නුබේ පතිනියයි මා විසිහත්වන දිගහැරුම
දේව් වන්දනාගේ ඇද අසලට ආවේ දෑස් පුදුමයෙන් මහත් වෙද්දී ..ඔහු දුටුවේ තමාගේ ශර්ට් එකක් වන්දනාගේ ඇදේ තිබෙන ආකාරයයි…
වන්දනා මේ මගෙ ශර්ට් එකක් නේද..”දේව් ඇසුවේ ශර්ට් එක අතට ගනිමින්
“ආ..මේ.දේව් මේ ..”
“මොකෝ ගොත ගහන්නෙ..”
“නෑ…මොකුත් නෑ..”
“මේක මගෙ නේද “
“ඔව්..”
“ඒත් මේක කොහොමද මෙහෙට ආවෙ..”දේව් අසද්දී
“ආ මට අම්මා කතා කරනවද කොහෙද “එසේ කියා වන්දනා එතනින් ඉවත් වීමට හදද්දී දේව් ඇගේ දෑතින් අල්ලාගෙන
“වන්දනා මග ඇරලා යන්න එපා..ඔයාද මේක ගෙනාවෙ ආ..”
“ඔව් දේව් මමයි ගෙනාවෙ..ඔයාගෙ සුවද නැතුව මට ඉන්න බැරිඋනා..ඔයා මට ආදරේ නොකලට මම ඔයාට ආදරෙයි දේව්..ඒත් මම කියන්නෑ ඔයාට මට ආදරේ කරන්න කියලා..මම දන්නවා ඔය හිතේ ඉන්නෙ ශයිනි කියලා..ඒත් මට ඔයාට ආදරේ කරන එක නතර කරගන්න බෑ.”
එසේ පැවසූ වන්දනා එතනින් ඉවතට ගියේ දේව් පුදුමයෙන් බලා සිටිද්දී
“වන්දනා ඔයා මට ආදරේ කරන්න එපා දෙයියනෙ..ඔයාට දුක් විදින්න වෙයි..මට බෑ ඔයාට ලන්වෙන්න..මම ශයිනිට පොරොන්දු උනා..එයා මැරි කරනවා කියලා..”දේව් එසේ සිතුවේ තම නලල මිරිකා ගනිමින්
අපි යන්නම්.අම්මා..අප්පච්චි වෙලාවට බේත් ටික බොන්න…”තම මවට හා පියාට වැද වන්දනා එසේ කියද්දී දේව්ද ඔවුන්දෙදනාට වැන්දා
“බුදුසරනයි…දෙන්නම පරිස්සමින් යන්න.ගිහින් කෝල් එකක් දෙන්න..”
“හා..”
කාරයට නැගි වන්දනා හා දේව් අතර මද දුරක් එනතුරු කිසිදු කතා බහක් සිදු නොවිනි
වන්දනා
“ඇයි දේව්..”
“ඔයා ඊයෙ ශයිනි හම්බෙන්න ගියෙ මොකටද..”
“මම…”
“ඔව්..”
“මම ගියෙ නෑ..”වන්දනා පවසද්දී
“ගියෙ නෑ…එතකොට ශයිනි කීවෙ තමුන් එයා හම්බෙන්න ආව කියලා..”
“ඇත්තමයි දේව් මම ගියෙ නෑ..”
“ඒකත් එහෙමද..හා..
වන්දනාට දුරකතන ඇමතුමක් ආවේ ඒ මොහොතේ
“හෙලෝ..අයියා කියන්න..”
“කොහෙද බම් ඉන්නෙ..”
“දැන් කොලබට ලගයි..”
“දේව් ආව නේ..”
“ඔව් ආවා..”
“හා..එහෙනම් පරිස්සමට එනවකෝ..මට කියන්න දෙයක් තියනව..”
“හා..”
වන්දනා ඇමතුම විසන්දි කල පසු
“කවුද කතා කරේ”..
“ගයාන් අයියා..”
“ඌ මොකද හැමවෙලේම කෝල් කරන්නෙ..”
