමිත්රා”මහේන් පැවසුවේ රෑ කෑම මේසෙදී
“ඒක ඇත්ත මහේන්”
දේව් නිශ්ශබ්දව සිටියත් ඔහුටත් ඇය නැති අඩුව දැනුනි
කෑම කා අවසන් වී කාමරයට ආ දේව් ඇදේ හාන්සි වූයේ ඇදේ එහා පස දෙස බලමින්
“වෙනද මගෙ එහා පැත්තෙ වන්දනා ඉන්නව..අපි අතර සම්බන්දයක් නැතත් එයා නැතුව අද මහ පාලුවක් දැන්න්නෙ ඇයි මට..”දේව් එසේ සිත්ද්දී ඔහුට ඇමතුමක් ලැබුනි..එය වන්දනාගෙන් බව දුටු විට දේව්ගේ මුවට නැගුනේ සුන්දර සිනහවකි..
“හෙලෝ’
“ආ කියන්න වන්දනා..”
“නිකම් ගත්තේ ඔයා කෑවද..”
“හ්ම්…”
“හා..”
ඔවුන් අතර නිහැඩියාවක් පැවතුනි..
“හෙලෝ වන්දනා..”
“ආ …”
“මම හෙට එන්නම් උදේ ඔයාව ගන්න..”
‘කමක් නෑ දේව් මම බස් එකේ එන්නම්..”
“නෑ මට හෙට මීටින් නැ..මම උදේ ඉන්නම්
“හා..”
“එහෙනම් තියන්නම්..බායි”..
“හා දේව්..බුදුසරනයි..”
“බුදුසරනයි..”
හෙලෝ දේව්..”
“ඇයි ශයිනි”
.
“මොකද නම්බර් බිසී..කා එක්කද කතා කරේ පැය ගානක්..”
“වන්දනා එක්ක..”
“වට්..”
“ඔව් ඇයි.එයා අද ගෙදර ගියා..”
“ඇයි ඒකි නැතුව පාලුද..”
“මේ මොකටද දැන් කෝල කරේ”
“අද වන්දනා ආවා මාව මීට් වෙන්න..”
“වට්..”
“ඔව්..”ශයිනි සියල්ල දේව්ට පැවසුවා
“ඇත්තමද ඔයා කියන්නෙ..”
“ඔව් දේව්..ඔයා ඒකිව ඉක්මනටම ඩිවෝස් කරන්න ඕනෙ..දැන් බිස්නස් එකත් ඔයාගෙනෙ ..අපි ඉක්මනට මැරි කරමු”
“හ්ම්..”
“මම ඩිවෝස් පේපර්ස් රෙඩි කරන්නම් බබා..බායි අයි ලව් යූ..”
“ඕකේ බායි”
ආ.පුතා..උදේම ආවද..”
“ඔව් අම්මා..කෝ වන්දනා ලෑස්තිද..”
“කාමරේ මගෙ හිතේ ලෑස්ති වෙනවා ඇති..පුතා ගිහින් බලන්නකෝ”
දේව් වන්දනාගේ කාමරයට යන විට ඇය කොන්ඩෙ පීරමින් සිටියා
“දේව්..ඔයා ආවද..මට විනාඩි පහක් දෙන්න මම එන්නම්.”
“හා..”එසේ කියූ දේව් කාමරයෙන් ඉවත් වන්නට හැඩුවා පමනි..නමුත් ඔහු දුටු දෙය නිසා එක් වරම නැවතුනි
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක්ස්තූතියිබෝනස් නෙමේ වස්තුලා..හෙට කතාව දාන්න වෙන්නෙ නෑ..ඒකයි දැන් දැම්මෙ