“නිකම්..ඔයා ආවද කියලා ඇහුව..”
හ්ම්..”
අක්කී…”පොඩ්ඩා වන්දනාල එන පෙරමගට දිව ආවේ සිනාසෙමින්
“පොඩ්ඩො..”
“මට චොකෝ ගෙනාවද..”
“අනේ නෑනෙ මට අමතක උනා..”
“අමතක උනා..මම තරහයි එහෙනම්..දේව් අයියා ඔයාටත් අමතක උනාද..”
“ඔව්නෙ පොඩ්ඩො මටත් අමතක උනා..”
.
“මොකක්..ඔයාල දෙන්නටම අමතක උනාද..ඔයාල දෙන්න එක්කම මම තරහයි..”හසිදු එසේ පවසද්දී වන්දනාට සිනහ නැගිනි
“අම්මේ අපේ චොකෝ පෙරේතය…ආ මෙන්න ගන්න..”වන්දනා එසේ කියමින් පොඩ්ඩට චොක්ලට එකක් දිගු කරා
“මගෙ හොද අක්කි..තැන්ක්ස්.. “පොඩ්ඩා පැවසුවේ වන්දනාට හාදුවක් දෙන ගමන්
“අනේ ..අනේ යසයි අක්කයි අයියටයි වද දෙන හැටි..”එතනට ආ ශ්රියානි පවසද්දී
“මම වද දුන්නෑ. අම්මා..”
“නැන්දා අම්මයු තාත්තයි කෝ..”දේව් අසද්දී
“ටවුන් එකට ගියා පුතා.දැන් එයි..”
“හ්ම්..”
අපි ගිහින් එන්නම් පුතා..දූ එක්ක පරිස්සමින් එන්න..”සුමිත්රා පැවසුවේ දේව්ගේ හා වන්දනාගේ හිස සිපගනිමිනි
“හා අම්මා ඔයාලත් පරිස්සමින් යන්න..ගිය ගමන් මට කෝල් කරන්න..”දේව් පවසද්දී
“දේව් දැන් ඔයාල යන්න.අපි ඇතුලට යන්නම්..”
“හරි තාත්තා..අපි යන්නම්..පොඩ්ඩො දගලන්නෙ එහෙම නෑ..අම්මයි මාමයි නැන්දයි කියන දේ අහගන් ඉන්න ඕනේ..”දේව් පැවසුවේ හසිදුගේ හිස අතගාමින්
“හා අයියේ..”
දේව් හා වන්දනා තම දෙමව්පියන්ට සමුදී ගුවන් තොටුපලෙන් පැමිනියා
නිවසට පැමිනි ඔවුන් දෙදනා වදනක්වත් කතා නොකලා
කාමරයට ආ දේව් බාත් රූම් එකට යද්දී වන්දනා ගයාන් ඇමතුමක් දුන්නේ තොරතුරු දැන ගැනීමටයි
“හෙලෝ ගයාන් අයියා..”
“නංගා..කොහෙද බන් ගියෙ..මම කීපරාක් කෝල් කරාද..”
“අම්මලව ඇරලවන්න ගියා..”
“දේව් කෝ”
“බාත් රූම් එකේ..අයියා මොකුත් හෝඩුවාවක් ලැබුනද..”
“තාම නෑ බම්..ඒත් ඉක්මනට හම්බෙයි..උබ බය නැතුව ඉදපන්කො..”
“ඒත් අයියා ප්ලෑන් එක හරියයිද..”.
“මම කීවනේ වන්දනා ප්ලෑන් එක හරියනවා .ඒක මට ඉර හද වගේ ශුවර්…”
“එහෙම උනොත් හොදයි..”
“අනිවා සමීරයා කොයිවෙලේ හරි ශයිනිව මීට් වෙන්න ගෙදරට එනව..අපිට එතකම් බලන් ඉන්න වෙනව..”
“හ්ම්..ඒත් කවද වෙනකම්ද.මට බැහැ තවත් මෙහෙම බලන් ඉන්න…”
“ඉවසපන් කෙල්ලෙ…”
“හ්ම්..”
“මම තියන්නම් එහෙනම්..නංගා..කොල්ලා දැන් නාල එයිනෙ..බායි ගුඩ් නයිට්..”
.
“හා අයියා..ගුඩ් නයිට්..පරිස්සමින් ඉන්න..”
දේව් මේ කතා බහ සියල්ල අසා සිටින බව වන්දනා දැන සිටියේ නෑ..කෝපයෙන් බාත් රූම් එක තුලට ගිය දේව්
“වන්දනා තමුන් අහිංසකයි වගේ උනාට එහෙම නෑ.හැමවෙලේම අරූ එක්ක කතාව..උබ මට ආදරෙයි කියලා කරන්නෙ බොරු..මාව රවට්ටනව…ශයිනි කියන දේ හරි..මේකිව ඉක්මනට ඩිවෝස් කරනවා මම…”
කෝපයෙන් දේව් එසේ සිතුවේ බිත්තියට අතින් ගසමින්
මේ කිසිත් නොදත් වන්දනා තම කන්නාඩිය ඉදිරියට ගොස් තම හිස පීරන්නට වූවා
කාමරයට ආ දේව්
“වන්දනා..”යැයි උස් හඩින් අමතද්දී ඇය බියවී ඔහු දෙස බැලුවා
“ඇයි දේව්..”
“මට තමුන් එක්ක පොඩ්ඩක් කතා කරන්නඕනෙ..”
“කියන්න දේව්..”
“මම තමුන්ව කසාද බැන්දෙ කැමැත්තකින් නෙමේ..තමුන් ඒක හොදටම දන්නවා..මේ කසාදෙ කිසිම තේරුමක් නෑ..මම ආදරේ ශයිනිට..ඒ නිසා මම තීරණයක් ගත්තා..”
“මොකද්ද දේව්..”වන්දනා ඇසුවේ ගැහෙන හදින්
“මම තමුන්ව මේ බැදීමෙන් නිදහස් කරනව..මම තමුන්ට ඩිවෝස් එක දෙනව..එතකොට ඔය හොරෙන් හොරෙන් නටන මගුල් එලිපිට නටන්න පුලුවන්..”දේව් පවසද්දී වන්දනාගේ දෑසින් කදුලු කඩා වැටුනත්
“තමුසෙ නිකම් බොරුවට කිබුල් කදුලු පෙරන්න එපා මෙතන…”යැයි දේව් පැවසුවේ කෝපයෙන්
“මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ..කොච්චර හිටියත් මට තමුන්ට ආදරේ කරන්න බැ..ඒ නිසාතමුන් මගෙන් ඩිවෝස් වෙලා ගයාන්ව මැරි කරනවා..”
“මොනවද දේව් ඔයා මේ කියන්නෙ..ගයාන් අයියා නෑ කවදාවත් එහෙම නෑ..”
“අනේ මේ තමුසේ හිතුවෙ මම බබෙක් කියලද ආ…හැමවෙලේම ඌ එක්ක කතාව..මට කොහොමත් තමුන් ගැන කිසිම කැමැත්තක් නෑ..ඒ නිසා අම්මලා එන්න කලින් තමුන් මගෙන් ඩිවෝස් වෙන්න ඕනේ..”එසේ පැවසූ දේව් කාමරයෙන් පිටව ගියේ වන්දනා හඩද්දී
“දේව්..ඇයි දෙයියනේ මේ..මම කොහොමද ඔයා නැතුව ඉන්නෙ…මම මේ හැම දෙයක්ම කරන්නෙ ඔයා වෙනුවෙන්..”වන්දනා ඉකි ගසමින් හැඩුවේ සිතේ තිබූ වේදනාවටයි
ඇයට නොදැනිම පුටුවේ නින්ද ගියේ හිතේ තෙහෙට්ටුවට
පැය කිහිපයකට පසු දේව් කාමරයට පැමිනි විට දුටුවේ පුටුවේ නිදාසිටින වන්දනාවයි..
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි